Minneriya National Park. (26th June 2025)
Stampමේනියා සාමාජිකත්වය ලබාගත් පාසල් සිසුන් වෙනුවෙන් සැකසුණු මුද්දර විශේෂාංගයකි.
මුද්දර එකතු කරන පාසල් සිසුන්ගේ මුද්දර ආශ්රිත දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා බහුවරණ ප්‍රශ්න 10ක් හා කෙටි සටහන් ප්‍රශ්න 2ක් ඇතුළත් කර ඇත.
බහුවරණ ප්‍රශ්නයක් සඳහා ලකුණු 2ක් ද, කෙටි සටහන් ප්‍රශ්නයක් සඳහා ලකුණු 5ක් ද හිමි වේ. මුළු ලකුණු 30කි.
සෑම මසකම පළමු වැනිදා Stamp Quiz පැවැත්වේ.
ප්‍රශ්න වටය සහ ප්‍රශ්න අංකය ඇතුළත් කර නිවැරදි පිළිතුරු සෑම මසකම 25 වෙනිදාට පෙර 070 2957908 අංකයට WhatsApp කරන්න.
සාමාජික අංකය සහ නම පිළිතුරු යටින් සඳහන් කරන්න.
Stamp Quiz - 02
සෑම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු සැපයිය යුතුය. (ලකුණු 30යි.)
01. ශ්‍රී ලංකාවේ මුද්දර රජු වශයෙන් පිළිගැනෙන්නේ...
ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මැතිතුමා
ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා
ශ්‍රීමත් එච්. ශ්‍රී නිස්සංක මැතිතුමා
ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා
02. ශ්‍රී ලංකාවේ පළමු සිහිවටන පත්‍රිකාව නිකුත් වූ වර්ෂය වන්නේ...
1956 දී ය.
1966 දී ය.
1976 දී ය.
1857 දී ය.
03. පළමු ආසියානු ජාත්‍යන්තර මුද්දර ප්‍රදර්ශනය පවත්වනු ලැබුවේ...
1977 දී නිව්යෝක් හිදී.
1967 දී මොස්කව් හිදී.
1977 දී බැංගලෝර් හිදී.
1987 නව දිල්ලි හිදී.
04. බ්‍රසීලය විසින් නිකුත් කළ පළමු මුද්දර කාණ්ඩයේ දැක්වෙන්නේ...
අශ්ව හිසකි.
ගව ඇසකි.
පරවියෙකි.
ලියුම් කවරයකි.
05. “බාසල් පරෙවියා” (Basel Dove) ලෙසින් ප්‍රසිද්ධියට පත් මුද්දරය පිළිබඳ නිවැරදි ප්‍රකාශය වනුයේ...
කුරුල්ලෙකුගේ රුව ඇතුළත් ලොව පළමු මුද්දරය වේ.
ලොව ප්‍රථම ත්‍රි-වර්ණ මුද්දරය වේ.
කැටයම් සහ එම්බොස් සහිත පළමු මුද්දරය වේ.
ඉහත සියල්ල නිවැරදි වේ.
06. ලොව පළමු ද්වි-වර්ණ මුද්දරය ලෙස සැලකෙන්නේ...
බටහිර ඕස්ට්‍රේලියාවේ කළු හංසයා මුද්දරයයි.
ගැම්බියාවේ පැන්ස 6 වික්ටෝරියා රැජිණගේ මුද්දරයයි.
නවසිලන්තයේ පළමු සමරු මුද්දර කාණ්ඩයයි.
ඉන්දියාවේ 4 ඇනා වික්ටෝරියා රැජිණගේ මුද්දරයයි.
07. “Stanley Gibbons” යනු මුද්දර හා බැදි අද්විතීය ආයතනයකි. එහි මූලස්ථානය පිහිටියේ...
ලන්ඩන් නගරයේ ය.
බ්‍රිස්ටල් නගරයේ ය.
මැන්චැස්ටර් නගරයේ ය.
බර්මින්හැම් නගරයේ ය.
08. ලොව දුර්ලභම හා වටිනාම මුද්දරය ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ගයනාවේ සත 1 මැජෙන්ටා මුද්දරයේ දක්නට ලැබෙන්නේ...
ගෝත්‍රිකයන්ගේ සිතුවමකි.
මත්ස්‍යයෙකුගේ සිතුවමකි.
ලතින් ආදර්ශ පාඨයකි.
ලතින් ආදර්ශ පාඨයක් හා රුවල් නැවකි.
09. ලොව පැරණිතම වැඩ කරන තැපැල් කාර්යාලය වන්නේ 1712 දී ස්කොට්ලන්තයේ Sanquhar හි තැපැල් කාර්යාලයයි. එය ගිනස් වාර්ථා පොතට ඇතුළත් කරනු ලැබුවේ...
1990 දී ය.
2009 දී ය.
1890 දී ය.
1889 දී ය.
10. අතීතයේ සිට වර්තමානය දක්වා විවිධ මැලියම් වර්ග භාවිතා කරමින් තැපැල් මුද්දර නිකුත් කර ඇත. තැපැල් මුද්දර සඳහා වර්තමානයේ බහුල වශයෙන් භාවිතා වන මැලියම් විශේෂයකි.
Dextrin
Gelatin
Arabic Gum
Polyvinyl Alcohol
11 වන ප්‍රශ්නයට හා 12 වන ප්‍රශ්නයට කෙටි සටහන් ලියන්න. (වචන 50ක් සෑහේ.)
11. මුල්දින කවරය
12. විශ්ව තැපැල් සංගමය
සැකසුම :-
ප්‍රදීප් එම්. පිටිගල ආරච්චි
පහත නම් සඳහන් සාමාජික සිසු සිසුවියන් Stamp Quiz 2 සඳහා පිළිතුරු ලබා දී ඇත.
එච්.කේ. සනුති විමංසා - සාමාජික අංකය - 04 (විදුකර මුද්දර සංගමය)
ඕ. දිමන්දි තෙවුනුලි කංකානම්ගේ - සාමාජික අංකය - 01 (විදුකර මුද්දර සංගමය)
එස්.ඒ. විකාශ් මධුනිර්ම - සාමාජික අංකය - 05 (ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය)
තෙනුරි නවිත්මා කීර්තිසේන - සාමාජික අංකය - 02 (මලියදේව විද්‍යාලීය මුද්දර සංගමය)
බිහදු සන්දීල් කීර්තිසේන - සාමාජික අංකය - 03 (මලියදේව විද්‍යාලීය මුද්දර සංගමය)
මිතාෂි ඕපනායක - සාමාජික අංකය - 16 (තක්ෂිලා මධ්‍ය විද්‍යාලිය මුද්දර සංගමය)
තම සාමාජික අංකය, නම සහ පාසල් මුද්දර සමාජයේ නම ඇතුළත් කරමින් අදාළ පිළිතුරු 070 2957908 අංකයට WhatsApp කරන්න.