Minneriya National Park. (26th June 2025)
නීති විරෝධී මුද්දර -1 ලිපිය හා බැදේ.
මෙම නීති විරෝධී මුද්දර ආකර්ෂණීය තේමා හෝ විශේෂිත ප්රවෘත්ති අලලා නිකුත් කිරීම තුළින් ආධුනික මුද්දර එකතු කරන්නන් ඔවුන්ගේ ඉලක්කය වී ඇති බව පෙනේ. ඇතැම්විට නීති විරෝධී මුද්දර හා සැබෑ තැපැල් මුද්දර වෙන්කර හඳුනා ගැනීමට අපහසු වන අතර බොහෝ මුද්දර එකතු කරන්නන් ඒවා සැබෑ නිකුත් කිරීම් ලෙස අනුමාන කර මිල දී ගනී. ව්‍යාජ මුද්දර නිර්මානකරුවා සහ පළමු අලෙවිකරුවා හැඳිනුවත් වෙළඳපොළ තුළ හඳුනා ගැනීමට නොහැකිවීමෙන් කොතරම් සූක්ෂම ලෙස ව්‍යාජ මුද්දර නිර්මාණය වන්නේ දැයි පැහැදිලි වේ.
වර්තමානයේ දී වංචනිකයන් විවිධ සෙවනැලි තුළ සැඟවෙමින් නීති විරෝධී මුද්දර අලෙවිය කඩිනම් කිරීමට පියවර ගෙන ඇත. ඒ සඳහා අන්තර්ජාල හා සමාජ මාධ්‍ය ජාලා බොහෝදුරට සාක්ෂි දරයි. මුද්දර එකතු කරන්නෙකු යම් දිනක සත්‍ය වටහා ගන්නා තෙක් ව්‍යාජ මුද්දර ඔහුගේ එකතුව විකෘර්ති කරනු ඇත. ඔවුන්ගේ විනෝදාංශය කලකිරීමකින් අවසන් වන්නේ සත්‍ය වටහා ගත් විගස ය. එවන් පසුබිමක් නිර්මාණය වීම වැළැක්වීමට සහ අවධානමක් ඇති බව පෙන්වා දීමට මෙම ලිපියේ ප්‍රධාන අරමුණයි.
නීති විරෝධී මුද්දර විවිධ පාර්ශවයන් වෙත කරන බලපෑම.
මූල්‍ය වටිනාකමක් නොමැති මිල දී ගැනීම් තුළින් මුදල් අහිමි කර ගැනීම.
මිල දී ගැනීම හා රැස් කිරීම තුළින් ව්‍යාජ එකතුවක් නිර්මාණය වීම.
නීති විරෝධී මුද්දර හා සැබෑ මුද්දර වෙන්කර හඳුනා ගැනීමට නොහැකිවීම.
නීත්‍යානුකූල හා විශ්වාසනීය අලෙවිකරුවන්ගේ වෙළඳපොළ සහ කීර්ති නාමය බිද වැටීම.
නීති විරෝධී මුද්දර බහුලවීමෙන් ජනතා ප්‍රසාදය හා විශ්වාසය බිඳ වැටීම.
නීති විරෝධී මුද්දර සඳහා ක්‍රියාත්මක වන ආයතන හා ව්‍යාපෘති.
විශ්ව තැපැල් සංගමය (UPU)
මුද්දර සංවර්ධනය සඳහා වූ ලෝක සංගමය (WADP)
WADP Numbering System (WNS) - (2002 ජනවාරි 1 දින සිට විශ්ව තැපැල් සංගමය හා මුද්දර සංවර්ධනය සඳහා වූ ලෝක සංගමය මඟින් අධීක්ෂණය වන ව්‍යාපෘතියකි.)
WADP Numbering System (WNS) හි ඉලක්කය වන්නේ මුද්දර ගැනුම්කරුවන්ට සහ එකතුකරන්නන්ට සියලුම නිල නිකුත් කිරීම් ඇතුළත් මුද්දර නාමාවලියක් ලබාදීම සහ තැපැල් පරිපාලනයේ අනුමැතියකින් තොරව මුද්‍රණය කරන ලද නීති විරෝධී මුද්දරවලට එරෙහිව සටන් කිරීමයි. ග්‍රැෆික් වෙනසක් සහිත සෑම මුද්දරයකටම WNS අංකයක් ලබාදීම මෙහි සිදු වේ. 2002 වසරේ සිට, ඇතැම් සංවර්ධනය වෙමින් පවතින රටවල ඔවුන්ගේ මුද්දර වැඩසටහන් සීමා කිරීම සහ UPU හරහා නීති විරෝධී මුද්දර නිල වශයෙන් හෙළා දැකීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකර ඇත.
විරෝධය දැක්වීම සහ වැළැක්වීම.
නීති වීරෝධී මුද්දර අලෙවිය හා සංසරණය වැළැක්වීමට වඩාත් සෘජු ප්‍රවේශයක් අවශ්‍ය වේ. ඒ සඳහා රජයක් ලෙස විශාල කාර්යභාරයක් ඔවුන්ට තිබේ. තැපැල් පරිපාලනය ඊට සෘජුවම මැදිහත්වෙමින් තම රටේ මුද්දර නාමාවලිය යාවත්කාලීන කළ යුතු වන්නේ එහෙයිනි. ඒ සඳහා විශ්ව තැපැල් සංගමය ඇතුළු අනෙකුත් ආයතන වෙතින් සහයෝගය ලබා ගත යුතු වේ. තැපැල් පරිපාලනයට මෙන්ම මුද්දරලෝලීන්ට ද යම් මැදිහත්වීමක් කළ හැකි බව පහත කරුණු නිරීක්ෂණයෙන් පැහැදිලි වේ.
සාපරාදී වෙළෙන්ඳන් වෙළඳපොළට පිවීසීම අක්‍රීය කිරීම සහ නෙරපා හැරීම.
නොදැනුවත්කමින් නීති විරෝධී මුද්දර අලෙවි කරන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කිරීම.
නීති විරෝධී මුද්දර රූපමය වශයෙන් ප්‍රදර්ශනය හා දැනුවත් කිරීම.
ආරෝපිත තේමා හෝ රටේ නාමය, ජාලගත කිරීමෙන් ව්‍යාජ මුද්දර සංසරණය අඩපණ කිරීම.
නවීන තාක්ෂණය භාවිතයෙන් නීති විරෝධී මුද්දර පිළිබඳ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරීම.
නීති විරෝධී මුද්දර ලේඛන ගත කිරීම හා අදාළ චක්‍රලේක ප්‍රදර්ශනය කිරීම.
(ඇතැම් රටවල් සඳහා UPU චක්‍රලේක නිකුත් කර ඇති අතර, චක්‍රලේක නිකුත් නොකළ හා නිකුත් කිරීමට නියමිත බොහෝ රටවල් ඇත.)
මෙහි ප්‍රධාන අරමුණ නීති විරෝධී මුද්දර වෙළඳපොළ සංසරණය වන බව දැනුවත් කිරීම පමණක්ම නොවේ. අන්තර්ජාල හා සමාජ මාධ්‍ය ජාල මඟින් දැන හෝ නොදැන කරන ව්‍යාජ මුද්දර අලෙවිය පිළිබඳ විරෝධය පෑමක් ද වේ. එමෙන්ම, නීති විරෝධි මුද්දර යම් රටක ප්‍රතිරූපයට මෙන්ම සමස්ථයක් වශයෙන් මුද්දර විනෝදාංශයට හානි ගෙන දෙනු ඇත.
ප්‍රධාන මුද්දර නාමාවලි වන Scott හා Stanley Gibbons හි නීතිවිරෝධී මුද්දර ලැයිස්තු ගත කර නැත. නමුත් සමහර නීති විරෝධී මුද්දර වැරදීමකින් ඇතුළත් වී තිබිය හැකිය. එයට හේතුව හඳුනා ගැනීමේ අපහසුව නිසා හෝ ගැටළු හඳුනා ගැනීමට UPU විසින් භාවිතා කරන ප්‍රවේශය සඳහා වන නිර්ණායක නිසා ය. එබැවින් Scott හෝ Stanley Gibbons වැනි ගෞරවනීය නාමාවලියක් ඔබගේ මුද්දර එකතුව සඳහා භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.
තවද, ඔබට නීති විරෝධී මුද්දර එකක් හෝ වෙළෙන්දෙකුගෙන් මිල දී ගැනීමට සිදු වූයේ නම් හෝ තවදුරටත් එම ව්‍යාජ මුද්දර වෙළෙන්දා ඒවා ලබා දෙන්නේ නම්, ඔබ එම වෙළෙන්දාගෙන් ප්‍රවේසම් විය යුතුය. අන් මුද්දරලෝලීන් ද දැනුවත් කළ යුතුය. මුද්දර ලෝලීන් වන අපට සරලවම කළ හැකි වන්නේ එයයි.
සටහන :
ප්‍රදීප් එම්. පිටිගල ආරච්චි.
ඡායාරූප අන්තර් ජාලයෙනි.