Deepthi Hathurusinghe
Senior Philatelist
CHRISTMAS 2025, 09th December 2025
Deepthi Hathurusinghe
Senior Philatelist
Stampමේනියා සාමාජික දරුවනි,
ප්‍රවීන මුද්දරවේදී දීප්ති හතුරුසිංහ මහතා විසින් ඔබට මුද්දර විනෝදයෙහි නියැළෙමින් මුද්දර ගවේෂණය කිරීම සඳහා අලුත් පැවරුමක් ලබා දී ඇත.
පහත පැවරුමට අදාළ නිර්ණායකයන්ට අනුව නිවැරදිව හා ක්‍රමවත්ව සකස් කරගත් පැවරුම ලබා දී ඇති අවසන් දිනට ප්‍රථම අපට Whatsapp (0702957908) කරන්න. ජයග්‍රාහී දරුවන් සදහා සහ සහභාවය අගයා වටිනා මුද්දර ත්‍යාග/සහතිකපත් සහ වසර අවසාන මුදල් වවුචර් ප්‍රධානය කෙරේ.
එන්න,
පහත දැක්වෙන පැවරුම නිවැරදිව හා ක්‍රමවත්ව සකස් කිරීමට උත්සාහ ගන්න.
ඔබගේ මුද්දර යහළුවන් ද එකතු කරගන්න.
පැවරුම :-
ශ්‍රී ලංකාවේ නිකුත් කර ඇති ආදායම් මුද්දර හා එම ඊට අදාළ මුද්දර අයිතම ඇතුළත් කරමින් ආදායම් මුද්දර පිළිබඳ ඉදිරිපත් කිරීමක් කරන්න.
අරමුණ :-
තැපැල් මුද්දර හා ආදායම් මුද්දර අතර වෙනස වටහා ගැනීමින් ආදායම් මුද්දර එකතු කිරීම හා ගවේෂණය කිරීම.
නිර්ණායක :-
* ඉදිරිපත් කිරීමේදී භෞතික මුද්දර (සැබෑ මුද්දර), මුද්දර අයිතම සහ භෞතික මුද්දර නොමැති නම් පමණක් අදාළ මුද්දර අයිතමවල පින්තුර ඇතුළත් කරන්න.
* ප්රදර්ශපත් (Exhibits) නිර්මාණය කිරීමකට වඩා ආදායම් මුද්දර අධ්‍යනය කෙරෙහි අවධානය යොමු කරන්න.
* තැපැල් මුද්දර හා ආදායම් මුද්දර අතර වෙනස ඉස්මතු කරන්න.
* ආදායම් මුද්දර ඉතිහාසය පිළිබද විමසීමක් කරන්න.
අවසාන දිනය
2025.12.10
Questions from Deepthi - 8 විශේෂාංගය සඳහා පිළිතුරු ලබා දී ඇති දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
1. රිශේන් ඈපාසිංහ පුතණුවන්
2. ඔනිති දිමන්දි දියණිය
3.නෙතික දිනදිත් පුතණුවන්
4. නෙතුකි දිහන්සා දියණිය
5. ලකින්දි ලෝචනී දියණිය
6. අමානි මනෝද්‍යා දියණිය
අප මුද්දර කාර්යංශය වනෝද්‍යාන සහ අභයභූමි සදහා මුද්දර හා ඒ හා සැබැදි අයිතමයන් නිකුත් කරනු ලබයි. එම මුද්දර අයිතමයන් භාවිතයෙන් පහත පැවරුම නිවැරදිව හා ක්‍රමවත්ව සකස් කරමු.
පැවරුම :-
මෙතෙක් ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන සහ අභයභූමි සදහා නිකුත් කරන ලද මුද්දර, සිහිවටන පත්‍රිකා, මුල්දින කවර සහ මැක්සිමම් කාඩ් භාවිතයෙන් ගවේෂණාත්මක ලේඛනයක් සකස් කරන්න.
ඔබ මෙම තේමාවේ මුද්දර අයිතම එකතු කර ඇත්නම්, වෙබ් අඩවි භාවිතයෙන් රූප බාගත කරනවාට වඩා එම තැපැල් අයිතම භාවිතයෙන් ලේඛනය සකස් කිරීම වඩාත් උචිත වේ.
ඔබ විසින් ලේඛන ගත කිරීම සදහා තෝරා ගත් වනෝද්‍යාන සහ අභයභූමි සඳහා නිකුත් කරන ලද සියලුම මුද්දර අයිතම මෙම ලේඛනයට එකතු කිරීමට උත්සාහ ගන්න.
සාම්ප්‍රධායික මුද්දර ප්රදර්ශකයක් (Exhibit) මින් අපේක්ෂා නොකරන අතර, ඊට අදාළ වන නිර්ණායක භාවිතා කළ හැකි වේ.
තේමාව අධ්‍යනය කිරීම හා ගවේෂණාත්මක අවබෝධය අපේක්ෂා කෙරේ.
පිළිතුරු භාර ගන්නා අවසන් දිනය - 2025.10.10
Queions from Deepthi - 7 විශේෂාංගය සදහා පිළිතුරු එවා ඇති දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
සනුති විමංසා දියණිය - සාමාජික අංකය - 04
නෙතික දිනදිත් පුතණුවන් - සාමාජික අංකය - 06
නෙතුකි දිහන්සා දියණිය - සාමාජික අංකය - 30
ලකින්දි ලෝචනී දියණිය - සාමාජික අංකය - 46
ඔනිති දිමන්දි දියණිය - සාමාජික අංකය - 01
තෙනුරි නවින්මා දියණිය - සාමාජික අංකය - 02
අනුක් දුල්මික පුතණුවන් - සාමාජික අංකය - 21
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය - 05
රිශේන් ඈපාසිංහ පුතණුවන් - සාමාජික අංකය - 44
ඔබ බහුඅස්‍ර හැඩැති මුද්දර ගැන දන්නවාද?
මේවන විට ඔබ ලොව ප්‍රථම බහුඅස්‍ර හැඩැති මුද්දරය දන්නවා ඇති. මෙම පැවරුම ජූලි මාසය සදහා වේ.
පැවරුම :-
ශ්‍රී ලංකාවේ නිකුත් කර ඇති බහුඅස්‍ර හැඩැති සියලුම මුද්දර හෝ එහි පින්තූර මෙවර පැවරුම සදහා ඉදිරිපත් කළ යුතු අතර, එම මුද්දර නිකුත් කළ දිනය, නිකුත් කිරීමේ අරමුණ සහ ඒ ඒ මුද්දරයේ වෙනත් විස්තර ඊට ඇතුළත් විය යුතුය.
මෙවර අපි හොදම ජයග්‍රාහකයින් පස් දෙනෙක් සහ ත්‍යාග ප්‍රධානය කිරීම සදහා අමතර පස් දෙනෙකු ද තොරා ගන්නෙමු.
මෙම විශේෂාංගය සදහා ක්‍රියාශීලීව සහභාගී වී වන ලෙස සියලුම සාමාජිකයන්ට මතක් කර සිටිමු.
පිළිතුරු භාර ගන්නා අවසන් දිනය - 2025.07.25
Queions from Deepthi - 6 විශේෂාංගය සදහා පිළිතුරු එවා ඇති දුවා දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
නෙතික දිනදිත් පුතණුවන් - සාමාජික අංකය - 06
අනුක් දුල්මික පුණුවන් - සාමාජික අංකය - 21
ඔනිති දිමන්දි දියණිය - සාමාජික අංකය - 01
තෙනුරි නවින්මා දියණිය - සාමාජික අංකය - 02
නෙකි දිහන්සා දියණිය - සාමාජික අංකය - 30
අමානි මනෝද්‍යා රනායක - සාමාජික අංකය - 25
කිසල් ජයසිංහ පුණුවන් - සාමාජික අංකය - 57
ලකින්දි ලෝචනී දියණිය - සාමාජික අංකය - 46
Queions from Deepthi - 6 විශේෂාංගය ජයග්‍රහණය කළ දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
ඔනිති දිමන්දි දියණිය - 01 වන ස්ථානය
අනුක් දුල්මික පුණුවන් - 02 වන ස්ථානය
නෙතික දිනදිත් පුතණුවන් - 03 වන ස්ථානය
(සියලුම දරුවන් සදහා සහතික පත් ප්‍රධානය කිරීමට නියමිතය.)
පැවරුම :-
ලෝකයේ ප්‍රථම එම්බෝස් (Embossed) කරන ලද මුද්දරය පිළිබද තොරතුරු රැස්කර කිරීම හා බෙදා ගැනීම තමයි මෙවර ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන Questions from Deepthi මුද්දර විශේෂාංගය වන්නේ.
මෙම විශේෂාංගය සදහා තොරතුරු රැස් කර තම අත් අකුරින් ලියා දැක්වීම අපේක්ෂා කෙරේ.
පිළිතුරු භාර ගන්නා අවසන් දිනය - 2025.06.25
Queions from Deepthi - 5 විශේෂාංගය සදහා පිළිතුරු එවා ඇති දුවා දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
ලකින්දි ලෝචනී දියණිය - සාමාජික අංකය - 46
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය - 05
ඔනිති දිමන්දි දියණිය - සාමාජික අංකය - 01
අනුක් දුල්මික පුතණුවන් - සාමාජික අංකය - 21
තෙනුරි නවින්මා දියණිය - සාමාජික අංකය - 02
බිහදු සන්දීල් පුතණුවන් - සාමාජික අංකය - 03
සනුති විමංසා දියණිය - සාමාජික අංකය - 04
තෙවීන් රෝනන් පුතණුවන් - සාමාජික අංකය - 47
නෙතික දිනදිත් පුතණුවන් - සාමාජික අංකය - 06
නවිනු දම්සිළු පුතණුවන් - සාමාජික අංකය - 56
යෂ්මි සෙහන්සා දියණිය - සාමාජික අංකය - 32
සෙනුල රන්සිත් උඩුකුඹුර - සාමාජික අංකය - 11
රිශේන් සදැස් ඈපාසිංහ - සාමාජික අංකය - 44
මිනුද සන්දීල් මුතුකුඩ - සාමාජික අංකය - 43
සෙනුක හන්සිර බණ්ඩාර - සාමාජික අංකය - 24
අමානි මනෝද්‍යා රත්නායක - සාමාජික අංකය - 25
Questions from Deephi - 4 හි මෙවර මුද්දර විශේෂාංගය ලෙස අනගි පැවරුමක් ඔබට මා ලබා දෙමි. මෙය ප්‍රශ්නයක් නොවන අතර අප්‍රේල් මාසය සඳහා ක්‍රියාකාරකමකි.
පැවරුම :-
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද පිළිබඳව A4 ප්‍රමාණයේ පිටු 4ක ඉදිරිපත් කිරීමක් (Presentation) කළ යුතුය.
උපදෙස් :-
ඒ සඳහා සැබෑ මුද්දර හෝ සැබෑ මුද්දර නොමැති නම් එහි පින්තූර හෝ එසේත් නැතිනම් ඒ දෙවර්ගයම හෝ භාවිතා කරමින් මෙම ඉදිරිපත් කිරීම කළ හැකිය. ඉදිරිපත් කිරීම මනාව සකස් කිරීම සඳහා සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර භාවිතා කළ හැකිය. (සැබෑ මුද්දර අයිතමයන් වෙනුවට පින්තූර යොදා ගන්නේ නම් සැබෑ මුද්දර අයිතමයන්ගේ ප්‍රමාණයෙන් (Original size) එය තැබීමට සැලකිලිමත් වන්න.)
තම අත් අකුරින් ලිවිය යුතු වන අතර, අත් අකුරු ලස්සන විය යුතු නැත. අකුරු කියවීමට පහසු අයුරින් හා පැහැදිලි වීම ප්‍රමාණවත් ය.
ඔබගේ ඉදිරිපත් කිරීමේ පැහැදිලි ඡායාරූපයක් අප වෙත එවීම ප්‍රමාණවත් වන අතර, තැපැල් කිරීම අවශ්‍ය නොවේ.
හොඳම ඉදිරිපත් කිරීම මෙම වෙබ් අඩවිය තුළ පළ කරන අතර, සියලුම පැවරුම් සඳහා ත්‍යාග හිමි වේ.
එහි පිළිතුරු එවිය යුත්තේ ප්‍රදීප් මාමාට හෝ මා වෙත පමණි. Stampමේනියා Whatsapp සමූහයට පිළිතුරු එවීමෙන් වළකින්න.
නිවැරදි පිළිතුරු 2025.05.15 දිනට ප්‍රථම එවන ලෙස දන්වා සිටිමි.
Queions from Deepthi - 4 විශේෂාංගයේ ඉදිරිපත් කිරීම (Exhibit) අප වෙත එවා ඇති දුවා දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
ඔනිති දිමන්දි තෙවුනුලි දියණිය (මින රාශියෙන් හෙමිහිට මේෂ රාශියට නැවතත්) - සාමාජික අංකය - 01
තෙවින් රෝනන් ලියන ආරච්චි පුතණුවන් (එරබඳු මල් පොට්ටු පොට්ටු අවුරුද්දත් කිට්ටු කිට්ටු) - සාමාජික අංකය - 47
අනුක් දුල්මික සිරිවර්ධන පුතණුවන් (කොවුල් නදයි අවුරුද්දයි සිරිලක සිරි කලඑළියයි) - සාමාජික අංකය - 21
චිතිල උඩුකුඹුර පුතණුවන් (රටක් කලඑළි කරන සිංහල හින්දු අලුත් අවුරුද්ද) - සාමාජික අංකය - 10
සනුති විමංසා දියණිය (සිංහල හින්දු අලුත් අවුරුද්ද හා සැබැදි මනෝ විද්‍යාත්මක පසුබිම) - සාමාජික අංකය - 04
තෙනුමි ඈන් ඉවන්කා ( ------ ) - සාමාජික අංකය - 22
විකාෂ් මධුනිර්ම (බක් මහේ අවුරුදු සිරිය) - සාමාජික අංකය - 05
මිනුද සන්දීල් පුතණුවන් ("කොහෝ" හඩින් අවදි කරන සිංහල අවුරුද්දේ) - සාමාජික අංකය - 43
අමානි මනෝද්‍යා (සිංහල හින්දු අවුරුද්දේ තැපැල් කතාව) - සාමාජික අංකය - 25
ලකින්දි ලෝචනී (Sinhala & Tamil New Year) - සාමාජික අංකය - 46
බිහදු සන්දීල් (සිංහල හා දමිළ අලුත් අවුරුද්ද) - සාමාජික අංකය - 03
ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සහ එම ඉදිරිපත් කිරීම් නැරඹීම සදහා පහත බොත්තම වෙත පිවිසෙන්න.
මෙම ප්රශ්නය පහසු වන නමුත් ඒ සඳහා එහි පින්තුරයක් අනුසාරයෙන් මෙම ප්‍රශ්නයට පිළිතුරු එවිය යුතුය. එහි පිළිතුරු එවිය යුත්තේ ප්‍රදීප් මාමාට හෝ මට පමණි. Stampමේනියා Whatsapp සමූහයට පිළිතුරු එවීමෙන් වළකින්න.
ලෝකයේ පළමු නත්තල් මුද්දරය කුමක්ද? එහි පින්තූරයක් සමග කෙටි සටහනක් ලිවීම අවශ්‍ය වේ.
නිවැරදි පිළිතුරු 2025.03.25 දිනට ප්‍රථම එවන ලෙස දන්වා සිටිමි.
Queions from Deepthi - 3 විශේෂාංගය වෙත පිළිතුරු එවා ඇති දුවා දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
අනුක් දුල්මික සිරිවර්ධන පුතණුවන් - සාමාජික අංකය - 21
නෙතික දිනාදිත් පුතණුවන් - සාමාජික අංකය - 06
අමානි මනෝද්‍යා රත්නායක දියණිය - සාමාජික අංකය - 25
බිහදු සන්දීල් පුතණුවුන් - සාමාජික අංකය - 03
තෙනුරි නවින්මා දියණිය - සාමාජික අංකය - 02
සයුල් කෙත්මින් පුතණුවන් - සාමාජික අංකය - 33
රිශේන් සදැස් පුතණුවන් - සාමාජික අංකය - 44
යෂ්මි සෙහන්සා දියණිය - සාමාජික අංකය - 32
චිතිල උඩුකුඹුර පුතණුවන් - සාමාජික අංකය - 10
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය - 05
යෙනුලි විවන්යා දියණිය - සාමාජික අංකය - 26
මිනුද සන්දීල් පුතණුවන් - සාමාජික අංකය - 43
තෙනුමි ඈන් ඉවන්කා දියණිය - සාමාජික අංකය - 22
ලකින්දි ලෝචනී දියණිය- සාමාජික අංකය - 46
සනුකි තිමන්යා දියණිය - සාමාජික අංකය - 29
සෙනුක හන්සිර පුතණුවන් - සාමාජික අංකය - 24
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය - 05
දිමන්දි තෙව්නුලි දියණිය - සාමාජික අංකය - 01
දරුවනි, ඔබට ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය, මුද්දර තුළින් අධ්‍යනය කළ හැකි නම්,
ලංකාවේ පින්තුර සහිතව පළමු මුද්දරය නිකුත් කළේ කුමන වර්ෂයේ ද? කිනම් දිනකදී ද?
එකල ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය රජු කවරෙක්ද?
එම පින්තුරයෙන් දැක්වෙන්නේ මොනවාද?
ඉහත පැනයට නිවැරදිව පිළිතුරු ලියා Deepthi මාමා වෙත හෝ මාගේ Whatsapp 0702957908 අංකයට එවන්න.
නිවැරදි පිළිතුරු 2025.02.25 දිනට ප්‍රථම එවන ලෙස දන්වා සිටිමි.
Questions from Deepthi විශේෂාංගය වෙත පිළිතුරු එවා ඇති දුවා දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
තෙනුරි නවින්මා කීර්තිසේන දියණිය - සාමාජික අංකය - 02
අමානි මනෝද්‍යා රත්නායක දියණිය - සාමාජික අංකය - 25
සෙනුක හංසිර සේනානායක පුතණුවන් - සාමාජික අංකය - 24
මිතාෂි ඕපනායක දියණිය - සාමාජික අංකය - 16
සනුති විමංසා දියණිය - සාමාජික අංකය - 04
ඔනිති දිමන්දි දියණිය - සාමාජික අංකය - 01
යෂ්මි සෙහන්සා දියණිය - සාමාජික අංකය - 32
තෙනුමි ඈන් ඉවන්කා දියණිය - සාමාජික අංකය - 22
බිහඳු සන්දීල් පුතණුවන් - සාමාජික අංකය - 03
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය -05
ආර්. අයි. අනුක් දුල්මික පුතණුවන් - සාමාජික අංකය - 21
සනුකි තිමන්යා දියණිය - සාමාජින අංකය - 29
ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය, මුද්දර තුළින් අධ්‍යනය කරවීම සඳහා මා විසින් ඇසූ පැනයට නිවැරදි පිළිතුරු පහත දක්වා ඇත.
ලංකාවේ පින්තුර සහිතව පළමු මුද්දරය නිකුත් කළේ කුමන වර්ෂයේ ද? කිනම් දිනකදී ද?
1935 මැයි මස 01 වැනිදා
එකල ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය රජු කවරෙක්ද?
V වන ජෝර්ජ් රජු
එම පින්තුරයෙන් දැක්වෙන්නේ මොනවාද?
රබර් කිරි කපන කාන්තාවකගේ දර්ශනයක්.
ඔබ කළ යුත්තේ “Omnibus Stamp” යනුවෙන් අදහස් වන්නේ කුමක්දැයි හැඳින්වීම සහ ශ්‍රී ලංකාවේ පළමු “Omnibus සමරු මුද්දර” මොනවාද, එම මුද්දර නිකුත් කරනු ලැබුවේ කවදා ද යන්න නිවැරදිව ලියා Deepthi මාමා වෙත හෝ මාගේ Whatsapp 0702957908 අංකයට එවීම පමණයි.
නිවැරදි පිළිතුරු 2025.01.31 දිනට ප්‍රථම එවන ලෙස දන්වා සිටිමි.
ඔබ සතුව ඉහත මුද්දර තිබේ නම්, එහි දිය සලකුණු අධ්‍යනය කිරීමට උත්සාහ ගන්න. එම මුද්දරවල තිබෙන්නේ කුමන ආකාරයේ දිය සලකුණු දැයි අධ්‍යනයක යෙදෙන්න. මෙය ස්වයං අධ්‍යනයක් සදහා පමණි. ප්‍රශ්නයක් නොවේ.
දුල්මික සිරිවර්ධන පුතණුවන් - සාමාජික අංකය - 05
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය -21
තෙනුරි නවින්මා කීර්තිසේන දියණිය - සාමාජික අංකය - 02
තෙනුමි ඈන් ඉවන්කා දියණිය - සාමාජික අංකය - 22
බිහදු සන්දීල් කීර්තිසේන පුතණුවන් - සාමාජික අංකය - 03
ඔනිති දිමන්දි තෙව්නුලි දියණිය - සාමාජික අංකය - 01
සෙනුක හංසිර සේනානායක පුතණුවන් - සාමාජික අංකය - 24
අමානි මනෝද්‍යා රත්නායක දියණිය - සාමාජික අංකය - 25
මිතාෂි ඕපනායක දියණිය - සාමාජික අංකය - 16
“Omnibus Stamp” යනුවෙන් අදහස් වන්නේ කුමක්දැයි මා විසින් ඇසූ පැනයට නිවැරදි පිළිතුර පහත දක්වා ඇත.
“Omnibus Stamp” යනුවෙන් අදහස් වන්නේ පොදු හේතුවක් මුල් කරගෙන රටවල් කිහිපයක නිකුත් කළ මුද්දරයි. ලංකාවේ පළමු Omnibus Stamps 1935 - පස්වන ජෝර්ජ් රජුගේ Silver Jubilee වෙනුවෙන් නිකුත් කළ මුද්දර හතරයි. එය 1935 මැයි 6 වැනි දා නිකුත් කර ඇත.
මෙම පැනය සඳහා නිවැරදි පිළිතුර ලබා දෙනු ලබන්නේ;
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විකාෂ් මධුනිර්ම පුතණුවන්...
එමෙන්ම මෙම පැනය සඳහා පිළිතුරු ලබා දුන් අනෙකුත් දරුවන් සඳහා ද වටිනා මුද්දර තෑගි එළඹෙන සතිය තුළ දී මා විසින් පිරිනමනු බැව් ඉතාමත් සතුටින් මතක් කර සිටිනු කැමැත්තෙමි.
ප්‍රවීන මුද්දරවේදී
දීප්ති හතුරුසිංහ
එහි දිය සලකුණ ලෙස යොදා ඇත්තේ ඔටුන්න සහ CA ඉංග්‍රීසි අක්ෂරයන් වේ. මෙය සැබෑ මුද්දරයක් මත දිය සලකුණ පෙනෙන නිදර්ශනයකි.
එහි දිය සලකුණ ලෙස යොදා ඇත්තේ ඔටුන්න සහ CA ඉංග්‍රීසි අක්ෂරයන් වේ. මෙය සැබෑ මුද්දරයක් මත පිහිටි දිය සලකුණක ප්‍රති නිර්මාණයකි.
ඡායාරූපය : ශානක ප්‍රමෝද්
මෙය Swaziland වෙතින් London වෙත ගුවන් තැපෑලෙන් ගිය ලිපි කවරයකි. (1936.05.12)
මෙය Swaziland වෙතින් USA වෙත ගුවන් තැපෑලෙන් ගිය ලිපි කවරයකි. (1936.04.14)
Swaziland වෙතින් නිකුත් කළ පස්වන ජෝර්ජ් රජුගේ Silver Jubilee වෙනුවෙන් නිකුත් කළ මුද්දර හතර
Hong Kong වෙතින් නිකුත් කළ පස්වන ජෝර්ජ් රජුගේ Silver Jubilee වෙනුවෙන් නිකුත් කළ මුද්දර හතර