Minneriya National Park. (26th June 2025)
පිලිපීන තැපෑල (PHLPost) ලොව දිගම තැපැල් මුද්දරය එළිදැක්වීම සඳහා Postmaster General Luis D. Carlos සහ Manila නගරාධිපති Honey Lacuna ඇතුළු අනෙකුත් රාජ්ය නිලධාරීන් සමඟ නොවැම්බර් 29 දින මැනිලා නගරයේ Kartilya ng Katipunan හිදී නත්තල් ගස් ආලෝකමත් කිරීමේ උත්සවයේ දී උත්සවාකාරයෙන් සිදුකරන ලදි.
2024 පිලිපීන නත්තල් මුද්දරය, Simbang Gabi sa Ilog Pasig (නත්තල් උදාව පාසිග් ගඟ දිගේ) යන තේමා යටතේ නිකුත් කළ අතර එය දිගින් 234mm ද පළලින් 40mm ද වේ. මුද්දරයක මුහුණත වටිනාකම පිලිපීන පෙසෝ 150කි. සිහිවටන පත්රිකාවක් මුද්දර 3කින් සමන්විත වේ. Pasig ගංගාව නිල් පැහැයෙන් නිරූපනය වන අතර ගඟ දිගේ ඇති පල්ලි එම්බොස් කිරීම තුළින් නිර්මාණය සංකීර්ණ වී ඇත.
Renacimiento Manila සමඟ සහයෝගයෙන් Gelo Andres විසින් නිර්මාණය කරන ලද මෙම මුද්දරය Simbang Gabi හි පිලිපීන කතෝලික සම්ප්රදාය සමරයි. එම නිර්මාණයේ ඓතිහාසික Pasig ගඟ දිගට ප්රසිද්ධ දේවස්ථාන වන බිනොන්ඩෝ පල්ලිය, ක්වාපෝ පල්ලිය, මැනිලා ආසන දෙව්මැදුර, ශාන්ත ඇනා පල්ලිය, ශාන්ත ෆෙලිපේ නෙරි පල්ලිය, ශාන්ත පේද්රෝ මැකාටි පල්ලිය, ග්වාඩාලුපේ පල්ලිය, පැසිග් පල්ලිය සහ ඇන්ටිපොලෝ පල්ලිය නිරූපනය වන පරිදි නිර්මාණය කර ඇත.
සටහන :
ප්රදීප් එම්. පිටිගල ආරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙන්.