නිතීඥ කුමාර ජයලත් ගුණරත්න
සභාපති
ඇතුගල්පුර මුද්දර සමාජය
Minneriya National Park. (26th June 2025)
සභාපති
ඇතුගල්පුර මුද්දර සමාජය
වයඹට අලුත් මුද්දරයක්...
රටේ හතර දිග් බාගෙම කරක්ගහපු අපි අන්තිමේදී රටේ බත් කෝරළය කියන හත්කෝරළේ මහපුර වෙච්ච ඇතුගල්පුරේ කොනක ස්තිරේටම පැල් බැද ගත්තා. ඒ දෙදහස් හයේ අග ඉතාම අහම්බෙන් වගේ. (හත්කෝරලය වර්තමාන පරිපාලන ඒකක අනුව අයත් වන්නේ වයඹ පළාතට.)
එදා ඉදන් අපි ඉඩ ලැබෙන හැම වෙලාවකම වැදගත් වගේම ලස්සන තැන් Visit කරනවා. ඒ අතරට පුදබිම් වගේම සුන්දර බිම්පෙත් ද අයිති වුනා.
ඇත්කද වෙහෙරින් ඇරඹි මේ සැරිසර මරලුවාව, කොටකන්ද, රැස්වෙහෙර, හක්වටුනාව, ඉතලගොඩ, රෑනගල, තැම්පාන, නාගොල්ල, මකුලාන විතරක් නොවේ රාජාංගන ජලාශයත් පසු කරලත් තාම නිම වුනේ නෑ. මේ සැරිසර එක්තරා විනයක් අනුව කෙරුන නිසා සැමවිටම එහි අධ්‍යාපන වටිනාකමකුත් එකතු වුනා. ඒ සැරිසර මුද්දර සැරිසරකට මග පෙන්වූ ඔ්ෂධී තාරකා පෙලක් වුණා.
මේ වකවානුවේ 2017 වසරේ මැදයාමේ ශ්‍රී ලංකා මුද්දර කාර්යංශය ජාතික මුද්දර ප්‍රදර්ශනය නිවේදනය කළා. ඒ සැරේ වෙනස් තේමාවකට මුද්දර ප්‍රදර්ශනයක් හදමු කියල යෝජනාව ගෙනාවෙ ලොක්කි අපූ.
අපි වයඹ පළාත ගැන හදමු.
ලොකු අභියෝගයක්!
හරි හදමු.
අපි අභියෝගය භාර ගත්තා.
වයඹට මුද්දර ඒ්තරම් නෑ.
ඔ්ක කරන්න එපා.
පළපුරුදු මුද්දර අලෙවිකරුවෙකුගේ කාරුණික උපදෙසක්...
ඒත් අපි තාම වයඹ.
Geography විෂයට බර අපූ Atlas පෙරළමින් සටන ඇරඹුවා.
කුදිරමලේ තුඩුව තියෙන්නේ උතුරු-වයඹ පළාත් මායිමේ. විජය කුමාරයා ගොඩබැස්සේ එතනින්ලු. වයම ඉතිහාසය එතනින් අරඹමු.
පළමු වෙඩිමුරයත් එතනින්.
Unseen Sri Lanka කුදිරමලේ තුඩුව මුද්දරේට 1956 විජය සම්ප්‍රාප්තියේ 2500 මුද්දරේ ජාඩියට මූඩිය වගේ උනා.
වයඹ රාජධානි හතරයි.
පඩුවස්නුවර
යාපහුව
කුරුණෑගල
දඹදෙණිය
ඉන් තුනකට මුද්දර තිබුණා.
ඊට පස්සේ 1848 මහතලාව හටන කුරුණෑගලටත් එනවා හගුරන්කෙත ඩිංගිරාල නායකත්වය ගන්නව. ඉංග්‍රීසින් එතුමව ඝාකනය කරන්නේ කුරුණෑගලදී. වීර පුරන්අප්පු සහ ගොන්ගාලෙගොඩ බංඩා මුද්දර ඒකට ගනිමු.
ඇයි, වාරියපොළ සුමංගල හිමි...
මුද්දරයකුත් තියෙනවා නේ.
අප ළග නොතිබි මුද්දර හොයන්න Catalog එකක් පවා තිබුනෙ නෑ...
ඇත්තටම ඒ වෙනකොටත් සාර්තකත්වය ගැන පුංචි විචිකිච්ඡාවක් නොතිබුණාම නොවේ.
... ඒ ඈත ඉතිහාසසෙ නේ. එතකොට වර්තමාන ඉතිහාසේ
මුද්දරත් එක්ක මාලනී කියවීම.
1949 අප්‍රේල් 30 වෙනි දින වන්නිආරච්චිලාගේ සෙනෙහෙලතා ෆොන්සේකා කොළොම්තොට අගනුවරබද, එවකට කොළඹ දිස්ත්‍රික්කයේ කැලණි මිටියාවතේ උපදින විට කුළුඳුල් සිංහල කතානාද සිනමා පටය “කඩවුණු පොරොන්දුව” දිවයින පුරා තිරගත වෙමින් පැවැතිණි.
ලාංකීය ශිල්පීන් දායක කරගනිමින් සිනමාපටයක් තැනීමේ කුළුඳුල් ප්රයත්නය ඊට වසර විසිපහක් තරම් ඈත අතීතයේ දී සිදු විය. එහි ප්‍රධාන රංගන ශිල්පියා පසුව මෙරට කෘතහස්ත රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරා බැව් අදටත් නොදන්නා අය වෙති. (ශාන්තා හෙවත් රාජකීය වික්‍රමය මෙරට තැනූ පළමු සිනමාපටය වූ අතර එය නිහඬ සිනමාපටයක් විය.)
එපමණක් නොව ඒ වනවිට ලොව එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම සිනමාපටය වූ Citizen kane (1941 Director - Orson Welles) නම් ඇමරිකානු සිනමාපටය බිහිවී වසර අටක් ගතවී ඇතැයි කිසිවෙක් දැන සිටියේ ද නැත.
කෙසේ වෙතත් ඕ තොමෝ සමුගන්නා දා කලාත්මක, විනොදාත්මක මෙන්ම මැද මාවතේ ද ස්වකීය අපූර්ව පැහැහැඩ සලකුණු කරමින් ලාංකීය සිනමා වංශ කතාවේ අවසාන තාරකාව ව සිටියෝය.
ඩේසි රාසම්මා ඩැනියෙල් හෙවත් රුක්මණි දේවිය, සෙම්බුගේ ගාමිණී ශෙල්ටන් ෆොන්සේකා, හෙට්ටිආරච්චිලාගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල, කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග හා අප කතා නායිකාව වන මාලනිය මෙරට බිහිවූ අසමසම තාරකා රත්නයෝ වෙති.
වේදිකාවේ සුමන ආලෝක බණ්ඩාර, සයිමන් නවගත්තේගම, ධර්මසිරි වික්‍රමරත්න සහ ආචාර්ය ගාමිණී හත්තොටුවේගම සෙවණේ වැඩෙමින් ඈ සිනමාවට පිවිසෙද්දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් “ගම්පෙරළිය” නිපදවා යථාර්ථවාදී සිනමාවකට මං විවරකර දී තිබිණි.
සිනමාවට පිවිස වසර දහයක් ගතවීමට පෙර, ලොව බිහිවූ අග්‍රගණ්‍ය සිනමා පට සියයෙන් එකක් වූ “නිධානය” (1972) ට රංගනයෙන් දායක වීමට ඕ භාග්‍යවන්ත විය. (නිධානය මෙරටින් බිහිවූ විශිෂ්ටතම සිනමාපටය සේ සැලකේ.)
මෙම ලිපිය සංස්කරණය වෙමින් පවතී.
----------------------------------------
මුද්දරය අපූර්ව දැණුම් දූතයෙකි.
රටක් විසින් නිකුත් කරන තැපැල් මුද්දර එරට සොබාදහම්, සංස්කෘතික හා තාක්ෂණ නිර්මිතය නිරූපණය කරයි.
සොබාදහම යනු ලොව මැවුම්කරු විසින් දායාද කළ අනගි වස්තු සමුදායයි. ඊට සාගර, මහද්වීප, ගංගා කදුවැටි, ගස් වැල්, මල් හා ජීවීන් ප්රමුඛ බෝ දෑ ඇතුළත් ය. වන සතුන්, පක්ෂීන්, සමනලුන්, මත්ස්‍යයන්, මල්, පර්වත, කදු හෙල් නිම්න, දිය ඇළි ඈ සොබාදම් දිනිතියගේ අපූරු දායාදයන්ගෙන් සමන්විත මුද්දර කොතෙකුත් ඔබ මුද්දර එකතුව තුළ ඇත්තේද?
තාක්ෂණය යනු සොබාදහම් නිර්මිතයන් තම ප්‍රයෝජනය පිණිස පරිවර්නතනය උදෙසා දක්වන මනව ප්රයත්නයයි. ඊට සකලවිද විද්‍යාවන් සහ ශිල්යන් ඇතුළත් ය. සෙවණට වහලක් තනා, ගොඩබිම, ජල තල, ගගන තල මතු නොව අභ්‍යාවකාශය ද ජයගත් ගමන් මගට කදිම සාක්ෂි සපයන මුද්දර ඔබ කොතෙකුත් දැක ඇති.
සංස්කෘතිය යනු සොබාදහම ජය ගැනීමට මිනිසා දැරූ ප්රයත්නයෙන් උපන් අපූර්ව විළිකුන් සුරත් පලයන් ය. සාහිත්‍ය කලා ඇතුළු සකල කලාවන්ගෙන් උපන් ඇසිදිසි හා භාවිත නිර්මාන ඊට ඇතුළත් ය. කලාකරුවන්, කලා කෘති වලින් හැඩ ගැන්වුණු මුද්දර ඔබට නිරතුරු මුණගැසී ඇති.
එකී තේමා රැගත් මුද්දර කිසිදු තේරීමකින් තොරව ලිපිකවර, තැපැල්පත්, පාර්සල් දවටන මත ඇලවී කිසිදු වියදමකින් තොරව විශ්වය පුරා රිසිසේ සරති. එය අතට පත්වන මුද්දර ලෝලීන් පමණක් නොව එකී තැපැල් ද්‍රව්‍යය ලද්දන් සියල්ලගේ සිත් පිනා යති. කුහුල වඩවති. මුද්දරය ගලවා ආදරයෙන් සුරකිති. ඉන් නොනැවතී ඒ ගැන සිතති, සොයති, කතාබහේ යෙදෙති.
මුද්දරයක දැණුම් දූත මෙහෙවර එයයි. මුද්දරය අත දරන්නා එහි නැගී බොහෝ දුර පියඹා යති. එය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය මෙන්ම විශ්ව සංස්කෘතික හුවමාරුවට ද දායකත්වය සපයයි.
(මෙහි ඇතැම් නිර්වචන කතුවරයාගේ බව සලකන්න.)