අප ආයතනයෙන් පිටත්වීම සහ ඔබ අතට පත්වීම ගැන පැහැදිලි කිරීම
(01) Order එක Pack කර ආසන්නම Delivery Branch එකට යැවීම, මෙය පැය දෙක තුනක් ඇතුලත සිදුවේ.
(Order එක දැමීමට පෙර ඔබ හොදින් කීප වතාවක් සිතා බලා විස්තර එවන්න. යැවූ පසු Delivery ආයතනයට Delivery මුදල අනිවාර්යෙන් ගෙවිය යුතුවේ; එනම් යැවූ පසු වෙනස් කිරීමට හෝ Cansel කිරීම සිදු කළ නොහැක.)
(02) Customer ඉන්න පළාතේ Delivery Branch එක වෙත Package එක පිටත් කර යැවීම.
(03) පාරවල් වල Package බෙදීම සැලසුම් කර, Customer සිටින පාරේ Package බෙදන Rider කෙනෙක්ට භාර දීම.
(දිනපතා හෝ දින දෙකකට වරක් ඒ ඒ පළාතේ Delivery Branch එකෙන්)
(04) Customer ට Call කර නිවසේ සිටිනවාදැයි තහවුරු කර ගැනීම, ඉන් පසු එදින පැමිණීම.
(Call Answer නොකළොත් දිනකට හෝ දින කීපයකට කල් යන්න පුලුවන් ඒ පාරේ Package බෙදෙන විදිහ අනුව)
මේකට දින දෙකේ සිට දින පහක් වගේ යන්න පුලුවන්.( නිවාඩු දින හැර)
(එනමුත් දවසින් දෙකෙන් යන Order ද තිබේ. ඉක්මණින් ලැබීම කාළගුණ තත්වය සහ පළාත් සහ පාරවල් අනුව වෙනස් වේ.)
👉 ඔබ තේරුම් ගත යුතු ප්රධානම දෙය නම් අප විසින් දිනපතා භාණ්ඩ රැගෙන බෙදීමට නොයන බවත් මෙය මුදල් ගෙවා Delivery ආයතන හරහා යවන බවත් යැවූ Order සදහා අනිවාර්යෙන් Delivery ආයතනයට මුදල් ගෙවීම සිදු කළ යුතු බවත් ය. Order එක දැමීමට පෙර හොදින් සිතා බලා Order කිරීම සිදු කරන්න.
(පැය දෙක තුනකින් පිටත් කර යැවූ පසු වෙනස් කළ නොහැකි බැවින්)
🚫 Order හදිසියේ ලබා ගත නොහැක.
එනම් මට හෙටම ඕනේ, මට අනිද්දා වෙද්දි ඕනෙමයි මෙසේ පවසා ගෙන්වා ගත නොහැක.
(ඉහත පැහැදිලි කළ පරිදි ලැබීමට දින 02 සිට දින 05ක් වුවද ගත විය හැකි බැවින්)
🚫 විශේෂ වේලාවක රැගෙන ඒමට පැවසිය නොහැක.
එනම් හවස 5න් පස්සෙ එන්න, 12ට කලින් එන්න මෙසේ පවසා ගෙන්වා ගත නොහැක.
(Package කීපයක් බෙදමින් Riders ලා රැගෙන එන බැවින්)
🚫 සති අන්තයේ හෝ විශේෂ දිනයක හෝ දින දෙකක පමණක් නිවසේ සිටින බව පවසා එදින රැගෙන එන ලෙස කියා ගෙන්වා ගත නොහැක.
එනම් සෙනසුරාදා ඉරිදා ගේන්න, බදාදා, බ්රහස්පතින්දා විතරයි මම ඉන්නෙ එදාට ගේන්න මෙසේ පවසා ගෙන්වා ගත නොහැක.
(Delivery ආයතන බොහෝ විට සෙනසුරාදා දින වරුවක් පමණක් වැඩ කරයි. ඉරිදා දින නිවාඩු වේ. Delivery වීමට මුලදී සදහන් කළ පරිදි සියල්ල සිදු විය යුතු වේ. ලැබීමට ගත වන කාලසීමාවක් ලබා ගත හැකි නමුත් දිනක් වෙන් කර ගෙන්වා ගැනීම කිසි ලෙසකින් සිදු කළ නොහැකි බව ඔබට වැටහෙනු ඇත.)
👉 Order එකක් ලබාදීමට පෙර හොදින් Online Orders Courier හරහා Delivery කිරීම අවබෝධ කරගන්න, ඔබද අපද එවිට අපහසුතාවයට පත් නොවේ.
Order එකක් පහසුවෙන් ලබා ගැනීම
➡️ දින 4,5ක් නිවසේ සිටින කෙනෙක්ගේ Phone Numbers ලබා දෙන්න.
➡️ Package රැගෙන එන Rider ට Call කිරීමට Phone Numbers දෙකක් ලබා දෙන්න.
➡️ ඔබ නිවසේ නොසිටී නම් රැකියා කරන තැනට හෝ නිවසේ රැදී සිටින මිතුරෙකුගේ ලිපිනයකට ගෙන්වා ගන්න.
➡️ Delivery කිරීමට Rider ඔබට Call කරන විට එය මග නොහැර පළවෙනි වතාවෙම Call Answer කර ගෙන්වා ගන්න, නිතරම ශබ්දය ඇසෙන සේ Phone එක ලගින් තබා ගන්න.
✅ ඉරිදා සහ විශේෂ නිවාඩු දින හැර දින 02ත් 05ත් අතර