ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය -පී.යූ.එස්. තුමාර
“නායකත්වය” යනු යම්කිසි කාර්යභාරයක් සාර්ථක ලෙස අරමුණු කරා යොමු කිරීමේ ක්රියාදාමයයි. සාමූහික ක්‍රියා ක්‍රියාකාරකම් මගින් අපේක්ෂා කරන පරමාර්ථයන් ඉටුකර ගැනීම සඳහා කණ්ඩායම මෙහෙයවීම නායකත්වය යැයි තවත් ආකාරයකින් සඳහන් කළ හැකිය. අනුගාමිකයින් ලවා නිශ්චිත අරමුණක් ඉටුකර ගැනීමටත් ඔහු නොකළ යුතු දෑ මෙහෙයවීමටත් නායකත්වයකින් අපේක්ෂා කෙරේ.
කණ්ඩායමේ සාමාජිකයින් හරියාකාරව විවිධ කාර්යයන් කිරීමට අනුගත කිරීම, උද්යෝගිමත් කිරීම, එකම දිශාවකට ගමන් කිරීමට අවශ්‍ය පරිසර සාධක ගොඩනැගීම, අභියෝග ජයග්‍රහණය කරා ගෙන යෑම කණ්ඩායමක් මෙහෙයවන නායකයෙකුගෙන් අවම වශයෙන් බලාපොරොත්තු වේ.
මෙම ක්‍රියාන්විතයට ආකාර තුනකින් මූලික වශයෙන් ප්‍රවේශ විය හැකිය. ඒවා නායකත්වය ප්‍රවේශ යැයි නම් කළ හැකිය.
01 ගුණාංග මත සිදුවන ප්‍රවේශය(qualities approach)2
නායකයෙකුට අත්‍යවශ්‍ය ගුණාංග සමූහයක් ඇත
නායකත්ව ගුණාංග
සැලසුම් කිරීම
සවන්දීම
මිත්‍රශීලී භාවය
නිවැරදි තීරණ ගැනීම
දුර දක්නා නුවණ
හොඳ සන්නිවේදන හැකියාව
පාර දෘශ්‍යතාව
සුහදශීලී භාවය
හොඳ ගතිගුණ
දැනුම
ඉවසීම
මෙහෙයවීමේ ශක්තිය
අධිෂ්ඨානශීලී බව
උද්යෝගිමත් බව
තිරසාරබව
සමානාත්මතාව
අන්‍යයන්ට උදව් කිරීම
අපක්ෂපාතී වීම
ආත්ම විශ්වාසය
බුද්ධිමත්භාවය
ධෛර්යය
හැඟීම්බරතාවයේ ස්ථාවරබව
නම්‍යශීලීත්වය
අවංකභාවය
චිත්ත ශක්තිය
සෘජු භාවය
නිහතමානී බව
ඉහත කී ගුණාංග මත නායකත්වය පවත්වාගෙන යාම පහසුය. සංකීර්ණ භාවයෙන් තොර සාමාන්‍ය වාතාවරණයන්ට මෙම තත්ත්වය ඔරොත්තු දේ. මෙවැනි තත්ත්වයන් පවතී නම් කිසියම් ආයතනයක හොඳ ප්‍රතිඵල අත්වනු ඇත. ඉහත කී ගුණාංග සමූහයට අමතරව මෙම ගුණාංග සමූහය ද එක්කර ගැනීම මෙම ප්‍රවේශය සඳහා හොඳ ප්‍රතිඵලයක් අත් කර දීමට ඉවහල් වේ.
නිරන්තර ඉගෙනීම
සේවය සඳහා හැඩගැසීම
ධනාත්මක සන්තුෂ්ටිය පවත්වා ගැනීම
සෑම පුද්ගලයෙක්ම ඔවුන්ට ආවේණික වූ හැකියාවන් ගෙන් හා නිපුණතාවන් ගෙන් යුක්ත බව කෙරෙහි විශ්වාසය තබා ගැනීම
ආතතියෙන් වැළකීම පිණිස වෘත්තීය ක්‍රියාමාර්ග වල නියැලෙන ගමන්ම සාමාජීය ආගමික දේශපාලනික කටයුතු වල නියැලී සමබර දිවියක් උදෙසා කටයුතු කිරීම
ගැටලු නිරාකරණයේදී නම්‍යශීලීව පොදු එකඟතාවන්ට ගරු කරමින් ඊට ශක්තියක් දීම එය මදිකමක් හෑල්ලු වක් සේ නො සැලකීම
ව්‍යාකූලතාව හා ආතතිය ජීවිතයට බාධාකාරී වන විට හොඳින් හුස්ම ගැනීම හොඳින් හෘද ස්පන්දනයට ඉඩ දීම කියවීම ලිවීම නිර්මාණශීලි වීම යෝගී ව්‍යායාම හා භාවනා කිරීම යනාදියට ඉඩ කඩ ලබා ගැනීම
මනා සම්බන්ධීකරණය තුළින් සැමවිටම හොඳ ප්‍රතිඵල ලබා ගැනීම
නීතිගරුක භාවය තුළින් කණ්ඩායමේ සාමාජිකයන්ගේ විශ්වාසය හා ආරක්ෂාව තහවුරු කර ගැනීම
අරමුණු ජය ගැනීම සඳහා සාර්ථක ලෙස යොමු කිරීම විවිධ කාර්ය පැවරීම අධීක්ෂණය හා ප්‍රගති සමාලෝචනය සිදු කිරීම
02 අවස්ථානුකූල ප්‍රවේශය (situational approach)
සංකීර්ණ ආයතන ව්‍යුහයක් සහිත මහා පරිමාණ ව්‍යාපාර වල නායකත්වය උදෙසා මෙම ප්‍රවේශය ඉවහල්වේ. මක්නිසාද ඉහත සඳහන් නායකත්ව ගුණාංග සමූහයට වඩා සුවිශේෂ වූ කුසලතා රැසක් මෙම ප්‍රවේශයට අදාළ වන බැවිනි. ඒවා නම්
කණ්ඩායම මෙහෙය වීමට තාක්ෂණික මෙන්ම වෘත්තීමය වශයෙන් අද්විතීය දැනුම් සම්භාරයක්, සෑම ක්ෂේත්රයක් ගැනම හොඳ අවබෝධයක්, හොඳ මෙහෙයුම් යන්ත්‍රණයක් තිබීම
පුද්ගලයන්ගේ ස්වභාවය හා හැඟීම් ගැන මනා අවබෝධයක්(Emotional Intelligence) තිබීම
එක් එක් පුද්ගලයාගේ දක්ෂතා අනුව කාර්යයන්වල නිරත කරවීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වීම
නොදෙවෙනි බුද්ධිමත්භාවය, කිසියම් කරුණක් වෙන්වෙන්ව විශ්ලේෂණය කිරීමේ හැකියාව, ඒවායේ සම්බන්ධතාව ක්ෂණික ව අවබෝධ කරගැනීමට හැකිවීම, සංකීර්ණ ගැටළු වලට කිඳා බැසීමට හැකි වීම, තමා ළඟ ඇති අත්දැකීම් වත්මන් වාතාවරණයන් ට ගැලපෙන අයුරින් ආදේශ කිරීමේ හැකියාව, අවස්ථානුකූල ව ක්‍රියා කිරීමට ඇති හැකි හැකියාව තිබීම(soft skills)
03 කාර්ය මත ප්‍රවේශය (Functional approach)
විශේෂිත අවස්ථා වලට මුහුණ දීමට මෙම ප්‍රවේශය බෙහෙවින් උපකාරී වන අතර විශිෂ්ට ප්‍රතිඵල අත්කර දෙයි. කාර්ය සාර්ථකත්වය ලබා ගැනීමට නිසි සුදුසුකම් සහ මනා සංවිධානයකින් ක්‍රියාත්මක වීමත් සියලු සාමාජිකයින් ඒකරාශී කර තද බැම්මකින් යුතුව උද්යෝගිමත් ව ක්‍රියා කිරීමට පරිසරයක් සකස් කිරීමද මෙම ප්රවේශයේදී අනිවාර්යය වේ. අනුඛණ්ඩ ලෙස අනුගාමී යුද්ධ කිරීම සුනාමි ගංවතුර ගිනිකඳු පිපිරීම ලැව්ගිනි භූමිකම්පා හටගැනීම වැනි අර්බුදකාරී ව්‍යසනයන් ආදියට මෙම ප්‍රවේශය නිතැතින්ම සුදුසුය.
ක්‍රියාශීලී නායකත්වය ඵලදායි වෙනස්කම් ඇති කරයි. නායකත්වය කළමනාකාරීත්වයට ක්‍රියාශීල අත්වැලක් ලබා දෙයි. කළමනා කළමනාකාරිත්වය වෙනුවට නායකත්වය ආදේශනය කළ නොහැකිය බොහෝ ආයතන අවශ්‍යතාවය ඉක්මවා දැඩි පාලනයකට යටත් වන අතර ඉතාමත් අවම මට්ටමක කළමණාකාරීත්වයක් පෙන්නුම් කරයි. විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමට ආයතනයකට ප්‍රබල නායකත්වයකින් යුතු මනා කළමනාකාරිත්වයක් අවශ්‍ය වේ.
04 හුවමාරුව ප්‍රවේශය(Transactional approach)
කාලය හා අවදානම ගැන විමසිලිමත් වෙමින් කටයුතු ඉදිරියට ගෙන යාමට වඩාත් සුදුසු ක්‍රියා මාර්ගය සොයා ගැනීමට ප්රයත්න ගනියි. බලාපොරොත්තු ඉලක්ක කරා යාමට සාමාජිකයින් ගත යුතු ක්‍රියාමාර්ග එකිනෙකට භාර කාර්යයන් හදුනා ගැනීම විශ්වාසය අවශ්‍යතා හා ඕනෑකම් හඳුනාගැනීම ඒවා මුදුන්පත් කර ගැනීමට ඇති මාර්ග මෙහිදී ඇති වැදගත් සාධක ලෙස දැක්විය හැකිය.
05 පරිවර්තනීය ප්‍රවේශය (Transformational approach)
ආයතනයක ප්රගතියේ ඉමහත් වෙනසක් ක්ෂණිකව ලබා ගැනීමට මෙම ප්‍රවේශය උපකාරී වෙයි. මෙවැනි නායකත්වය අනුහස් නායකත්වය(charismatic leadership) ලෙස හඳුන්වනු ලබන අතර ගතයුතු ක්‍රියාමාර්ග පහත පරිදි වේ
දැනට ආයතනයේ පවතින ප්‍රතිරූපය(image) බලාපොරොත්තු වන වෙනස්කම් වලට අනුරූපව ආකර්ෂණීය තත්ත්වයක්ට වර්ධනය කිරීම.
නිර්මාණශීලී දායකත්වයක් ලබා ගැනීමට නම්‍යශීලීත්වය ආයතනය තුළ ප්‍රගුණ කිරීම
නිමැවුම් වෙනසකට භාජනය කිරීම
ගුණාත්මක බවින් අනූන නව නිපැයුම් බිහි කිරීම හා නව ක්‍රියාමාර්ග අනුගමනය කිරීම
අභියෝගාත්මක ක්රියාවලියකවලිවලට අවතීරණ කිරීමෙන් සේවකයින් ගේ දක්ෂතා නිපුණත්වය ට වර්ධනය කිරීම
හොඳ සම්බන්ධීකරණය කින් යුතුව හරියාකාර මෙහෙයවීමක් යටතේ සියලු පාර්ශවයන් අතර ක්‍රියාශීලීත්වය වර්ධනය කිරීම
පිරිස් කළමනාකරණයේදී සෙසු නායකයින්ට වඩා මුළුමනින්ම වෙනස් ආකාරයක් අනුගමනය කිරීම
සරල ක්‍රියාමාර්ග මගින් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීම
ආයතනයේ සැබෑ තත්ත්වය සියලු දෙනාටම අවබෝධ කරවීම
ක්ෂණික පෙරළිකාර ක්‍රියාදාම මගින් හොද ප්‍රතිපල ලබා ගැනීමට පෙළඹවීම
නායකයකු වශයෙන් තමාට ඉහළ පිළිගැනීමක් තිබෙන බව සිතා වීරයකුගේ භූමිකාවක් මවා නොගෙන යථාර්ථයට මුහුණදීමට සුදුසු වාතාවරණයකින් නිහතමානීව මුහුණ දීම
කාර්යයක් සාර්ථක ලෙස ඉටු කර ගැනීම සඳහා නව ප්‍රවේශ ක්‍රියාදාම හඳුන්වාදීම
නවීකරණය ඉස්මතු කර දීමට අවශ්‍ය පරිසරය සැකසීම
ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට මාර්ගය විවෘත කිරීම
තමන් අනුගමනය කරන පුද්ගලයන් විමර්ශනයට ලක් කිරීමෙන් විවිධ කුසලතා හඳුනාගෙන ඒ අනුව ස්ථානගත කිරීම හා අනාගතයට පැවරිය යුතු අනතුරු ගැන සලකා බැලීම
තමන් ආදර්ශමත්ව ක්‍රියා කරන අතර ම අන් අයගේ කුසලතා හැකියාවන් වර්ධනය කිරීමේ පරමාර්ථය තුළින් උද්යෝගීමත්භාවය මෙන්ම ස්වයං අභිමානය වර්ධනය කිරීමට පිළිවෙත් දියත් කිරීම මේ සඳහා අභියෝගාත්මක ක්‍රියාකාරකම් වල නිරත වීමට අවස්ථාව සැලසීම බෙහෙවින්ම ප්‍රතිඵලදායකය
ක්‍රමානුකූලව වැඩ පැවරීම තුලින් මෙන්ම ප්‍රබල වගකීම් දැරීමට හොඳ අවස්ථා සැලසීමෙන් ද පුද්ගලයන් වර්ධනය කිරීම
පරිවර්තනීය ප්‍රවේශය යොදාගත් නායකයෝ
පරිවර්තනීය ප්‍රවේශය යොදාගෙන විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් නායකයෙක් වශයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් වූයේ ඇමෙරිකාවේ general electricals ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජැක් වෙල්චි ය .
වසර 20 ක දීර්ඝ කාල සීමාවක් තුළ සේවයේ නිරතවී ආයතනයට වාර්තාගත ප්‍රගතියක් ලබා දීමට සමත් විය. වෙළඳාම සතර ගුණයකින්ද ශුද්ධ ලාභය හය ගුණයකින්ද වැඩි කරගැනීම එම වාර්තාගත ප්‍රගතියයි.
තම ආයතනය සාර්ථකත්වය කරා ගෙන යාමට ජැක් වෙල්චි අනුගමනය කළ පිළිවෙත් හයක් හඳුනා ගෙන ඇත.
ගමනාන්තය පාලනය කිරීම
සැමවිටම සත්‍යයට මුහුණ දීම
තමා යටතේ සේවය කරන පුද්ගලයින් සියලුම දෙනා සමග මිත්‍රශීලී සම්බන්ධතා වර්ධනය කිරීම
වෙනසක් අවශ්‍ය කාලසීමාවට ප්‍රථම වෙනස්කම් ඇති කිරීම
ආයතනය පවත්වාගෙන යාමේ මානසිකත්වයෙන් මිදී පෙරමුණ ගෙන ක්‍රියා කිරීම
තරඟකාරිත්වය තුළින් වාසිදායක තත්ත්වයක් ලබා ගැනීමට නොහැකි අවස්ථාවලදී අභියෝගාත්මකව ක්රියාකාරීමෙන් වැළකීම
ජැක් වෙල්චිට සමකාලීන කැම්බල් ආයතනයේ මැක්ග්රෝවන් කොකාකෝලා සමාගමේ රොබැටෝ ද පරිවර්තනය ප්‍රවේශයට අනුගතව වාර්තාගත ප්‍රතිඵල අත්කර ගත් නායකයෝ වූහ. මෙම ප්‍රවේශය සීඝ්රයෙන් ලොව පුරා ප්‍රචලිත වීමට මෙහි ඇති විශිෂ්ටත්වය ම බලපෑවේ ය.
සැබෑ නායකයෝ හොඳ හිත දිනා ගැනීමට පහත ක්‍රම අනුගමනය කරති .
සවන්දීම (Listen)
පිරිනැමීම (Offer-give something gift or contribution)
ඇගයීම ප්‍රශංසාව (Admire-greatly respect- praise)
වරද පිලි පිළිගැනීම (Admit-confess to be true)
සංවේදීවීම (Empathize- understand and share the feeling another)
ස්තුතිය(Thanks)