බිහදු සන්දීල් කීර්තිසේන
මලියදේව මුද්දර සංගමය.
මලියදේව විද්‍යාලය, කුරුණෑගල.
Minneriya National Park. (26th June 2025)
මලියදේව මුද්දර සංගමය.
මලියදේව විද්‍යාලය, කුරුණෑගල.
ආදරණීය පෙනී බ්ලැක්, ඔබට සුබම සුබ උපන් දිනයක් !
2025 වසරේ මැයි මස 06 වැනි දිනට ලොව ප්‍රථම මුද්දරයට වසර 185ක් සපිරෙයි. ලස්සන විනෝදාංශයකට අපට මඟ කියූ මෙම මුද්දරය, එංගලන්තයේ දී භාවිතයට ගැනුණු කළු පැහැයෙන් යුත් පෙනී බ්ලැක් (Penny Black) මුද්දරයයි.
වර්ෂ 1840ට පෙර තැපැල් ලිපි සහ භාණ්ඩ සදහා වන ගාස්තුව ගෙවා තිබුණේ ලිපි හෝ භාණ්ඩ ලබන්නා විසිනි. මෙම පසු ගෙවුම් ක්රමයේ පැවති ප්‍රායෝගික ගැටළු හේතුවෙන් පෙර ගෙවුම් ක්රමයක අවශ්‍යතාවය ඇති විය. ලිපි ලබන්නා මුදල් ගෙවා ලිපි ලබා ගැනීම වෙනුවට, ලිපි යවන්නා මුදල් ගෙවා ලිපි යැවිය යුතු බව අවදාරණය කළ බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ රෝලන්ඩ් හිල් මහතා මුද්දරය හඳුන්වාදෙන ලදි.
ලෝකයේ මුල්ම තැපැල් මුද්දරය 1840 මැයි 01 වැනිදා සිට එංගලන්තයේ තැපැල් කාර්යාලවලට නිකුත් කළ නමුත් ජනතාවට එය භාවිතය සඳහා වලංගු වූයේ මැයි මාසේ 06 වැනිදා සිටය. එවකට එංගලන්ත කිරුළ හිමි වික්ටෝරියා රැජිණගේ පැති රූපය නිරූපණය වූ මෙම මුද්දරයේ වටිනාකම පැන්ස 01 කි. මුල් මුද්දරවල සිදුරු නොතිබූ අතර කතුරකින් කපා වෙන් කිරීමට සිදු විය. මුද්දරය මත රටේ නම සදහන් නොවීය. එතැන් පටන් එංගලන්තයෙන් නිකුත් වන කිසිදු මුද්දරයක රටේ නම සදහන් නොකරයි. ඒ අනුව තම රටේ නම සදහන් නොකර මුද්දර නිකුත් කරන එකම රට එංගලන්තයයි.
මෙම දිනය බොහෝ විට ලොව පුරා මුද්දරකරුවන් විසින් සමරනු ලැබේ. නූතන තැපැල් සේවයේ උපතට ගෞරව කිරීම සඳහා සමහර රටවල් අනුස්මරණ මුද්දර නිකුත් කරයි හෝ ප්‍රදර්ශන පවත්වයි. ලොව ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් කර වසර 175 ක් සම්පූර්ණ වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් පෙනි බ්ලැක් මුද්දරය නිරූපණය කරන අනුස්මරණ මුද්දරයක් නිකුත් කරන ලදී. 2015 ඔක්තෝබර් 9 වන දින රුපියල් දහයක වටිනාකමකින් යුක්තව නිකුත් කරන ලදි. පෙනි බ්ලැක් සංසරණයේ තිබුණේ වසරක් පමණි. එයට හේතුව නම් කළු තීන්තවල තැපැල් සලකුණු තැබිම ප්‍රායෝගිකව අපහසු වූ හෙයිනි. මුද්‍රණය කරන ලද පෙනී බ්ලැක් මුද්දර දෙකක් මේ වන විට බ්‍රිතාන්‍ය තැපැල් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.
ලොකු කුඩා අප කාටත් ලස්සනට විනෝදාංශයක සතුට රැඟෙන දුන් ආදරණීය පෙනි බිලැක්, ඔබට සුභම සුභ උපන් දිනක් වේවා!
බිහඳු සන්දිල් කීර්තිසේන
8 ශ්‍රේණිය H,
මලියදේව මලියදේව විද්‍යාලය, කුරුණෑගල.
The World's First Chistmas Stamp
The World's First Chistmas Stamp-themed postage stamp, the 1898 Christmas Stamp, was issued by Canda on December 7, 1898. created to celebrate the holiday season, it marked a significant moment in postal hisroty. Issued to raise funds for the General Post office of Canda, it also set the stage for the global tradition of Christmas satmp.
The stamp's primary purpose was to raise funds for charity, with a portion of proceeds supporting public welfare projects. it Featured a world map highlighting the territories of Geat Britain, reflecting the size and influence of the British Empire. this was canada's first multi-colored sramp, standing out among other stamps of the time, particulary after the reduction in poastage rates from 3c to 2c, which led to the creation of new stamps.
Postmaster General william mullock presented the stamp's design to Queen Victoria, who approved the design, recognizing the value of celebrating Christmas and the birth of Jesus Christ through a stamp. Her approval on December 7, 1898, initiated a new postal tradition.
The stamp's issuance inspired other countries to follow suit, and over time, Christmas stamps became popular worldwide, reflecting diverse cultures and artistic styles. Beyond raising funds, the stamp contributed to a broader tradition of using postage stamps to support charitable causes. Today, Christmas stamps remain a popular way to celebrate the hoiday season across the globe.
මුද්දර එකතු කිරීමේ විනෝදාංශය
ලොව පුරා වයස් භේදයකින් තොරව, ජාති ආගම් භේදයකින් තොරව ලක්ෂ සංඛ්‍යාත ජනයා අතර ඉතාමත් ප්‍රචලිත විනෝදාංශයකි, මුද්දර එකතු කිරීම. මුද්දර එකතු කිරීමේ විනෝදාංශයෙහි යෙදෙන දරුවන් තුළ මනා ලෙස ඉවසීමේ ගුණය වැඩි දියුණු වේ.
මුද්දර එකතු කිරීමේ දී තමාගේ රුචිකත්වය අනුව පහත මුද්දර අයිතමයන් රැස් කළ හැකිය.
අවලංගු කළ මුද්දර (Used Stamp)
අවලංගු නොකළ මුද්දර (Mint Stamp)
මුල්දින කවර (First day Cover)
සිහිවටන පත්‍රිකා (Souvenir Sheet)
ගුවන් ලිපි (Aerogramme)
තැපැල්පත් (Post card)
මුද්දර මුද්‍රිත ලිපි කවර (Stamped Envelopes)
විශේෂ සමරු කවර (Special Commemorative Cover)
විසිතුරු මුද්දර පත් (Maximum Card)
පින්තූර තැපැල්පත් (Picture Post Card)
මුද්දර එකතු කිරීමේ දී සෑමවිටම ඔබ එකතු කළ යුත්තේ ඉතා පිරිසිදු තත්වයේ පවතින මුද්දරයි. ඉරුණු මුද්දර, කිළිටි මුද්දර, විදමන් හෙවත් දැති කැඩුණු මුද්දර, මුතු පිට හෝ පසුපස පළුදු සහිත මුද්දර ඔබේ එකතුවෙන් ඉවත් කිරීම වඩාත් සුදුසුය.
තෙත්බිම්
ලෝක තෙත්බිම් දිනය සෑම වසරකම පෙබරවාරි 2 වන දිනට යෙදී ඇත. තෙත්බිම් යනු ස්වාභාවිකව හෝ කෘතිම ලෙස හෝ පවතින වගුරු, ගොහුරු වැනි ජලය එකතැන රඳා පවතින හෝ මඳ වශයෙන් ගලායන හෝ කරදිය, මිරිදිය හෝ කිවුල් ජලයෙන් යුක්ත වූ ස්ථානයි.
තෙත්බිමක් යනු අධික තෙතමනයකින් යුත් පස් සහිත ප්රදේශයකි. වගුරු බිම, හැල, ගොහුරු බිම වැනි විවිධ නම් වලින් ද තෙත්බිම් හඳුන්වයි. භෞතික භූ විද්‍යාත්මක වශයෙන් නිර්වචනය කළහොත් තෙත්බිමක් යනු භෞතික පරිසර පද්ධතිය හා ජලජ පරිසර පද්ධතියේ අතරමැදි ස්වභාවයක් වන අතර, එම පරිසර පද්ධති දෙකම මත රඳා පවතින ප්රදේශයකි.
2020.02.03 දින මුද්දර කාර්යංශය විසින් නිකුත් කළ ලෝක තෙත්බිම් තේමාව යටතේ නිකුත් වූ මුද්දර පෙළකි. මෙය Sheetlet එකක් ලෙස නිකුත් විය.
තෙත්බිම්වල දැකිය හැකි ප්‍රධානතම ලක්ෂණය වන්නේ ජලජ ශාක හා ජීවීන් දක්නට ලැබීමයි. මේ අනුව මෙම තෙත්බිම් මඟින් පරිසර පද්ධතියේ පැවත්මට ඇති දායකත්වයේ ප්‍රධානම සාධකය ලෙස ශාක හා සත්ව විශේෂවලට නිජබිම් වීම දැක්විය හැකිය.
අධික වර්ෂාපතනයට පසු අතිරික්ත ජලය රඳවා ගන්නා ස්ථාන ලෙස තෙත්බිම් වැදගත්වන අතර, තෙත්බිම් සැබවින්ම ජලය උරා ගනියි. ගලා යන ජලයෙහි පවතින විෂ සහිත ජලය, තෙත්බිම් මඟින් පිරිසිදු කරයි. ගංවතුර ද පාලනය වෙයි.
ලෝකයේ පළමු අන්තර් ජාතික පරිසර සම්මුතිය වන්නේ 1971 දී ඉරානයේ රැම්සා නගරයේ දී පවත්වන ලද රැම්සා සම්මුතියයි. ඊට අනුව සෑම වසරකම පෙබරවාරි 2 වන දා ලෝක තෙත්බිම් දිනය ලෙස නම් කර ඇති අතර, රටවල් විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
අප මුතුරාජවෙල තෙත්බිම කොළඹ හා ගම්පහ භූගත ජල ස්ථරය පෙරා පිරිසිදු කරන ෆිල්ටරයක් හා සමානය. නාගරික හා කාර්මික ප්‍රදේශ ගණනාවක් පුරා ව්‍යාප්තව ඇති මෙම තෙත්බිම වගුරු පරිසර හා කඩොලාන පරිසරවලින් සමන්විත වේ.
තෙත්බිමක් යනු හුදෙක් වගුරු බිමක් නොවේ. තෙත්බිමක් යනු සොබාදහමේ අවශ්‍යතාවයකි. සොබා දහම විසින් තෙත්බිමක් නිර්මාණය කරන්නේ මිනිසා ඇතුළු සියලු ජීවීන්ගේ ජීව විද්‍යානුකූල ක්‍රියාවලියක අවශ්‍යතාවයන් වෙනුවෙනි.
අපේ රටේ තෙත්බිම් රැක ගැනීම සදහා කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමකි.
බිහඳු සන්දිල් කීර්තිසේන
මලියදේව විද්‍යාලය, කුරුණෑගල.
7 ශ්‍රේණිය H
ලෝකයේ පළමු අන්තර්ජාතික පරිසර සම්මුතිය ලෙස නම් කෙරෙන්නේ, 1971 වසරේ දී නිර්මාණය වූ රැම්සා සම්මුතිය යි. ලෝක ප්‍රසිද්ධ පරිසර සම්මුතීන් වන ස්ටොක්හෝම්, රියෝ ප්රකාශනය, වියානා, මොන්ට්‍රියල්, කියතෝ හා පැරිස් සම්මුතීන් බිහි වන්නේ ඉන් අනතුරුව යි.
1971 වසරේ ඉරානයේ රැම්සා නගරයේ දී මෙම සමුළුව පැවැත්වීම හේතුවෙන් එයට එම නාමය හිමි වී තිබෙනවා. එසේම මෙම සමුළුව පවත්වා ඇත්තේ ලෝකයේ ඇති තෙත්බිම් පිළිබඳව වන අතර මෙම සමුළුවෙන් ඇති කරගන්නා ලද සම්මුතිය “තෙත්බිම් පිළිබද අන්තර්ජාතික සම්මුතිය” හෙවත් රැම්සා සම්මුතිය නම් වෙනවා. රැම්සා සම්මුතියට සම්මත වූයේ 1971 වසරේ පෙබරවාරි දෙවනිදා යි. එම දිනය සමරමින් සෑම වසරකම පෙබරවාරි මස 02දා අන්තර්ජාතික තෙත්බිම් දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
රැම්සා සම්මුතියට එළැඹීමෙන් පසුව ලොව වටා ඇති තෙත්බිම් රැම්සා කලාපයන් ලෙස වෙන් කර තිබෙනවා. එසේම මෙම රැම්සා තෙත්බිම් ලෝකයේ ප්‍රධාන කලාප 6ක් යටතේ පිහිටුවා තිබෙනවා.
එනම්,
ආසියානු කලාපය
අප්‍රිකානු කලාපය
යුරෝපා කලාපය
උතුරු ඇමරිකානු කලාපය
කැරිබියානු කලාපය
ලතින් ඇමෙරිකා කලාපය
ඕෂනියානු කලාපය ලෙස යි.
1990 වසරේ ඔක්තෝම්බර් 15 වන දින ලංකාව ද රැම්සා සම්මුතියට ඇතුළත් වූ අතර, මේ වන විට ලංකාව රැම්සා තෙත්බිම් හයකින් සමන්විත වෙනවා. 1996 වසරේ දී ශ්‍රී ලංකාවේ පළමු රැම්සා තෙත් බිම ලෙස බුන්දල ජාතික වන උද්‍යානය එම සම්මුතිය මඟින් නම් කර තිබෙනවා. මෙරට දෙවැනි රැම්සා තෙත් බිම වන්නේ ආනවිලුන්දා අභය භූමිය යි. 2001 අගෝස්තු මස 03 වැනිදා මෙය ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් වශයෙන් ප්‍රකාශයට පත් කරනවා.
මෙම රැම්සා තෙත්බිම් දෙක හැරුණු විට තවත් රැම්සා තෙත්බිම් හතරක් ලංකාවේ දකින්න ලැබෙනවා. දකුණු පළාතේ මාඳුගඟ අභය භූමිය, මන්නාරම් දිස්ත්‍රික්කයේ වාන්කාලේ අභය භූමිය, කුමන - පානම අභය භූමිය හා අවසාන වශයෙන් 2015 දී නම් කරන ලද විල්පත්තුව එම තෙත්බිම් හතර ලෙස නම් කළ හැකි යි.
ඊට අමතරව රැම්සා සම්මුතිය මඟින් 2018 වසරේ අන්තර්ජාතික වැදගත් තෙත්බිම් නගර කිහිපයක් ලෝකයේ රටවල් කිහිපයක නම් කරනවා. ඒ ඩුබායිහි පැවති රැම්සා පාර්ශවකරුවන්ගේ සම්මුතියෙහි 13 වැනි සැසිවාරයේ දී යි. ඒ අනුව චීනයේ නගර 6ක් ද, ප්‍රංශයේ නගර 4ක් ද, කොරියාවේ නගර 4ක්, හංගේරියාවේ නගරයක්, ටියුනීසියාවේ නගරයක්, මැඩගස්කරයේ නගරයක් හා කොළඹ නගරය මෙසේ නාගරික තෙත්බිම් ලෙස ප්‍රකාශයට පත් කරනවා.
ලෝක තෙත්බිම් දින තේමා...
සෑම වසරකම තෙත් බිම්වල වටිනාකම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට සහ අවධානය යොමු කිරීමට උපකාර වන තේමාවක් තෝරා ගනු ලබනවා. දැනුවත් කිරීම සඳහා රටවල් විවිධ සිදුවීම් සංවිධානය කරයි. දේශන, සම්මන්ත්රණ, සොබාදහම් පාගමන්, ළමා චිත්‍ර තරඟ, ප්‍රජා පිරිසිදු කිරීමේ දින, ගුවන්විදුලි හා රූපවාහිනී සම්මුඛ සාකච්ඡා, පුවත්පත්වලට ලිපි, නව තෙත්බිම් ප්‍රතිපත්ති දියත් කිරීම, නව රැම්සාර් අඩවි සහ ජාතික මට්ටමින් නව වැඩසටහන් මේ අතර වෙනවා.
2024 ලෝක තෙත්බිම් දිනයේ තේමාව වන්නේ "තෙත්බිම් සහ මානව යහපැවැත්ම" යන්නයි. ශ්‍රී ලංකාව ද මෙම සම්මුතියේ පාර්ශවයක් වන අතර මෙවර තෙත්බිම් දිනයේ තේමාව වන්නේ "Healthy Wetlands Healthy People" යන්නයි.
"රැම්සා සම්මුතිය යනු කුමක්ද?" අන්තර්ජාලයෙන් උපුටා ලැනීමකි.
ඇහැළ මල්
ඇහැළ මල් උතුරු මැද පළාත් පුෂ්පයයි. ඉතාමත් ලස්සන, වර්ණවත් කහ පැහැයෙන් යුත් මෙම මල් දිග කිනිත්තක් ඇහැළ මල් පොකුරු ලෙස එල්ලා වැටෙයි. ඇසළ සමයේදී මල් පිපෙයි. පෙබරවාරි මාස මල් හට ගැනීම ආරම්භ වී අගෝස්තු මාසයේදී මල් සියල්ල හැලී යයි. මධ්‍යම ප්‍රමාණයේ ශාකයක් වන ඇහැළ ගස කැසියා ෆිස්ටුලා (Casia Pistula) නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වයි.
රනිල කුලයේ ශාකයක් වන ඇහැළ ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ හොඳින් වැඩෙන අතර දැව ඉතා ශක්තිමත්ය. ඇසළ ගස වරිච්චි බිත්ති සෑදීමට ගනී. මහනුවර දළදා මාලිගාවේ බිත්ති සඳහා අද මෙම ශාකයේ දැව යොදා ගෙන ඇත. ඇසළ පෙරහැරේ කප් සිටුවීමේ මංගල්‍යට ඇසළ ගස භාවිත කරයි. මල් පිපුන විට කහ පාටින් දිස්වන මෙම ශාකයෙන් ඉතාමත් ශාන්ත සුවඳක් වටපිටාව පුරා හමයි. විසිතුරු වගා හා උද්‍යාන වගා ශාකයක් ලෙස උද්‍යාන නගර අලංකාර කිරීමට ඇහැළ ශාකය බහුල ලෙස යොදා ගනියි. සිංහල මාස ක්‍රමයට අනුව ජූලි මාසය ඇසළ මාසය ලෙස නම් කෙරේ.
ඖෂධ වශයෙන් ඇහැළ ශාකයේ මුලේ පොතු, කඳේ පොතු, කරල්, කොළ සහ මල්, එමෙන්ම බීජ භාවිතයට ගනු ලබයි. පුංචි අපිත් මෙම වටිනා ශාකය ආරක්ෂා කර ගනිමු.
ශ්‍රී ලංකාවේ පළාත් පුෂ්ප නමින් නිකුත් වූ නිත්‍ය කාණ්ඩයේ මුද්දරකි.
(2006-10-02 දින නිකුත් කරන ලද රුපියල් හතරයි සත පනහක වටිනාකමකින් යුත් නිත්‍ය කාණ්ඩයේ මුද්දරයකි. ඇහැළ ලෙස සිංහල භාෂාවෙන් සහ Indian Laburnum ලෙස නම ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කර ඇත. උද්භිත විද්‍යාත්මක නාමයද ( Cassia Fistula ) මුද්දරය මත සඳහන් කර ඇත.)
එම්. පී. බිහඳු සන්දිල් කීර්තිසේන
8 ශ්‍රේණිය
මලියදෙව විද්‍යාලය, කුරුණෑගල
කැස්බෑවා
ලෝක කැස්බෑ දිනය වන මැයි 23 දින කැනඩාවේ නිකුත් කළ සමරු කාණ්ඩයේ මුද්දර නිකුතුවකි.
උරගයෙක් වන කැස්බෑවා සාගරයේ ජීවත් වෙයි. පිහිනීමට ඉතා දක්ෂ කැස්බෑවා ගොඳුරු සොයා වේගයෙන් කිමිදෙයි. කැස්බෑවෝ මුහුදු පැළෑටි, ඇල්ගී වර්ග, දැල්ලන් හා මාළුන් ආහාරයට ගනිති. වසර 80 ත් වසර 120 ත් අතර කාලයක් ජීවත් වන කැස්බෑවා දීර්ඝායුෂ ඇති සත්වයෙක් ලෙස සලකයි.
2013-07-28 දින
ශ්‍රී ලංකාවේ නිකුත් කළ මුද්දරයකි.
ලොව පුරා කැස්බෑ විශේෂ 7 ක් ජීවත් වන අතර ඉන් 5 ක්ම ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපයේ ජීවත් වේ. මින් සමහර විශේෂ දැඩි ලෙස වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත.
වෙරළ දූෂණය, වෙරළබඩ ප්‍රදේශ විවිධ කාර්යන් සඳහා අනවශ්‍ය ලෙස ආලෝකකරණය කර තිබීම, සාගර දූෂණය සහ ධීවරයන්ගේ දැල්වලට හසුවීම කැස්බෑවන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කොට ඇත. විශේෂයෙන් ප්ලාස්ටික් පොලිතීන් වැනි ද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම සහ එම අපද්‍රව්‍ය සාගරයට එකතු වීමත්, වෙරළ ප්‍රදේශ දූෂණයටත් සෘජුව බලපෑම් ඇති කරයි.
2021.08.10 දින
නිකුත් කරන ලද මුද්දරයකි.
සාගරයට මහත් සුන්දරත්වයක් ගෙන දෙන කැස්බෑවා මේ වනවිට වඳවීමේ තර්ජනයට ගොඳුරු වී ඇත. කැස්බෑවන් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ගැන දැනුවත්ව අපි කැස්බෑවන් ආරක්ෂා කර ගනිමු.
සටහන :
බිහඳු සන්දිල් කීර්තිසේන
මලියදේව විද්‍යාලය, කුරුණෑගල.
7 ශ්‍රේණිය H