Minneriya National Park. (26th June 2025)
Stampමේනියා සාමාජිකත්වය ලබාගත් පාසල් සිසුන් වෙනුවෙන් සැකසුණු මුද්දර විශේෂාංගයකි.
මුද්දර එකතු කරන පාසල් සිසුන්ගේ මුද්දර ආශ්රිත දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා බහුවරණ ප්‍රශ්න 10ක් හා කෙටි සටහන් ප්‍රශ්න 2ක් ඇතුළත් කර ඇත.
බහුවරණ ප්‍රශ්නයක් සඳහා 1ක් ලකුණක් ද, කෙටි සටහන් ප්‍රශ්නයක් සඳහා ලකුණු 5ක් ද හිමි වේ. මුළු ලකුණු 20කි.
සෑම මසකම පළමු වැනිදා Stamp Quiz පැවැත්වේ.
ප්‍රශ්න වටය සහ ප්‍රශ්න අංකය ඇතුළත් කර නිවැරදි පිළිතුරු සෑම මසකම 25 වෙනිදාට පෙර 070 2957908 අංකයට WhatsApp කරන්න.
සාමාජික අංකය සහ නම පිළිතුරු යටින් සඳහන් කරන්න.
සෑම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු සැපයිය යුතුය. (ලකුණු 20යි.)
01. වික්ටෝරියා ජලාශයේ ජලයට යට වූ ප්‍රදේශයක තැපැල් කාර්යාලයකි.
වේවැල්දෙනිය
තෙල්දෙනිය
තෙල්වත්ත
තෙල්හිරියාව
02. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ලාංඡනයෙන් දැක්වෙන්නේ...
පණිවිඩ රැගෙන යන සැවුලෙකි.
පණිවිඩ රැගෙන යන පරෙවියෙකි.
පණිවිඩ රැගෙන යන සැළලිහිණියෙකි.
පණිවිඩ රැගෙන යන ගිරා මලිත්තෙකි.
03. ශ්‍රී ලංකාවේ තැපැල් සේවය නිල වශයෙන් ආරම්භ කරන ලද්දේ...
ඉංග්‍රීසි ජාතිකයන් ය.
පෘතුගීසි ජාතිකයන් ය.
ඕලන්ද ජාතිකයන් ය.
අරාබි ජාතිකයක් ය.
04. ලෝක තැපැල් දිනය යෙදී ඇත්තේ...
ඔක්තෝබර් 09 දිනට ය.
දෙසැම්බර් 01 වන දිනට ය.
ඔක්තෝබර් 01 වන දිනට ය.
නොවැම්බර් 09 වන දිනට ය.
05. තැපැල් මුද්දර නිකුත් කිරීමට හැකියාව ඇති ලෝකයේ එකම සංවිධානය වන්නේ...
එක්සත් ජාතීන්ගේ සංවිධානය.
විශ්ව තැපැල් සංගමය.
ජාත්‍යන්තර මුද්දර සම්මේලනය.
යුනෙස්කෝ සංවිධානය.
06. මුද්දරයක මුහුණත වටිනාකම මුදල් ඒකක තුනකින් (ඇ.ඩොලර්, ස්විස් ප්රෑන්ක්, යූරෝ) නිකුත් කරන්නේ...
යුනෙස්කෝ සංවිධානය යි.(UNESCO)
එක්සත් ජාතීන්ගේ සංවිධානය යි. (UN)
යුනිසෙෆ් සංවිධානය යි. (UNICEF)
රතු කුරුස සංවිධානය යි. (ICRC)
07. Eire, Hellas, Polska යන මුද්දර නිකුත් කරන රටවල් පිළිවෙලින් දැක්වෙන්නේ...
අයිස්ලන්තය, හංගේරියාව, පෘතුගාලය
ඇල්ජීරියාව, අයර්ලන්තය, පින්ලන්තය
ලෙබනනය, එස්තෝනියාව, පෝලන්තය
අයර්ලන්තය, ග්‍රීසිය, පෝලන්තය
08. නිවුන් මුද්දර යනු?
එකට බැඳුනු අසමාන මුද්දර යුගලයකි.
එකට බැඳුනු පිහිටීම ප්‍රතිවිරුද්ධ වූ මුද්දර යුගලයකි.
එකට බැඳී පවතින විට සම්පූර්ණ චිත්‍රයක් පෙන්නුම් කරන මුද්දර යුගලයකි.
මේ කිසිවක් නොවේ.
09. ශ්‍රී ලංකාවේ ප්‍රථම දියමන්ති හැඩැති මුද්දරය වන්නේ...
ඇතන්ස් ඔලිම්පික් ක්‍රීඩා සැමරුම වෙනුවෙන් නිකුත් වූ මුද්දර කාණ්ඩය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව 50 වන සැමරුම, සඳහා නිකුත් වූ මුද්දරය වේ.
සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා සැමරුම වෙනුවෙන් නිකුත් වූ මුද්දර කාණ්ඩය වේ.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වර්ණ ජයන්ති සැමරුම වෙනුවෙන් නිකුත් කළ මුද්දරය වේ.
10. ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් ආශ්රයෙන් නිර්මාණය කළ මුද්දර දෙකෙහි නිරූපණය වන්නේ...
මල්ලව පොරය හා හංස පූට්ටුවයි.
භේරුණ්ඩ පක්ෂියා හා වාෂභ කුංජරයයි.
මල්ලව පොරය හා නලඟනයි.
අශ්වාරෝහකයා හා භේරුණ්ඩ පක්ෂියායි.
11 වන ප්‍රශ්නයට හා 12 වන ප්රශ්නය දී ඇති පින්තූරය ඇසුරෙනි. කෙටි සටහන් ලියන්න. (වචන 50ක් සෑහේ.)
11.
12.
සැකසුම :-
ප්‍රදීප් එම්. පිටිගල ආරච්චි
පහත නම් සඳහන් සාමාජික සිසු සිසුවියන් Stamp Quiz 5 සඳහා පිළිතුරු ලබා දී ඇත.
එස්.ඒ. විකාශ් මධුනිර්ම - සාමාජික අංකය - 05 (ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය)
බිහදු සන්දීල් කීර්තිසේන - සාමාජික අංකය - 03 (මලියදේව විද්‍යාලීය මුද්දර සංගමය)
ඕ. දිමන්දි තෙවුනුලි කංකානම්ගේ - සාමාජික අංකය - 01 (විදුකර මුද්දර සංගමය)
තෙනුරි නවිත්මා කීර්තිසේන - සාමාජික අංකය - 02 (මලියදේව විද්‍යාලීය මුද්දර සංගමය)
එච්.කේ. සනුති විමංසා - සාමාජික අංකය - 04 (විදුකර මුද්දර සංගමය)
තම සාමාජික අංකය, නම සහ පාසල් මුද්දර සමාජයේ නම ඇතුළත් කරමින් අදාළ පිළිතුරු 070 2957908 අංකයට WhatsApp කරන්න.