එකමත් එක රටක ලස්සන ගම්මානයක පුංචි ගෙදරක අම්මෙකුයි තාත්තෙකුයි පුතාලා දෙන්නෙකුයි ජීවත් වුණා. මේ පුතාලා දෙන්නගෙන් ලොකු පුතාගේ නම සිලී, බාල පුතාගේ නම මිලී.
සිලී නම් හරිම කඩිසරයි, දක්ෂයි. ඒ් වගේම දෙමාපියන්ට ගුරුවරුන්ට හරිම කීකරුයි. එයා ඉස්කෝලේ දී දෙන පාඩම් වැඩ හොදින් කරනවා. ඒ් විතරක් නෙමෙයි නිවාඩු දවස්වලට උදේම නැගිටලා අම්මටයි, තාත්තටයි ගෙදර වැඩවලට උදව් කරනවා.
ඒත් මිලී නම් හරිම කම්මැලියා, කොච්චර කම්මැලිද කියනවනම් එයා මේසය උඩ තිබිලා බිමට වැටෙන පැන්සලක්වත් උඩට ගන්න කම්මැලියි. මිලී ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩක්වත් හරියට කරන්නේ නෑ. අම්මයි තාත්තයි කොච්චර අවවාද කළත් මිලී ඒ්වා ගාණකටවත් ගත්තේ නෑ. ඒ් නිසා මිලී ගොඩක් අයගෙන් බැනුම් අහනවා.
අම්මයි තාත්තයි මිලී ගැන හරිම කළකිරීමෙන් තමයි මේ නිසා හිටියේ. ඔන්න, එක නිවාඩු දවසක උදේ නැගිටපු මිලී වැසිකිළියට යන්න සූදානම් වුණා. එයා මිදුලට බැහැපු ගමන්ම මෙහෙම දෙයක් දැක්කා.
අයියා උදේම නැගිටලා අම්මයි තාත්තයි එක්ක එළවළු පැළවලට වතුර දානවා. ඉතිං මිලී ඒ් දේවල් දැක්කත් නොදැක්ක ගානට වැසිකිළියට ගියා. ආපසු ඒනකොට මිලී දැක්කා අයියා මිදුල අතුගානවා. ඉතින් මිලී ඒ් පාර නම් හිතුවා අයියා මෙහෙම වැඩ කරන්නේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි හොද අහගන්න වෙන්න ඇති ඉතින් මට මොක ද මිලී මෙහෙම හිතලා අයියා ගැන ඊරිසියාවෙන් ගේ ඇතුලට ගිහින් දවල් වෙනකම්ම හොදට නිදාගත්තා.
ඔන්න ඊළග දවසේ උදේම මේ දෙන්නා ඉස්කෝලේ ගියා. සිලීට වඩා අවුරුද්දක් මිලී බාල නිසා සිලීට වඩා අවුරුද්දක් බාල පන්තියේ තමයි මිලී ඉගෙන ගත්තේ.
ඉතින් පන්තියේ ගුරුතුමිය උගන්වන වෙලාවේ මිලීට හරිම කම්මැලිකමක් දැනුණා මොකද මිලී ඉගෙන ගන්න ආසා ළමයෙක් නෙමෙයිනේ. ඉතින් මිලී බොරුවට ගුරුතුමියගෙන් අවසර අරගෙන වැසිකිළියට යන්න ඕන කියලා පන්තියෙන් එළියට ආව මිලීට මෙහෙම හිතුණා. අයියා දැන් පන්තියේ ඇත්තේ. ඒයා ගැන පොඩ්ඩක් බැලුවනම් හරි එයාගේ පන්තිය දිහාට ගිහින්. ඉතින් මෙහෙම හිතපු මිලී සිලීගේ පන්තිය දිහාවට හෙමින් හෙමින් ගිහින් ජනේලයෙන් එබිලා බැලුවා.
ඔන්න ඒ් වේලාවට ඒතනට ගුරුවරියක් ආවා. ගුරුතුමී දැක්කා උගන්වන වේලාවේ දී මේ ළමයා ඉගෙන ගන්නේ නැතිව අනුන්ගේ පන්තිවලට ඒබිකම් කර කර කරන නරක වැඩේ.
ඉතින් ගුරුතුමිය මිලීගේ කනෙන් අල්ලගෙන ගිහින් විදුහල්පතිතුමාට බාර දුන්නා. ඉතින් විදුහල්පතිතුමා පහුවදා මිලීගේ අම්මයි තාත්තායි ඉස්කෝලෙට එන්න කියලා ඒ් දෙන්නට හොදටම දොස් කිව්වා. අනේ මේ මිලී කරන නරක දග වැඩ නිසා ඒයාගේ අසරණ දෙමාපියන් එදත් විදුහල්පතිතුමාගෙන් බැනුම් ඇහුවා.
ඔන්න තවත් දවසක මෙහෙම දෙයක් සිද්ද වුණා.
මිලී කුස්සියේ ඉදගෙන කෙසෙල් ඇවරියක් කනවා. ඒ්ත් එයා ඒ් පොතුටික දැම්මේ කුණු බදුනට නෙමෙයි බිමට. ඉතින් ඔහොම ටික වේලාවක් යනකොට මිලී ලොකු කෙසෙල් ඇවරියක් කාලා කුස්සිය පුරාම පොතු දැමිමා. ඒ්වා සුද්ද කරන්නේ නැතිව ගිහින් දොර අස්සේ හැංගිලා බලාගෙන හිටියා.
ඒයා දන්නවා අයියා බඩගිනිවෙලා කන්න කුස්සියට එනවා, ඒතකොට එයා මේ කෙසෙල් පොතුවල ලිස්සලා වැටෙනවා කියලා. අයියට මොනව හරි අනතුරක් වෙනවට මිලී හරිම කැමැත්තෙන් තමා හිටියේ. මොකද හැමෝම අයියට ආදරෙයි වගේම හැමෝම අයියගේ හොද කියනවනේ.
ඉතින් ඔන්න ටික වේලාවක් යනකොට සිලි හොදටම බඩගිනිවෙලා කුස්සියට දුවගෙන ආවා. දඩාස් ...................................
ඒ් එක්කම අසරණ සිලී කෙසෙල් පොතුවල ලිස්සලා කුස්සිය මැදම ඇදගෙන වැටුණා. සිලීගේ කකුල තුවාල වෙලා ලේත් ගලනවා.
කුස්සියේ සද්දේ ඇහිලා දුවගෙන ආපු අම්මා සිලීටම බනින්න පටන් ගත්තා. මේ ළමයට මොනවා වෙලා ද කෙසෙල් කාලා මදිවට කුස්සිය හැමතැනම පොතු දාලා. ඒ්වා උඩම ලිස්සලා වැටුණා නේ ද හොද වැඩේ තියෙන පෙරේතකමට මෙහෙම කියලා අම්මා තරහින් කුස්සියෙන් එළියට ගියා.
සිලී දන්නවා සිද්ද වුණු දේ. ඒ්ත් එයා මල්ලිව පාවලා දුන්නේ නෑ. වැරැද්ද තමන් පිටම පටවාගෙන සද්ද නැතිව හිටියා. මේ සිද්ද වුණු දේවල් හැමදෙයක්ම බලන් හිටපු මිලීට අයියා ගැන ගොඩක් දුක හිතුණා. අයියා තමන්ට කොච්චර ආදරේද කියලා මිලීට හිතුණා. දුවලා ගිහින් අයියාව බදාගෙන අයියාගෙන් සමාව ඉල්ලුවා.
ඉතින් එදා ඉදන් මිලී නරක වැඩනම් කළේ නැහැ. හොද ළමයෙක් වෙලා අයියා වගේම හොද වැඩ කලා. ගුරුවරුන්ට දෙමාපියන්ට කීකරු හොද ළමයෙක් වුණා.
D.G.P lakmali
2018/Waya/S/S/F/2998
ඔන්න මගේ මගේ පුං චි යාලුවනේ මං අද ලස්සන කතාවක් අරන් ආවා....
මේ කතාවේ ඉන්නේ සිනමන් අයියයි ,පුරන් මල්ලියි.
සිනමන් අයියයි පුරන් මල්ලි කියන්නේ ගජ යාලුවෝ.දවසක් මෙයාලට හරි අපූරු දෙයක් සිද්ධ වෙනවා .මොකක්ද දන්නවද ?
ඔන්න සිනමන් අයියයි පුරන් මල්ලි ලස්සනට ඇඳගෙන ගමනක් යන්න පිටත් වෙනවා . මෙහෙම යනකොට පාරේ තිබුණ කොළ ලිස්සලා සිනමන් අයියා මඩ වලකට ඇදගෙන වැටුණා .මුළු ඇගේම මඩ. ඉතින් මල්ලි අයියව නැගිට්ටුවා විතරයි සිනමන් අයියා පාර සුද්ද කරන ආච්චිට බැනගෙන බැනගෙන යන්න වුණා .මොකද එදා ආච්චි පාර සුද්ද කරල තිබුනෙ නැහැ. පුරන් මල්ලි කොච්චර එපා කිව්වත් මෙයාගේ බැනිල්ලනම් නතර වුණේ නැහැ. අනේ, ටික වෙලාවකින් පාරේ එහා පැත්තේ එන කෙනා දැකපු පුරන් මල්ලිට කියාගන්න බැරි දුකක් ඇති වුණා.
මොකක්ද දන්නවද යාලුවනේ පුරන් මල්ලි දැක්කේ.හරියට ඇවිදගන්න බැරිව කොරගහමින්, ඔලුවත් වෙළුම් පටියකින් බැඳගෙන එන පාර සුද්ද කරන ආච්චිව. සිනමන් අයියත් මේ දේ දැක්කේ එක එක පාරටමයි. එකපාරටම කට වහ ගත්ත සිනමන් අයියට තමන් ගැන ලොකු ලැජ්ජාවක් වගේම තරහක් ඇති වුණා .
දැක්කා නේද මගේ පුංචි යාලුවනේ සිනමන්ට වුන දේ..
ඉතින් පුංචි අපිත් සිනමන් වගේ නොවී කෙනෙක්ට මොනව හරි දෙයක් කියනකොට දෙපාරක් හිතන්න පුරුදු වෙමු.
ආර්.ඒ.නවෝදා සදමිණි ගුණතිලක
2018/Waya/C/S/F/3004
හිරුණි තවම පෙර පාසල් යන පුංචි දැරියක්- එයාගේ උපන් දිනය සැප්තැම්බර් 06 හිරුණි ගෙදරට ඉන්න එකම සුරතල් දුව නිසා අම්මත්
තාත්තත් උපන් දින සාදය ටිකක් ජයට ගන්නවා-
පෙර පාසලේ යාළුවන්ට ගෙනියන්න ටොපි චොකලට් වගේ දෙයක් ගේන්න හිරුණිගේ අම්මා හිතුවා- ඒත් හිරුණි ඉල්ලුවෙ කේක් චොකලට් සහ කෙසෙල් ගෙඩි එක්ක කෑම පාර්සලයකුයි යාළුවන්ට
තෑගි දෙන්න කතන්දර පොතුයි පැන්සලුයි-
අම්මට කියලා පැළ තවානෙන් ගෙන්න ගත්ත අඹ පැලය තාත්තත් එක් කරගන උදේම මිදුලේ හිටෙව්වා- හිරුණිගේ අයියා සිතුමුත් හිරුණිට උදව් කළා- අම්මා උයපු කිරිබත් බුදුන්ට පූජා කළා- රූපවාහිනියේ කියලා දුන්න විදිහට අම්මට තාත්තට ආච්චිට අයියට බුලත් දීලා වැන්දා-
හිරුණි යන්නේ ගමේ පෙර පාසලට ඒ නිසා පෙර පාසලේ නිමාලි ගුරුතුමියට දෙන්න කුඩේකුත්
ගත්තා-
උදේ පෙර පාසලට යන විට වෙනදාට වඩා පරිසරය ලස්සනයි කියලා හිරුණිට හිතුණා- කුරුල්ලන්ගේ නාදය වෙනදාට වඩා ලස්සනයි කියලා හිතුණා- මල් ගස් වලත් ගොඩක් මල් තියනවා වගේ පෙනුණා- ඒ වගේම හිරුණිගේ යාළුවොත් එයා එනකන්
මග බලාගන ඉන්නවා වගේ කියලා එයාට දැනුණා-
ගුරුතුමියටත් යාළුවන්ටත් තෑගි දීලා කවුරුත් හිරුණි වට කරගෙන උපන් දිනයට සුභ පතන විට හිරුණිට පුදුම සතුටක් දැනුණා-
හවස තමයි ගෙදර උපන් දින සාදය
තිබුණේ- ගෙදර ඉන්න ආච්චි මහපු ලස්සන ගවුමට හිරුණි ගොඩාක් කැමති වුණා- පුංචිලා නැන්දලා මාමලා හැමෝම තෑගි ගෙනාවා- සිතුම් අයියා දුන්න බෝනික්කටත් එයා ගොඩාක් කැමති වුණා- හිරුණි අම්මට කියලා උපන් දින කේක් එකකුත් හැදෙව්වා-
මෙන්න දු කැමතිම තෑග්ගක් මාමා හිරුණිට තරමක පෙට්ටියක් දුන්නා- ඒ පෙට්ටියේ
තැනින් තැන සිදුරු කපලා- හිරුණි ඒ ඇයි කියලා හිතුවත් සිතුම් අයියට නම් ඒක තේරුණා- නංගි අපි
මේක ඇරලා බලමු- කියලා සිතුම් අයියා පෙට්ටිය ඇරියා - පුළුන් ගොඩක් වගේ සුදු හා පැටියෙක් දෙන්නටම හරි ආස හිතුණා- හා පැටියා බයෙන් වටපිට බැලුවා-
සතුන්ට ආදරය කරන්න ඒත් සතුන් කූඩුවල දාගන ඉන්න එපා ඒක හරි පවු නිමාලි ගුරුතුමිය දවසක් කියා දුන්න හැටි හිරුණිට මතක් වුණා- අම්මා
ගමනක් ගිහින් ආවේ නැති රෑ වෙනකන් ආවේ නැති වුණහම දුක හිතෙන විදිහ පාළුව දැනෙන විදිහ හිරුණිට මතක් වුණා- හිරුණි කල්පනා කළා-
එයාගේ වෙනස මාමාට දැනුණා- “ඇයි දු ආස නැද්ද හා පැටියට ” මාමා ඇහුවා -“ නෑ සත්තු කූඩු කරගන ඉන්න එක පවු හා පැටියා තාම පුංචියි එයාට අම්මා ඕන ” හිරුණි කිව්වා-
මාමාත් කල්පනා කළා හොද අදහසක් පොඩි කාලේ ඉදලා හිත්වල ආදරය කරුණාව අනුකම්පාව තියනවා නම් කොච්චර හොදද මාමාට හිතුණා-
“දු හරි හොදයි එහෙනම් අපි මූ ගිහින් දෙමු” මාමා කිව්වා- මාමා හිරුණිත් එක්ක හා පැටියත් අරන්
ගියා- හා පැටියා ගෙනාපු තැනටම දීලා හිරුණිත් එක්ක සෙල්ලම් බඩු කඩයකට ගියා රෙදි වලින් හදපු
ලස්සන හා පැටියෙක් හිරුණිට අරන් දුන්නා- “මේකට නම් මාමේ මං ගොඩාක් කැමතියි”- කියලා හා පැටියත් අරන් හිරුණි ගොඩාක් සතුටින් ගෙදර ගියා-
පී.ජී පියුමි මධුවන්ති
2018/waya/c/s/f/ 3298
පිංචි හරිම දඟ වගේ ම කෑදර ගෑනු ළමයෙක්. පිංචිගෙ නංගි තමයි සිඟිති. සිඟිති නම් හරිම අහිංසකයි. ඒ දෙන්නගෙ අම්මයි තාත්තයි දෙන්නටම ලස්සන ලස්සන සෙල්ලම් බඩු ගෙනත් දෙනවා. ඒත් පිංචි සිඟිතිට ගෙනත් දෙන සෙල්ලම් බඩු ටිකත් උදුරලා අරන් තනියම සෙල්ලම් කරනවා . පුංචි සිඟිති හැමදාම අඬනවා. දෙන්නටම අම්මා ගෙනත් දෙන රසකැවිලිත් එහෙම තමයි. සිඟිතිගෙ ටිකත් පිංචි උදුරන් කනවා.
ඔහොම කාලය ගත වුණා . සිඟිතිට පිංචි කරන හැම දෙයක් ම එක සුරංගනාවියක් බලන් තමයි හිටියෙ. ඔන්න ඉතින් පුංචි හැමෝගෙම ලෝක ළමා දිනය දවස ආවා. සිඟිති උදේ ම ඇහැරිලා දිව්වෙ අද මොනවද දන්නෑ හම්බවෙලා තියන තෑගි කියලා බලන්න වෙනදා වගේම තෑගි තියලා තියන ලොකු අඹ ගස ළඟට. එක එක විදිහෙ පාට පාට කොළවලින් සරසපු තෑගි ගොඩක් එතන තිබුණා.පරක්කු වෙලා නැඟිටලා එතනට දුවගෙන ආපු පිංචි සිඟිතිව තල්ලු කරලා එතන තිබුණු ලොකු ලොකුවට තිබුණු තෑගි ඔක්කොම අරන් ගියා. පිංචිට අරන් යන්න බැරි වුණු පොඩි තෑගි පෙට්ටි දෙකක් විතරක් සිඟිතිට ඉතුරු වුණා. සිඟිති ඒ දෙක අතට අරන් දිග ඇරලා බැලුවා. ඒකෙ තිබුණා ලස්සනම ලස්සන කතා කරන බෝනික්කෙකුයි ලස්සන පැන්සල් පෙට්ටියකුයි.
ඒත් එක්කම පිංචි ගේ ඇතුළෙ ඉඳන් අඬාගෙන එළියට ආවා. "මට තෑගි නෑ. තෑගි පෙට්ටිවල තියෙන්නෙ කැඩිච්ච වීදුරු කටු ටිකක්." පිංචි අඬ අඬ කිව්වා. මේක දැකලා දුක හිතුණ සිඟිති එයාගෙ අතේ තිබුණු කතා කරන බෝනික්කා පිංචිට දුන්නා. පිංචිට ගොඩක් සතුටු හිතුණා. පිංචි ආයෙත් කවදාවත් සිඟිතිට නරක වැඩ කරන්නෙ නෑ කියලා පොරොන්දු වුණා. දෙන්නම සතුටින් සෙල්ලම් කරා. මේක දැකපු සුරංගනාවිත් දෙන්නටම තව ලස්සන තෑගි ගොඩක් දීලා යන්න ගියා.
R.G. පසිඳි ප්රමෝදනී.
2018/ Waya/ S/S/F/3287
නුවණක්කාර ගොවි බිරිඳ
ඔන්න එකමත් එක කාලෙක පිටිසර ගමක ගොවියෙක් සහ ඔහුගේ බිරිඳ ජීවත් වුනා.ගොවියා උදේම කුඹුරට ගිහින් වැඩ කරද්දී,ගෙවිලිය නිවසේ වැඩ කටයුතු කරා.
ටික දවසක් යද්දී ගොවියාට හිතුනා තමන් මහන්සි වෙලා කුඹුරු කොටද්දී,තමන්ගේ බිරිඳ ගෙදරට වෙලා කිසිම වැඩක් නොකර සතුටින් ඉන්නවා කියලා.
"ඔබ ගෙදරට වෙලා නිකම් ඉන්නවා ,කාලය නාස්ති කරනවා"
ගොවියා තරහින් ලගට ගිහින් කිව්වා,ගොවියාගේ බිරිඳ නුවණක්කාරයි,ඇය තරහා ගත්තේ නැහැ.
"ඔබ එහෙනම් හෙට ඉදන් ගෙදර ඉන්න,මම කුඹුරට යන්නම් "
ගෙවිලිය මදක් සිතා බලා කිව්වා.
"ඒක කදිම අදහසක් මම හෙට ඉදන් නිවසේ වැඩ කරන්නම්,ඔබ එහෙනම් කුඹුරට යන්න".
ගොවියා සතුටින් කිව්වා.
"හොදයි එහෙනම් මේ වැඩ ටික මතක තියා ගන්න.එළදෙනුන්ගෙන් කිරි ටික දොවන්න,ඌරන්ට වෙලාවට කන්න දෙන්න,වළං ටික සෝදන්න,කිකිළියන්ව බලන්න,ලණු ටික අඹරන්න."
ගෙවිලිය එහෙම කියලා පසුදා කුඹුරට ගියා,ගොවියා සතුටින් ගෙදර නතර වුනා.
ඔහු මුලින්ම කිරි දොවන්න ගියා,ඔහු කිරි දොවද්දී එළදෙනට රිදුනා,ඒ නිසා ඔහුට එළදෙනගෙන් හොද පා පහරක් ලැබුනා.
ගොවියා ඊලඟට ගියේ ඌරන්ට කෑම දෙන්න,ඌරු කොටුවට ගිය ගොවියාගේ හිස එහි තිබූ ලෑල්ලක තදින් වැදුනා.
කුස්සියේ වළං හෝදලා ඔහු හෙම්බත් වුනා,කිකිළියන් පස්සේ දුවලා හති වැටුනා.
අන්තිමට හවස් වුනා,ඒත් ඔහුට ලණු අඹරන්නත් අමතක වුනා.
ගොවි බිරිඳ කුඹුරේ වැඩ නිමවා,හවස ගෙදර ආවා,ගොවියා ලැජ්ජාවෙන් ඇය ඉදිරියට ආවා.
"ඔබ ගෙදරට වෙලා මෙතරම් වැඩ ගොඩක් කරද්දිත් කාලය නාස්ති කරනවා කිව්වට මට සමාවෙන්න."
ගොවියා බිරිදගෙන් සමාව ඉල්ලුවා,ඉන්පසුව කවදාවත් ගොවියා සිය බිරිඳගේ සේවය හෑල්ලුවට ලක් කලේ නෑ,ඔහු කුඹුරේ වැඩ කරද්දී ගෙවිලිය නිවසේ වැඩ කටයුතු කලා,ඔවුන් සතුටින් කාලය ගත කලා.
අනෙක් අයට යමක් කියන්න කලින් අපි හොඳට හිතලා බලන්න ඕනි,අනිත් අයගේ හිත රිද්දලා ඔවුන් කරන සේවය හෑල්ලුවට ලක් කිරීම නරක වැඩක් කියලා හැමෝම තේරුම් ගන්න ඕනි.
එම්.ජී.අනූෂි නයංජනා රත්නායක
2018/waya/s/s/f/3005
ඔන්න එකෝමත් එක කැලයක දවසක් හරි අපූරු වැඩක් සිද්ධ වුණා. එදා හරිම ලස්සන දවසක්. ඉර මාමා හිනැහෙමින් බලා ගෙන හිටියා. එයාගේ එළියෙන් මුළු කැලයම එළිය වුණා. ඒ විතරක් නෙවෙයි, මල් සුළඟට නැමි නැමී හරි ලස්සනට හිනැහෙනවා.
ගොඩක් ලස්සන මේ දවසේ සිද්ධ වුණු අපූරු වැඩේ වුණේ කැලෑ ගමේ කැලෑ පොඩිත්තන්ගේ දිවීමේ තරඟය. තරඟය තියන්න හැමදේම සූදානම්.
කැලෑ පොඩිත්තෝ හරිම සතුටින්. කොටි බබා, අලි බබා, ජිරාෆ් බබා වගේම තවත් පුංචි පුංචි පොඩිත්තෝ ගොඩක් ඇවිත් හිටියා.
ඒ අතර හිටපු විශේෂම කෙනා වුණේ තරඟයෙන් දිනන්න ම හිතාගෙන ආපු හා බබා.
එයා බොහොම ආඩම්බරයෙන් එහාට මෙහාට ගියා. දැනටමත් තරඟය දිනලා වගේ තමයි හිටියේ.
“ආහ්.. අර මොකක් ද අර.” හා බබා පුදුම වුණා.
එකපාරටම හා බබා ඒ දැකලා තියෙන්නේ පඳුරක් අස්සට වෙලා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටිය පුංච් පොඩිත්තෙක් ව, ඒ තමා ඉබි බබා.
එයාව දැක්ක ගමන් හා බබාගේ ආඩම්බරය තවත් වැඩි වුණා.
“අන්තිමයා වෙන්න ද ඔයා තරඟෙට දුවන්න ආවේ පුංචි ඉබ්බෝ” කියලා හා බබා ඉබි බබාට හයියෙන් හිනා වුණා.
අනේ! කිසිම වරදක් නොකරපු අහිංසක ඉබි බබාගේ හිත රිදුණා. එයා ඉබි කට්ට ඇතුළේ මූණ ඔබාගෙන හොඳටෝම ඇඬුවා. එයාව සනසන්න කිසි කෙනෙක් හිටියේ නෑ.
හා බබා සැරෙන් සැරේ ඉබි බබාගේ හිත රිද්දලා සතුටු වුණා. අනෙක් කැලෑ ගමේ බබාලා එක්කත් එකතු වෙලා එයාට විහිළු කළා. ඉබි බබා තනියම දුකෙන් බලාගෙන හිටියා.
තවත් කෙනෙක් රිද්දලා සතුටු වෙන්න හොඳ නෑ කියලා හා බබාට කියලා දෙන්න වැඩිහිටියෙක් එතන හිටියෙත් නෑ.
“මම ගෙදර යනවා” ඉබි බබාට හිතුණා. ඒත් තවත් ටිකක් කල්පනා කරපු ඉබි බබා “නැහැ, මම ගෙදර යන්නේ නෑ. තරගයෙන් මම පැරදුණත්, අන්තිමයා වුණත් මම තරගෙට ඉදිරිපත් වෙනවා.” එයා අන්තිමට එයාගේ පුංචි හිත හදාගත්තා.
ඔන්න, තරගය පටන් ගන්න වෙලාව ආවා. කැලෑ පොඩිත්තෝ ඔක්කෝම තමන්ට උපරිමයෙන් දුවන්න ගත්තා.
හා බබා හැමෝටම ඉස්සරහින් වේගයෙන් දිව්වා. අනේ ඉතින් ඉබි බබා හැමෝටම්ම පිටිපස්සෙන් හෙමිහිට ගෑටුවා.
පිටිපස්ස බල බලා දුවපු හා බබාට දිනුම් කණුවට ළංවෙන්න ඔන්න මෙන්න තියෙද්දී හරිම ඇබැද්දියක් තමයි වුණේ.
එයාගේ කකුල ගලක පැටලිලා වැටුණා. කකුල හොඳටෝම තුවාල වුණා. අනේ! නැඟිට ගන්නත් අමාරුයි. එයා බොහොම වේදනාවෙන් කෑගැහුවා.
හා බබා වැටිලා ඉන්න තැන පහු කරගෙන වේගයෙන්ම එයාගේ යාළුවෝ හැමෝම ගියත් කවුරුත් එයා වෙනුවෙන් නැවතුණේ නැහැ.
එයාලා හැමෝම හිතුවේ තරගය දිනුවම ලැබෙන තෑග්ග ගැන. කවුරුත් හා බබා ගැන වද වුණේ නැහැ.
හැමෝම එතැන පහු කරලා ගියත්, හොඳටම පරක්කු වෙලා එතැනින් යන්න ආව ඉබි බබා තුවාල වෙලා වැටිලා ඉන්න හා බබාව දැක්කා. ඉබි බබාට තරගය අමතක වුණා.
“ඔයාට අමාරුයි නේ ද හා පැංචෝ. ඉන්න මම උදව් කරන්නම්” කියලා ඉබි බබා හා බබා ළඟට ගියා. හා බාබගේ හොඳටම තුවාල වුණු කකුල දැකලා ඉබි බබාට තවත් දුක හිතුණා.
“ඉබි පැංචෝ, ඔයා යන්න. නැත්නම් තරගෙට ආවට හම්බෙන තෑග්ගත් ඔයාට නැති වේවි.” හා බබා කිව්වා.
ඉබි බබා හා බබාව කට්ට උඩ වාඩි කරගෙන හෙමින් හෙමින් ඉස්සරහට ගියා. හා බබා හරිම බරයි. ඒත් හිතට වීර්ය අරන් ඉබි බබා දිනුම් කණුව ළඟටම ආවා.
ඒ වෙනකොටත් තරගය දිනපු කොටි බබාට තෑග්ග දෙන්න හැමෝම සූදානමින් හිටියේ.
ඒත් හා බබාව ගොඩක් අමාරුවෙන් පිටේ තියාගෙන එන ඉබි බබා දැකපු නිසා හැමදේම එකපාරට වෙනස් වුණා.
තරගයේ නියම වීරයා විපතේ දී මිතුරා අත් නොහැර උපකාර කළ පුංචි ඉබි බබා කියලා හැමෝම තීරණය කළා. ඒකට හා බබාටත් ගොඩක් සතුටු හිතුණා.
එදා ඉඳන් හා බබාගේ හොඳම යාළුවා ඉබි බබා වුණා.
එම්.එම්.ජී. වරුණි දිලීපා රත්නසිරි
2018/Waya/S/S/F/3267