Minneriya National Park. (26th June 2025)
Stampමේනියා සාමාජිකත්වය ලබාගත් පාසල් සිසුන් වෙනුවෙන් සැකසුණු මුද්දර විශේෂාංගයකි.
මුද්දර එකතු කරන පාසල් සිසුන්ගේ මුද්දර ආශ්රිත දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා බහුවරණ ප්‍රශ්න 10ක් හා කෙටි සටහන් ප්‍රශ්න 2ක් ඇතුළත් කර ඇත.
බහුවරණ ප්‍රශ්නයක් සඳහා 1ක් ලකුණක් ද, කෙටි සටහන් ප්‍රශ්නයක් සඳහා ලකුණු 5ක් ද හිමි වේ. මුළු ලකුණු 20කි.
සෑම මසකම පළමු වැනිදා Stamp Quiz පැවැත්වේ.
ප්‍රශ්න වටය සහ ප්‍රශ්න අංකය ඇතුළත් කර නිවැරදි පිළිතුරු සෑම මසකම 25 වෙනිදාට පෙර 070 2957908 අංකයට WhatsApp කරන්න.
සාමාජික අංකය සහ නම පිළිතුරු යටින් සඳහන් කරන්න.
Stamp Quiz - 01
සෑම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු සැපයිය යුතුය. (ලකුණු 20යි.)
1. මුද්දර ඇල්බම් ගබඩා කර තබන්නේ කෙසේද?
තිරස් අතට
සිරස් අතට
උඩු අතට
මේ කිසිවක් නොවේ.
2. මුද්දරයක් ලියුම් කවරයකින් නිවැරදිව ගලවා ගත හැක්කේ...
සිසිල් ජලයේ ගිල්වා තැබීමෙන්.
හුමාලයට ඇල්ලීමෙනි.
ලුණු වතුර දැමීමෙනි.
මඳ රස්නය ඇති ජලයේ ගිල්වා තැබීමෙන්.
3. සාමාන්‍යයෙන් මුද්දරයක් සැලසුම් කිරීමේ දී අනිවාර්ය අංගයක් නොවන්නේ...
වටිනාකම සඳහන් කිරීම.
රටේ නම සඳහන් කිරීම.
වර්ෂය සඳහන් කිරීම.
මේ කිසිවක් නොවේ.
4. ප්‍රවීන මුද්දර එකතු කරන්නෙකු ළඟ තිබිය යුතු මෙවලමකි.
මුද්දර අඬුවක්
ඉටි බෑගයක්
පින්සලක්
ලියුම් කවරයක්
5. මුද්දර එකතු කරන්නෙකු ළඟ තිබිය යුතු ගුණාංගයකි.
කරුණාව
ඉවසීම
මෛත්‍රිය
වේගය
6. මුද්දර සමාජයක් පිහිටුවීමේ අරමුණක් නොවන්නේ...
මුද්දර හුවමාරුවට.
මුද්දර මිල දී ගැනීමට.
කාලය ගෙවා දැමීමට.
අනෝන්‍ය සබඳතා වර්ධනයට.
7. මුද්දර ඇල්බම් තෙතමනයෙන් ආරක්ෂා කර ගත යුතුය. ඒ සඳහා වඩාත් සුදුසු ක්‍රමය වන්නේ...
දැඩි හිරු රශ්මියට නිරාවරණය කිරීම.
විදුලි බුබුලක් දල්වා තැබීම.
ආර්ද්‍රතාමානයක් ළඟ තැබීම.
සිලිකා ජෙල් තැබීම.
8. මුද්දර හඳුන්වා දීමට පෙර ලිපියක් තැපැල් කිරීම සඳහා තැපැල් ගාස්තු අය කළේ...
බර අනුව.
දුර අනුව.
බර හා දුර අනුව.
නොමිලේ ය.
9. ලියුම් කවරයක මුද්දර ඇලවිය යුතු නිවැරදි ස්ථානය වන්නේ...
වම් පස ඉහළ කෙළවරේ ය.
වම් පස පහළ කෙළවරේ ය.
දකුණු පස ඉහළ කෙළවරේ ය.
කවරයේ ඉහළ ඕනැම ස්ථානයක ය.
10. මුද්දර අලවා නැති ලියුම් කවරයක් ඔබට තැපෑලෙන් ලද විට...
තැපැල් ගාස්තුව ගෙවා ලිපිය ලබා ගැනීමට සිදුවේ.
තැපැල් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවා ලිපිය ලබා ගැනීමට සිදුවේ.
තැපැල් ගාස්තුවෙන් අඩක් ගෙවීමට සිදුවේ.
තැපැල් කාර්යාලය දැනුවත් කිරීමට සිදුවේ.
11 වන ප්‍රශ්නයට හා 12 වන ප්‍රශ්නයට කෙටි සටහන් ලියන්න. (වචන 50ක් සෑහේ.)
11. ලොව පළමු මුද්දරය
12. ලිපි කවරයකින් මුද්දර ගැලවීම.
සැකසුම :-
ප්‍රදීප් එම්. පිටිගල ආරච්චි
......................................................
පහත නම් සඳහන් සාමාජික සිසු සිසුවියන් Stamp Quiz 1 සඳහා පිළිතුරු ලබා දී ඇත.
බිහදු සන්දිල් කීර්තිසේන. - සාමාජික අංකය - 03 (මලියදේව විද්‍යාලීය මුද්දර සංගමය)
ඕ. දිමන්දි තෙවුනුලි කංකානම්ගේ - සාමාජික අංකය - 01 (විදුකර මුද්දර සංගමය)
එච්.කේ. සනුති විමංසා - සාමාජික අංකය - 04 (විදුකර මුද්දර සංගමය)
එස්.ඒ. විකාශ් මධුනිර්ම - සාමාජික අංකය - 05 (ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය)
තෙනුරි නවිත්මා කීර්තිසේන - සාමාජික අංකය - 02 (මලියදේව විද්‍යාලීය මුද්දර සංගමය)
මිතාෂි ඕපනායක - සාමාජික අංකය - 16 (තක්ෂිලා මධ්‍ය විද්‍යාලිය මුද්දර සංගමය)
තම සාමාජික අංකය, නම සහ පාසල් මුද්දර සමාජයේ නම ඇතුළත් කරමින් අදාළ පිළිතුරු 070 2957908 අංකයට WhatsApp කරන්න.