රිශේන් ඈපාසිංහ
බප/හෝ/මහින්ද රාජපක්ෂ විද්‍යාලය
Minneriya National Park. (26th June 2025)
රිශේන් ඈපාසිංහ
බප/හෝ/මහින්ද රාජපක්ෂ විද්‍යාලය
මුද්දරයක් ගැන කතාවක්...
2011 වසෙර් දී වයිස්රෝයි ස්පෙෂල් දුම්රියේ 25 වන සංවත්සරයට ගෞරව කිරීම සඳහා, ශ්‍රී ලංකාව මෙම සුඛෝපබෝගී දුම්රියේ උදාරත්වය ඉස්මතු කරන සමරු මුද්ද්රයක් 2011.02.02 දින නිකුත් කන ලදි. එය දිගින් මි.මී. 123ක් සහ පළල මි.මී. 30ක් වේ. මෙම මුද්දරය ශ්‍රී ලංකා ඉතිහාසයේ දිගම මුද්ද්රවලින් එකක් ලෙස ගෞරවය හිමි කර ගනී. ඊට සමගාමීව දුම්රිය මුද්දර 4ක කාණ්ඩයක් ද එදින නිකුත් කරන ලදි.
වයිස්රෝයි දුම්රිය යනු ශ්‍රී ලංකාවේ වඩාත් සුන්දර ප්‍රදේශ කිහිපයක් හරහා ගමන් කරන සුඛෝපබෝගී දුම්රියකි. 1984 දී හඳුන්වා දුන් මෙම දුම්රිය සංචාරකයන්ට වාෂ්ප දුම්රිය එන්ජින්වල ස්වර්ණමය යුගයට ආපසු යාමේ ගමනක් ලබාදීම සඳහා නිර්මාණය කර ඇත.
මෙම දුම්රිය සාම්ප්‍රදායික වාෂ්ප බලය සහ නවීන පහසුකම් මිශ්‍රණයක් සහිතව නිර්මාණය කිරීම ඉංජිනේරු ආශ්චර්යකි. එහි ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය මැදිරි සහ වාෂ්ප එන්ජින්වල ඝෝෂාකාරී ශබ්ධය අතීතය පිළිබඳ දර්ශනයක් අපට ලබා දෙයි.