කථිකාචාර්ය- එච්.එම්. නිමල් අමරතුංග.
ශාරීරික අධ්‍යාපනය ගැන නිර්වචන ඉදිරිපත් කර තිබෙන ශාරීරික අධ්‍යාපනඥයින් අතුරින් ජේ. එෆ්. විලියම්ස්. නීල්බක් ෆෙදරින්ටන්, නෑෂ්, බ්රව්නෙල් හා හැග්මන් යන අය විශේෂයි. ඔවුන් අතරින් ජේ. එෆ්. විලියම්ස් ශාරිරික අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කරයි.
" ශාරීරික අධ්‍යාපනය යනු සීඝ්‍ර පේෂීමය ක්‍රියාකාරකම් හා සැළකිලිමත් වන්නා වූ ද, එකී ප්රතිචාරයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයා වෙනස් කරන්නා වූ ද පූර්ණ අධ්‍යාපන ක්‍රියාවලියේ අඛණ්ඩ කොටසකි”.
විලියම්ට අනුව පුද්ගලයකු තම සිරුරෙහි පේෂීමය තන්තුවල බලය උරගා බලන්නේ ඔහු කුඩා කාලයේ දීමය. සෙමින් ක්‍රියාකරන මෙන්ම වේගයෙන් ක්‍රියා කරන පේෂී තන්තු අප සිරුර තුළ පිහිටා ඇත. මේවායෙහි ක්‍රියාකාරීත්වය ඇරඹිය යුත්තේ ළමා කාලයේ දීමය. කුඩා ළමෙයා තම නිවසෙහි විවෘත පරිසරය තුළ සක්‍රීය වෙමින් ක්‍රියාකාරකම්වල සතුට ලබයි. එහිදී ඔහුට ක්‍රියාකාරකම් ඇසුරින් සතුට ලැබෙන බවට ඉඟි ලැබෙයි. එබැවින් කුඩා දරුවන් එම වයසේදී නිතරම කාර්යක්ෂමයි. සෙමින් ඇවිදීමක් නැත. ඒ වෙනුවට ඇත්තේ දිවීම පමණි. දිවීමේදී එය සීමාවක් නැත කඳු, පල්ලම්, වල ගොඩැලි වල ද තණකොළ, කටු පඳුරු මේ සියල්ල ඔහුට බාධාවක් නොවේ. ලැබෙන හැම තප්පරයක්ම, නිමේෂයක්ම ඔහු දිවීම සමඟ ගත කරයි. මෙය සෑම පුද්ගලයෙකුම තම ළමා කාලයේදී බාධාවකින් තොරව විඳිය යුතු පාඩමකි. මෙම පාඩම තුලදී ළමයා තම බුද්ධි වර්ධනය මෙන්ම පෞරුෂිය හා සාමාජීය කුසලතා ප්රාථමිකව එකතු කර ගැනීමට උනන්දු වන බව ළමා මනෝවිද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත. දරුවන් සිටින සෑම දෙමව්පියෙක්ම මෙම වගකීම දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතුය. අව්ව, වැස්ස, රාත්‍රිය, දූවිලි වැනි කවර පාරිසරික බාධක හමුවේ වුවද දරුවා සෑහීමකට පත්වනතෙක්” සහ ”පස්සමින්” යුතුව දරුවා දරුවාට කැමකි ක්‍රියාකාරකම්වල රිසි වේලාවක් ගත කිරීමට ඔබ කාලය වෙන්කර දිය යුතුය. ඔබගේ කාලය ඒ උදෙසා කැප කළ යුතුය. දරුවා සතුටින් යුතුව ක්‍රියාකාරකම්වල නිරත වන විට දී ඔබ වැඩිහිටියන් වශයෙන් කිසිවිටක බලෙන් දරුවා මුදවාලීමට උනන්දු නොවන්න. එය දරුවාට කරන බරපතල අපරාධයක් බව මතක තබා ගන්න. දරුවාට කිසි දිනක දිනාගත නොහැකි පීඩනයක් ඔබ එමගින් දරුවාගේ සිතට එල්ල කරන බව මතක තබාගන්න. එම පාප කර්මයට ඔබ දෙමාපියන් වශයෙන් කිසිදා සම්බන්ධ නොවන්න වය බලා ගන්න, මෙවන් දරුවන් සිය සමස්ථ ජීවිතය කාලය පුරාවටම ඌණ පෞරුෂ ලක්ෂණ වලින් පීඩා විඳිමින් සිටින බව අවධානයට ගන්න. එබැවින් දරුවන් සමාජයේ ඉහළ තනතුරුවලට ගියද කුඩා තාලයේ දී දිනා ගැනීමට නොහැකි වූ යම් යම් ශක්තීන්වල දුබලතාවයන් ප්‍රදර්ශනය කරන බවට සාක්ෂි ඕනෑ තරම් ඇත. එබැවින් ඔබ නිවසේදී ඔබේ දරුවාට එම අපරාධය සිදු නොකිරීමට සිතට ගන්න. දරුවාට අවශ්‍ය ආරක්ෂාව, පරෙස්සම, සම්පත් සහ රැකවරණය ලබා දෙමින් දරුවාගේ “ක්‍රියාකාරී ලෝකය” වඩ වඩාත් සතුටින් යුතුව නිවස තුළ රදවා තබා ගැනීමට ඔබ උපක්‍රමශීලී මවක හෝ පියෙකු වන්න.
දරුවා නිවස තුළින් ලැබූ ක්‍රියාකාරකම් පාදක අත්දැකීමවල සිටිමින් දෙවනුව එකතු වන්නේ පෙර පාසලටය. පෙර පාසල දරුවාට වස්තුවකි. එය වස්තුවක් බවට පත් කිරීමේ වගකීම පෙර පාසල් පාලිකාවන් සහ ගුරුවරුන් සතුය. පෙර පාසලෙහි තිබෙන සෙල්ලම් මිදුල දරුවාට ආභරණයක් විය යුතු ය. තම නිවස තුළින් ක්‍රියාකාරකම් ඇසුරින් "සතුට” ලඟා කරගත් දරුවෙකු සෙල්ලම් මිදුලෙහි තිබෙන උපකරණ දුටු විට ඒ වෙත දිව යන්නේ නිරායාසයෙනි. ඔහු සෙල්ලම් මිදුලෙහි ස්ථාපිත ඕනෑම උපකරණයක බිය නැතිව එකතු වෙයි. එමගින් ආරම්භක ශක්තිය ඔහු ඉදිරියෙන් තබා ගනියි. අභියෝගය කුමක් වුවත් ඔහු එයට මුහුණ දීමට උනන්දු වේ. රිංගා යාම, ලිස්සා යාම, එල්ලීම, ඇවිදීම, දිවීම, පැනීම, විසි සිරීම, තල්ලු කිරීම, ඇදගෙන යාම, උස්සාගෙන යාම වැනි විවිධ වූ "සරල චාලක ක්‍රියාකාරකම්” දරුවා ඉතා සතුටින් යුතුව විඳ ගකියි. පෙර පාසලේ දී දරුවාට සිදුවිය යුත්තේ ද මෙයයි. එකඟවීම්, ඇහුම්පදීම, අනුකම්පාව, මිත්‍රත්වය, ආදරය, විඳදරා ගැනීම, ඉවසීම, අවනත වීම වැනි පෞරූෂීය මෙන්ම සමාජයීය ගුණාංග ද දරුවා එකී ක්‍රියාකාරකම්
ඇසුරින් මතු කර ගනියි. මෙය දරුවාගේ බුද්ධි වර්ධනයත් සමග සිදු වේ. සිරුර තුළින් නිරන්තරයෙන්ම දහඩිය ගලන රුධිරය උණුසුම් වන ස්වරූපයක් සිදුවන නිසා දරුවාගේ කායික හා මානසික සුවතාවය දරුවාට දැනෙන්නට සිදුවනු ඇත. එය දරුවා තේරුම ගන්නේ සතුට" සමග ය. එහිදී දරුවා කණ්ඩායම් වශයෙන් මෙන්ම දෙදෙනා බැගින් ද ක්‍රියාකාරකම් වල නිරතවනු දැකිය හැකිය. ඒ තුළින් සමාජශීලී ගති ලක්ෂණ දරුවන් ප්‍රගුණ කරයි. මිත්‍රත්වය, සහෝදරත්වය වැනි ගුණාංග වර්ධනය කර ගනියි. මෙම ක්‍රියාකාරී පසුබිම සෑම දරුවෙකුම වැඩිහිටියෙකු වන විට සංවර්ධනය කරගෙන තිබිය යුතුය. පෙර පාසලින් පසු පා තබන පංති කාමර වලින් ලබන ක්‍රියාකාරි අත්දැකීම් මීට වඩා සංකීර්ණ බව ඔබට තේරෙනු ඇත. පන්දුව, පිත්ත පෙරදැරිව විවිධ ක්‍රීඩාවල දක්ෂ ආකාරයට නිරත වීමට ප්‍රාථමික දරුවාට ඉඩදිය යුතුය. එහිදී ද ස්ථාපිතව තියබන " සෙල්ලම් මිදුල" ඇසුරින් දරුවාට වැඩිදුරටත් තම කුසලකා කණ්ඩායම් වශයෙන් සංවර්ධනය කරගත හැකිය. ඒ සඳහා නිශ්චිත කාල සීමාවක් දරුවන්ට ලබා දීමට ප්‍රාථමික ගුරුවරුන් උනන්දු විය යුතුය. අසුන් ගත ක්‍රියාකාරකම් වලට නිරතවන කාල සීමාවන් ලබාදුන්නයින් පසුව ලැබෙන ඉතිරි කාලය ඒ සඳහා යෙදවීම වඩාත් ප්‍රයෝජනවත් විය හැකිය. ප්‍රාථමික අවස්ථාවේ දී දරුවාට 1 වසරේ දී මුහුණ දීමට සිදුවන අභියෝගයන් සමඟ ඔහු ඉඩකඩ ලැබෙන සෑම වේලාවකදීම පන්දුවක්, පිත්තක් සමග විනාඩි කිහිපයක් හෝ ක්‍රියාකාරී වීමටත් ඉන් සතුටක් ලැබීමටත් දරණ උත්සාහය සිත්ගන්නා සුළුය. දරුවා ඒතරම්ම එම ක්‍රියාකාරී ගතිලක්ෂණ වලට ගෝචරය. නමුත් ශිෂ්‍යත්ව විභාගයට තිබෙන බිය. දෙමාපියන්ගේ බලපෑම, සවස පත්ති වැනි බාධාකාරී තත්වයන් නිසා දරුවා ඉඩකඩ ලැබෙන ඕනෑම අතිරේක විනාඩියකදී වුව ද එළිමහනේ හෝ පංති කාමරය තුළ දී හෝ ක්‍රියාකාරී වීමට ගන්නා උත්සාහය ඔබ ද අත්විඳිනු ඇත. මෙය ඉතාම ගෝචනීයයි. දරුවාගේ සිරුරෙහි දිවෙන ශක්තිය, වේගය, දැරීමේ හැකියාව, නමනීයත්වය යන උලැගීතාවය වැනි ශාරීරික යෝග්‍යතා ගුණාංග පිටකර ගැනීමට නොහැතිව දරුවා 'ඇට්ටකුණා ' තත්ත්වයට පත්වීමට ඉඩ හැර අපි බලාගෙන සිටීම ජාතික අපරාධයකි. රටට අවශ්‍ය "සම්බර පුරවැසියකු බිහිකර ගැනීමට තිබෙන පදනම අප විසින්ම හිර කරගෙන ඇත. මෙහි ප්‍රතිඵලය අත්විඳිය හැක්කේ ශිෂ්‍යත්ව විභාගය අවසන්ව දරුවා 6 වසරට පත්වන දිනයේ සිට ඉන් ඉදිරියටය. 6 වසරට පැමිණි දරුවාගේ ශාරීරික ආහාරය වන්නේ දිවීම පද නම් වූ ක්‍රියාකාරකම් පමණි. මුළු දවසෙම ඔහු දුවයි. ඇවිදීමක් ඔවුන් දන්නේවත් නැත. ගුරු මේසය ළඟට එන්නේ ඩෙස්ක් උඩින් ය. ඒ එන්නේ නිකම් නොවේ. වටේට ඉන්න හතර පස් දෙනෙකුට ගහලා, තල්ලු කරලා හෝ පෙරළාගෙනය. ඔවුන්ට ගුරුවරු කොතරම් දඬුවම් කළත් පලක් නැත. ඔවුන්ට දඬුවම සතුටකි. දණගැසීම්, කනින් ඇල්ලීම, ටොකු ඇනීම කජු කනවා වැනිය. බොහෝ විටෙක ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන් තුළ මෙම හැසිරීම පවතී. මේවා පාලනයට පංතියකට එක් ගුරුවරයෙකු නොව ගුරුවරුන් 5 දෙනෙකු සිටියත් පලක් නොවනු ඇත. පංති පාලනය පැවරී ඇත්තේ ගුරුතුමියකට නම් තත්වය වඩාත් බැරූරුම්ය. අද මුළු ලංකාවේම පාසල් වල 6 වසරේ දරුවන්ගේ තත්වය මෙබඳුය. ඔවුන්ගේ ඝෝෂාව පාසල දෙවනත් කරයි. ඒ මැදින් තරමක් සැර ගුරුවරයෙක්, දෙන්නෙක් පංතියට ඉගැන්වීමට පැමිණෙන්නේ නම් ඔවුන්ට තියෙන බයට හොර පූසන් මෙන් ඒ කාලච්ජේදයෙහි පමණක් ඉතා අකමැත්තෙන් යුතුව පාඩම තුළ රැඳී සිටියි. ඒත් අහගෙන නොවෙයි. ඇඟෙන්නට ඉඩ සලස්වලාය. එතැනත් ගුරුවරයාට හොරෙන් නොයෙකුත් සරල අසුන්ගත ක්‍රියාකාරකම් ය. ඒවා ගුරුවරයාට නොපෙනේ. දරුවන් ඉතසූක්ෂමව එම තත්ත්වයන් පාලනයට දක්ෂය. 6 වසර දරුවන් මෙම ඝෝෂාකාරී හැසිරීම තරමක් දුරට හෝ පාලනයට පෙළඹෙන්නේ 9 වසර, 10 වසර වන විටෙකය. ඒ අනුව ඔවුන් එක දිගට වසර 03 ක් පමණ පාසල තුළ තම සිරුර උද්වේගකාරී ලෙස හසුරුවයි. 9 වසර අවසානය හා 10. 11 වසර වන විට මෙම හැසිරීම් තරමක් පාලනයක් සිදුවන අතර තමන් තෝරාගත් තරඟ ඉසව්වක් සමග හෝ ක්‍රීඩාවත් සමග විධිමත්ව හා න්‍යායාත්මක ක්‍රියාකාරකම් හා සම්බන්ධ වීමට ඉන් සුළු පිරිසක් එකඟ වනු ඇත. ඔවුන් පසුකාලීනව ක්‍රීඩකයින් ලෙස පාසල තුළ කැපී පෙනෙයි. ඔවුන් ක්‍රීඩාවෙන් ලබන විනයානුකූල පුහුණුව මත 'ක්‍රීඩාමය ගති ලක්ෂණ මතුකර ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළින් නායකත්ව කුසලතා මතු වේ. පසුව පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජිකත්වය මෙන්ම ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු වන්නේ ද මොවුන් අතුරින් කෙනෙකු වීම විශේෂයි. මොවුන් පාසලින් පසු සමාජගත වන්නේ සමබර පුරවැසියෙකු වශයෙනි. ඔවුන් රටට සම්පතකි. මෙවන් තත්ත්වයක් උදාකර ගැනීමට සෑම පාසලක්ම පෙරමුණ ගත යුතුය. ක්‍රීඩාවෙන් දරුවන් ලබා ගන්නා ශක්තීන් පෞරුෂය ලෙස
පාසලට ආභරණයක් වන්නේ එවැනි ප්රවේගයකට දරුවන් රැගෙන ගියහොත් පමණි. එවැනි පාසල් අද ද ලංකාවෙහි සීමිත ප්‍රමාණයක් හෝ පැවතීම සතුටට කරුණකි. එලෙස සක්‍රීය පෞරුෂය ගතිලක්ෂණ වලින් ක්‍රීඩාව තුළින් එකතුවීමට නොහැකි වන බහුතරය ද තමන් ක්‍රියාකාරකම් ඇසුරින් ලද පන්තරය පදනම් කරගෙන O/L වලින් පසුව හෝ A/L වලින් පසුව හෝ ඊට කලින්ම පාසලින් බැහැරව සමාජගත වනු ඇත. ඔවුන් තුළ ද පවතින සමාජශීලී ගතිලක්ෂණ මත ඔවුන් ද තමන් ජීවත් වන සමාජයෙහි හොඳ පුරවැසියෙකුව ජීවත් වීමටත් ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කිරීමටත් කටයුතු අරඹනු ඇත. එවැනි සමාජ පසුබිමක් තිබෙන රටක දියුණුව සාර්ථකයි. රට වාසනාවන්තයි. අපේ රටත් එවැනි පුරවැසියන්ගෙන් පිරෙන දවසක අපි
සතුටු වෙමු. එය මතුකර දීම සෑම පාසලතම වගකීමයි. පාසලෙන් සමාජගත වන සෑම දරුවෙකුටමක්රීඩාමය අත්දැකීම් සහ නිපුණතාවයන් ආසන්න මට්ටමින් හෝ ලබා දීමට පාසල්වල ක්‍රීඩා භාර වගකිව යුත්තන් උනන්දු විය යුතුය.
අපේ රටෙහි වසර 30 ක් පැවති යුද්ධය මේ තරම් ඉක්මනට ඉවර කරගත හැකි වූයේ නිවසින් සෙල්ලම් මිදුලෙන්, ප්‍රාථමික පංති කාමරයෙන් බලවත්ව ලැබ ඉන් ඔබ්බට සක්‍රීය. නිරෝගී. සබර සහ පිරිපුන් පෞරුෂ ලක්ෂණ වසරින් වසර සංවර්ධනය කරගත් පසු පාසලින් බැහැරව ආරක්ෂක අංශවලට බැඳී ත්රස්තවාදීන් සමඟ නොබියව සටන් කළ නිලධාරීන් සහ සෙබළුන් නිසා බව මතක තබා ගන්න. එය කිසිවිටක අප අමතක නොකළ යුතු ය. ඉන් බහුතරයක් මේ මිහිතලය තුළ සදාකාලික නින්දට වැටී තිබෙන අතර, ඉතිරි වූ ශක්තිවන්ත වූ තවත් බහුතරයක් විවිධ ආබාධ වලට ලක්ව රණවිරු නිවස්න වල අදටත් තම ශක්තිවන්ත බව ප්‍රදර්ශනය කරමින් ජීවත් වන බව ආඩම්බරයෙන් ලියා තබමි. එවන් උදාර ජාතියක් තවත් වසර දහස් ගණනක් වුව ද කෙළින් සිටුවා තබා ගැනීමට හැකි ජව සම්පන්න ජාතියක් බිහිකර ගැනීමට අපි පාසල ශක්තිමත් කරමු. දෙමාපියන් මෙන්ම, පෙර පාසල ද ඒ සඳහා පෙළගස්වා ගනිමු. හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ප්‍රාථමික දරුවන්ට නියමිත 'ශාරීරික අභ්‍යාස' වැඩසටහන මෙහිදී බොහෝ සේ අගය කළ යුතුය. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ ව්‍යාපෘති නිළධාරී මිල්රෝයි ජයමාන්න මහතාගේ නායකත්වය මත ක්‍රියාත්මක වන 'පාසල් ශාරීරික සුවතා වැඩ සටහන ද ප්‍රශංසනීයයි. ඒවා ප්‍රාථමික මට්ටමේ සිට ඉහළට පවත්වාගෙන එන විට පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරගාවලි ද ඊට පසුව ක්‍රියාත්මක වන කොට්ඨාස, කලාප, පළාත්, සමස්ත ලංකා සහ ජාතික ක්‍රීඩා නොකඩවා පාසල් වල පැවැත්වීම තුළ ජේ. එෆ්. විලියම් සඳහන් කරන පරිදි ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් වශයෙන් වෙනස් වන පුද්ගලයෙකු අපට මතුකර ගත හැකිය. ඔහු සඳහන් කරන පරිදි එය පූර්ණ අධ්‍යාපන ක්රියාවලියේම අඛණ්ඩ වූ කොටසක් බව දෙමව්පියන්, පෙරපාසල් පාලිකාවන්, ප්‍රාථමික පාසල්වල ගුරුවරුන් සහ සමස්ථ පාසලම දැන ගත යුතුය. එවිටයි අප සමස්ත අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන සක්‍රීය, නිරෝගී, සමබර සහ පිරිපුන් පුරවැසියකු බිහිකර ගත හැකි වනුයේ. ඒ උදෙසා පාසලක් ගෙන යෑමට විදුහල්පතිතුමාට මෙන්ම සමස්ථ පාසල් ප්‍රජාවට ද ඥානය පහළ වේවා! රටෙහි දෙමාපියන්ගේ පෙර පාසල් පාලිකාවන්ගේ ප්‍රාථමික ගුරුවරුන්ගේ, ශාරීරික අධ්‍යාපන ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ මෙන්ම අධ්‍යාපන නිලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු වේවා ! එවන් පරිසරයක් පාසලකින් අපට බිහිකර ගත හැකි දිනයක දී රටට මීට වඩා ඵලදායී බුද්ධිමත්, නිරෝගීමත් පරපුරක් උදාවනු ඇත. එවන් දිනයක් සිහිනයක් නොව සැබෑවක් කර ගැනීමට අපි අදිටන් කර ගනිමු.