Minneriya National Park. (26th June 2025)
Stampමේනියා සාමාජිකත්වය ලබාගත් 7 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුන් වෙනුවෙන් සැකසුණු මුද්දර විශේෂාංගයකි.
මුද්දර එකතු කරන පාසල් සිසුන්ගේ මුද්දර ආශ්රිත දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා බහුවරණ ප්‍රශ්න 10ක් හා කෙටි සටහන් ප්‍රශ්න 2ක් ඇතුළත් කර ඇත.
බහුවරණ ප්‍රශ්නයක් සඳහා 1ක් ලකුණක් ද, කෙටි සටහන් ප්‍රශ්නයක් සඳහා ලකුණු 5ක් ද හිමි වේ. මුළු ලකුණු 20කි.
සෑම මසකම පළමු වැනිදා Stamp Quiz පැවැත්වේ.
ප්‍රශ්න වට 4කින් යුක්තය. ඒ සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය. ජයග්‍රාහකයා තෝරා ගනු ලබන්නේ ඉන් අනතුරුවය.
ප්‍රශ්න වටය සහ ප්‍රශ්න අංකය ඇතුළත් කර නිවැරදි පිළිතුරු සෑම මසකම 25 වෙනිදාට (පෙබරවාරි 25) පෙර 070 2957908 අංකයට WhatsApp කරන්න.
සාමාජික අංකය සහ නම පිළිතුරු යටින් සඳහන් කරන්න.
Stamp Quiz - 7
මෙම බහුවරණ ප්‍රශ්න සියල්ල Stampමේනියා වෙඩ් අඩවියේ පළ වූ ලිපි ආශ්රයෙනි.
සෑම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු සැපයිය යුතුය. (ලකුණු 20යි.)
01. තැපැල් මඟින් ලිපියක් යැවීමේ දී ලිපිනයේ අවසානයට ලියනු ලබන්නේ...
ලිපිය ලැබිය යුතු තැනැත්තාගේ ග්‍රාමසේවා වසමයි.
ලිපි බෙදාහැරීම් කරන තැපැල් කාර්යාලයේ නමයි.
ලිපිය ලැබිය යුතු තැනැත්තාගේ ගමේ නමයි.
මේ සියල්ල නිවැරදි වේ.
02. ලිපි කවරයේ මුහුණත සම්මත ක්‍රමයට සකස් කර තිබිය යුතු වන්නේ...
එය ලොව පිළිගත් සම්මත ක්‍රමය වන නිසා ය.
ලිපි බෙදා හැරීමේ කටයුතු පහසු වනු පිණිස ය.
තැපැල් සේවකයන්ගේ පහසුව පිණිස ය.
මේ සියල්ල නිවැරදි වේ.
03. ප්‍රධාන තැපැල් කාර්යාලයක නිල්, රතු සහ කොළ වර්ණයන්ගෙන් සමන්විත තැපැල් පෙට්ටි ස්ථාන ගත කර ඇත. සම්මතයට අනුව එම වර්ණයන්ට අදාළ නිවැරදි ප්‍රකාශය වන්නේ...
විදේශීය ලිපි, පිට පළාත් ලිපි හා අදාළ තැපැල් කාර්යලයට අයත් ලිපි
විදේශීය ලිපි, අදාළ තැපැල් කාර්යලයට අයත් ලිපි බෙදීම් හා පිට පළාත් ලිපි
අදාළ තැපැල් කාර්යලයට අයත් ලිපි බෙදීම්, විදේශිය ලිපි හා පිට පළාත් ලිපි
පිට පළාත් ලිපි, අදාළ තැපැල් කාර්යලයට අයත් ලිපි බෙදීම් හා විදේශිය ලිපි
04. 1983 වර්ෂයේ නිකුත් වූ සී.ඩබ්ලිව් තමෝදරම්පිල්ලේ සමරු මුද්දරය නිකුත් කළ තේමාව වන්නේ...
කම්කරු දිනය වෙනුවෙනි.
බලශක්ති දිනය වෙනුවෙනි.
ජාතික වීර දිනය වෙනුවෙනි.
සාහිත්‍යධරයන්ගේ දිනය වෙනුවෙනි.
05. සී.ඩබ්ලිව් තමෝදරම්පිල්ලේ සමරු මුද්දරය වරද නිවැරදි කර නැවත නිකුත් කළේ...
වසරකට පසුව ය.
එම වසරේම ඔක්තෝබර් 1 වන දින ය.
1983 මැයි 22 දින ය.
එම වසරේම නිකුත් කළ ද නිශ්චිත දිනයක් කිව නොහැක.
06. ශ්‍රී ලංකාවේ මැණික් නමින් නිකුත් වූ මුද්දර 10කින් යුත් මුද්දර පෙළ සැලසුම් කරනු ලැබුවේ...
පී. ඉසුරු චතුරංග මහතා
වත්මී ද සොයිසා මහතා
වසන්ත ශ්‍රීනාත් කුරුකුල සූරිය මහතා
ටී. කාරියවසම් මහතා
07. සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා වෙනුවෙන් 1982 නිකුත් වූ මුද්දරය වර්ණවත් වී ඇත්තේ...
Yellow olive
Deep blue green
Olive brown
Blackish brown
08. ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු යන මැයෙන් 1992.08.19 වන දින නිකුත් වූ මුද්දර කාණ්ඩයේ නාරිලතා කෝළම් මුහුණ දැක්වෙන මුද්දරයේ මුහුණත වටිනාකම වනුයේ...
මුහුණත වටිනාකම රු 1ක් ලෙස ය.
මුහුණත වටිනාකම රු 2ක් ලෙස ය.
මුහුණත වටිනාකම රු 5ක් ලෙස ය.
මුහුණත වටිනාකම රු 10ක් ලෙස ය.
09. අපේ රට නම ඉංග්‍රීසි භාෂාවෙන් CEYLON, SRI LANKA, SHRI LANKA, SRI LANKA යනාදී වශයෙන් විවිධ කාලයන්හි දී මුද්දර මත විවිධ අයුරින් දැක්විණි.
“SHRI LANKA” නමින් මුලින්ම නිකුත් වූ මුද්දර කාණ්ඩය වනුයේ...
බාසිලෝනා ඔලිම්පික් ක්‍රිඩා උළෙල වෙනුවෙන් නිකුත් වූ මුද්දර කාණ්ඩය ය.
1992 නත්තල් සමරු මුද්දර කාණ්ඩය ය.
කොළොම්බස්ගේ පළමු මුහුදු ගමනට වසර 500ක් පිරීම නිමිත්තෙන් නිකුත් වූ මුද්දර කාණ්ඩය ය.
ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු නමින් 1992 නිකුත් වූ මුද්දර කාණ්ඩය ය.
10. මුද්දර නිර්මාණ ශිල්පී පියරත්න හේවාබටගේ මහතා විසින් නිර්මාණය කළ ආකර්ෂණීය මුද්දර යුගලයකි.
කොළඹ වෛද්‍ය විද්‍යාලීය ශත සංවත්සරය වෙනුවෙන් 1970 දී නිකුත් කළ මුද්දර යුගලය.
එක්සත් ජාතීන්ගේ 25 වන සංවත්සරය වෙනුවෙන් 1970 දී නිකුත් කළ මුද්දර යුගලය.
රත්නප්රාසාදයේ මුරගල සහිත 2012 වර්ෂයේ නිකුත් කළ නිත්‍ය කාණ්ඩයේ මුද්දර යුගලය.
මේ කිසිවක් නොවේ.
11 වන ප්‍රශ්නයට හා 12 වන ප්රශ්නය දී ඇති පින්තූරය ඇසුරෙනි. කෙටි සටහන් ලියන්න. (වචන 50ක් සෑහේ.)
11.
12.
පහත නම් සඳහන් සාමාජික සිසු සිසුවියන් Stamp Quiz 7 සඳහා පිළිතුරු ලබා දී ඇත.
සවිරු අභිසෙස් දොරටියාව පුතණුවන් - සාමාජික අංකය - 09
ආර්. අයි. අනුක් දුල්මික පුතණුවන් - සාමාජික අංකය - 21
තෙනුරි නවින්මා දියණිය - සාමාජික අංකය - 02
මිතාෂි ඕපනායක දියණිය - සාමාජික අංකය - 16
බිහදු සන්දීල් කීර්තිසේන පුතණුවන් - සාමාජික අංකය - 03
සනුති විමංසා දියණිය - සාමාජික අංකය - 04
සෙනුක හන්සිර පුතණුවන් - සාමාජික අංකය - 24
ඔනිති දිමන්දි දියණිය - සාමාජික අංකය - 01
තෙනුමි ඈන් ඉවන්කා දියණිය - සාමාජික අංකය - 22
සනුති තිමන්යා මුතුකුඩ දියණිය - සාමාජික අංකය - 29
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය - 05