Stamp Quiz - 9
Minneriya National Park. (26th June 2025)
Stamp Quiz - 9
Stampමේනියා සාමාජිකත්වය ලබාගත් 7 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුන් වෙනුවෙන් සැකසුණු මුද්දර විශේෂාංගයකි.
මුද්දර එකතු කරන පාසල් සිසුන්ගේ මුද්දර ආශ්රිත දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා බහුවරණ ප්‍රශ්න 10ක් හා කෙටි සටහන් ප්‍රශ්න 2ක් ඇතුළත් කර ඇත.
බහුවරණ ප්‍රශ්නයක් සඳහා 1 ලකුණක් ද, කෙටි සටහන් ප්‍රශ්නයක් සඳහා ලකුණු 10ක් ද හිමි වේ. මුළු ලකුණු 30කි.
සෑම මසකම පළමු වැනිදා Stamp Quiz පැවැත්වේ.
ප්‍රශ්න වට 4කින් යුක්තය. ඒ සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය. ජයග්‍රාහකයා තෝරා ගනු ලබන්නේ ඉන් අනතුරුවය.
ප්‍රශ්න වටය සහ ප්‍රශ්න අංකය ඇතුළත් කර නිවැරදි පිළිතුරු සෑම මසකම 25 වෙනිදාට (අප්‍රේල් මස 25) පෙර 070 2957908 අංකයට WhatsApp කරන්න.
සාමාජික අංකය සහ නම පිළිතුරු යටින් සඳහන් කරන්න.
බහුවර්ණ ප්‍රශ්න සියල්ලම තැපැල්පත් ආශ්රයෙනි. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.
(ප්‍රශ්න අංක 1 සිට 10 දක්වා ලකුණු 2 බැගිනි. ප්‍රශ්න අංක 11 සහ 12 සඳහා ලකුණු 05 බැගිනි. එකතුව ලකුණු 30 කි.)
01. තැපැල්පතක් නිකුත් කිරීමෙන් ආසියාවේ පළමු තැන හිමිකර ගෙන ඇත්තේ...
බංගලාදේශය
ඉන්දියාව
ශ්‍රී ලංකාව
මාලදිවයින
02. ලොව පළමු තැපැල්පත නිකුත් කරනු ලැබුවේ...
ඕස්ට්‍රේලියාව
ඔස්ට්‍රියාව
හංගේරියාව
බ්‍රසීලය
03. Universal Postal Union හා Ceylon යනුවෙන් තැපැල්පත්වල සඳහන් වූයේ...
1869 - 1870
1872 – 1873
1875 – 1871
1879 – 1882
04. VII වන එඩ්වඩ් රජු සමයේ ලංකාවේ පළමු තැපැල්පත නිකුත් වන්නේ...
1903 – 1905 කාලයේය.
1900 – 1903 කාලයේය.
1907 – 1912 කාලයේය.
1912 – 1935 කාලයේය.
05. V වන ජෝර්ජ් රජ සමයේ ලංකාවේ නිකුත් වූ තැපැල්පත් සඳහා නිවැරදි ප්‍රකාශය වන්නේ...
1917 වර්ෂයේ දී පළමු තැපැල්පත් නිකුත් විය.
1913 වර්ෂයේ දී පළමු තැපැල්පත් නිකුත් විය.
V වන ජෝර්ජ් රජ සමයේ තැපැල්පත් නිකුත් නොවීය.
ඉහත ප්‍රකාශ සියල්ල සාවද්‍ය වේ.
06. VI වන ජෝර්ජ් රජ සමයේ ලාංකීය තැපැල්පත් ආරම්භ වන්නේ...
1935 වර්ෂයේ සිට ය.
1938 වර්ෂයේ සිට ය.
1936 වර්ෂයේ සිට ය.
තැපැල්පත් නිකුත් නොවීය.
07. 1948 දී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබුව ද ඉන් අනතුරුවත් දෙවන එළිසබෙත් රැජිණගේ තැපැල්පත් භාවිතයට ගැණින. එම තැපැල්පත් භාවිතය අවසන් වූයේ...
1965 වර්ෂයේ ය.
1970 වර්ෂයේ ය.
1965 වර්ෂයේ ය.
1950 වර්ෂයේ ය.
08. අනගාරික ධර්මපාලතුමාගේ රුව සහිත මුලින්ම තැපැල්පත නිකුත් වූයේ...
1965 වර්ෂයේ ය.
1966 වර්ෂයේ ය.
1970 වර්ෂයේ ය.
1975 වර්ෂයේ ය.
09. ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල්පතේ සියවස සැමරීම සඳහා නිකුත් කළ තැපැල්පතින් නිරූපනය වන්නේ...
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රුව ය.
ජනරජ ලාංඡනය ය.
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ රුව ය.
තැපැල්පතක් රැගෙන පියාඹන පරවියෙකුගේ රුව ය.
10. ශ්‍රී ලංකාව තුළ ඕනෑම ප්‍රදේශයකට තැපැල්පතක් යැවීම සඳහා ගෙවිය යුතු තැපැල් ගාස්තුව වන්නේ...
රු 10.00 කි.
රු 20.00 කි.
රු 30.00 කි.
රු 40.00 කි.
පහත සඳහන් ප්‍රශ්න සඳහා කෙටි සටහන් ලියන්න.
11. ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මැතිතුමා.
12. Two Penny Blue මුද්දරය.
සැකසුම :-
ප්‍රදීප් එම්. පිටිගල ආරච්චි
පහත නම් සඳහන් සාමාජික සිසු සිසුවියන් Stamp Quiz - 9 සඳහා පිළිතුරු ලබා දී ඇත.
අනුක් දුල්මික පුතණුවන් - සාමාඩික අංකය - 21
ඔනිති දිමන්දි දියණිය - සාමාජික අංකය - 01
සයුල් කෙත්මින් පුතණුවන් - සාමාජික අංකය - 33
තෙනුමි ඈන් ඉවන්කා දියණිය - සාමාජික අංකය - 22
තෙනුරි නවින්මා දියණිය - සාමාජික අංකය - 02
බිහිදු සන්දීල් පුතණුවන් - සාමාජික අංකය - 03
සෙනුල රන්සිත් උඩුකුඹුර පුතණුවන් - සාමාජික අංකය - 11
නෙතික දිනදිත් පුතණුවන් - සාමාජික අංකය - 06
සෙනුක හංසිර පුතණුවන් - සාමාජික අංකය - 24
සනුකි තිමන්යා දියණිය - සාමාජික අංකය - 29
මිනුල සන්දීල් පුතණුවන් - සාමාජික අංකය - 43
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය - 05
තම සාමාජික අංකය, නම සහ පාසල් මුද්දර සමාජයේ නම ඇතුළත් කරමින් අදාළ පිළිතුරු 070 2957908 අංකයට Whatsapp කරන්න.