`සංගීතය වූ කලී සකල විධ කලාවන් අතර සුළලිත කලාවකි. අන් කවර කලාවන්ටත් වඩා සංගීතය සුවිශේෂී වන්නේ නාදය මගින් සිදුකරන්නා වූ විචිත්‍රත්වයක් නිසාමය. අන් සියලු කලාවන් දෘශ්‍ය ගෝචර වීමත්, සංගීතය සහ ශ්‍රව්‍ය ගෝචර වීමත් සුවිශේෂීතාවයේ ප්‍රධානතම ලක්ෂණය වේ. ඒ සංගීතය නාදය ආත්මය කොට ගෙන නිර්මාණය වන බැවිනි.
සංගීතය ධ්‍යාන වඩවන භාවනාවකි. විටෙක සංගීතය ධ්‍යාන බිඳින්නා වූ දෙයකි. සංගීතයේ යථාර්ථය මැනවින් තෝරා ගත් සෘෂිවරුන් තම සිත ධ්‍යානගත කර ගැනීමට සංගීතය භාවිත කර ඇත. විසිරුණු පැතිරුණු සිත එක්තැන් කොට ඒකාග්ර කොට තබා ගැනීමට සංගීතය උපයෝගී කරගත් අවස්ථා ඉතිහාසය පුරාවට ඇත. සංයමයෙන් සංවරයෙන් සංගීතය භාවිත කරමින් සිත් සන්සුන් කර ගත හැක්කා සේම සංසංගීතයේ නාද අනිසි ලෙස සංකලනය කිරීම මගින් මිනිස් සිත ව්‍යාකූල තත්ත්වයට පත් කළ හැකිය. යහපත් ජීවන රටාවකට වඩා වැදගත් වනුයේ මිනිස් සිත සමාධිගත කරවන නාද රටා මුසු සංගීතයකි. මිනිස් සිත ව්‍යාකූල කරන කලබල කරන නාද සංකලනය මගින් මිනිස් සිත කිළිටි කරයි. එමගින් මිනිස් සිත තුළ ජනිත වනුයේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මානය වැනි දුර්ගුණයන් ය. ඒ නාදයන්ගේ ව්‍යාකූල ස්වභාවය නිසාය. නිතරම සිත ව්‍යාකූල කරයි. පීඩනය වැඩි කරයි. හෘද ස්පන්දනය වේගවත් කරයි. මෙමගින් මිනිස් සිතේ සාමාන්‍ය ස්වභාවය ඉක්මවා යමින් අසාමාන්‍ය ස්වභාවයක් ඇති කිරීමට අක්‍රමවත් වූ සංගීත් රටාවන්ට හැකියාව ඇති බව පර්යේෂකයන් හෙළිදරව් කරගෙන ඇත.
සංගීත්යේ ආත්මය නාදයයි. මිනිස් සිතෙහි හටගන්නා වූ විවිධ හැඟීම්, සිතිවිලි වචන මඟින් ප්‍රකාශ කළ නොහැකි අවස්ථාවේ දී සංගීතයේ ආරම්භය සිදුවේ. නාද ඔස්සේ ප්‍රකාශ කරන සිතිවිලි, හැඟීම් කිසිවිටෙක වචනයෙන් ප්‍රකාශ කර සම්පූර්ණ කළ නොහැක. මෙවැනි වූ සුවිශේෂී කලාවක් නිවැරදිව, නිසි ලෙස භාවිත කිරීම මඟින් ලෞකික වශයෙන් අප තුළ සංවර්ධනය කරගත හැකි සුවිශේෂ ගුණාංග කවරේ දැයි දැන ගැනීම වඩා වැදගත් වේ.
මිනිස් ජීවිතයට යථාර්ථය අවබෝධ කරදීම හා මිනිස් දිවිය යහපත් මගට හැඩගැස්වීම දහම මගින් සිදුවේ. මෙම කාර්යය ඉටු කිරීමේ දෙවැනි සාධකය වනුයේ සංගීත්යයි. මිනිස් සිත පාලනය කරමින්, එක්තැන් කරමින් සිත දියුණු කර ගැනීමට ආගම දහමින් ලැබෙන්නා වූ ශක්තිය ඉතා වැදගත් වේ.
ඒ කෙරේ කෙනෙකු කෙනෙකු යොමුවීමට, යොමු කිරීමට, පෙළඹවීමට හැකියාව ඇති ශක්තිය ඇති කලා මාධ්,ය සංගීත්යයි. මන්ද සංගීතය රස වින්දනය හා භාවිතය මගින් ඉවසීම, දරාගැනී ගැනීම, උපේක්ෂාව, බුද්ධිය මෙහෙයවීම, එකම කාර්ය තුළ නියැලී සිටීමේ හැකියාව යහපත් සංගීත භාවිත කරන්නෙකු තුළ වර්ධනය වන බැවිනි. මෙම ගුණ ගුණාංග වර්ධනයෙන් සාමාන්‍ය ජීවිතයේ දී ද ජීවිතය ජය ගැනීමට මංපෙත් පාදා ගත හැකිය.
යහපත් සංගීතය ශ්‍රවණය කිරීම මගින් මිනිස් සිත් තුළ ඇතිවන වෙනස්කම්
රසඥතා ශක්තිය වර්ධනය කරයි මානසික ආතතියෙන් මිදීම සඳහා වූ හැකියාව වර්ධනය කරයි
ආවේග පාලනය කර ගැනීම සඳහා උප උපකාරී වේ
අධ්‍යාත්මික සංවර්ධනය සඳහා පෙළඹවීම් ඇති කරයි
රෝග නිවාරණය හා යහපත් ශාරීරික සෞඛ්‍යය තත්ත්වයක් ඇති කරයි
බුද්ධි වර්ධනය සඳහා උපකාරී වේ යහපත් පෞරුෂ වර්ධනයක් ඇති කරයි
ධනාත්මක සිතිවිලි සංවර්ධනය කරයි
නිර්මාණාත්මක හැකියා සංවර්ධනය කරයි
කුසලතා සංවර්ධනය කරයි
එදිනෙදා ජීවිතයේ දී යහපත් සංගීත්ය භාවිතය මගින් ඉහත කරුණු කාරණා තමන් තුළ සංවර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ.
හොඳ රස වින්දනයක් ඇති පුද්ගලයෙකු තුළ ඉවසීම, උපේක්ෂාව, පරාර්ථකාමී බව, සමාජශීලී බව, අන් අය අගය කිරීම් වැනි මානුෂීය ගුණාංග සංවර්ධනය කෙරේ.
මානසික් පීඩාවකින් සිටින පුද් පුද්ගලයකු යහපත් ගීතයක් ශ්‍රවණය කිරීම මගින් හෝ සංගීත ඛණ්ඩයක් ශ්‍රවණය කිරීම මගින් තම පීඩාව දුරුකර මනස සුවපත් කර ගැනීමට පුරුදු වීම වඩා වැදගත් වේ. තමා පෙම්වතා හෝ පෙම්වතිය නිසා ඇති වූ විරහ වේදනාවන් සමනය කර ගැනීමට සරල ගීතය උපකාරී කරගෙන ඇති අයුරු හැත්තෑව අසූව දශකය තුළ නිර්මිත ගීත සාහිත්‍ය තුලින් මනාව පිළිබිඹු වේ. විරහා වේදනාවෙන් තම ජීවිතය පවා නැතිකර ගැනීමට උත්සාහ කළ බොහෝ තරුණ තරුණියන්ගේ එම දශකයේ නිර්මාණය වූ, ප්‍රචාරය වූ ප්‍රේම ගීත ශ්‍රවණයෙන් ආරක්ෂා වූ බව හේතු සාධක සහිතව වැඩිහිටියන් පෙන්වා දී ඇත. වර්තමානය තුළ නිර්මිත විරහා ගීත ශ්‍රවණයෙන් සිදුවන්නේ පීඩාවෙන් සිටින අයකු වූ තව තවත් පීඩාවට ලක්කර ජීවිතයේ අවසානය වන මරණය දක්වා පෙළඹවීම ය, නැතහොත් ඊර්ෂියාව, ක්‍රෝධය, පළිගැනීම වැනි දුර්ගුණයන් සිත තුල වගා කිරීමය.
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ..... මගේ සොඳුරු ළඳුනේ....
මෙම ගීතයේදී පළමු ප්‍රේමයෙන් සමුගත් ප්‍රේමවන්තිය මනාලියක වී වෙනත් මනාලයෙක් සමග යන මොහොතේ ඇගේ යුගදිවියට ආශිර්වාද කරන්නට තරම් මෙම ප්‍රේමවන්තයාගේ සිත මුදු මොලොක් බවට පත් වී ඇත. මෙම ගීතය රස විඳි පුද්ගලයකුට එවැනිම සිදුවීම්වීමකට මුහුණ පෑමට සිදු වුවහොත් ඔහුද මේ ක්‍රියාවම අනුගමනය කරනු නොඅනුමානය.
වර්තමාන බොහෝ කලා නිර්මාණවල දී මෙවැනි අවස්ථාවක් ඉදිරිපත් කරනු ලබන්නේ එවැනි සිදුවීමට මුහුණ පෑවෙකු, දුෂ්ඨයෙකු, මිනීමරුවකු වූ බවට පත් කිරීමට අනුබල දෙමින් ය. නැතහොත් එම නිර්මාණය ශ්‍රවණය කරන්නාගේ සිත දුර්ගුණ වලින් කිලිටි කරමින්ය.
සංගීතය මගින් අධ්‍යාත්මික සංවර්ධනය සඳහා මනා පිටුවහලක් ලැබේ. දරුවන් තුළ තම මව, පියා, ගුරුවරුන්, නෑ දෑයින් පිළිබඳව, රට, ජාතිය, ආගම පිළිබඳව යහපත් ආකල්ප ඇති කිරීමට සංගීතයට සුවිශේෂී හැකියාවක් ඇත,
අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුරල ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා
මෙවැනි මව් ගුණ ගීතය නිතර අසන රසිකයා තුළ මව කෙරේ ඇති ගෞරවාදරය, සෙනෙහස, බැඳීම් දිනෙන් දින වැඩි වේ. ඔහු හෝ ඇය ට විරුද්ධ ව කිසිවක් කීමට හෝ කිරීමට නොපෙළඹෙනු ඇත. මවගේ ගුණ කියමින් වේදිකාව මත දැඟලීම රසයක් කොට සලකන අය හට තම මව කෙරේ උපදින්නේ කාමුක රාගික හැඟීම ය. ඉන්පසු ඔවුන් එම සිතිවිලි ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනී. තම මවට පියාට වස පානය කිරීමට දීම, අතපය කැඩීම, නොයෙක් වධ හිංසාවලට ලක් කිරීම වැනි නරක ක්රියාවන්හී මිනිසුන් යෙදෙන්නේ සංගීතය මගින් ඔවුන්ගේ හදවත් ස්පර්ශ නොකළ නිසා වෙනි., එම සංගීත රටාවන් ගෙන් ඔවුන්ගේ අඟපසඟ ස්පර්ශ කිරීම නැතහොත් ආමන්ත්‍රණය කිරීම සිදු කර ඇති නිසාවෙනි. සංගීත නාද රටාවන්ට මෙවැනි වූ හැකියාවක් ඇති බව පුරාතනයේ සිටම සනාථ කරගෙන ඇත.
තමාගේ මානසික කායික රෝග සුවකර ගැනීමේ චිකිත්සාවක් ලෙස සංගීතය අතීතයේ සිට භාවිත කර ඇත. එන්ඩ්රොෆින් (Endrophin) නැමති රසායනික ද්‍රව්‍ය මගින් වේදනාව නසමින් මිනිසාගේ ශරීරයට සුවයක් ලබා දෙයි. මෙය මොළයේ සිට ශ්‍රාවය වන්නෙකි මෙම ද්‍රව්‍ය නිර්මාණය කිරීමට හැකියාව සංගීතයට ඇත. යහපත් වූ සංගීතය මගින් එන්ඩ්රොෆින් ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම යනු මිනිස් සිත සතුටින් තැබීම වේ.
සංතුට්ඨි පරමං ධනං වශයෙන් බුදු දහමේ දක්වා ඇත්තේ පරම ධනය අන් කිසිවක් නොව සිතේ ඇතිවන සතුට බවය.
සාමාන්‍ය ජීවිතයේ අධික වූ බලාපොරොත්තු හිස මත දරාගෙන ජීවත් වන අසාමාන්‍ය ස්වභාවය මදකට හෝ වෙනස් කර සරලව සැහැල්ලුවෙන් කාලය ගතකිරීමට ඉඩ ප්‍රස්ථාවක් සකස්කර ගැනීමට යහපත් වූ සංගීතය භාවිතයෙන් පුළුවන.
සාමාන්‍ය ජීවිතය සඳහා සංගීතය මගින් ලබාගත හැකි අප නොසලකා හරින තවත් ප්‍රයෝජන රැසක් ඇත.
මතක ශක්තිය වර්ධනය සඳහා සංගීතය උපකාරී වේ. සංගීතය රිද්මය යනු බුද්ධියක් බව හෝවාර්ඩ් ගාඩ්නර් නැමැති මනෝ විද්‍යාඥයා බහුවිධ බුද්ධි න්‍යායේ පැහැදිලි කර දී ඇත. සංගීතයේ නාදරටා තාල රටා මතක තබා ගැනීමට උත්සාහ ගැනීම යනු මොළයේ දකුණු මස්තිෂ්ක අර්ධ ගෝලය ප්‍රයෝජනයට ගැනීම වේ. මෙම නාද රටාවන්, තාල රටාවන්, මතක තබා ගැනීමට ප්‍රයෝග සැලසුම් කිරීම මතක ශක්තිය වැඩි දියුණු කිරීමට මහත් පිටිවහලක් වේ.
අමතක වීම අවම කිරීමට සංගීතය භාවිත කළ හැකිය. ඇලෙසයිමර්ස් ඩීසීස් (Alzheimer’s Disease) යනු මොළයේ සෛල විනාශ වී යාමේ රෝගයකි. පුද්ගලයකුගේ මතක ශක්තිය අඩු වීම නැතහොත් අමතක වීම සඳහා මෙය බලපායි. සංගීතය ගායනය, වාදනය මඟින් මෙම රෝගයට ලක් වූවන්ගේ මතක ශක්තිය තීව්ර කර ගැනීමට හැකියාව ඇති බව වෛද්‍ය විද්‍යාව මගින් සනාථ කරගෙන ඇත.
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ද සංගීතයට සුවිශේෂී තැනක් හිමිවේ. මෙලොව බිහිවන බිළිඳකු අසන මුල්ම මිහිරිම ගීතය අම්මාගේ නැලවිලි ගීතය යි. එතැන් පටන් ජීවිතයේ අවසානයේ ගයන ශෝකාලාපය දක්වාම විවිධ අවස්ථාවලදී විවිධාකාර සංගීත නාදයන් අපි අසන්නෙමු එයින් අපගේ ජීවිතය තුළ සතුට පවත්වා ගැනීම මෙන්ම මානසික සුවය පවත්වා ගැනීම අපේක්ෂා කරන්නේමු ඉන් ඔබ්බට ගිය ජීවිත පරිඤාණය ලබා ගැනීමට සංගීත් භාවිතා කළ හැකි බව පර්යේෂකයන් සනාථ කර ඇත. ඔබත් ඔබගේ ලෞකික දිවිය යහපත් කර කර ගැනීමට යහපත් වූ සංගීත රස විඳින්න. යහපත් වූ සංගීතය භාවිතා කිරීමට කුඩා කළ සිටම හොඳින් හුරු පුරුදු වන්න. අනාගත ඉලක්ක සපුරා ගැනීමට සංගීතය පිටුබලයක් ලබා දෙන ඇත. ජීවිතය ජය ගැනීමට සංගීතය මනා පිටිවහලක් වනු නොවනුමානය.