CHRISTMAS 2025, 09th December 2025
ඔබ කළ යුත්තේ “Omnibus Stamp” යනුවෙන් අදහස් වන්නේ කුමක්දැයි හැඳින්වීම සහ ශ්‍රී ලංකාවේ පළමු “Omnibus සමරු මුද්දර” මොනවාද, එම මුද්දර නිකුත් කරනු ලැබුවේ කවදා ද යන්න නිවැරදිව ලියා Deepthi මාමා වෙත හෝ මාගේ 0702957908 දරණ Whatsapp අංකයට එවීම පමණයි.
නිවැරදි පිළිතුරු 2025.01.31 දිනට ප්‍රථම එවන ලෙස දන්වා සිටිමි.
ඔබ සතුව ඉහත මුද්දර තිබේ නම්, එහි දිය සලකුණු අධ්‍යනය කිරීමට උත්සාහ ගන්න. එම මුද්දරවල තිබෙන්නේ කුමන ආකාරයේ දිය සලකුණු දැයි අධ්‍යනයක යෙදෙන්න. මෙය ස්වයං අධ්‍යනයක් සදහා පමණි. ප්‍රශ්නයක් නොවේ.
දුල්මික සිරිවර්ධන පුතණුවන් - සාමාජික අංකය - 05
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය -21
තෙනුරි නවින්මා කීර්තිසේන දියණිය - සාමාජික අංකය - 02
තෙනුමි ඈන් ඉවන්කා දියණිය - සාමාජික අංකය - 22
බිහදු සන්දීල් කීර්තිසේන පුතණුවන් - සාමාජික අංකය - 03
ඔනිති දිමන්දි තෙව්නුලි දියණිය - සාමාජික අංකය - 01
සෙනුක හංසිර සේනානායක පුතණුවන් - සාමාජික අංකය - 24
අමානි මනෝද්‍යා රත්නායක දියණිය - සාමාජික අංකය - 25
මිතාෂි ඕපනායක දියණිය - සාමාජික අංකය - 16
“Omnibus Stamp” යනුවෙන් අදහස් වන්නේ කුමක්දැයි මා විසින් ඇසූ පැනයට නිවැරදි පිළිතුර පහත දක්වා ඇත.
“Omnibus Stamp” යනුවෙන් අදහස් වන්නේ පොදු හේතුවක් මුල් කරගෙන රටවල් කිහිපයක නිකුත් කළ මුද්දරයි. ලංකාවේ පළමු Omnibus Stamps 1935 - පස්වන ජෝර්ජ් රජුගේ Silver Jubilee වෙනුවෙන් නිකුත් කළ මුද්දර හතරයි. එය 1935 මැයි 6 වැනි දා නිකුත් කර ඇත.
මෙම පැනය සඳහා නිවැරදි පිළිතුර ලබා දෙනු ලබන්නේ;
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විකාෂ් මධුනිර්ම පුතණුවන්...
එමෙන්ම මෙම පැනය සඳහා පිළිතුරු ලබා දුන් අනෙකුත් දරුවන් සඳහා ද වටිනා මුද්දර තෑගි එළඹෙන සතිය තුළ දී මා විසින් පිරිනමනු බැව් ඉතාමත් සතුටින් මතක් කර සිටිනු කැමැත්තෙමි.
ප්‍රවීන මුද්දරවේදී
දීප්ති හතුරුසිංහ
එහි දිය සලකුණ ලෙස යොදා ඇත්තේ ඔටුන්න සහ CA ඉංග්‍රීසි අක්ෂරයන් වේ. මෙය සැබෑ මුද්දරයක් මත දිය සලකුණ පෙනෙන නිදර්ශනයකි.
එහි දිය සලකුණ ලෙස යොදා ඇත්තේ ඔටුන්න සහ CA ඉංග්‍රීසි අක්ෂරයන් වේ. මෙය සැබෑ මුද්දරයක් මත පිහිටි දිය සලකුණක ප්‍රති නිර්මාණයකි.
ඡායාරූපය : ශානක ප්‍රමෝද්
මෙය Swaziland වෙතින් London වෙත ගුවන් තැපෑලෙන් ගිය ලිපි කවරයකි. (1936.05.12)
මෙය Swaziland වෙතින් USA වෙත ගුවන් තැපෑලෙන් ගිය ලිපි කවරයකි. (1936.04.14)
Swaziland වෙතින් නිකුත් කළ පස්වන ජෝර්ජ් රජුගේ Silver Jubilee වෙනුවෙන් නිකුත් කළ මුද්දර හතර
Swaziland වෙතින් නිකුත් කළ පස්වන ජෝර්ජ් රජුගේ Hong Kong වෙතින් නිකුත් කළ පස්වන ජෝර්ජ් රජුගේ Silver Jubilee වෙනුවෙන් නිකුත් කළ මුද්දර හතර
Silver Jubilee වෙනුවෙන් නිකුත් කළ මුද්දර හතර