NATIONAL INSTITUTE OF HEALTH SCIENCES, KALUTARA (Lkr 70) - 01.07.2026
Stamp Quiz - 10 මගින් මෙවර දරුවන්ගේ ලිවීමේ හැකියාව පිළිබදව පරීක්ෂාවක් කිරීමට මා අපේෂා කරමි. මෙහිදී ඔබට කිසියම් මාතෘකාවක් හිමි වන අතර එය ඔබගේ නිර්මාණශීලී අදහස් වලින් පෝෂණය කළ යුතුය. අන්තර්ජාලය හා විවිධ මුලාශ්‍රයන් තොරතුරු සපයා ගැනීම සදහා භාවිතා කළ හැකි නමුත්, එහි අඩංගු කරුණු එලෙසින්ම භාවිතා කිරීම, විකෘර්ති කිරීම හා අර්ථ ශූන්‍ය කිරීම ලිපියේ අන්තර්ගතයට, නිර්මාණශීලීත්වයට, ගවේෂණයට හා ලේඛන සාක්ෂරතාවයට බාධා පැමිණ විය හැක.
මාතෘකාව :
ඇමෙරිකා එක්සත් ජනපද - තාරා මුද්දර
(United States of America - Duck Stamps)
උපදෙස් :
මාතෘකාවට අදාළව ඉතිහාසය සොයා බැලීමක්,
වර්තමානය හා විකාශනය පිළිබද සොයා බැලීමක්,
සම්පත් දායකත්වය, පරමාර්ථ හා අභිප්රායන්,
ලිපියට අදාළව නිදර්ශන එකතුවක්,
උපුටා ගැනීම් හා මූලාශ්රයන් ඇත්නම් ඒ කොතනින් ද යන වග
ලිපියේ අන්තර්ගතයට එකතු විය යුතුය.
දරුවනි, ඔබට මෙම කාර්ය සදහා මාස දෙකකට ආසන්න කාලයක් ලබා දී ඇති හෙයින් පාසල් අධ්‍යනය කටයුතුවලට බාධාවක් නොවන අයුරින් කාලය කළමනාකරණය කර ගන්නා ලෙස මා වැඩිදුරටත් දන්වා සිටිමි.
ලිපි භාර ගන්නා අවසන් දිනය :
2025.07.25
සාර්ථකම ලිපි නිර්මාණය Stampමේනියා වෙබ් අඩවිය තුළ පළ කරන අතර හොදම ලිපි නිර්මාණ 3 සදහා වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
මෙම විශේෂාංගයට පිළිතුරු එවා ඇති දුවා දරුවන්ගේ නම් පහතින් දැත්වේ.
අනුක් දුල්මික සිරිවර්ධන - සාමාජික අංකය - 21
ඔනිති දිමන්දි දියණිය - සාමාජික අංකය - 01
බිහදු සන්දීල් පුතණුවන් - සාමාජික අංකය - 03