දිමන්දි තෙවුනුලි කංකානම්ගේ
විදුකර මුද්දර සමාජය
විද්‍යාකර බාලිකා විද්‍යාලය, මහරගම.
Minneriya National Park. (26th June 2025)
විදුකර මුද්දර සමාජය
විද්‍යාකර බාලිකා විද්‍යාලය, මහරගම.
කෝළම් කලාව
ශ්‍රී ලංකා මුද්දර කාර්යංශය විසින් වර්ෂ 1992.08.19 දින නිකුත් කර ඇති මෙම කෝළම් මුහුණු සතරෙහි නාරිලතා, මුදලි, රැජිණ සහ රජ යන වෙස් මුහුණු නිරූපණය වේ. එය කෝළම් වෙස් මුහුණු තේමාව යටතේ ඉතා අලංකාරවත් සිත් ඇද ගන්නා සුළු ලෙස නිකුත් කර ඇත.
අප රටේ සාම්ප්‍රධායික වෙස් මුහුණු කලාව හා බැදුණු කෝළම් නර්තන කලාව උඩරට, පහතරට, සබරගමු යන නර්තන කලාවන් තුනටම ආවේනික වන බව ඉතිහාස පොත් පත්වල සඳහන්ව ඇත. දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල රඟ දක්වන මෙම කෝළම් කලාවට උපත් වකවානුවක් නිශ්චිතවම ප්‍රකාශ කර නැත. නමුත් උප්පත්ති කතාවක් ඇත.
අතීතයේ විසූ මහා සම්මත රජුගේ බිසවට ඇති වූ දොළ දුකක් මෙයට හේතු වී ඇත. වෙස් මුහුණු ලා කෙරෙන රංගනයක් දැකීමට ඇයට ආශාවක් පහළ විය. රජුට එය පැවසූ පසු මහ ඇමති ගෙන්වා ඒ බව විමසූමුත් මින් පෙර එවැනි රංගනයක් දැක නොමැති බව මහ ඇමති පැවසුවේ ය. එය ඇසූ රජතුමා කනස්සල්ලෙන් සිටිනු දැක ඉන්ද්‍ර දෙවියෝ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා ඒ කාර්ය ඉටු කිරීමට නියෝග කළේය. හෙතෙම සඳුන් ලීයෙන් වෙස් මුහුණු කට්ටලයක් කපා ඒවා පැළඳ නටන අයුරු විස්තර කරන පොතකුත් සමඟ රාත්‍රි කාලයේ උද්‍යානයේ තැනින් තැන තබන ලදි. ඒ දැක සතුටට පත් රජු ඇඳුරන් ලවා පොතේ හැටියට කෝළම් නර්තනය සිදුකර ඇති බව පුරාණ පොත පතෙහි සඳහන්ව ඇත.
ඡයාරූපය :
ඉන්දික ලක්මාල් පතිරාජ
කෝළම් නර්තනයේ ආරම්භය එතැනින් සිදු වූ අතර වෙස් මුහුණු කලාවට ප්‍රසිද්ධියක් උසුලන නගරය ලෙස අප රටේ දකුණු පළාතේ පිහිටා ඇති අම්බලන්ගොඩ නගරය ප්‍රසිද්ධ ය. මෙම වෙස් මුහුණු සතරට අමතරව තවත් විවිධ තේමාවන් යටතේ ඉතා අලංකාරවත් වෙස් මුහුණු නිර්මාණය වී ඇත.
සටහන :
ඕ. දිමන්දි තෙවුනුලි කංකානම්ගේ
විද්‍යාකර බාලිකා විද්‍යාලය, මහරගම.
8 ශ්‍රේණිය
සන්නි යකුම
ශ්‍රී ලංකා මුද්දර කාර්යංශය විසින් වර්ෂ 2018.08.08 වන දින නිකුත් කර ඇති සන්නි යකුමට අදාළ මෙම 18 සන්නිය මුද්දර පෙළ යම්කිසි විශේෂත්වයකින් නිකුත් කර ඇත. වර්ෂ 2018න් 18 යන ඉලක්කමට සාපේක්ෂව එකම කාණ්ඩයේ මුද්දර 18ක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශයට උවමනා වී තිබුණි.
18 සන්නිය වෙස් මුහුණුවලට ද උප්පත්ති කතාවක් ඇත. එය මෙසේය.
දඹදිව විසූ සංඛපාල රජුගේ කතාවයි. එකල සංඛපාල රජුගේ බිසව රජු මාළිගාවේ නොමැති විටක දී මහ ඇමති සමඟ අනියම් ඇසුරක් පවත්වා අනාචාරයේ හැසිරී දරු ගැබක් ඇති කර ගත්තායි, කට කතාවක් පැතිරෙන්නට විය. බිසව තමා නිර්දෝෂී බව පැවසුවත් රජු එය නොපිළිගෙන බිසව ගෙන ගොස් අමු සොහොනේ එල්ලා දෙපලු කරන්න යැයි වධකයින්ට දැනුම් දෙන ලදි. වධකයින් අණ ලැබුණු පරිදි සිදු කළෝය. දෙපලු වූ රජ බිසවගේ දේහය, කුස තුළ සිටි කුමරුගේ පිං මහිමයෙන් නැවත එකතු වී නිරුපද්‍රිතව කුමරු බිහි විය. බිහි වූ කුමරුට කෑමබීම නොමැති නිසා කෑමට වූයේ මවගේ මස් සහ මවගේ රුධිරය විය. මෙසේ අමු මස් හා රුධිරය කාබී වැඩුණු කුමරු අමනුස්ස පෙනුමක් ගත්තේය. කුමරු වැඩෙත්ම පියාගෙන් පළිගැනීමට වනයේ තිබූ විෂ ගෙඩි හා කොළ එකතු කොට ගුලි 18ක් සාදා සන්නි යකුන් 18 දෙනෙකු මවා ගෙන විසල් පුරයට වැද ලිඡ්චවි පුරයට ලෙඩ දුක් බෝකරමින් වසන්නට පටන් ගත්තේය. කුමරු ප්‍රධාන සන්නි යකු හෙවත් මරු සන්නිය බවටත් පිරිවර 18 දෙනා අනෙකුත් සන්නි 18 වී විශාලා මහනුවර තුන්බිය වද්දා විනාශ කර දැමූ බව විශ්වාසයේ රැදේ.
මෙම එක් එක් සන්නිවලට අදාළ නම මුද්දරයේ දකුණු පස පහළ කෙළවර කුඩාවට ඉංග්‍රීසි බසින් සඳහන්ව ඇත. මිනිසුන්ට ඇති වාත, පිත, සෙම්, හන්දිපත් වේදනා, බියවීම, මානසික ආතතිය, සිහිමද ගතිය, දෙඩවීම, කෑම අරුචිය, නින්ද නොයෑම, ශරීරය දැවෙන ගතිය, කුෂ්ඨ රෝග, දහඩිය දැමීම (අධික ලෙස), මළ බද්ධය, බිහිරිවීම, අන්දවීම, බඩපිපුම සහ උණ ගැනීම ආදී ලෙඩ රෝග 18ක් මෙම 18 සන්නියෙන් පිළිබිඹු වේ.
මෙම චිත්‍ර සිත් ඇද ගන්නා සුළු ලෙස නිර්මාණය කර ඇත්තේ මුද්දර නිර්මාණ ශිල්පි කුමුදු තාරක මහතා විසිනි. සෑම මුද්දරයකම දකුණු පස පහළ කෙළවර 18 ඉලක්කම සහිත ලාංඡනයක් (Logo) යොදා ඇත. අමුක්කු සන්නිය මුද්දරයේ පමණක් මුද්දරය නිකුත් කිරීමේ දී එය යොදා නොතිබීම මුද්‍රණ දෝෂයක් විය. පසුව නැවත මුද්‍රණ වාරයන්වලදී මුද්දර කාර්යංශය විසින් එය නිවැරදි කරන ලදි.
ශ්‍රී ලංකාවේ නර්තන කලාවේ පහතරට නර්තනය හා බැදී පවතින බලි තොවිල් යාග හෝම යන කාණ්ඩයට අයත් මෙම 18 සන්නිය නර්තනයේ යෙදෙනවා බලා සිටීමට මා මෙන්ම අනෙකුත් අය ද ආශා ඇති බව සිතමි.
සටහන :
ඕ. දිමන්දි තෙවුනුලි කංකානම්ගේ
විද්‍යාකර බාලිකා විද්‍යාලය, මහරගම.
8 ශ්‍රේණිය