CHRISTMAS 2025, 09th December 2025
PEN PALS CORNER යනු Stampමේනියා වෙබ් පිටුවේ සාමාජික සාමාජිකාවන්ගෙන් සැදුම්ලත් පෑනේ මිතුරන්ගේ මුද්දර හුවමාරු පිටුවයි.
PEN PALS CORNER වෙබ් පිටුවේ සාමාජිකවීම සඳහා පළමුවෙන්ම අයඳුම්කරුගේ සම්පූර්ණ නම සහ ලිපිනය, අනෙකුත් සාමාජිකයන් හා හුවමාරු කර ගැනීමට කැමති බවට ලිඛිත ප්‍රකාශයක් මා වෙත ඉදිරිපත් කළ යුතු වේ.
ඉන් අනතුරුව මුද්දර හුවමාරුව සඳහා ඔබ සතුව ඇති මුද්දර අයිතමයන්ගේ ලේඛනයක් ඉදිරිපත් කළ යුතු වේ. එමෙන්ම ඔබගේ විනෝදාංශයේ ප්‍රියතම තේමාවන්ගේ ලේඛනයක් ද ඉදිරිපත් කළ යුතු අතර, ඉන් පෑනේ මිතුරන් ඔබට අවශ්‍ය කුමන වර්ගයේ මුද්දර දැයි හඳුනා ගනී.
ඔබගේ මුද්දර තේමා සඳහා අලුතින් තේමා එකතු වූයේ නම් පහත සඳහන් පාලකවරු ලවා නව තොරතුරු යාවත්කාලීන කරගැනීමෙන් වඩාත් හොඳ හුවමාරුවක් සඳහා සූදානම් විය හැකි වේ.
PEN PALS CORNER Main Administrative Committee
තෙනුරි නවින්මා කීර්තිසේන දියණිය (Admin) - 0764166943
පි. එච්. සයුල් කෙත්මින් පුතණුවන් (Admin) - 0718271471, 0757303461
ප්‍රදීප් එම්. පිටිගල ආරච්චි (Main Admin) - 0702957908
දීප්ති හතුරුසිංහ (Admin) - 0777712724
කොන්දේසි හා නියාමයන් :
මුද්දර හුවමාරුව සිදුකරන පාර්ශව Whatsapp මගින් හුවමාරු කරගන්නා අයිතම පිළිබදව අදහස් හුවමාරු කරගත යුතු අතර, දෙපාර්ශවය එකග වූ පසු එකවර හුවමාරුව සඳහා සූදානම් විය යුතු වේ.
සියලුම හුවමාරු කිරීම් ලියාපදිංචි තැපෑලෙන් පමණක් කළ යුතු වේ. ලිපි යැවීමේ දී පොලීතීන් බෑගයක මුද්දර දමා ඝන කාඩ්බෝඩ් කැබැල්ලකින් මුද්දර නැවීම් පොඩිවීම් වීම වළක්වා ආරක්ෂාව සැපයිය යුතුය.
සැමවිටම වඩාත් හොද තත්වයේ මුද්දර හුවමාරු කළ යුතුය. (ඉරුණු, දැති කැඩුණු, මුද්දරයේ පිටිපසට හානි වූ, විකෘති වූ මුද්දර හුවමාරු කිරීමෙන් වළකින්න.)
මුද්දර හුවමාරුව යම්හෙයකින් අතපසු වන්නේ නම් ඊට සාධාරණ හේතු දැක්විය යුතු අතර, හුවමාරුව කිරීමට යොදා ගත් දින සිට දින 7ක් තුළ අදාළ හුවමාරුව සිදු කළ යුතුය.
මුද්දර හුවමාරු කරන පාර්ශව එම හුවමාරුවට අදාළ පැහැදිලි පින්තූර ඔවුනොවුන් බෙදා ගත යුතු හෙයින්, එසේ නොකිරීමෙන් සිදුවන අපහසුතා සහ වගකීම් පැහැර හැරීම් පිළිබඳව මෙම වෙබ් පිටුව වගවීමක් නොවෙනු ඇත.
එසේම සාමාජිකයන් රැවටීමට උත්සාහ ගැනීමක් හෝ කල්මැරීමක් සිදු වූ බවට අනාවරණය වුවහොත් PEN PALS CORNER සාමාජිකත්වය අහෝසි කරනු ලබන අතර Stampමේනියා ප්‍රධාන වෙබ් පිටුවෙන් ද නෙරපා හරිමි.
ඔබට PEN PALS CORNER සාමාජිකයන්ගෙන් යම් අසාධාරණයක් හෝ අකටයුත්තක් සිදුවුයේ නම් හෝ සිදුවන්නේ නම් ඒ බව හැකි ඉක්මණින් මා වෙත දැනුම් දීමට කටයුතු කළ යුතු වේ.
සියලු හුවමාරුවීම් පිළීබඳව මා දැනුවත් විය යුතු අතර එම තොරතුරු මා හැකි ඉක්මණින් මෙම වෙබ් පිටුවේ යාවත්කාලීන කරනු ඇත.
එහිදී සිදුවන හුවමාරුවීම්වල ගුණාත්මකභාවය හා සාර්ථක/අසාර්ථකභාවය මා අනෙකුත් සාමාජිකයන් හට ද නිරීක්ෂණය කළ හැකි පරිද්දෙන් සටහන් කරන අතර, යම් සාමාජිකයෙකුගේ හුවමාරුව ගුණාත්මකභාවයකින් තොර හා අසාර්ථක යැයි දැක්වේ නම් එම සාමාජිකයා සමග හුවමාරු කිරීම අවදානම් සහිත බව පෙන්වා දෙමි. එම නිසා සියලු හුවමාරුවිම් පිළිබඳව මා දැනුවත් කරන්න.
ඉහත සදහන් කොන්දේසිවලට අනුගත වන්නේ නම් පමණක් PEN PALS CORNER හි මුද්දර හුවමාරුවට අවසර ලබා දෙමි.
තවද, මෙවැනි කොන්දේසි හා රීතීන්ගෙන් සමන්විත ව්‍යවස්ථාවක් සකසා ඇත්තේ සියලුම PEN PALS CORNER සාමාජිකයන්ගේ පුද්ගලික ආරක්ෂාව හා හුවමාරු කිරීම්වල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීම සඳහා බව වැඩිදුරටත් දන්වා සිටිමි.
ස්තූතියි !
ප්‍රදීප් එම්. පිටිගල ආරච්චි
ප්‍රධාන පරිපාලක
2025.04.21