NATIONAL INSTITUTE OF HEALTH SCIENCES, KALUTARA (Lkr 70) - 01.07.2026
පැවරුම :-
ශ්‍රී ලංකාවේ විහාරස්ථාන (කලා) සිතුවම් අධ්‍යනය කර ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් මගින් ක්‍රමවත් ලිපියක් ලිවීම මෙවර මුද්දර විශේෂාංගය තුළින් ඔබට ලබා දී ඇත. ඔබට මුද්දර, FDC, Ms සහ Maximum Card ආදියෙහි මුද්දර අයිතම භාවිතා කළ හැකිය.
අරමුණ :-
ගෘහ නිර්මාණ ශිල්පය, දෘශ්‍ය කලා සහ සිතුවම් හෝ පුරාවිද්‍යා උපාධිය සමග උසස් අධ්‍යාපනය හදාරන්නේ නම් මෙම අභ්‍යාස බොහෝ දුරට ඉතිහාසය, භූගෝල විද්‍යාව, බුද්ධ ධර්මය සහ කලාව යන විෂයන් යටතේ පාසල් අධ්‍යයන කටයුතු සදහා සහය වන අතර ඔබේ IQ දැනුම වැඩි දියුණු කිරීමට ඉවහල් වේ.
මුද්දර ආශ්රයෙන් නිර්මාණාත්මක කුසලතාවය වර්ධනය කර ගැනීම.
ක්‍රමවත් ලිපියක් ගොඩනගා ගැනීමට කරුණු සාරාංශ කර ගැනීම.
නිර්ණායක :-
ශ්‍රී ලංකාවේ විහාරස්ථාන කලා සිතුවම් ඇතුළත් මුද්දර හා එම අයිතමයන් පමණක් භාවිතා කළ යුතුය.
ලිපිය තේමාවට අදාළව සමබර විය යුතුය.
පිටුවල සරල සහ කෙටි අන්තර්ගතයන් සහිත නිදර්ශන ඉදිරිපත් කළ යුතුය.
පැහැදිලි අත් අකුරු පමණක් භාවිතා කළ යුතුය.
ආකර්ෂණීය නිර්මාණයක් විය යුතුය.
සැලකිය යුතුයි :-
මුද්දර අයිතමයන් ඉදිරිපත් කිරීම් සදහා යොදා ගැනීමේ දී එම අයිතමයන්ට හානියක් නොවන පරිදි ඉදිරිපත් කිරීම තුළ රැදවීමට වගබලා ගත යුතුය. ඉන් මුද්දර රදවන භාවිතා කිරීමට හුරුපුරුදු වේ. කිසිවිටක මුද්දර අයිතම මත සෘජුව ගම් ආලේප කර ඇලවීම නොකරන්න.
අවසාන දිනය
2026.05.16
Questions from Deepthi - 10 විශේෂාංගය සඳහා පිළිතුරු ලබා දී ඇති දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
1. සනුති විමංසා දියණිය
2. ඔනිති දිමන්දි දියණිය
3. අනුක් දුල්මික සිරිවර්ධන පුතණුවන්
4. කිසල් ජයසිංහ පුතණුවන්
5. නෙතුකි දිහන්සා දියණිය
6. නෙතික දිනදිත් පුතණුවන්