Minneriya National Park. (26th June 2025)
Stampමේනියා සාමාජිකත්වය ලබාගත් 7 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුන් වෙනුවෙන් සැකසුණු මුද්දර විශේෂාංගයකි.
මුද්දර එකතු කරන පාසල් සිසුන්ගේ මුද්දර ආශ්රිත දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා බහුවරණ ප්‍රශ්න 10ක් හා කෙටි සටහන් ප්‍රශ්න 2ක් ඇතුළත් කර ඇත.
බහුවරණ ප්‍රශ්නයක් සඳහා 1ක් ලකුණක් ද, කෙටි සටහන් ප්‍රශ්නයක් සඳහා ලකුණු 5ක් ද හිමි වේ. මුළු ලකුණු 20කි.
සෑම මසකම පළමු වැනිදා Stamp Quiz පැවැත්වේ.
ප්‍රශ්න වට 4කින් යුක්තය. ඒ සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය. ජයග්‍රාහකයා තෝරා ගනු ලබන්නේ ඉන් අනතුරුවය.
ප්‍රශ්න වටය සහ ප්‍රශ්න අංකය ඇතුළත් කර නිවැරදි පිළිතුරු සෑම මසකම 25 වෙනිදාට (ජනවාරි 25) පෙර 070 2957908 අංකයට WhatsApp කරන්න.
සාමාජික අංකය සහ නම පිළිතුරු යටින් සඳහන් කරන්න.
සෑම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු සැපයිය යුතුය. (ලකුණු 20යි.)
01. ක්‍රමවත් මුද්දර එකතුවක් පවත්වා ගෙනයාම සඳහා අවශ්‍ය වන්නේ...
මුද්දර නාමාවලියක් භාවිතා කිරීමයි.
මුද්දර පොතපත, සගරා ඇසුරු කිරීමයි.
ප්‍රවීණ මුද්දර එකතු කරන්නන් ඇසුරු කිරීමයි.
ඉහත කරුණු සියල්ලම භාවිතා කිරීමයි.
02. පෑන් සලකුණු ඇති මුද්දරයක් (Pen mark) ලැබුණු විට ඔබ පළමුව කළ යුත්තේ...
පෑන් සලකුණු මකා දැමීමයි.
යහළුවන් හා හුවමාරු කිරීමයි.
වටිනාකමක් ඇද්දැයි සොයා බැලීමයි.
ඉවත දැමීමයි.
03. මුද්‍රිත තත්වයේ මුද්දරයක් යනු...
අවලංගු නොකළ මුද්දරයකි. (Mint)
අවලංගු කල මුද්දරයකි. (Used)
මුද්‍රණය සඳහා සූදානම් මුද්දරයකි.
මුද්‍රණය නොවූ මුද්දරයකි.
04. මුද්දරයක දිය සලකුණු යෙදීමේ අරමුණ වන්නේ...
මුද්දරයකින් මුද්දරයක් වෙන් කිරීමට යි.
ව්‍යාජ මුද්දරවලින් ආරක්ෂා කර ගැනීමට යි.
මුද්දරයක වටිනාකම වැඩි කර ගැනිමට යි.
මේ කිසිවක් නොවේ.
05. ව්‍යාජ මුද්දර සඳහා නිවැරදි අර්ථකතනය විය යුත්තේ...
ආදායම් මුද්දර යන්නයි.
C.T.O මුද්දර යන්නයි.
සින්ඩරෙල්ලා මුද්දර යන්නයි.
තැපැල් බලධාරීන් විසින් නිකුත් නොකළ මුද්දර යන්නයි.
06. C.T.O මුද්දර සඳහා නිවැරදි ප්‍රකාශය කුමක්ද?
ව්‍යාජ මුද්දර විශේෂයකි.
නීති විරෝධී මුද්දර විශේෂයකි.
තේමා මුද්දර එකතු කරන්නන් සඳහා වූ මුද්දර විශේෂයකි.
විදේශීය ලිපි යැවිම සඳහා භාවිතා කරන මුද්දර විශේෂයකි.
07. ලොව පළමු මුද්දරය නිකුත් වීමෙන් පසු ලංකාවේ පළමු මුද්දරය නිකුත් කිරීමට පියවර ගැනුණි. ඒ වසර කීයකට පසුව ද?
වසර 10 ට පසු.
වසර 7 ට පසු.
වසර 17 ට පසු.
වසරකට පසු.
08. විශ්ව තැපැල් සංගමය හඳුන්වන කෙටි යෙදුම වන්නේ...
UPU ලෙස ය.
CPU ලෙස ය.
VPU ලෙස ය.
WPU ලෙස ය.
09. විශ්ව තැපැල් සංගමය පිහිටුවා ඇත්තේ කිනම් රටකද?
ස්විට්සර්ලන්තය
එංගලන්තය
ප්‍රංශය
අයර්ලන්තය
10. පළමු නත්තල් මුද්දරය නිකුත් කළ රට ලෙස සැලකෙන්නේ...
බ්රිසීලය යි.
ඇමෙරිකා එක්සත් ජනපදය යි.
වියට්නාමය යි.
කැනඩාව යි.
11 වන ප්‍රශ්නයට හා 12 වන ප්රශ්නය දී ඇති පින්තූරය ඇසුරෙනි. කෙටි සටහන් ලියන්න. (වචන 50ක් සෑහේ.)
11.
පහත නම් සඳහන් සාමාජික සිසු සිසුවියන් Stamp Quiz 6 සඳහා පිළිතුරු ලබා දී ඇත.
K.H.A. තෙනුමි ඈන් ඉවන්කා කුමාරසිංහ - සාමාජික අංකය -22
M.P. තෙනුරි නවින්මා කීර්තිසේන - සාමාජික අංකය - 02
ඔනිති දිමන්දි තෙව්නුලි - සාමාජික අංකය - 01
H.K. සනුති විමංසා - සාමාජික අංකය - 04
R.I. අනුක් දුල්මික සිරිවර්ධන - සාමාජික අංකය - 21
බිහදු සන්දීල් කීර්තිසේන - සාමාජික අංකය - 03
S.A. විකාෂ් මධුනිර්ම - සාමාජික අංකය - 05
සෙනුක හන්සිර බණ්ඩාර - සාමාජික අංකය - 24
මිතාෂි ඕපනායක - සාමාජින අංකය - 16
තම සාමාජික අංකය, නම සහ පාසල් මුද්දර සමාජයේ නම ඇතුළත් කරමින් අදාළ පිළිතුරු 0702957908 අංකයට WhatsApp කරන්න.