දනුක ලක්ෂාන් වීරසුන්දර ගේ..........
යානාවේ යාළුවා
දනුක ලක්ෂාන් වීරසුන්දර ගේ..........
යානාවේ යාළුවා
නාට්‍ය හා රංගකලාව අධ්‍යයන අංශය
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය
2018/waya/DT/S/M/585
චරිත
සුපුන්
දසුන්
ෂෙහාන්
මලිති
සදුනි
[තිරය විවර වේ.වේදිකාව කැලයක් අසල එළිමහන් ස්ථානයකි.වේදිකාව මත විශාල පියාඹන පිරිසියක් දක්නට ලැබේ.එහි විවිධ වර්ණ වලින් යුතු ආලෝක බල්බ නිවේමින් දැල්වෙමින් තිබේ.වේදිකාව උඩ ඉහළ දකුණින් ළමුන් පිරිසක් වේදිකාවට අවතිර්ණ වේ. ඉන් එක් පිරිමි ළමයෙකු පෝට්රෝල් ගසමින් පැමිණේ.ඔහු පෙරළි ගොස් යානාවේ ගැටෙයි. අනෙක් ළමුන් තිදෙනා එක් ළමයෙකු උඩ දාමින් , අල්ලමින් වේදිකාවට පැමිණේ . යානාවේ ගැටුණු ළමයා එක්වරම නැගි සිටි.]
සුපුන්: හත්වලාමේ මේ මොකක්ද මේ.
(එක් ළමයෙකු උඩ දමමින් පැමිණි පිරිස බියවී උඩ දමමින් සිටි ළමයා බිමට වැටේ.ළමුන් පිරිස යානාව දැක බිය වී වේදිකාව මැද දකුණින් දිව යයි. බිම වැටුණු ළමයා එතනම සිටි)
දසුන්: මාර යාලුවෝ මාව දාලා දුවලා ගියා. මොකක්ද මේ ගැජට් එක කොම්පියුටර් ගේම්වලනම් මේ වගේ ඒවා දැකලා තියෙනවා. මේක කොහොමද මෙතනට ආවේ.
(අනෙක් ළමුන් පිරිස වේදිකාව උඩ ඉහළ දකුණින් නැවතත් සෙමෙන් සෙමෙන් පා තබමින් වේදිකාවට පිවිසේ.)
සියල්ලෝම: යාලුවේ........ (ශබ්දනගා)
මලිති : බලන්නකෝ මේකෙ ලස්සන.
සදුනි : මේක නම් පිටසක්වල යානාවක් වගෙයි.
ෂෙහාන්: අපට සෙල්ලම් කරන්නනම් නියමෙට ගැලපෙනවා.මේක ඇතුලේ මොනා තියෙනවාද දන්නේ නැ
දසුන්: කවුද දන්නේ
සුපුන්: මොකටද අපි විහින් කරදරේ වැටෙන්නේ.
සදුනි: මේක පිටසක්වල යානාවක් නම් මේකේ භායානක සත්තුත් ඇති.
මලිති: මේකේ දොරක්වත් පෙන්නට නැනේ
ෂෙහාන්: අපි මේක කපමු.
දසුන්: අන්න ඒක නියම අදහස. අපේ ගෙදර තිබ්බ ඒකට ගැලපෙනම ආයුධය
(දසුන් වේදිකාවේ උඩ ඉහළ වමෙන් වේදිකාවෙන් පිටවී තරමක් විශාල කියතක් රැගෙන පැමිණෙයි. )
දසුන්: කෝ ඉතින් හැමෝම එන්න මේක කපන්න උදව් කරන්න අපිට.
(ළමුන් සියලුදෙනාම දෙපැත්තට බෙදි යානාව කැපිමට උත්සහ කරයි.)
සියල්ලෝම - අම්මෝ මේක නම් හරියන වැඩක් නෙමෙයි.(සුළු මොහතකින් ළමුන් සියලුදෙනා මහන්සි වී බිම හිද ගනී.)
දසුන් : අපි වෙන විදිහක් බලමු.
ෂෙහන් - මට ආවා තව අදහසක්. සුපුන් එන්න මාත් එක්ක යන්න .
( සුපුන් හා ෂෙහාන් වේදිකාවේ මැද දකුණින් පිටවී විශාල පොරවක් කර තබාගෙන පැමිණෙයි. )
ෂෙහන් - ඔන්න බලන්න මමයි. සුපුනුයි මේක ඇරල පෙන්නම් ඔයාලට කරන්න තියෙන්නෙ අපි මේක පලනකම් මේක හයියෙන් අල්ලන් ඉන්න .
සියලුදෙනාම : මේක හරියන වැඩක් නෙවෙයි.
දසුන් : මේක මහා අමුතුම යානයක්.අපි යමු යන්ට.
ෂෙහාන් : හෝව්.... හෝව්.... ඔහොම ඉන්න. මට ආවා හොද අදහසක්.
සියලුදෙනාම : හැබෑට ඒ මොකක්ද ඒ....
ෂෙහාන් : අද කලේ තාක්ෂණය හරිම දියුණුයි.කොයි දේටත් යොදාගන්නේ තාක්ෂණය එම නිසා මේ වාගේ
යානාවකටත් දියුණු තාක්ෂණයක් යොදාගෙන ඇති .
මලිති : ඒකනම් ඇත්ත. මම අහලා, කියවලා තියෙනවා අපේ ලෝකයට වඩා පිටසක්වල තාක්ෂණය ගොඩාක් දියුණුයි කියලා.
ෂෙහාන් : මම ළඟදි Youtube එකේ විඩියෝ වගයක් බැලුවා. දැන් ඉස්සර වාගේ නෙවෙයි දොරවල් වලට උනත් යොදා ගන්නේ දියුණු තාක්ෂණය.
මලිති : ඔයා කියන්නේ Face Unlock, Fringer Print, Lock Code වගේ ඒවා නේද.
සදුනි : මොනාද ඒ Face Unlock , Fringer Print, Lock Code කියන්නේ.
මලිති : Face Unlock කියන්නේ අපේ මුහුණේ පෙනුම මෙහෙයුම් පද්ධතියක ගබඩා කරලා මුහුණේ මුල් පිටපත මගින් ඔනම වේලවක මුහුණේ ජායාවක් ලබාදිලා Lock එක ඇරගන්න පුලුවන් නවීන ක්‍රමයක්.
සුපුන් : Fringer Print කියන්නේ අගුලකට අතේ ඇගිලි සලකුණු ලබා දිලා එම ඇගිලි සලකුණු මගින් අගුල විවෘත කිරිම. Lock Code කියන්නේ අගුලකට පරිගණක කේතයක් ඒ කියන්නෙ අපි කැමති අංක කිහිපයක් ඇතුලත් කරන්න තියෙන්නෙ, ඊට පස්සෙ ඒ අංක ඇතුලත් කරල දොර අරින්න පුලුවන්
ෂෙහාන් : මේකටත් ඒ වගේ තාක්ෂණයක් පාවිච්චි කරලා ඇති. මේකට මාගේ ලැප්ටොප් එක උදව්කර ගන්න පුලුවන් ඔහොම පොඩ්ඩක් ඉන්න යාලුවනේ.
( ෂෙහාන් වේදිකාවේ ඉහල උඩ දකුණින් පිටවි ලැප්ටොප් එකක් රැගෙන නැවත වේදිකාව පැමිණේ .)
ෂෙහාන් : එන්න යාලුවේ මේකේ තියෙනවා ඕන දෙකට විසදුම්.
සුපුන් : මේ තියෙන්නේ හැමදේම විස්තර කරලා.
දසුන් : සදුනි කිව්වා හලි Face Unlock , Fringer Print , Lock Code ගැන හැමදේම විස්තර.
(ළමුන් සියලුදෙනාම රැස්වී සාකච්ඡාවක නිරත වේ. ඉන්පසු ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු වේදිකාව මැද දකුණින් පිටවී ගොස් වයර් කිහිපයක් රැගෙන එයි.ළමයෙකු එක් වයර් කෙළවරක් තම පරිගණකයට සම්බන්ධ කරයි.අනෙක් ළමුන් වයරයේ අනෙක් කෙළවර යානාවට සම්බන්ධ කර පසෙකට යයි. බීප් බීප් බීප් යානාවේන් අමුතු ශබ්දයක් නිකුත්වේ.)
ෂෙහාන් : බය වෙන්න එපා යාලුවේ . වැඩේ හරිගිහිල්ලා වගේ.මගේ කොම්පියුටර් එකයි යානාවයි සම්බන්ධය වෙලා...... Alarm එකක් වැදුනේ එක නිසා.
දසුන් : මේ දැක්කද? (පරිගණක තිරයට ඇඟිල්ල දිගු කරයි ) මම හිතන්නේ යානාවේ මෙහෙයුම් පද්ධතිය. එක හරියට වැඩ කරන්නේ නෑ.ඒක නිසා තමා යානාවේ දොරක් Lock වෙලා තියෙන්නේ.
මලිති : අපිට පුලුවන් යානාවේ මෙහෙයුම් පද්ධතියට ඇතුල් වෙන්න අපිට මේක හදාගන්න පුලුවන් .
ෂෙහාන් : මම ලඟදි Internet එකේ Programs වගයක් බැලුවා. ඒ දැනුමත් මෙකට උදව්කර ගන්න පුලුවන් .
(ළමුන් සියලුදෙනාම පරිගණකයට අවධානය යොමු කොට සිටී. පසුබිමෙන් ඉලෙක්ට්‍රොනික සංඥ , ශබ්ද කිහිපයක හඬ වාදනය වේ. ෂෙහාන් ඉතාම ඕනෑකමින් පරිගණකය ක්‍රියාකරවයි.)
ෂෙහාන් : වැඩේ හරි...... වැඩේ හරි.......
(එකවරම යානාවේන් අමුතු ආලෝකයක් නිකුත්වේ .විවිධ ශබ්ද රටා නිකුත්වේ . ළමුන් පරිගණකය රැගෙන යානාවේන් මදක් පසෙකට යයි. යානාවේ ආලෝක සංඥා , ශබ්ද අතරින් දුමාරයක් පිටවේ. ඒ සමගම යානාව තුලින් ඔලුවේ ඇන්ටනා කූරු දෙකක් සහිත , කෙසග දිලිසෙන ශරීරයකින් යුතු පිටසකවල ජීවියෙකු යානාවෙන් පිටතට පැමිණේ. ළමුන් සියලු දෙනා බියවී වේදිකාවේ ඒ මේ අත දිවයයි. එක වරම දසුන් යානාවට සම්බන්ධ කල වයරයේ පැටලී බිම ඇදවැටෙයි. පිටසක්වල ජීවියා බිම වැටුන ළමයා රැගෙන නැවත පිටසක්වල යානාව තුලට යයි. දසුන් බිය වී කෑගසයි. )
දසුන් - අනේ යාලුවනේ ... යාලුවනේ ... අනේ මාව බේරගන්න යාලුවනේ.
( යානාවේ ආලෝක බුබුළු සියල්ල නිවීගොස් පෙර තත්වයට පත් වේ )
සදුනි :- අනේ අපේ යාලුවා,පිටසක්වල ජීවියා එයාට් මොනා කරයි ද ?
මලිති :- අපිට ඔය යානාව අරින්නේ නැතුව ඉන්න තිබුනේ. බලන්න දැන් වුන දේ
ෂෙහාන්:- යානාව විවෘත කරමු කියලා අපි හැමෝම එකග වුනා නේ ! කොහොම හරි අපේ යාලුවාව අපි බේරගන්න ඕනේ. අපිට එයාව දාල යන්න බෑ
දසුන්:- අපි දැන් වෙන විදිහක් බලමු.
සුපුන්:- ඒක ඇත්ත දැන් මෙතන රන්ඩු කරලා වැඩක් නැහැ.අපි අපේ යාලුවාව බේරගන්න විදියල් හොයන්න ඕනේ.
ෂෙහාන් :- දොර ඇරලා මේපාර තව පිටසක්වල ජීවියෝ එළියට ඒවිද දන්නෑ.
මලිති :- එහෙම වුනොත් අපි හැමෝවම අල්ලගෙන අරන් යාවී. අපිවත් යානාව ඇතුලට අරන් යයිද දන්නෑ.එහෙම වුනොත් අපිට ආයේ ගෙදර යන්න වෙන එකක් නෑ.
සුපුන් :- ඒත් දසුන්ව දාලා අපි කොහොමද යන්නේ.යාලුවෙක් කරදරේ වැටුනාහම බේරගන්න එක හොද දෙයක්.
(ළමුන් සියලුදෙනා නැවත රැස්ව එකිනෙකා සාකච්ඡා කර ශෙහාන් නැවත තම පරිගණකය අතට ගනී.අනෙක් ළමුන් යානාවට සවිකල වයරය් ගෙනැවිත් පරිගණකයට සම්බන්ධ කරයි.)
ෂෙහාන් : මේපාර නම් වැඩේ කලින් තරම් අමාරු වෙන එකක් නෑ.
සදුනි:- මොකද ෂෙහාන්
ෂෙහාන් :- මට යානාවට සම්බන්ධවෙන්න බෑ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා .
සුපුන්:- මේ බලන්න
ෂෙහාන් :- දසුන් වයර් එකේ පැරලුන නිසා වයර් එක මෙතනින් කැඩිලා
ෂෙහාන් :- ඔහොම පොඩ්ඩක් ඉන්න. ( තම සාක්කුවෙන් ටේප් රෝලක් ගෙන වයරය සම්බන්ධ කිරීමට උත්සාහ ගනී.)
ෂෙහාන් :- හරි...ඒ වැඩේ හරි.
මලිති :- මටත් අවා නියම අදහසක්.ඔයාලා වැඩේ කරගෙන යන්න...
(මලති වේදිකාවේ ඉහල දකුනින් පිටවි විශාල ලනුවක් රැගෙන පැමිනේයි. ලනුව පසෙකින් තබා යහලුවන් ලගට පැමින ඔවුන්ගේ කනට යමක් කොදුරයි. එක වරම නැවතත් යානාවෙන් විවිධ ආලොකයන් හා විවිධ ශබ්ද රටා නිකුත් වේ. පිටසකවල ජීවියා හා දසුන් යානාවෙන් පිටතට පැමිනේ. ළමුන් පිරිස එක්වරම පැන පිටසකවල ජීවියා අල්ලා ලනුවකින් ගසකට තබා බැද තබයි )
පිටසකවල ජීවියා : චිං චිං චැං චෙං චං චියැං........
සුපුන් :- මොනාද මෙයා මෙ කියන්නෙ..මේක මහ අමුතු භාෂාවක්..
මලිති :- මෙයා ඇයි මෙහෙට අවේ. මෙයා මොන ලොකෙන්ද මෙහෙට අවේ. ඒ මොනවත් දැනගන්න මෙයා කතාකරන භාෂාව තේරෙන්නෙ නෑනේ..
දසුන්:- මට හිතෙන්නෙ මෙයාගෙ ල කයට යන්නයි ඔනේ වෙලා තියෙන්නෙ
ෂෙහාන් : ඔයාට මොනාද ඕනේ. ඔයා කොහේ ඉදලද මෙහට ආවේ.
පිටසක්වල ජිවියා :- චිං චොන් චැන් චිං චොන් චැන් .
සදුනි : මෙයාට අපේ භාෂාව තේරෙන්නේ නැහැනේ.තවත් කතා කරලා වැඩක් නැහැ.වෙන ක්‍රමයක් හිතමු යාලුවේ.
ෂෙහාන් : මෙයාගේ භාෂාව තේරුම් ගන්නත් අපිට තාක්ෂණය තේරුම්ගන්න පුලුවන් .
සදුනි : ඔයාගේ ලැප්ටෝප් එකේ තියෙනවා නේද භාෂා පරිවර්තනය කරන app එකක්. එකෙන් පුලුවන් මෙයා කියන දේ තේරුම්ගන්න. (ෂෙහාන් වේගයෙන් තම පරිගණකය ක්රියාකරයවයි .)
ෂෙහාන් : මේ තියෙන්නේ App එක.අපිට කරන්න තියෙන්නේ අපේ භාෂාව තෝරලා දෙන්න විතරයි.ඕනෑම භාෂාවක් මේකෙන් පරිවර්තනය කරන්න පුලුවන්.
(ෂෙහාන් තම ලැප්ටෝප් බැගයට අත දමා Headphone දෙකක් එලියට ගෙන සුපුන්ට ලබාදෙයි. සුපුන් එය පැලදගනී.)
සුපුන්: මෙකෙන් එකක් ඔයා දාගන්න.අනිත් එක පිටසක්වල ජිවියාට දාන්න.එතකොට අපිට පුලුවන් අදහස් හුවමාරු කරගන්න.
(සුපුන් බියෙන් බියෙන් පිටසක්වල ජිවියා ළගට කිට්ටුවේ. Headphone ය පිටසක්වල ජිවියාට දැමිමට සැරසෙයි.පිටසක්වල ජිවියා බයවී දගලයි.ළමුන් සියලුදෙනා එක්වී පිටසක්වල ජිවියා අල්ලාගනි.සුපුන් Headphoneය සවිකර පසෙකට දුවයි.)
දසුන් : දැන් ඉතින් App එක Open කරන්න.
සුපුන් : අපෙන් ඔයාට කරදරයක් නැ.ඔයා කොහෙන්ද මෙහාට ආවේ. මොකක්ද ඔයාගේ නම.
පිටසක්වල ජිවියා :- චිං චැන් චිං චැන් චිං වන් වෑන්.
සුපුන්: එයාගේ යානාවේ දෝෂයක් නිසා එයාව මෙහාට කඩාගෙන වැටිලා.එයා ඇවිත් තියෙන්නේ අපේ ලෝකේ ඉදලා ගොඩාක් දුරින් තියෙන තරැවක ඉඳලා. එයාගේ නම ෆියුරි.
දසුන් :- ෆියුරි කෝ එතකොට ඔයාගේ අම්මා, තාත්තා.
පිටසක්වල ජිවියා :- චොං චින් චැන් චිං චැං චින් චොං චිං චැං .
දසුන්:- අම්මලා තාත්තල එයා එනකම් බලන් ඉන්නවා ඇතුලු එයාට ඕන එයාගෙ යානාව ඉක්මනට හදාගන්න.
මලිති:- ඉතිං අපි කොහොමද මෙයාට උදව් කරන්නෙ අනික මගේ පිටසක්වල යානාවක් අපි කොහොමද තනියම හදන්නේ.
ෂෙහාන්: - මෙයාට අපේ ලෝකෙ ඉන්න බෑ එයාටත් එයාගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඉන්නවා අපි හැමෝම එකතු වුණොත් යානාව හදන්න බැරි වෙන එකක් නෑ
(ළමුන් එකතුවී පිටසක්වල ජීවියා බැඳ තිබූ ලණුව ලිහා හා ඔහු නිදහස් )
දසුන්:- හැමෝම මෙහාට එන්න මේ යානාව හදන්න කලින් අපි හැමෝම එකතු වෙලා මේක මෙතනට ගේන්න ඕනේ (අනිත් ළමයි දිව ගොස් ලණුව යානාවේ ගැටගසා ඇදීමට සූදානම් වේ)
දසුන්:- හැමෝම අදින්ට එකායි ,දෙකායි, තුනායි අදිමු.. ( ළමුන් සියලු දෙනා තම ශක්තිය යොදා යානාව වේදිකාව මැදට ඇදීමට උත්සාහ ගනියි)
සදුනි:- මේක පොඩ්ඩක් හෙළ වුණේ නෑ නේ
මලිති:- තව පාරක් උත්සහ කරලා බලමු...
(ඔවුන් සියලු දෙනාම නැවත වරක් යානාව ඇදීමට උත්සාහ ගනී .ඒ අවස්ථාවේ යානාවේ බැද තිබූ ගැටය ගැලවී සියලු දෙනාම එකා පිට එකා බිම ඇද වැටෙයි ළමුන් අමාරුවෙන් නැඟිටියි පිටසක්වල ජීවියා පැමිණ ඔවුන් සියලු දෙනාම නැගිට්ටුවයි)
සුපුන් - මේකට වෙන ක්‍රමයක් හිතන්ට වෙයි.
පිටසකවල ජීවියා - චිං චිං චැං චෙං චං චියැං
දසුන්: - එයා කියනවා එයත් එක්ක හැමෝම එකතු වෙලා යානාව තල්ලු කරන්නලු.
( යානාව සියලු දෙනාම එක්වී වේදිකාව මැදට තල්ලු කරගෙන පැමිණේ. )
ෂෙහාන් : හොව්.. හොව්... ඔහොම තියන්න .දැන් බලමු මෙකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා.
මලිති : මට හිතෙන්නේ යානාවේ නෙවිගේෂන් සිස්ටම් එකේ දෝෂයක් .
සුපුන් : ඒ මොකක්ද ඒ....?
ෂෙහාන්:- ඒ කියන්නේ ගමන් කිරිමට පහසු වන පරිඝනක පද්ධතියක්.දැන් මේ ක්‍රම ගමනාගමනයට ගොඩක් උදව් වෙන්වා.
සදුනි : මේ බලන්න මෙතන වයර් වගයක් ගැලවිලා.
ෂෙහාන් :- අපි හිතුව හරි .යානාවේ නෙවිගේෂන් පද්ධතියට ගොඩාක් හානිවෙලා.
මලිති :- එක නිසා තමා යානාව මෙතනට කඩා වැටිලා තියෙන්නේ.
සුපුන් :- Internet එකෙන් තොරතුරු හොයාගෙන මේක හදාගන්න පුලුවන්.
ෂෙහාන් : දසුන් මගේ ලැප්ටෝප් එක අරන් එන්න. (ෂෙහාන් තම පරිගණකයෙන් නෙවිගේෂන් පද්ධතිය ගැන තොරතුරු සොයාබලයි.) හම්බුනා හම්බුනා මේකට අඩුවක්, නියනක් වගේ ආයුධ ටිකක්, Ir sensor එකක් , මයික්‍රෝචිප් එකක් ඕනේ.
(සුපුන් හා දසුන් වේදිකාවේ මැද දකුණින් පිටවී ගොස් විශාල මල්ලක් රැගෙන එයි. සුපුන් විදුලි පන්දමක් සවිකල තොප්පියක් හිසේ පැළඳ වේදිකාවට පැමිණෙන අතර දසුන් අත් වැසුම් යුවලක් හා ඇසට දමන කන්නාඩියක් රැගෙන වේදිකාවට පැමිණෙයි.)
මලිති :- අප්පේ මෙයලා අරන් ඇවිත් තියෙන දේවල්
ෂෙහාන් :- මොන දේ කරත් ආරක්ෂාව ගැන හිතන්ට එපැයි.
සදුනි :- මලිති ඔයා Internet එකේ සෞරග්‍රහ මණ්ඩලයේ ගමන් මාර්ගය ගැන තොරතුරු බලන්න.
කැඩුනු යානේ මගේ නැවත හදන්නට
මම ආයේ මගේ ලෝකෙට යන්නට
මයික්‍රෝචිප් ,ප්රොසේස GPS (GPS)//
අලුත් තාක්ෂණේ එකතු කරාගෙන
යානය මං දැන් හදාගෙන
යන්නට යනවා මං මගේ ලෝකයට
පෘථිවියේ සිරවි දවස් ගණන් මම
තනි වි සිටියත් කල් ගෙවමින් මෙහි
සුරලොව පරදන සොදුරැ දසුන් එහි
නිවී නිවී දැල්වේ මගේ මතකය තුළ
ෂෙහාන් : මගේ වැඩේ හරි. මලිති මේ වයර් එක මගේ ලැප්ටෝප් එකට සම්බන්ධය කරන්න.
මලිති :- මම සෞරග්‍රහ මණ්ඩලයේ ගමන් මාර්ගය System එකට Upload කරා.
(යානාවේ ආලෝක බල්බ දැල්වෙන අතර එංජිමක් පණගැන්වෙන ශබ්දයක් පසුබිමෙන් නිකුත්වේ . ෂෙහාන් ප්‍රිතියෙන් තම මිතුරන් වැළඳගනි)
ෂෙහාන් : හුරේ...... හුරේ.... හුරේ ........හුරේ ....... අපි දියුණුවා යාලුවේ .......
සුපුන් :- අපි ඔක්කෝම එකතුවෙලා වැඩකරපු නිසා කෝමහරි පිටසක්වල යාලුවාගේ යානාව හදාගත්තා.
දසුන් :- ඒ විතරක් නෙවෙයි නවින තාක්ෂණය කොච්චර වැදගත්ද කියලා අද අපිට තේරුණා. තාක්ෂණය නැත්නම් අද කාලේ මුකුත්ම කරගන්න බැහැ වගේම තාක්ෂණය පුංචි ළමයි වන අපි හොද දේවල් වලට විතරක් පාවිච්චි කරන්නත් මතක තියාගන්න ඕනේ.
පිටසක්වල ජිවියා :- චිං චිං චැං චෙං චං චියැං . (පිටසක්වල ජිවියා ළමුන් හිසනමා අචාර කරයි.)
ෂෙහාන් :- පිටසක්වල ජිවියා කියනවා අපි මේ කරපූ උදව්වලට බොහොම ස්තූතියි. අපිව බලන්න ආයෙම එන්නම් කියලා.
මලිති :- දුක් වෙන්න එපා යාලුවේ අපේ පිටසක්වල යාලුවාට අපිත් එක්ක ඉන්න බෑනේ. එයා එනකම් එයාගේ අම්මා , තාත්තා ,සහොදර , සහොදරියෝ බලන් ඉන්නවා.
( පිටසක්වල ජිවියා ළමුන් සමග දෑත් අල්ලාගෙන සතුටින් නටමින් ගීතයක් ගායනා කරයි )
පැන යන්නට එහා ලොවට
බලය මගේ සිදෙන්න පෙර
දුකයි යාලු දාලා යන්න
මතක් වෙවි එහිදී මට
සෙල්ලම දුර දිග ගිහිල්ලා
රංඩු වුණා එක පොරයට
නැවතත් සැනකින් අප සැම
සිනහා වුණා පුරුදු ලෙසම
මතක පොදිය රැගෙන යනවා
ගුලි කරාන මගෙ සිතේ
ගිහින් එවා සිහිකරනවා
එකින් එකට සතුටු සිතින්
(ගීතය අවසානයේ පිටසක්වල ජිවියා ළමුන්ගෙන් සමුගෙන යානාවට ඇතුලු වේ.පිටසක්වල ජිවියා යානාවට ඇතුලු වී කවුලුවෙන් ළමුන් දෙස බලා සිටි. ළමුන් ඔහුට අත වනයි. ඒත් සමගම තිරය වැසියයි.වේදිකාව අඳුරු වේ.)
නිමි.