සනුති විමංසා
විදුකර මුද්දර සංගමය.
විද්‍යාකර බාලිකා විද්‍යාලය, මහරගම.
Minneriya National Park. (26th June 2025)
විදුකර මුද්දර සංගමය.
විද්‍යාකර බාලිකා විද්‍යාලය, මහරගම.
රත්නප්‍රාසාදය මුරගල
තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය විසින් රු. 50.00 සහ රු. 100.00 මුහුණත වටිනාකමෙන් යුතු මුද්දර දෙකක් 2012 මාර්තු 10 වන දින නිකුත් කරන ලදි. එහි නිර්මාණකරු වන්නෙ පියරත්න හේවාබටගේ මහතා ය. මෙම මුද්දර වර්ණ හතරකින් යුක්තය. මෙම මුද්දරයේ ප්‍රමාණය 20mm x 25mm වශයෙන් යුක්ත වේ. මින් නිරූපණය වන්නේ අනුරාධපුර අභයගිරි විහාර සංකිර්ණයේ ඇති රත්නප්රසාදය මුරගල වේ.
පඩිපෙළ අයිනෙන් සවි කළ පුවරුව පහළට ලිස්සා ඒම වැළැක්වීම සඳහා මුල් කාලයේ කූඤ්ඤයක් යෙදී ය. කාලයක් ගත වීමත් සමඟ මෙම කූඤ්ඤය ක්‍රමයෙන් විසිතුරු දොරටුපාල රූප වලින් යුත් නිර්මාණයක් බවට පත් විය. අද අප විසින් මුරගල යනුවෙන් හඳුන්වනු ලබන නිර්මාණය බිහි වූයේ එසේය.
ප්‍රථමයෙන් කැටයම් රහිත පුවරුවක් ලෙසින් ආරම්භ වූ මුරගලට මුලින්ම එක් වූ කැටයම පුන්කළසයි. පුන්කළස් සහිත මුරගල් අදටත් ලක්දිව ඇතැම් ප්‍රදේශවලින් හමු වේ. උදාහරණ ලෙස වෙල්ගම්වෙහෙරෙන් හමු වූ මුරගල, අනුරාධපුර තොලුවිල ග්‍රාමයෙන් හමු වූ මුරගල හා මිහින්තලේ කළුදිය පොකුණෙන් හමු වූ මුරගල් දැක්විය හැකිය.
පුන්කළස් යෙදූ මුරගල්වලින් පසු බහිරව රූප යෙදූ මුරගල් නිර්මාණය විය. සංඛනිධි හා පද්මනිධි වශයෙන් බහිරව රූප දෙකකි. සංඛයන්ගේ හිස මත හක්ගෙඩියකි. පද්මයන්ගේ හිස මත පද්මයකි. ධනයට අධිපති කුවේරයන්ගේ රුකවල්කරැවෝ දෙදෙනා ලෙස සංඛනිධි හා පද්මනිධි බහිරව රූප හඳුන්වයි. මේ අතරිනුත් සංඛනිධි බහිරව රූප වැඩි වශයෙන් හමුවී ඇත. බහිරව රූපයෙන් සංකේතවත් වන්නේ භූමියේ ආරක්ෂාවයි. හමු වී ඇති බහිරව රූප යෙදූ මුරගල්වලට උදාහරණ වශයෙන් අනුරාධපුර විජයබා රාජ මාලිගයේ, ථූපාරාමයේ, මිහින්තලේ රාජගිරිලෙන කන්දේ හා තොලුවිල ග්‍රාමයේ තිබෙන මුරගල් දැක්විය හැකිය.
මුරගල විකාශනයේ ඊළඟ අවධිය වන්නේ නාග රූප සහිත මුරගල් ය. තිස්සමහාරාමයේ යටාල වෙහෙරින්, දකුණේ රැහුණු මහා විහාරයෙන් හා තිරියායෙන් මේ ආකාරයේ මුරගල් හමු වී ඇත. නාග රූප සහිත මුරගල් වැව්වල, බිසෝ කොටු අසළ ද දක්නට ලැබේ. නාග රූපයෙන් නිධාන ආරක්ෂාව හා ජලය සංකේතවත් වන බව මින් අදහස් කරයි. නාගරාජ රූපය මුරගල විකාශනයේ අවසන් පියවර වේ. නාගරාජ මුරගල තිවංක ඉරියව්වෙන් යුක්තය. රාජ කුමාරයෙකු මෙන් සර්වාභරණයෙන් සරසා ඇත. නා පෙන සහිත හිස්වැස්මක් පැලඳි නාරජ එක් අතකින් පුන්කළසක් ද, අනෙක් අතින් වල්විදුනාවක් ද දරයි. පාදය අසල වාමන රුවකි. මුරගලෙහි පසෙකින් මූර්තිමත් කර ඇති කුලුනක් මත ඇත් රුවක් හෝ ගව රුවක් දැකිය හැකිය.
ආකර්ෂණීයම කැටයම් වලින් පිරුණු අති විශිෂ්ට මුරගල වන්නේ අනුරාධපුර අභයගිරි ආරාම සංකීර්ණයේ ඇති රත්නප්‍රාසාදය මුරගලය. එහි මිනිසෙකුගේ හැඩයෙන් යුත් නාග රජු කෙනෙකුගේ හැඩයෙන් යුක්තය. 2012.12.12 දින නිකුත් කරනු ලැබූ ශ්‍රී ලංකාවේ මුරගල්, සඳකඩපහණ, කොරවක්ගල් ආශ්රිත නිත්‍ය කාණ්ඩයේ මුද්දර පෙළින් රු 10.00ක වටිනාකමින් යුත් මුද්දරයෙන් නිරූපණය වන්නේ ද අනුරාධපුර අභයගිරි විහාරයේ රත්නප්රසාදය මුරගල යි.
ඓතිහාසික හෙළ කළාකරුවාගේ විස්කම් අදටත් ආරක්ෂා වී පවතින්නේ නොසිතූවිරූ අන්දමනි. එම නිසා ඓතිහාසික වටිනාකමක් ඇති මුරගල් ආරක්ෂා කරගැනීම සහ එහි වැදගත්කම ලොවට කියා පෑම අප කාගෙත් වගකිමකි. අපි ඓතිහාසික මුරගල් ආරක්ෂා කරගනිමු.
සටහන :
එච්. කේ. සනුති විමංසා
විද්‍යාකර බාලිකා විද්‍යාලය, මහරගම.
8 ශ්‍රේණිය