කටු අකුල් සිපගත්ත
දෙතොල් තව කළුවරේ
සිත සිතා නොතැවෙන්න
ලොවක් ඇත නෙත් කොණේ
අදුරේ හිද ඉකිබින්ද
සගවගත් හීනයේ
පාට තවරා ගන්න පමා නෑ මගෙ පුතේ
ධන බලය දුටුව තැන
නැමී යන ජීවිතේ
උගත් දෙය තමයි පුත
දිවිය රැදි පන්නරේ
නව ලොවක සුබ සිහින
හෙටත් ඇත හදවතේ
අනාගත ලොවයි අප දකින්නේ ඔය නෙතේ
දෑත් තර කරන්නට
දුර වුනත් සයිබරේ පුත නුඹව තනන්නයි අප සැවොම වෙහෙසුනේ
නිරෝෂනී ගුරුගේ
2018/waya/2nl/S/F/3251
ඔරුව නොවී ජීවන ගඟ - මතුයෙහි සිට හබල් ගාන
නෙළුමක් වී පිපෙන් පුතේ පතුල් මඩ තුලල් හඳුනන
විසිතුරු ඉටි මලක් නොවී - මහ මැදුරක දිස්නෙ දෙවන
වැටකෙයියා මලක් වෙයන් වෙල අද්දර සුවඳ හමන
සිටු මැදුරක උජාරුවට - මිනැස මිනැසියන් පිහිනන
තටාකයක් නොවී හංස හංසි කුරුල්ලන් රඟදෙන
තිත්ත කණෙයි දණ්ඩි හඳයි - පෙතියන්ටත් සෙනෙහෙ පුදන
දොළක් වෙලා ගලන් පුතේ කෙකටිය මල් පිපී නටන
නිල් අහසක් නොවී කිසිදු - කලෙකත් මිහි පිටට නොඑන
මේඝ වළාකුලක් වෙයන් පුලතිසිපුර කඳුළු නිවන
විලවුන් පොද නොවී පුතේ - නුහුරු ලොවට සුවඳ බෙදන
දහදිය බින්දුවක් වෙයන් ජීවිතයට අරුත කියන..........
එන්. ඒ. යශ්මි තාරුකා
2018/Waya/Pri/S/F/3170
හැම මලක්ම මලක්
එයත් මලක්.....
මල් වත්තක රුවට දිලෙන..
කල වේලට පොහොර වැටෙන..
නෙලා ගන්න ආසා හිතෙන..
එය හිතුවත් වැඩ සහිතව..
දිවිතෙක් හිර ගෙය පෙන්වන....
එයත් මලක්......
මහ වනයක රුවට දිලෙන..
කල වේලට පොහොර නැතිව වැස්ස වැටුණ..
නෙලා ගන්න ආසා හිතෙන..
නෙලුවොත් නම් ලොව නොදකින..
වග නොකියන අමතක වෙන....
හැම මලක්ම මල් ගහටම..
ඇත අයිතිය බැහැ නෙලුමට..
තිබුනොත් එය මල් ගහේම..
කැළෑ මලත් සුවද කරයි..
සමහරවිට...
මල් වත්තේ මලට වඩා
මුලු ලෝකෙම......
ඩී.ජී. උදාරා සුපුන්ජානී
2018/waya/pri/s/f/3088
ලොව සම්මත මතු පුත
ජීවනාලිය වී ඇත
සුවහසක් දරුවන් වෙත
පතුරවමු අපි සැම මෙත
අනාගතයට උරුම
සියලු සම්පත් අරුම
ජීවයක් ඇති තුරුම
ලමයි සතුවයි පරම
එච්.ජී.සී.සාරංග
2018/waya/a/s/m/609
හෙට දිනනා මල් කැකුලු
තෙරක් නොපෙනෙන විසල් ලොව තුළ
සැගව ඇති නිල් පලිගු මිණි කැට
ඔප කරන්ට නිබද වෙහෙසෙමු
ලොවක් බබළන අනගි තරු කැට
විශ්වය තනනා මතු නැවුම් ලොව
පියුම් විකසිත වෙයි දිනෙන් දින
විසල් ගගනත විසිරි තරු කැළ
ලෙසින් මුවගේ සිනා විසිරෙන
සිගිති සුරතල් දගකාරකම්
දෝරෙ ගලනා කිරි සිනහා කැන්
මවයි සුරලොව අසිරි දෑසින්
දැයට පිපෙනා සුවද හිරු මල්
සාර අස්වනු නෙළා ගන්නට
හෙලූ දහදියෙ මුතු දිලෙන්නට
දැනුම් සයුරේ කිමිද නැහැවී
මතු දිනේ මිහිකත දිනන්නට
නිබද වෑයම් කරම් මතු දින
දිනෙක දිදුලයි යෙහෙන් දරු කැළ
දෙමින් නිති රිසි ඔවා ගුණ දම්
හැදෙයි නව දින සරුසාර දැය
S.A.D.අනුත්තරා
2018/waya/pri/s/f/3156
ළමා දිනයට සෙනෙහසින් ...
උදෑසන හිරු මඬලින්
විකසිත වන මල් කැකුළු
පිපී හිනැහෙන සඳ
සුන්දරයි මුළු ලොවම ...
ගුවන් ගැබ සිසාරා
විහඟ නද පැතිරෙමින්
සුන්දරයි අද දිනය
පෙර දිනක නොවු විලස ...
උපමාය මෙිි ලෙසට
අනාගත හිමිකරුය
හෙට ලෝකය බබළවන
ඔප දැමූ මිණිකැටය ...
කටුක අභියෝග බිඳ
ඉගෙනීම පෙරටු කොට
ගුණ නැණ බෙලෙන් යුතුව
ජය ගන්න ජීවිතය ...
ජී.ඒ.ඒ.දීප්තිමාලි
2018/WAYA/PRI/S/F/3117
සුබ පතමි දැයේ දරුවනේ
විසල් ලොවේ,
නේක වර්ණ රූ රටාවෙන්
සිත්තම් කරන .....................
විකසිත වන මල් කැකුළු පූදින වසන්තයට
අමන්දානන්දයක් එක් කර දෙමින්
වැඩදායි පුද්ගලන් ලෙස හෙට ලොව දිනමින්
නැණ නුවණින් සවිබල වී
නව මං පෙත් විවර කරමින්
සිත්තරුවෙකු සේ,
විසල් ලොවේ සිත්තම් කරනට ඔබට භාරයි අනාගතේ
ඔබ අඳින සිත්තම් නේක වර්ණවලින් වර්ණවත් කරන විට,
ඔබේ ලක් මව් බැබලේ ලෝතලේ..................
දැයේ දරුවනි,නුවණැසින් ලොව දෙස බලමින්
බුද්ධි කලම්භනයෙන්
ලොව එතෙර වීමට ඔබට නිසැකව හැකි වනු ඇතේ,
කටු බොරළු මතින් ඔබේ පා පොඩි
තබා යන මග දිගේ
මල් ඇතිරේ නුදුරු අනාගතේ
එ දෙස බලමින්
සිනා පොඩි එක්කරමින්
සතුටු සයුරේ කිමිදෙන්නට ඔබ වෙනුවෙන් වෙන් වු දිනේ
සුබ පතමි දැයේ දරුවනේ
එල්.බී.මොනිකා ශෙහානි
2018/Waya/C/S/F/3100
සෙල්ලම් ගෙය අහිමි වෙලා
වැලි සෙල්ලම් දුරස් වෙලා
දුවන පනින නටන ගයන
ළමා ලොවට තහංචි
ටියුෂන් පන්තියට වෙලා
ගණන් හදලා අකුරු ලියලා
ගෙදර ඇවිල්ලත් තව වැඩ
ළමා ලොවට තහංචි
සවන් දෙන්න අපේ හඩට
ආදරයෙන් හිස අත ගා
සොදුරු කතන්දර අහන්න
ළමා ලොවට තහංචි
එම්.දිනිති භාග්‍යා සංදීපනී
2018/ WAYA/DT/S/F/3147
ළමා දිනයටත් සීමා
රංචු ගැසී දුව පනින්න
සමනළුන්ට ඉගි කරන්න
පාට පාට මල් ඉහිරුණු
දෙවැට දිගේ ඇවිද යන්න
නිල් අහසේ දග කරනා
සරුංගලේ හැඩ බලන්න
පුංචි පුංචි දෑත්වලින්
සුදු වැල්ලේ වැලි අනන්න
සෝඩි ටිකිරි දෙපා තබා
කිරි වෙරලේ දුව නටන්න
පුංචි අපේ දිනය ඇවිත්
අතවනනවා හනික
එන්න
අනේ මාව
අත හරින්න
මට බෑ
ගේ ඇතුලේ ඉන්න
E.P.S.A. එදිරිසිංහ
2018/waya/D/S/F/3297
සිඟිති කිරි පොඩි සිනා නඟමින්
පියනඟයි සුදු කොකුන් රැළ මෙන්
කවුරු වෙන්න ද කැමති ඇසුවොත්
කියයි ගුරු ගොවි වෙන්නේ ඩොක්ටර්
නැතේ හිත් තුළ කිසිඳු කහටක්
තරහා ගැරහුම් නැතේ කාටත්
සිනාසී මුවපුරා සතොසින්
ළමා ලෝකය සොඳුරු දෙවොලක්
සමාජය හරි කුරිරු කැලයක්
කටු කොහොල් නිති රැඳෙන මාවත්
මංමුලාවට ගන්න මුර්ගයන්
මාන බලමින් සිටී සිවලුන්
මෙසේ රැකෙනට මඟ හදන්නේ
දෙමාපිය ගුරු රොඳ බඳින්නේ
සුබ අනාගතයක් තනන්නට
නුඹට බාරයි මෙලොව හෙට දින
යන්න ඉදිරිය බලා සැමවිට
එයයි ගුරු මව්පියගෙ සැනසුම
කටු පොකුරු සිඹ අඹරෙ පිපියන්
හෙට ලොවේ නුඹෙ කිරුළු පැළදන්
කේ.එම්.ඉරේෂා සඳමාලි
2018/waya/s/s/f/3101
ගුරුවරියකගේ හදගැස්ම
උදෑසන අවධි වී නිති
සැරසුනේ යන්නටයි උන් වෙත
දැනුනේ නැහැ කිසි මැලිකමක් මට
මතක් වෙන විට සිනහා පිරි මුව ......
පුංචි පිච්ච කැකුලු මාගේ
ලෙන්ගතුවේ සැමදිනම මට
දැනුම එක්කම හොදින් ගුණදම්
දුන්නේ හෙට ලොව දිනා ගන්නට......
ටීචර් ටීචර් කියා හැමවිට
පාසලත් නිමවෙනා තුරු මට
ලැබුනේ නෙක නෙක පැමිණිලියි හැම
මතක් වෙන විට සිනහා එයි පුත.....
හදිසියේ ආ අදුරු වලාවක්
වසාගති එකිනෙකා වෙන්කොට
නැවතුනේ එක තැනක ජීවිත
යලිත් කෙදිනක පුබුදු වන්නද......
පුලුන් රොදසේ ගෙවුන ජීවිත
ඹන්ලයින් වල හිරවෙලා ඇත
නේක විද ලෙඩ රෝග මිස වෙන
සෙතක් වේවිද එයින් සිසුනට.....
දුව පැනපු සිගිති දරු කැල
නිවෙස් තුළටම හිර වෙලා ඇත
නුඹලා ලග තිබු ඒ සුවද මට
දැනෙයි අද හමු නොවුනමුත් අප.......
කොරොනා නුඹ කුරිරුයිද මෙතරම්
අනාගතයත් බිලි අරන් දැන්
අතැර යන්නේ කෙදින දරුවන්
හදගැස්ම උන් මගේ හැමකල්…..
ජී.ආර්.ඩී.බී.ගම්ලත්
2018\waya\pri\s\f\3215
அகிலத்திக்கு ஒரு மலர்
நாட்டுக்கு ஒரு புதயல்
ஆசிரியருக்கு ஒரு மாணவன்
பெற்றோர்களுக்கு ஒரு பிள்ளை
பறவைகள் போல் பயந்துகொண்டு இருந்தாலும்
சில மனிதர்கள்
பறந்துகொண்டு இருந்த சிரகுகளை வெட்டி விடுவார்கள்
ஆனால் நாம் பறப்போம்
பயந்துகொண்டு இருப்போம்
எல்லாவற்றுக்கும் முன் பிள்ளைகளே சிறப்பு
W.h.d.janson
2018/waya/2nl/s/f/3263
இனிய சிறுவர் தின வாழ்த்துக்கள்!
உன் முகம் பார்த்து
எங்கள் துயர் மறந்தோம்..
உன் மழலை மொழியால் எங்கள் மொழிகளை
மறந்தோம்…
மழலையுடன் மழலையாக
எம்மை மாற்றி மனதில் புந்துணர்வு தந்த
உங்களுக்கான நாளில் மழலையாக மாறிய உங்கள்
இனிய சிறுவர்தின வாழ்த்துக்கள்!
S.S.Dilrukshi
2018/waya/s/f/2nl/3061
பூக்க முயற்சிக்கும் பூக்கள் பூக்கட்டும்
குழந்தைகளும் பூக்களைப்
போன்றவர்கள்
ஒரு பூ அழகாக பூக்கும் போது.
குழந்தைகள் சிரிக்கும்போது
அழகாக இருக்கிராற்கள்
அந்த புன்னகையை விடுங்கள்
அப்போது உலகம் அழகாக
இருக்கும்
L.W.K.G.G.Liyanage
2018/ waya/2nl/ s/ f/ 3254
A little caterpillar
From a tiny little egg that comes out
I'm a little caterpillar
You know guys
When I was little
Nobody like me
After a while
Little kids love me
You know why
Because I'm a butterfly
So my friends
One day we will all…
S.M.R.D.S.Ranaweera
2018/WAYA/2NL/S/F/3252
The children's world is sweet and clean
Light and beautiful like butterflies
As a caste
Wherever you are in the world
The children's world is the same
Yayaka blooming flowers
As clean and pure
Innocent young minds are childish
The world sees and feels
As one to them
They are not in color
The difference will never be felt.
Such raw minds
If crushed
Feel the heartache
Too small a heart can bear
A kind word that is close to the heart
An eye full of kindness
Always preferred by everyone
Animal Seepawa loves though
Rhythmic voice
All hearts are the same
Heals
To live life
For seven cents in the world
Love is needed.
K.L.A.Danuka Lakshan Weerasunadara .
2018/waya/DT/S/M/585)