Minneriya National Park. (26th June 2025)
Stampමේනියා සාමාජිකත්වය ලබාගත් 7 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුන් වෙනුවෙන් සැකසුණු මුද්දර විශේෂාංගයකි.
මුද්දර එකතු කරන පාසල් සිසුන්ගේ මුද්දර ආශ්රිත දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා බහුවරණ ප්‍රශ්න 10ක් හා කෙටි සටහන් ප්‍රශ්න 2ක් ඇතුළත් කර ඇත.
බහුවරණ ප්‍රශ්නයක් සඳහා 2ක් ලකුණක් ද, කෙටි සටහන් ප්‍රශ්නයක් සඳහා ලකුණු 5ක් ද හිමි වේ. මුළු ලකුණු 30කි.
සෑම මසකම පළමු වැනිදා Stamp Quiz පැවැත්වේ.
ප්‍රශ්න වට 4කින් යුක්තය. ඒ සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය. ජයග්‍රාහකයා තෝරා ගනු ලබන්නේ ඉන් අනතුරුවය.
ප්‍රශ්න වටය සහ ප්‍රශ්න අංකය ඇතුළත් කර නිවැරදි පිළිතුරු සෑම මසකම 25 වෙනිදාට (මාර්තු 25) පෙර 070 2957908 අංකයට WhatsApp කරන්න.
සාමාජික අංකය සහ නම පිළිතුරු යටින් සඳහන් කරන්න.
Stamp Quiz – 8
ප්‍රශ්න අංක 1 සිට 10 දක්වා ලකුණු 2 බැගිනි. ප්‍රශ්න අංක 11 සහ 12 සඳහා ලකුණු 5 බැගිනි. එකතුව ලකුණු 30කි.
සෑම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු සැපයිය යුතුය.
01. යටත් විජිත යුගයේ දී ලංකාවේ මුද්දර නිකුත් වූ යුගයන් අනුව නිවැරදි පිළිවෙල වන්නේ...
V වන ජෝර්ජ් රජ සමය, VI වන ජෝර්ජ් සමය, VII වන එඩ්වඩ් රජ සමය, වික්ටෝරියා රැජිණ සමය
වික්ටෝරියා රැජිණ සමය, VI වන ජෝර්ජ් සමය, V වන ජෝර්ජ් රජ සමය, VII වන එඩ්වඩ් රජ සමය
වික්ටෝරියා රැජිණ සමය, VII වන එඩ්වඩ් රජ සමය, V වන ජෝර්ජ් රජ සමය, VI වන ජෝර්ජ් සමය
විකෝරියා රැජිණ සමය, VII වන එඩ්වඩ් රජ සමය, V වන ජෝර්ජ් රජ සමය, එළිසබෙත් රැජිණ සමය
02. ලංකාවේ මුල්ම මුද්දරයේ වටිනාකම පැන්ස හයකි. එහි දිය සලකුණ ලෙස යොදා ඇත්තේ...
ඔටුන්න සහ CC - (Crown over CC)
ඔටුන්න සහ CA - (Crown over CA)
ඔටුනු සහ CA - (Multiple Crown CA)
තරුව - (Star)
03. ලංකාවේ වටිනාම මුද්දරය අඳුරු රෝස පැහැයෙන් යුත් පැන්ස 4ක මුද්දරයකි. එය Dull Rose නමින් හඳුන්වයි. එම මුද්දරය නිකුත් කරනු ලැබුවේ...
1859 අප්‍රේල් 23 වෙනිදා ය.
1857 අප්‍රේල් 01 වෙනිදා ය.
1857 අගෝස්තු 24 වෙනිදා ය.
1857 ජූලි 02 වෙනිදා ය.
04. ලංකාවේ නිකුත් කළ මුල් කාලීන මුද්දරවල සිලං සහ පැන්ස මුදල් ඒකකය සඳහන් විය. මුල්වරට ලංකාවේ රුපියල් සත මුදල් ඒකකය සඳහන් කරමින් මුද්දර නිර්මාණය ඇරඹියේ...
1857 – 1870 කාල වකවානුව තුළය.
1872 – 1900 කාල වකවානුව තුළය.
1903 – 1911 කාල වකවානුව තුළය.
1912 – 1935 කාල වකවානුව තුළය.
05. ලංකාවේ පළමු වරට යුධ මුද්දර (WAR STAMP) නිකුත් කරනු ලැබුවේ කුමන යුගයේ දීද?
වික්ටෝරියා රැජිණ සමය
VII වන එඩ්වඩ් රජ සමය
V වන ජෝර්ජ් රජ සමය
එළිසබෙත් රැජිණ සමය
06. පහත පිළිතුරු තුළ ලංකාවේ දර්ශන ඇතුළත් රූපමය මුද්දර කිහිපයක විස්තර ඇතුළත් වේ. ඉන් වඩාත් නිවැරදි පිළිතුර වන්නේ...
VI වන ජෝර්ජ් රජ සමයේ ගංගාවක දර්ශනය සහිත මුද්දරයක් නිකුත් වී නොමැත.
V වන ජෝර්ජ් රජ සමයේ මහනුවර දළදා මාළිගයේ රුව සහිත මුද්දරයක් නිකුත් විය.
VI වන ජෝර්ජ් රජ සමයේ රූපමය මුද්දර නිකුත් නොවීය.
V වන ජෝර්ජ් රජ සමයේ පමණක් රූපමය මුද්දර නිකුත් වීය.
07. V වන ජෝර්ජ් රජ සමයේ නිකුත් වූ රුපියල් 1ක වටිනාකමකින් යුත් මුද්දරයෙන් නිරූපනය වන්නේ...
පුරාණ වැවකි
ගංගාවක දර්ශනයකි.
කොළඹ වරායයි.
ත්‍රිකුණාමලය ප්රදේශයයි.
08. රිදී ජුබිය (Silver Jubilee) වෙනුවෙන් ලංකාවේ මුද්දර නිකුත් කරනු ඔබ කොතෙකුත් දැක ඇති. රිදී ජුබිය යනුවෙන් අදහස් කරන්නේ...
වසර 25ක් පිරීම වෙනුවෙනි.
වසර 50ක් පිරිම වෙනුවෙනි.
වසර 75 ක් පිරීම වෙනුවෙනි.
වසර 100ක් පිරීම වෙනුවෙනි.
09. VI වන ජෝර්ජ් රජුගේ රාජාභිසේකය වෙනුවෙන් නිකුත් වූ මුද්දර කාණ්ඩය සඳහා නිවැරදි ප්‍රකාශය විය යුත්තේ...
1937.05.12 වන නිකුත් වූ මුද්දර 4ක කාණ්ඩය.
සත 6, සත 9 සහ සත 12 වශයෙන් නිකුත් වූ මුද්දර 3ක කාණ්ඩය.
Carmine, Green, Blue යන වර්ණ හා විදමන් 11 x 11½ සහිතව නිකුත් වීම.
ඉහත සඳහන් සියල්ල නිවැරදි වීම.
10. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ තැපැල් කණුවල (ලියුම් පෙට්ටිවල) ඒ ඒ පාලන සමය විදහා දැක්වීමට පහත සඳහන් සංඛේත භාවිතා කරන ලදි. මෙම සංඛේත මඟින් කුමන පාලන සමයක් නිරූපණය වේද?
........................................ ........................................ ....................................... .........................................
පහත සඳහන් ප්‍රශ්න සඳහා කෙටි සටහන් ලියන්න.
11. දිය සලකුණ :
12. විදමන් (සිදුරු) :
පහත නම් සඳහන් සාමාජික සිසු සිසුවියන් Stamp Quiz 8 සඳහා පිළිතුරු ලබා දී ඇත.
සයුල් කෙත්මින් පුතණුවන් - සාමාජික අංකය - 33
අනුක් දුල්මික පුතණුවන් - සාමාජික අංකය - 21
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය - 05
තෙනුරි නවින්මා දියණිය - සාමාජික අංකය - 02
රිශේන් සදැස් ඈපාසිංහ පුතණුවන් - සාමාජික අංකය - 44
සවිරු දොරටියාව - සාමාජික අංකය - 09
සෙනුල රන්සිත් උඩුකුඹුර - සාමාජික අංකය - 11
බිහදු සන්දීල් කීර්තිසේන - සාමාජික අංකය - 03
ආර්. ඒ. නෙතික දිනදිත් - සාමාජික අංකය - 06