CHRISTMAS 2025, 09th December 2025
Questions from Deephi - 4 හි මෙවර මුද්දර විශේෂාංගය ලෙස අනගි පැවරුමක් ඔබට මා ලබා දෙමි. මෙය ප්‍රශ්නයක් නොවන අතර අප්‍රේල් මාසය සඳහා ක්‍රියාකාරකමකි.
පැවරුම :-
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද පිළිබඳව A4 ප්‍රමාණයේ පිටු 4ක ඉදිරිපත් කිරීමක් (Presentation) කළ යුතුය.
උපදෙස් :-
ඒ සඳහා සැබෑ මුද්දර හෝ සැබෑ මුද්දර නොමැති නම් එහි පින්තූර හෝ එසේත් නැතිනම් ඒ දෙවර්ගයම හෝ භාවිතා කරමින් මෙම ඉදිරිපත් කිරීම කළ හැකිය. ඉදිරිපත් කිරීම මනාව සකස් කිරීම සඳහා සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර භාවිතා කළ හැකිය. (සැබෑ මුද්දර අයිතමයන් වෙනුවට පින්තූර යොදා ගන්නේ නම් සැබෑ මුද්දර අයිතමයන්ගේ ප්‍රමාණයෙන් (Original size) එය තැබීමට සැලකිලිමත් වන්න.)
තම අත් අකුරින් ලිවිය යුතු වන අතර, අත් අකුරු ලස්සන විය යුතු නැත. අකුරු කියවීමට පහසු අයුරින් හා පැහැදිලි වීම ප්‍රමාණවත් ය.
ඔබගේ ඉදිරිපත් කිරීමේ පැහැදිලි ඡායාරූපයක් අප වෙත එවීම ප්‍රමාණවත් වන අතර, තැපැල් කිරීම අවශ්‍ය නොවේ.
හොඳම ඉදිරිපත් කිරීම මෙම වෙබ් අඩවිය තුළ පළ කරන අතර, සියලුම පැවරුම් සඳහා ත්‍යාග හිමි වේ.
එහි පිළිතුරු එවිය යුත්තේ ප්‍රදීප් මාමාට හෝ මා වෙත පමණි. Stampමේනියා Whatsapp සමූහයට පිළිතුරු එවීමෙන් වළකින්න.
නිවැරදි පිළිතුරු 2025.05.15 දිනට ප්‍රථම එවන ලෙස දන්වා සිටිමි.
Queions from Deepthi - 4 විශේෂාංගයේ ඉදිරිපත් කිරීම (Exhibit) අප වෙත එවා ඇති දුවා දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
ඔනිති දිමන්දි තෙවුනුලි දියණිය (මින රාශියෙන් හෙමිහිට මේෂ රාශියට නැවතත්) - සාමාජික අංකය - 01
තෙවින් රෝනන් ලියන ආරච්චි පුතණුවන් (එරබඳු මල් පොට්ටු පොට්ටු අවුරුද්දත් කිට්ටු කිට්ටු) - සාමාජික අංකය - 47
අනුක් දුල්මික සිරිවර්ධන පුතණුවන් (කොවුල් නදයි අවුරුද්දයි සිරිලක සිරි කලඑළියයි) - සාමාජික අංකය - 21
චිතිල උඩුකුඹුර පුතණුවන් (රටක් කලඑළි කරන සිංහල හින්දු අලුත් අවුරුද්ද) - සාමාජික අංකය - 10
සනුති විමංසා දියණිය (සිංහල හින්දු අලුත් අවුරුද්ද හා සැබැදි මනෝ විද්‍යාත්මක පසුබිම) - සාමාජික අංකය - 04
තෙනුමි ඈන් ඉවන්කා ( ------ ) - සාමාජික අංකය - 22
විකාෂ් මධුනිර්ම (බක් මහේ අවුරුදු සිරිය) - සාමාජික අංකය - 05
මිනුද සන්දීල් පුතණුවන් ("කොහෝ" හඩින් අවදි කරන සිංහල අවුරුද්දේ) - සාමාජික අංකය - 43
අමානි මනෝද්‍යා (සිංහල හින්දු අවුරුද්දේ තැපැල් කතාව) - සාමාජික අංකය - 25
ලකින්දි ලෝචනී (Sinhala & Tamil New Year) - සාමාජික අංකය - 46
බිහදු සන්දීල් (සිංහල හා දමිළ අලුත් අවුරුද්ද) - සාමාජික අංකය - 03
ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සහ එම ඉදිරිපත් කිරීම් නැරඹීම සදහා පහත බොත්තම වෙත පිවිසෙන්න.