පුංචි මල් කැකුළු
මේ විසල් ලෝ තලේ ඉදිවෙන්නේ නුඹ නමින්...
උදා වන හෙට දිනය හැඩවෙන්නේ නුඹ අතින්...
හෙට දිනය ජයගන්න ලෝකතට එළිය දෙන...
නුඹයි දරු පැටවුනේ අප රටේ හෙට දිනය ජය නගන...
නොයනු මල් කැකුළනේ තනිව මග සිටිනු මැන...
පසු පසින් සිටිමු අපි නිබඳ සුරකිමින...
රැක ගන්න ළමා ලොව මල් කැකුළු වන් නිතින...
රැක ගන්න දරු කැළම මුළු ලොවට සුවඳ දෙන...
උපේක්ෂා පුබුදිනී
2018 /WAYA/C/S/F/2984
සෙල්ලමට යතේ
පුංචි පුංචි මල් වගේ
පොඩි ළමයි ඇතේ
රංචු රංචු පැටලිලා
සෙල්ලමට යතේ
උදෑසනින් නැගිටිනවා
දත් මුව කට සෝදනවා
තෙරුවන් ගුණ නමදිනවා
පාසල වෙත අපි යනවා ....//
පාසල් ගොස් හැමදාමත්
ගුරු දෙවියන් දෙන ඔවදන්
පිළිඅරගෙන හැමදාමත්
අපි හොඳ ළමයින් වෙනවා ....//
ශිෂ්‍යත්වය ජය අරගෙන
විභාග ටික සමත්වෙලා
ජීවිතයම ජය ගන්නෙමු
දෙගුරුන් හට සතුට නෙළා
එල්.එච්.ලක්ෂිකා නිශාදි කුලවර්ධන
2018/Waya/S/S/F/3320
කොණ්ඩ කරල් දෙක බැදගෙන
කොණ්ඩ කරල් දෙක බැදගෙන
මදහස පාලා හිනැහෙන
පාට පාට ළමයි පෙළක්
දෙවැට දිගේ පාසල් යනවා //
පැත්තට කොණ්ඩය පීරලා
සිරිමල් වගේ හොදට ඇඳලා
ඇළෙන් දොළෙන් උඩින් පැනලා
වේලාසනින් ඉස්කෝලෙට මෙන්න ඇවිල්ලා
කොණ්ඩ කරල් දෙක බැදගෙන ..............
පිට්ටනියේ පාර කොනේ
කරට උඩින් අත දාගෙන
අත්වැල් පොඩි එකට බැඳන්
කැකිරි පැලෙන කතා කියනවා
කොණ්ඩ කරල් දෙක බැදගෙන................
ඊ.ආර්. දිනේශ් ප්‍රනාන්දු
සමනල යාළුවෝ
පාට ගොඩක් එහෙට මෙහෙට
කැරකෙන කොට හරිම හැඩට
දුවන් ගිහින් එබුනා මලට
හරි ලස්සන පාට පාට ..... //
දාස් පෙතියා මල් යායේ
නටන නැටුම් හරිම අගේ
කවුද කවුද මේ ඉන්නේ
සමනල යාළුවොයි මගේ.... //
මලින් මලට හැම මලටම
ගිහින් බඩත් පුරවාගෙන
මටත් නොකියා යන්න ගියොත්
මං තරහයි ඔන්න ඔන්න .... //
හෙටත් උදෙන් එනවානම්
පොරොන්දුවක් මම දෙන්නම්
ඈත ඉදන් ඔබ එනකන්
මල් පැණි ටික රැක ගන්නම් .... //
අයි.ඩී. විද්‍යානි දිල්ෂාරා
2018 / Waya / Pri / S / F/ 3350
ළමා ගීතය
සින්දු කියන ගං දැල්ලේ නැවතී ඉන්න
සුසුම් හෙලන සීතල පවනේ සැනසෙන්න
සොබා දහම් කුමරියනේ දොඩමලු වෙන්න
අද සවසට එනවා මං නැවතී ඉන්න...//
අහසේ පාට හොයාගන්න උඩ බලන්න නෑ
පොලවේ සුදු මල් සිබින්න සැනසීමක් නෑ
යහලුවනේ දිය සුලියට අදවත් එන්න
සිතල දිය ඔඩොක්කුවේ ගුලි වී ඉන්න...//
පයිතගරස් ප්‍රමේය ඇත මොලයේ හිරවී
ගන්නට බෑ ආකිමිඩිස් හද තුළ ගිලිලා
නිවුටන් හිස මත හිදගෙන අත්පුඩි ගහලා
පාවෙන්නට හිතන්නෙපා හී හඩ දීලා...//
ගුරු දෙගුරුන් සිත් වල මල් පුබුදාලන්න
මිස නැත තනිවම කිසිවක් විමසලන්න
තරගෙට හති නෑර දුවමු කියමින් ඔන්න
පුංචි ළමයි අපි වෙමු හෙට ලෝකෙම දිනන...//
සින්දු කියන ගං දැල්ලේ නැවතී ඉන්න...
සින්දු කියන ගං දැල්ලේ නැවතී ඉන්න...
එස්.ආර්. දිනිති මධුසරා රාජසිංහ
2018/WAYA/PRI/S/F/3080
අපේ දේ අගයමු.
දුවේ පුතේ මේ අහන්න
අතිිතයේ රජුන් අපේ
මහා යෝධ වැව් තැනුවා
දාගැබ් කෙත්වතු මැව්වා...
සිරිත් විරිත් ගුණදම් කඳ
පත්ඉරු මත ලියා තියා
මතු පරපුර වෙත ඒ හැම දේ
නිහඬවම හුරු කෙරුවා...
කෙත්වතු හැම අස්වද්දාලා
බත බුලතින් සරුසාර කලා
අනුන්ගේ යහපත පතලා
දහඩිය මුතු බිම හෙලුවා...
දුවේ පුතේ සිතට ගන්න
තම යුතුකම ඉටු කරන්න
රට දැය වෙනුවෙන් පෙරටම
අලස නොවිි වැඩ කරන්න...
ඩබ්. ජි.දිලිනි හේරත්.
2018/Waya/Pri/S/F/3177
රෑ අසිරිය.
සිසිලස ගත දවටවමින්
කඳු මුදුනින් සඳ කුමරිය
හෙමි හෙමිහිට නැඟ එන විට
රෑ කුමරිය අවධි වෙන්නේ
කළුවර මුළු පරිසරයම
එළියෙන් රැය හැඩ කරන්න
සඳ කුමරිය තරු පිරිවර
වටකර සැම බබළ වන්නේ
රෑ කුමාරි මල් පිපිලා
පරිසරයම සුවඳ කළා
ඝෝෂාවන් හැම නිම වී
නිහඬ බවින් රජ කෙරුවා
නොවී අලස වී මොහොතක්
රෑ අසිරිය බැලුවෝතින්
දැනෙයි අපට රෑ කාලය
දවසේ ලස්සනම මොහොත
එම් . ජී . එම් . එම් . ධර්මරත්න.
2018/Waya/Pri/S/F/3094.
හෙට දිනේ ලොව සරන පුංචි සමනලුන්ට
තරු කැට අහසේ
දිදුලනවා වාගේ...........
නෙත් බබළන්නේ
බැලු බැලු දසත අරා............
කඳු තිර අතරින්
සඳ නැඟ එන්නා යේ.......
වත බබලන්නේ....
මුව පිරි සතුටු සිනා......
පුංචි පුංචි මල් කැකුලු වගේ....
සරසනවා මුලු ලොවම අගේ
නෙක නෙක පාටින්
පිපිලා දසත පුරා.....
හෙට දින මේ ලොව
හුස්ම නුඹයි...
නුඹ එන තුරු ලොව
බලන හිඳියි
නතර නොවි යමු
දිනනට ලොව මතුදා.......
කේ.එල්.ඒ.දනුක ලක්ෂාන් වීරසුන්දර
හදමු වැලක් මල්
රෝස සුවඳ පිච්ච සුවඳ
නේක සුවඳ මල්
වගේ ම සුවඳයි
අපි හැම වෙමු මල්...//
රතු කහ දම් සුදු
එක එක පාටින්
පිච්ච කපුරු රෝස
එක එක සුවඳින්
දිගටි රවුම් තරු
එක එක හැඩයෙන්
ලොකු පොඩි හැමෝම
මල් වෙමු අපි හැම
රෝස සුවඳ....//
පුංචි පුංචි අත්වලින්
පාට කරමු මල්
පුංචි පුංචි අත්වලින්
හැඩ ගන්වමු මල්
පුංචි පුංචි අත්වලින්
සුවඳ කරමු මල්
පුංචි පුංචි අත්වලින්
වැලක් හදමු මල්
රෝස සුවඳ....//
කේ. දුෂ්මන්ති මදුෂිකා සමරකෝන්
2018/waya/s/f/3099
ගමට එන දා...
අම්මේ මං මේ ඉරිදා ගම රට එන්නයි ලු
සීනි දෝසි මලු දෙක තුන පොඩි මල්ලිට ගේ ලු
පාන්දරට හරි සීතල සුළඟ වදිනවයි ලු
පීලි දිගේ ඒ අතරින් මීදුම වැටුනයි ලු
පොඩිසාදුගෙ බණ පදයට හිත ම නිවෙනවයි ලු
වත්ත පහළ සුදු වස්සගෙ නැටුම් බලනවයි ලු
ඉපනැල්ලේ රංචු ගැහෙන වටු බිජු බෝමයි ලු
සපුමල්ටත් සාමාටත් මයෙ පිළුවමයි ලු
ගඟ මැද්දේ දිය කෙළිනා පුංචි ගප්පි මාලු
පුස් වැල්වල එතිලා ගං දිය අල්ලනවා ලු
රතු මාමාගෙ වත්තේ රන් තැඹිලිත් බෝමයි ලු
හනිකේ ගම් එනවා බිඳගෙන ඒ වැට කඩුළු
ඩබ්ලිව්.එම්.එස්.තත්සරණි
2018/waya/s/s/f 3137
පුංචි ළමෝ මල්
දේදුන්නේ පාට අරන්
වළාකුලෙන් පාව ඇවිත්
මිහිපිට පිපි මල්
පුංචි ළමෝ මල්....//
පිවිතුරු බව ලොවට බෙදන
සිනා කැනින් දැය සරසන
අකුරු කරන මල්
පුංචි ළමෝ මල්....//
ගලන දොළේ සිසිලස විඳ
හමන පවනේ ජීවය ගෙන
ලොව බබළන මල්
පුංචි ළමෝ මල්....//
මිහිපිට පිපි මල්
පුංචි ළමෝ මල්....//
ඩී.එමි.ටී.එච්. බණ්ඩාර
2018/waya/s/s/f/3282
සඳට අගෙයි නිල් අහසක්
සඳට අගෙයි නිල් අහසක්
අහසේ දිලෙන තරු දහසක්
ගසට අගෙයි මල් කැකුළක්
ඒ වාගෙයි නුඹ ලොවටත්....//
මොළකැටි සිත් ඇති දරු කැළ
සිනහාවට නිති කැප කළ
මුදු මල් කැකුළකි විකසිත
ජීවය දෙනු හැම මොහොතක
සඳට අගෙයි නිල් අහසක්
අහසේ දිලෙන තරු දහසක්
ගසට අගෙයි මල් කැකුළක්
ඒ වාගෙයි නුඹ ලොවටත්....//
ආදරයෙන් කරුණාවෙන්
ළපටි සිතට ඔවා දෙමින්
යහ ගුණ නිසි මග පෙන්වා
රකිමු අපේ නෙත් වාගේ
සඳට අගෙයි නිල් අහසක්
අහසේ දිලෙන තරු දහසක්
මලට අගෙයි පිනි බිදුවක්
ඒ වාගෙයි නුඹ ලොවටත්....//
W.M.සසිණි මල්ෂා විජේතුංග
2018/waya/s/s/f/3058
බාල කාලෙ අපිට දෙන්න
උදේ ඉදන් රෑ වෙනතුරු
පාඩම් පොත් වටකරගෙන
අකුරු කරන්නලු
ගේ ඇතුළෙම ඉන්නලු.....
යහළු යෙහෙළියන් සමගින්
සෙල්ලම් ගෙදරක් හදන්න
වෙල් දෙණිවල දුව පනින්න
මට තහනම්ලු.....
ලොකු විභාගයක් එනවලු
වැඩිම ලකුණු අරගන්නලු
අසමත් වී ගෙදර එහෙම
එන්න එපාලු.....
ඇයි අම්මේ මට විතරක්
සෙල්ලම් තහනම්
මගෙ වයසෙම මගෙ යාළුවො
දුව පැන සෙල්ලම් කරද්දි
ලොකු තරහක් මට දැනෙනවා
මේ පාඩම් පොත් දැක්කම
ඔක්කොම පොත් ඉරලා දාලා
දුවන්න ආසයි.....
අම්මේ තාත්තේ මේ අහන්න
බාල කාලෙ අපිට දෙන්න
අපේ ළමා කාලෙ ආයේ
එන්නේ නෑනේ.....
I.P.C.N.Dharmasiri
2018/waya/pri/s/f/3342
ලෝක ළමා දිනය සමරමු.
පන්හිඳ නිහඬව කඳුළු සළයි
අකුරක් ඉල්ලා පොත් වැළපෙයි
දහසක් දේ හිත පිරීතිරෙයි
මේ අපි පිබිදිය යුතු සමයයි...
හිත මිතුරන් අකලට සමුදෙයි
සැම සිත් සෝ ළතැවුල් උහුලයි
ලොව නැවතී හුස්මක් අයදියි
මේ අපි පිබිදිය යුතු සමයයි...
සිතුවිලි අත්වැල් බැඳ සවි වෙයි
මෙත් කරුණා ගුණ පදනම වෙයි
නැණ නුවණින් නිති ජය හිමි වෙයි
මේ අපි පිබිදිය යුතු සමයයි...
ලොව ලෙඩවී ඇති බව ඇත්තයි
මාපිය ගුරුහරුකම් සොඳුරුයි
අප තනිවී නැති බව සත්තයි
පොත පත පෑනෙන් ලොව පිබිදෙයි...
ඉස්කෝලේ දොරගුළු වැසුනයි
එනමුදු අපි ජයගත යුතුමයි
දැනුම සොයා කියවිය යුතුමයි
අකුරට පණ දිය යුතු අපිමයි....
U.A.M.Karunarathna
2018/Waya/A/S/F/3305
දේදුනු පැංචා...
දේදුන්නේ පාට හතයි
හරි ලස්සන පාට පාට
කවුරුද ඇන්දේ අහසේ
දේදුනු පැංචා...
පුළුන් වලාකුළු අස්සෙන්
හොරෙන් හොරෙන් එබී බලයි
කවුරුද ඇන්දේ අහසෙ
දේදුනු පැංචා...
අහස් සිත්තරා රහසේ
ඇන්ද ද මන්දා
ලොවම වශී කරවන මේ
දේදුනු පැංචා...
S.M.P.T.Wickramasinghe
2018/waya/pri/s/f/3048