තෙනුරි නවින්මා කීර්තිසේන
මලියදේව බාලිකා මුද්දර සංගමය.
මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල.
Minneriya National Park. (26th June 2025)
මලියදේව බාලිකා මුද්දර සංගමය.
මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල.
මුද්දරයක් ගැන...
2018 වර්ෂයේ නිකුත් වූ නිත්‍ය කාණ්ඩයේ මුද්දරයකි. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස නම් කළ වලිකුකුළායේ රුව රැගත් මෙම මුද්දරය රුපියල් සියයක වටිනාකමකින් යුක්තය. මෙම මුද්දර සිතුවම හා නිර්මාණය ඉසුරු චතුරංග පොත්පිටියගේ ශිල්පියාගේ ය.
වලිකුකුළා ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස නම් කෙරුණේ 1986 වසයර්දී ය. Gallus Lafayettii යන සත්ත්ව විද්‍යාත්මක නමින් හඳුන්වන වලිකුකුළා Ceylon Jungle Fowl යන ඉංග්‍රීසි නාමයෙන් ද, කැලෑ කුකුළා යන නමින් ද ප්‍රචලිතය. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නා ගස තෝරා පත් කර ගත් කමිටුව විසින්ම පහත සඳහන් කරුණු සලකා බලා වලිකුකුළා ජාතික පක්ෂියා ලෙස තෝරා පත් කර ගෙන ඇත.
ඉතා අලංකාර වර්ණ කිහිපයකින් යුතු දැකුම්කළු පිහාටු ඇති පක්ෂියෙකු වීම.
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ඒක දේශික පක්ෂියෙකු විම.
එඩිතර, සටන්කාමී හා කඩිසර පක්ෂියෙකු වීම.
හිරු නැගෙන බව කියාපාන දූතයෙකු වීම.
වලිකුකුළා කුඩා ශරීරයකින් යුත් දිගැටි, ඉතා අලංකාර පිරිමි සතෙකි. හිස මුදුනේ පිහිටි රතු පැහැති කරමලය මැද කහ පැහැති ලපයකි. හොට කහ පැහැතිය. හොටයෙහි පහළට එල්ලෙන රතු පැහැති තැල්ලක් වැනි කොටසක් වේ. රත් පැහැයට හුරු දිලිසෙන දුඹුරු වර්ණ පිහාටු සහිතය. පෙඳය පහළට වක්‍රව පිහිටයි. දීප්තිමත් කළු පැහැයට හුරු නිල් පැහැයක් ගනියි. වලිගය දීප්තිමත් කළු පැහැයට සමීප නිල් පැහැයක් ගනී.
1966.02.05 දින නිකුත් වූ වලිකුකුළාගේ රුව සහිත මුද්දරයකි.
1966.02.05 දින නිකත් වූ ලංකාවේ පළමු සිහිවටන පත්‍රිකාව.
වලිකුකුළාගේ සුන්දරත්වය එදා ජනයා මෙලෙසින් සඳහන් කර ඇත.
රන් රඹුටන් ගස් දෙකයි
වලි කුකුළන් පස් දෙනයි
උන්ගේ කරේ බොත්තමයි
බලන්න හරි ලස්සනයි
වලි කුකුළා රාත්‍රිය ගත කරනුයේ උස් ගස් මුදුන්වලය. උදෑසනින්ම නැඟිට ආහාර සෙවීම සිදු කරයි. වලි කුකුළා සටන්කාමි පක්ෂියෙකි. පොළොව මතුපිට කොළ රොඩු වැටුණු ගසක් මුල හෝ පඳුරු යට සාදාගන්නා කූඩුවක වරකට බිත්තර දෙකක් හෝ හතරක් පමණ දමයි. දුර්වර්ණ බිත්තරය සුදු පැහැති තිත් වලින් යුක්තය. ඉතා විමසිලිමත්ව වනයේ සැරිසරන වලිකුකුළාට ඉතා හොඳ පෙනීමක් ඇත.
1996.09.02 දින 20 වන ලෝක කුකුළු සම්මේලනය වෙනුවෙන් ඉන්දියාව විසින් නිකුත් කරන ලද ඉන්දීය රුපියල් 5ක මුහුණක වටිනාකම සහිත මුද්දරයකි.
1972.10.30 දින Clive Feigenbaum විසින් නිර්මාණය කළ මුද්දරයක් හා සමාන ලේබලයකි. එනම් සින්ඩරෙල්ලා මුද්දරයකි.
1972 – 1986 කාලවකවානුව තුළ Feigenbaum Dhufar නමින් ව්‍යාජ ලේබල් සිය ගණනක් වෙළඳපොලට මුදා හැර ඇති නමුත් ඔවුනට නිල තැපැල් වලංගුතාවයක් නොතිබිණි.
මෑත අතීතයේ දිවයින පුරා වාසය කළ වලිකුකුළන් අද දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. තම වාසස්ථාන ලෙස පැවති වනාන්තර සීඝ්රයෙන් වඳ වී යද්දි ජාතික වනෝද්‍යාන සහ රක්ෂිත වනයන්ට පමණක් කොටු වී ජීවත් වීමට ඔවුන්ට සිදුවී ඇත. වලිකුකුළා මේවන විට වඳවී යාමේ තර්ජනයකට මුහුණ පා සිටියි. පහත රට ප්‍රදේශයන්හි වනාන්තර අඩුවීම වලිකුකුළු පරපුරේ විනාශයට හේතු විය. ඉතිරිව ඇති වනපෙත් ස්වල්පය ආරත්ෂා කිරීම, අප රටට ආවේනික මෙවන් පක්ෂීන්ගේ පැවැත්මට මහෝපකාරී වේ.
අප රටේ ජාතික පක්ෂියා ලෙසට නම් කර තිබෙන වලිකුකුළා රැක ගැනීම කෙරෙහි අප කාගෙත් අවධානය යොමු විය යුතුය.
එම්. පී. තෙනුරි නවින්මා කීර්තිසේන
10 ශ්‍රේණිය E
මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල
සී. ඩබ්ලිව්. ඩබ්ලිලිව්. කන්නන්ගර මහතා
1884 වර්ෂයේ ඔක්තෝම්බර් මස 13 දින දොන් දානියෙල් විජේකෝන් සහ එමලි විජේසිංහ දෙපලට දාව උපන් දරුවා ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර නම් විය. අම්බලන්ගොඩ ප්‍රදේශයේ උපත ලද මෙතුමා අම්බලන්ගොඩ වැස්ලියන් ඉංග්‍රීසි පාසලින් මූලික අධ්‍යාපනය ලබා පසුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් විය.
සී. ඩබ්. ඩබ්. කන්නන්ගර සිසුවාට රිච්මන්ඩ් විද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් ද, නොමිලයේ ආහාර පහසුකම් ද, නොමිලයේ අධ්‍යාපන වරම් ලැබීමේ හැකියාව ද ලැබිණි. තමා ලත් වරප්‍රසාද මුළු ජාතියකටම උරුම කරදීමට අදිටන් කරගත් ඔහු අප රටේ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයා විය. තමා ලත් එම වරප්රසාදවල ප්‍රතිඵලය නැවත එම සමාජයටම පුදදීම ඔහුගේ දැක්ම විය.
ගණිතය විෂයට සිතා ගැනීමටත් නොහැකි තරම් දක්ෂතාවයක් දැක්වූ මෙම සිසුවා ක්‍රීඩා පිටියේදී ද දැක්වූයේ කිසිවෙකුට නොදෙවෙනි දක්ෂතාවයකි. එසේම මහා බ්‍රිතාන්‍යයට අයත් අධිරාජ්‍ය තුළම ගණිත විෂයේ ප්‍රථමයා ලෙස තැබූ ජගත් වාර්තාව ලංකාවටම මහත් ආඩම්බරයක් විය. අධ්‍යාපනය සමඟ ක්‍රීඩා අංශයෙන් ද උනන්දුවෙන් උත්සාහයෙන් ඉදිරියට යාම පාසල් යන අපට ද දිවියට ගත හැකි වටිනා ආදර්ශයකි.
මෙතුමා ගුරු වෘත්තියේ යොදන අතරම සමාජ සේවයට මහත් රුචියක් දැක්විය. සමාජ අසාධාරණයට ලක්වූ සිංහල තරුණයන්ගේ නඩුවලට කන්නන්ගර මහතා නොමිලයේම පෙනී සිටිමින් ඔවුන් බේරා ගැනීමට යුහුසුළු විය. තමා තුළ ඇති දක්ෂතා තුළින් සෑම විටම සමාජයට සේවයක් කිරීමට යුහුසුළු වීම වැනි ගුණාංග වලින් යුතු එතුමාගේ චරිතය අධ්‍යයනයෙන් අප ජීවිතයට ද ඉතා වැදගත්ය.
ඡයාරූපය :
ඉන්දික ලක්මාල් පතිරාජ
තම නිලතල බලතල පාවිච්චි කර පවුලේ අයකුටවත් සුවිශේෂී වරප්‍රසාද ලබා නුදුන් කන්නන්ගර මහතා සිය ජීවිතය තුළ ද ප්‍රතිපත්ති ගරුක මිනිසෙකු විය. ඔහු දුම්පානයෙන් වැළකුණේය. ජීවිතය පුරාම අමද්‍යප විය. උපතින් කිතු බැතිමතෙකු වුවත් කුඩා කාලයේ සිට රන්දොඹේ සංඝරාජ මහා විහාරය ඇසුරෙන් ලද දහම් දැනුම වර්ධනය කරගෙන තරුණ අවධියේදීම බුදු දහම වැළඳගත් නිසා ප්‍රතිපත්ති ගරුක බොදුණුවෙක් වශයෙන් ජීවිතය ගෙවීය.
නොසැලි සිටිමින් සෘජු ගුණ ඇති නායකයකු ලෙස මෙතුමාගේ උතුම්ම පරමාර්ථය හා මෙහෙවර වූයේ පාසල් සිසුන්ටත්, සරසවි සිසුන්ටත් නොමිලයේ අධ්‍යාපනය ලබාදෙන නිදහස් අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වාදීමේ මෙහෙවර ඉටු කිරීමයි.
සුවහසක් ලාංකීය දූ පුතුන්ගේ නිදහස් අධ්‍යාපනයේ නියමුවන් වු සී.ඩබ්.ඩබ් කන්නන්ගර මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය මගින් 1982.05.22 දින සත පනහක් වටිනා සමරු මුද්දරයක් නිකුත් කෙරිණි.
සටහන :
තෙනුරි නවින්මා කීර්තිසේන.
මලියදේව බාලිකා විද්‍යාලය. කුරුණෑගල.
9 ශ්‍රේණිය