ඉරි තැලී කුට්ටි වලට කැඩි බිදිච්ච ගේ බිත්තිය වසර ගණනාවකින් වැහි පොදක් නොදුටු ඉඩෝරයට හසු වුණ බිම් කෑල්ලක් වගේ.
තැනින් තැන ගැලවුණු මැටි ගොඩවල් එකතු කර කෝම් පිට්ටු හදනා දියණියන් තිදෙනා දිහා යසෝමා බලන් හිටියේ බොද වුණු දෑසිනි.
“ ඔය බිත්තිගේ මැටි කඩන්න එපා දරුවෙනේ.. දැන් ගේත් ගලවන් වැටෙයි.”
වත්තත මායිමට වන්නට පිහිි ලාකු සියඹලා ගස් දෙක නිසා අඳුරු වූ ගේ පුංච මීට පස් හය අවුරුද්දකට මත්තෙන් පියදාස හා එක්ව තමන් සදා ගත්ත හිල් හැදිච්ච වහළ දෙස බලමින් ඈ සිහි කළාය.
“මතක තියා ගනින් අපට විරුද්ධව ගිය එකාට තඹ සතේක දෙයක් අයිිති වෙන්න මං නම් ඉඩ තියන් නෑ”
පියදාසට උරුමයෙන් අයිිති වන්නට තිබූ ඉඩම් කෑල්ලත් යසෝමා විවාහ කර ගැනීම නිසා යැයි පැවසූව ද තමන්ට නතු කර ගැනීමේ තදබල තණ්හාවෙන් පියදාසගේ සහෝදරිය ලබා ගත් විට පියදාසත් යසෝමාත් කබලෙන් ලිපට වැටුණා මෙන් තවත් අසරණ විය.
පියදාසගේ නිවැසියන්ගේ බලවත් විරෝධය මත තමා විවාහ කරගත් සැටිත් ‘මෙවැයි අයිිතියක් මටත් තියේ යැ’යි කියමින් බලෙන්ම පදිංචි වූ සැටි ඇය සිහි කළාය .එතැන් පටන් පියදාසගේ මවගේත් සහෝදරියගේත් නොනවත්වා අසන්නට වූ අවලාද ඇයට රහසේ විඳගැනීමට සිදු විය.
පියදාසගේ මවගේ වියෝවෙන් පසු තමනුත් පියදාසත් පන්නා දැමු විට , ඇය තෙමස් ගැබිණියක බව යසෝමා සිහි කළේ දැන් වයස අවුරුදු පහක් වූ තම වැඩිමහලු දියණිය දෙස බලමිනි.
“ අම්මේ... ආච්චි එනවා....”
මෙතෙක් වෙලා කල්පනා ලෝකේ අතරමුං වුණ යසෝමා සිය දැහැගනන් මිදුණේ තම දෙවැනි දියණියගේ කෑ ගැසීමට ය. වෙල් ඉවුරේ අමාරුවෙන් ගොඩ වෙන යසෝමාගේ මව එන දෙස තම වැඩිමහලු දියණියන් තිදෙනා ආසාවෙන් බලන් සිටි ඇය නිසොල්මන්ව බලා උන්නාය.
“ ඉඳා ටික ටික බෙදන් කාපන්..”
කඩදාසි බෑගයේ වූ සීනි විස්කෝතු දැරියන් අතට ලබා ගදමින් මැටි බිත්තියට හේත්තු කරන ලද ලෑලි පුටුවේ ඇය තුනියට අත තියාගෙනම වාඩි වූවා ය.
“ දරුවා නිදි ද?”
යසෝමා අතේ උන් කිරි කැටියා දෙස බලමින් පැවසුව ද ඈ එයට පිළිතුරක් නොදීම සිඟිිති දියණිය පැදුරු කෑල්ල මත තැබුගේ පරිස්සමට ය.
“ පියදාස ගැන තවම ආරුංචියක් නෑනේ අම්මේ...”
“ ඒක නොවැ.මුං හිතාන උන්නේ විමල් පුතාටවත් කියලා බලන්න..”
“ මේ මනුස්සයාට මුකුත් කරදරයක් ද මන්දා”
මීට දෙමසකට කලින් පියදාස විසින් කොළඹ රැකියාවක නිරත වීමට ගිය අතර දැනට සුමානයක පමණ සිට ඔහු ගැන තොරතුරක් නොමැති වීම යසෝමාටත් පවුලේ අයටත් කනස්සල්ලට හේතු විය.
“ අද කඩයප්පන් තැම්බුවේ නෑ?”
පියදාස නැති දා පටන් යසෝමා ජීවන අරගලයට මූණ දීම උදෙසා උදේ හවා කඩයප්පන් තම්බා කඩමණ්ඩියට දමා එයින් ලැබෙන මුදලින් ජීවත් වූවා ය. කිරි දෙන දැරියත් අන් දැරියන් තිදෙනාත් රැක බලා ගනිමින් ඈ ගෙවන ජීවිතය දෙස යසෝමාගේ මව සුසුම් පිට සුසුම් හෙලමින් සිහි කළා ය.
නැතැයි කියන්නට මෙන් හිස වනා ගෙට ගිය යසෝමා සුද්ධ කරන ලද බතල අල තුන හතරක් වතුර මුට්ටියට දමන සැටි අනුකම්පාවෙන් බලන් උන්නු යසෝමාගේ මවට පෙර දින රාත්‍රියේ රේඩියෝවේ කියන ලද ප්රවෘත්තියද සිහි වී නළලින් හීන් දාඩිය ගැලී ය.
“ පියදාස අයියා ගැන තාම ආරංචියක් නෑනේ පුතේ...”
තම පොඩි දියයනයගේ සැමියා වූ විමල් හමුවට ගිය යසෝමාගේ මව කඳුළු පිරුණු දෑසින් ඔහුට බැගෑපත් වූයේ කුමක් කළ යුතු දැයි නිනව් කර ගත නොහැකි විටය. ගකාළඹ රැකියාවක් කරන විමල්ට පියදාස ගැන හෝඩුවාවක් සොයා ගැනීම ට හැකියාවක් ඇතැයි ඈ විශ්වාස කළා ය.
“ හෙට දිහා මං පියදාසගේ වැඩපොළට ගිහින් බලන්නම් අම්මේ...”
“ඊයේ රාත්‍රියේ රේඩියෝවේ කීවා නාඳුනන මළ සිරුරක් කොළඹ මහ ඉස්පිරිතාලේ තියෙනවායි කියලා, යසෝමාටත් මං ඒ වගක් කීවේ නෑ...බයටම ඒකිගේ පපුව පැලෙයි...”
ජේ. වී . පී කාලේ එවැනි පුවත් සාමාන්‍ය පුවත් වූවත් මවගේ සිත නොරිදීමට විමල් ක්‍රියා කළේය.
පසු දින පාන්දර බස් රථයට ගොඩ වැදුණු විමල් කොළඹට ළඟා වෙද්දී උදේ දහය පසු වී තිබුණි.
පෙර දිනක පියදාස කී ස්ථානය නිනව් කර ගත්ත විමල් අලුත ඉදිවන ගොඩනැගිල්ලක් පාමුල නතර වී කාකි ඇඳුමින් සැරසී සිිටි මුරකරු මහතා අසළට ගියේ ය.
“ මොකක්ද වුවමනාව ?” මඩ ගැහුණු දත් පෙළ සමඟ සිනාවක් සංග්‍රහ කළ මුරකරුට විමල්ද පෙරළා සිනහවක් පෑවේය.
“මහත්තතයා මෙතැන වැඩ කරනව ද පියදාස කියලා ගමාණරාගල පැත්තෙන් ආව කෙනෙක් ?”
“ආ... පියදාස..මොකෝ මං නොදන්නේ?ඒත් දැන් කාලයක ඉඳන් උන්දෑ පේන්න නෑ..මිනිහා ගමේවත් ගිහින්ද දන්නේ නෑ... ”
මුරකරු සමඟ පැයක පමණ වේලක් විස්තර කථිකා කර ගත්තතද පියදාස පිළිබඳ නිශ්චිතව කිව හැකි කිසිඳු තොරතුරක් ලබා ගැනීමට විමල්ට නොහැකි විය.තවත් හෝරා දෙක තුනක් පාරේ ඒ මේ අත යමින් ගතාරතුරු සෙව්වද හරි ගතාරතුරක් ලබා ගැනීමට ඔහුට නොහැකි විය.
එකවිටම පසු දින නැන්දම්මා පැවසූ පුවත ද ඔහුට සිහි වූයේ ගකාළඹ මහ ඉස්පිරිතාලය අසලින් යන විටදීමය.
රෝහල වෙත ගිය විමල් රෝහල් කාර්යය මණ්ඩලේ සහය ඇතිව නාඳුනන මළ සිරුර පිළිබඳ විපරම් කරන ලදී.මොහතකින් රෝහලේ සේවකයකු සමඟ මෘත ශරීරාගාරය වෙත තැතිගත් සිතින් විමල් ගියේ ය. මෘත ශරීරාගාරයට ඇතුළු වන විට දැණුන පුළුටු ගඳ ද ඔහුගේ සිත වඩ වඩා තැති ගැනීමට හේතු විය. සේවකයාගේ මඟ පෙන්වීම අනුව මෘත දේහය වෙත ගිය විමල් දුටු දෙයින් කකුල්ද පටලැවී ඇද වැටීමට ගියේ ය. තමන්ගේ මස්සිනා වූ පියදාසගේ නිසොල්මන් වූ සිරුර ලාච්චු මතු වී ඇති සැටි වේදනාබර සිතින් ඔහු බලා උන්නේය.
මීට දින පහකට උඩදී රිය අනතුරක් සිදු වී රෝහල වෙත ගෙන එන විටත් ඔහු මිය ගොස් ඇති බව පිටිපස උන් සේවකයා පවසන හඬ විමල්ට ඇසිණ. මේ පිළිබඳ අසල නීතිඥ මහතෙකු වැඩිදුර තොරතුරු දන්නා බව රෝහල් සේවකයා පැවසු විට විමල් තුළ වූයේ කුතුහලයෙකි..
කුතුහලයත් අතර ඇති වූ වේදනාබර සිතින් විමල් නීතිඥ මහතා සොයා යන ලදී.
“දුක් වෙන්න එපා ...මීට දින ගණනකට පෙර මුන්නැහේව ඇමරිකාවේ සුදු මහත්තයකුගේ ජීප් එකේ හැප්පිලා තියෙනවා .. පස්සේ ඒ මහත්තතයාම මුන්නැහේව රෝහලට ඇතුළත් කරා. නමුත් අපි කාගෙත් ජීවිත අනිත්‍යයි මහත්තයා..පියදාසගේ ජීවිතය බේර ගන්න බැරි වූණා...
” කලු කෝටයට වැසුණු හැදි දැඩි සිරුර ඇඟට පතට නොදෙනෙන්න ඔහේ කියා දැම්මේය.
නමුත් , පපුවට වදින වෙඩි මෙන් මේ පුවත කෙසේ අදහා ගත හැකි දැයි විමල් කල්පනා කළේය.
“සුදු මහත්තයා හුඟාක් දුක් වුණා. ඒ භාරකාරයෙක් හොයා ගන්න පුළුවන් වුණේ නෑනේ.පස්සේ ඒ මහත්තතයා මේ මුදල කවුරුන් හරි භාරකරුවෙකු ලැබුණොත් ලබා දෙන්නැයි කියලා රට ගියා”
තමන් මේ බව යසෝමාට කෙසේ පවසන්න දැයි සිත් තැවුලෙන් පසුවෙවී නීිතිඥ මහතාගේ උපකාර අතැතිව මරණය ගමට ගෙන යාමට සියලු කටයුතු සූදානම් කරමින් විමල් ගමට යද්දීද අඳුර දස අත පැතිරී තිබිණි.
මුළු පරිසරයම අඳුරින් ගිලී ඇති විටත් තමා එන දිහා වැට කඩුල්ල අසල සිට බලා උන් යසෝමාත් මවත් දෙස විමල් බැලුවේ දරා ගත නොහැකි වේදනාවකින් ය.
“ආරංචියක් තියේද පුතේ ?”
යසෝමාගේ මව විමල්ගෙන් ඇසූ විට විමල් තක්කු මුක්කු වී සිටියේ හොරකමකට හසු වී පොලිස් නිලධාරියෙකු අසල සිිටි විලසිනි.
“එහිදී රිය අනතුරක් වෙලා පියදාස අන්ත්‍රා වෙලා…හෙට දිහාට මරණය ගමට ගේනවා...”
ඉතා අමාරුවෙන් පිට වූ වචන දිහා බලන් සිිටි යසෝමා “මගේ දෙයියනේ ..” යැ’යි විලාප නඟා හඬන්නට විය.
ඇසිල්ලකින් නිවසට රොක් වූ ගම්වැසියන් ද සෝ සුසුම් හෙළමින් අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට කටයුතු කළෝය.පියදාසගේ මරණය ගේ තුළ තැබීමට පවා ඉඩ කඩ හදා ගැනීමට ගම් වැසියන් දැරුවේ සුළු පටු වෙහසක් නොව.
“අපි හරිම අසරණ මිනිස්සු මහත්තතයා...”
පෙර දින තමා නීිඥ මහතාට අවසන් වරට පවසා ආ වදන විමල් සිහි කළේ සුදු මහතා දුන්නා යැ’යි නීිතිඥ මහතා දුන් මුදල යසෝමා අතේ තබමිනි.
මළගමේ සියලු කටයුතු ඉතා අසරණව නිම කළ දෙසතියක් පමණ ගත වී තිබියදී විමල් යසෝමා සොයා ආවේ කොළඹ ගමනේ දී දැනගත් තවත් පුවතක් පැවසීමට ය.
“ඔය ලෝයර් කාරයා හෙන කපටියා...වන්දි නඩු ඉල්ලයි කියලා මිනිහා මේක යට ගහලා..
අනුමානයක් නෑ සුද්දාගෙනුත් ලොකු ගාණක් කඩා ගන්න ඇති...යසෝමට තියෙන්නේ වන්දි නඩු ඉල්ලන්න..”
දැන් ඕවා කතා කරලා වැඩක් නෑ මල්ලියේ... පියදාස නැති වෙලා ඉවරයි.මට පුළුවන් විදිහට මේ දරුවෝ හතර දෙනා හදන් ජීවත් වෙනවා...”
උළුවස්සට බර වී කඳුළු පිරුණ දෑසින් යසෝමා පැවසූ විට විමල්ට දැනුණේ ඉවසිය ගනාහැකි දුකකි.
පියදාසගේ වියෝවෙන් පසු සත්මසක් ගත වී ඇති අතර යසෝමා සුපරුදු පරිදි කඩයප්පන් තම්බා ජීවත් වූවාය.
මෙතෙක් වේලා ඇද හැලුන අනෝරා වැස්ස නතර වූ සැටිත් කලු වළාකුළු සැඟවී නිල් වළාකුළු මතු වන සැටිත් යසෝමා බලන් උන්නේ සෝ සුසුම් හෙළමිනි.
කොහෙන් සැඟවූවත් හදවතින් සැඟවිය ගනාහැකි සේ පියදාසගේ රිය අනතුරට වගකිව යුතු සුදු මහතා නැවත නීිතිඥ මහතා සොයා යාම ද පසුව යසෝමා පිළිබඳ තතු දැනගත්ත ඔහු යසෝමාගේ ගමත් නමත් ලියන ලද කඩදාසි කැබැල්ලක් රැගෙන යසෝමා සොයා යෑම ද මෙකල සිදුවෙමින් පැවතිණි.
පුරා දෙදිනක් තුළ ද කොතෙක් වෑයම් කළ ද යසෝමා පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබා ගැනීමට සුදු මහතාට නුපුළුවන් විය. සියල්ල අතැර නැවත හැරී යන නිසාවෙන් වාහනය හරවා ගත් සුදු මහතා ඈත වෙල් යායේ සිිටි පුද්ගලයා දැක නතර විය..
එතැක් ගවලා කුඹුරු වැඩ කර අවසන් වූ විමල් තමා දෙසට පැමිණෙන සුදු මහතා දෙස බලා සිටිනුයේ පුදුමයකිනි.ඇසිල්ලකින් “යසෝමා” යැ’යි සිංහල අකුරින් ලියන ලද කොළ කැබැල්ල දුටු විට විමල්ට සිහි වූයේ පෙර දිනක නීිතිඥ මහතා පැවසූ සුදු මහතාය.
විමල්ගේ මඟ පෙන්වීම මත යගසෝමාගේ නිවසට ගිය සුදු මහතා දෙසත් විමල් දෙසත් යසෝමාත් දරුවනුත් බලන් සිිටියේ පදුමයකිනි.මැටි බිත්තියේ එල්ලා තිබුණ පියදාසගේ ඡායා රුව දෙස වේදනාවෙන් බලා උන් සුදු මහතා පැවසූ කිසිවක් යසෝමාටවත් විමල්ටවත් නොතේරුණ ද ඔහු සිටින්නේ කණගාටුවෙන් බව ඔවුන්ට වැටහිණි.
මිදුලේ දුව පැන ඇවිදින දැරියන් දෙස අනුකම්පාවෙන් බලා උන් සුදු මහතා නෝට්ටටු මිිටියක් යසෝමා අතේ තබා යන්න ගියේය.
බොරළු මාවතේ වේගෙන් දිවෙන රථය දෙස නිසොල්මන්ව බලා උන් යසෝමා ඇගේ දැවෙටමින් උන් දරුවන් දෙස බලා කඳුළු සුසුමක් පිට කළාය.
සහින්දි මල්ෂිකා අලස්
2018 / Waya /C / S/ F /3143