Minneriya National Park. (26th June 2025)
ප්‍රමාදයකින් තොරව ලිපි යැවීමට නම්...
අප ලිපියක් තැපැල් කරනු ලබන්නේ යම්කිසි අවශ්‍යතාවයක් වෙනුවෙනි. එම අවශ්‍යතාවය නිසි අයුරින් ඉටුකර ගැනීමට නම් ලිපි ප්‍රමාදයකින් තොරව අදාල පාර්ශවය වෙත ලැබිය යුතුය. ලිපි ප්‍රමාදයකින් තොරව අදාල පාර්ශවය වෙත ලැබීමට අප පහත කරුණු සම්පූර්ණ කර තිබිය යුතු වේ. එම නිසා එම කරුණු මොනවාදැයි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.
යවන්නාගේ අවධානයට :
1. ලිපිය ලැබිය යුතු පාර්ශවයේ ලිපිනය නිවැරදිව සහ පැහැදිලිව ලිවිය යුතුය.
(ලිපි බෙදීමේ කාර්යාලය අවසානයට ලිවිය යුතු අතර බෙදීම් කාර්යාල කිහිපයක් ලිපිනයට එක් කිරීම ලිපිය අනවශ්‍ය ප්‍රමාදයකට ලක්වීමට හේතු වේ.)
2. සම්මත ක්‍රමයට ලිපියේ මුහුණත සකස් කර තිබිය යුතුය.
(තැපැල් ලිපිනය, ආපසු පැමිණීමේ ලිපිනය, මුද්දර ඇලවිය යුතු ස්ථානය යනාදී දෑ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.)
3. සාමාන්‍ය ලිපියක පවා ආපසු පැමිණිය යුතු ලිපිනය ලියා තැබීම වඩා සුදුසු වේ.
(යම්හෙයකින් අදාල පාර්ශවය වෙත ලිපිය භාරදීමට නොහැකි වුවහොත් නැවත එම ලිපිය නොමිලයේ ම යවන්නා වෙත හරවා යැවීම සිදුකරයි.)
4. අදාල තැපැල් ගාස්තුවට සරිලන මුද්දර නිවැරදිව අලවා තිබිය යුතුය.
(තැපැල් ගාස්තුවට සරිලන මුද්දර අලවා නොමැති නම් හිඟ මුදල මෙන් දෙගුණයක් ලිපිය ලබන්නාගෙන් අය කෙරෙනු ඇත.)
5. ලිපි තැපැල් කිරීමේ දී ලියුම් පෙට්ටියේ ලියුම් ගන්නා වේලාව පිළිබඳව සැලකිලිමත් විය යුතුය. (ඉන් එදින තැපෑලට ම ලිපිය යොමු කිරීමේ අවස්ථාව ලබාගත හැකිය.)
6. තැපැල් කාර්යාලයේ ඇති ලියුම් පෙට්ටිවල වර්ණය පිළිබඳව සැලකිලිමත් වීම වඩා යෝග්‍ය වේ.
නිල් වර්ණය - විදේශිය ලිපි සඳහා
රතු වර්ණය - පිට පළාත් ලිපි සඳහා
කොළ වර්ණය - අදාල තැපැල් කාර්යාලය මඟින් කරන ලිපි බෙදීම් සඳහා
7. ලිපි කවරය හා මුද්දර මැලියම් මඟින් නොගැලවෙන සේ ඇලවිය යුතුය.
(ලිපි කවරය ගැලවී ගියහොත් ලිපිය අනාරක්ෂිත විය හැකිය. එමෙන්ම මුද්දර ගැලවී ගියහොත් අංක 4 ට අදාලව කටයුතු කෙරෙනු ඇත.)
8. ලිපි කවර සහ මුද්දර ගැලවීමේ දී භාවිතා කරන මැලියම් අනවශ්‍ය ලෙස කවරය පුරා තැවරීම නොකල යුතුය. (එමඟින් ලිපිය අනෙක් ලිපි සමඟ ඇලීමෙන් හානියට ලක්වීම, ලිපිනය අපැහැදිලි වීම වැනි දෑ සිදුවිය හැකිය.)
9. තැපෑල මඟින් යැවිය නොහැකි තහනම් භාණ්ඩ ලිපි තුළට බහා තැපැල් නොකළ යුතුය.
10. ඇමුණුම් කටු, ඇල්පෙනෙති කටු ආදිය මඟින් ලිපි අමුණා තැපැල් කිරීමෙන් අනෙකුත් ලිපිවලට සහ තැපැල් සේවකයන්ට හානි සිදුවිය හැකිය.
ලබන්නාගේ අවධානයට :
ඔබගේ නිවසේ අංකය ගේට්ටුවෙහි හෝ දොරෙහි සඳහන් කිරීමෙන් තැපැල්කරුට ඔබේ ලිපි නිවැරදිව හා ප්‍රමාදයකින් තොරව බෙදීමට හැකියාව ලැබෙනු ඇත.
(නිවසේ කිසිවෙකු නොමැති නම් හෝ අගුළුලන්නේ නම් ලියුම් පෙට්ටියක් නිවසේ අංකය සඳහන් කර සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම වඩා යෝග්‍ය වේ.)
2. නිවසේ ඇති කරන සුනඛයින් නිසා ලිපි බෙදීමට පැමිණෙන තැපැල්කරුවන්ට අනතුරක් සුදු නොවීමට වග බලා ගත යුතුය.
3. ලිපිය ලබන්නා තැපැල්කරුට සුහදශීලීව ආමණ්ත්‍රණය කිරීමෙන් ඔහුගේ රාජකාරිය සඳහා නව දිරිගැන්වීමක් ලබාදිය හැකි වේ.
මෙම කරුණු කාරණා සම්පූර්ණවීමෙන් ප්‍රමාදයකින් තොරව ලිපි යැවීමටත් ලිපි ලබා ගැනීමටත් ඔබට හැකියාව උදාවෙනු ඇත. ඒ වගේම කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට ද හැකිවෙනු ඇත.
සටහන :
ප්‍රදීප් එම්. පිටිගල ආරච්චි.
ඡායාරූප අන්තර් ජාලයෙන්.