Minneriya National Park. (26th June 2025)
ලොව ප්‍රථම මුද්දරය
ලොව ප්‍රථම මුද්දරය එංගලන්ත ජාතික සර් රෝලන්ඩ් හිල් මහතා විසින් හඳුන්වා දුන් අතර 1840 මැයි 6 වන දින නිකුත් කරන ලදි. එය PENNEY BLACK නමින් ප්‍රසිද්ධ විය. එහි වටිනාකම පැන්ස 1කි. වික්ටෝරියා රැජිණගේ රුව සහිත මෙම මුද්දරයෙහි දිය සලකුණ ලෙස තරුවක් යොදා ඇත. මෙම මුද්දරය කළු පැහැති වන අතර විදමන් නොමැති නිසා කතුරකින් කපා වෙන් කර අලෙවි කර ඇත. PENNEY BLACK මුද්දර 68,808,000 ක් නිකුත් කර ඇති බව සඳහන් වේ.
මෙය මුල් අවස්ථාවේ දී තැපැල් කටයුතු සඳහා භාවිතා කළ ලේබලයක් ලෙස හැඳින්වූ අතර එහි රටේ නම සඳහන් කර නොමැත. එයට හේතුව මෙය ලොව මුල්ම මුද්දරය වීමත් ඒ වන විට ලොව කිසිම රටක් මුද්දර භාවිතා කර නොතිබීමත්ය. ඉන් පසුව බ්රිසීලය, ඇමරිකාව වැනි රටවල් මුද්දර භාවිතය ආරම්භ කරන ලදි. පසුව 1857 දී විශ්ව තැපැල් සංගමය රැස්වූ අවස්ථාවේ දී නීතියක් ලෙස බ්‍රිතාන්‍ය හැර සෑම රටක්ම මුද්දරවල රටේ නම සඳහන් කළ යුතු බව නිර්දේශ කරන ලදි. බ්‍රිතාන්‍යයට පමණක් රටේ නම සඳහන් නොකර මුද්දර නිකුත් කිරීමට අවස්ථාව හිමිගැන් වූයේ ලොව පළමු මුද්දරය හඳුන්වා දීමට ගෞරවයක් වශයෙනි.