Minneriya National Park. (26th June 2025)
Stampමේනියා සාමාජිකත්වය ලබාගත් පාසල් සිසුන් වෙනුවෙන් සැකසුණු මුද්දර විශේෂාංගයකි.
මුද්දර එකතු කරන පාසල් සිසුන්ගේ මුද්දර ආශ්රිත දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා බහුවරණ ප්‍රශ්න 10ක් හා කෙටි සටහන් ප්‍රශ්න 2ක් ඇතුළත් කර ඇත.
බහුවරණ ප්‍රශ්නයක් සඳහා ලකුණු 2ක් ද, කෙටි සටහන් ප්‍රශ්නයක් සඳහා ලකුණු 5ක් ද හිමි වේ. මුළු ලකුණු 30කි.
සෑම මසකම පළමු වැනිදා Stamp Quiz පැවැත්වේ.
ප්‍රශ්න වටය සහ ප්‍රශ්න අංකය ඇතුළත් කර නිවැරදි පිළිතුරු සෑම මසකම 25 වෙනිදාට පෙර 070 2957908 අංකයට WhatsApp කරන්න.
සාමාජික අංකය සහ නම පිළිතුරු යටින් සඳහන් කරන්න.
සෑම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු සැපයිය යුතුය. (ලකුණු 30යි.)
01. ප්‍රවීණ මුද්දර එකතු කරන්නන් මුද්දර කිරීමේ දී විශාලන කාච භාවිතා කරන්නේ ඇයි?
මුද්දරය නිවැරදිව අධ්‍යනය කිරීමට.
මුද්දරය කියවීමට.
මුද්දරයේ දෝෂ හඳුනා ගැනීමට.
ඉහත සියල්ල නිවැරදි වේ.
02. Mint මුද්දරයක් හා CTO මුද්දරයක් අතර ඇති ලක්ෂණයක් නොවන්නේ...
තැපෑල හරහා ගමන් නොකිරීමයි.
මැලියම් සහිත වීමයි.
මුද්‍රිත තත්වයෙන් ම පැවතීමයි.
තැපෑල හරහා ගමන් කිරීමයි.
03. අවලංගු කළ (Used) මුද්දරයක් නොවන්නේ...
පෑනෙන් සලකුණු කර ඇති මුද්දර
දින මුද්‍රාව තබා ඇති මුද්දර
අති මුද්‍රණය කර ඇති මුද්දර
පන්චර් සිදුරු සහිත මුද්දර
04. මුද්දරයක් මිල දී ගැනීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු යැයි පවසන්නේ...
මුද්දරය නිකුත් කර ඇති වර්ෂය පිළිබඳව ය.
මුද්දරයේ තත්වය පිළිබඳව ය.
මුද්දරයේ තේමාව පිළිබඳව ය.
මුද්දරයේ ආකර්ෂණය පිළිබඳව ය.
05. මුද්දරයක සිදුරු (විදමන්) අතර පරතරය මනිනු ලබන්නේ...
සෙ.මී. 1/2 ක් අතර ය.
සෙ.මී. 1 ක් අතර ය.
සෙ.මී. 2 ක් අතර ය.
සෙ.මී. 3 ක් අතර ය.
06. නිත්‍ය කාණ්ඩයේ මුද්දර යනු
ආදායම් මුද්දර විශේෂයකි.
අති මුද්‍රණය කළ මුද්දර විශේෂයකි.
සමරු මුද්දර විශේෂයකි.
මේ කිසිවක් නොවේ.
07. ශ්‍රී ලංකාවේ පළමු කවාකාර මුද්දරයෙන්,
පළතුරු හා එළවළු නිරූපණය වේ.
අභ්‍යවකාශයේ පළමු මිනිසාගේ 50 වන සැමරුම් මුද්දරය යූරි ගාගාරින් නිරූපණය වේ.
ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නිරූපණය වේ.
ශ්‍රී ලංකා මුද්දර කාර්යංශයේ 50 වන සැමරුම නිරූපණය වේ.
08. ශ්‍රී ලංකාවේ මුද්දර නිර්මාණ ශිල්පියෙකු නොවන්නේ...
ඒ. ධර්මසිරි මහතා.
පුලස්ති එදිරිවිර මහතා.
එස්. රෝහණ වික්‍රමසිංහ මහතා.
එල්.ටී.පී මංජු ශ්‍රී මහතා.
09. ජාත්‍යන්තර මුද්දර ප්‍රදර්ශනයක තරඟකාරී නොවන තරඟ අංශය වෙන්වී තිබෙන්නේ...
සාම්ප්‍රධායික මුද්දර තේමාව සඳහා ය.
ආදායම් මුද්දර තේමාව සඳහා ය.
විශේෂ ආරාධිතය් හෝ විනිසුරුවරුන් සඳහා ය.
කුඩා ළමයින් සඳහා ය.
10. ක්‍රමවත් මුද්දර එකතුවක් පවත්වා ගෙනයාම සඳහා නිවැරදි ප්‍රකාශය වනුයේ...
ප්‍රවීණ මුද්දරවේදීන්ගෙන් උපදෙස් ලබා ගත යුතුය.
මුද්දර විෂය පිළිබඳ ලියවුණු පතපොත පරිශීලනය කළ යුතුය.
මුද්දර වැඩමුළු හා දේශන සඳහා සහභාගි විය යුතුය.
ඉහත සඳහන් සියල්ල නිවැරදි වේ.
11 වන ප්‍රශ්නයට හා 12 වන ප්රශ්නය දී ඇති පින්තූරය ඇසුරෙනි. කෙටි සටහන් ලියන්න. (වචන 50ක් සෑහේ.)
සැකසුම :-
ප්‍රදීප් එම්. පිටිගල ආරච්චි
පහත නම් සඳහන් සාමාජික සිසු සිසුවියන් Stamp Quiz 3 සඳහා පිළිතුරු ලබා දී ඇත.
ඕ. දිමන්දි තෙවුනුලි කංකානම්ගේ - සාමාජික අංකය - 01 (විදුකර මුද්දර සංගමය)
එස්.ඒ. විකාශ් මධුනිර්ම - සාමාජික අංකය - 05 (ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය)
එච්.කේ. සනුති විමංසා - සාමාජික අංකය - 04 (විදුකර මුද්දර සංගමය)
තෙනුරි නවිත්මා කීර්තිසේන - සාමාජික අංකය - 02 (මලියදේව විද්‍යාලීය මුද්දර සංගමය)
බිහදු සන්දීල් කීර්තිසේන - සාමාජික අංකය - 03 (මලියදේව විද්‍යාලීය මුද්දර සංගමය)
මිතාෂි ඕපනායක - සාමාජික අංකය - 16 (තක්ෂිලා මධ්‍ය විද්‍යාලිය මුද්දර සංගමය)
තම සාමාජික අංකය, නම සහ පාසල් මුද්දර සමාජයේ නම ඇතුළත් කරමින් අදාළ පිළිතුරු 070 2957908 අංකයට WhatsApp කරන්න.