Order via WhatsApp
අද කාලේ කුරුලෑ තියෙනව කියන බොහෝ අයගෙන් විස්තර අහද්දි දැනගන්න ලැබෙනවා මේ අය Bleaching , Mercury අඩංගු Whitening Cream පාවිච්චි කරලා තියෙනව කියලා.
බහුවලව ප්‍රසිද්ධ නම් දෙකක් තමයි,
Fresh & White
CAROTONE
ඒ විතරක් නෙමෙයි, තව තියෙනව, ආයුර් වේද නම් පවා කියාගෙන එන Bleaching Cream තියෙනවා.
අර +ආලේප මේ +ආලේප කියලා.
මේවා ගාපු අය අපිට දකින්න ලැබිලා තියෙනව Bleaching ආසාධන සහිතව.
මුලින්ම දැනගමු Bleaching කියන්නෙ මොනවද, Mercury කියන්නෙ මොනවද කියලා.
Bleaching
Bleaching වල භාවිතා කිරීම්
කඩදාසි කර්මාන්තයේදී කඩදාසි සුදු පැහැ කිරීමට
සබන් හා වැසිකිලි පිරිසිදුකාරක නිෂ්පාදනයේදී
රෙදිපිළි හා ඇදුම් නිෂ්පාදන්යේදී පාට ඉවත් කිරීමට
ජල තටාක විෂබීජ ඉවත් කිරීමට
කහට පැල්ලම් ඉවත් කිර්‍රමට
Mercury(රසදිය)
මෙය යකඩ වැනි ලෝහයකි. සාමාන්‍ය උෂ්ණත්වයේදී දියර ලෙස පවති.
Mercury වල භාවිතා කිරීම්
උෂ්ණත්වය මනින උපකරණ සදහා පිරවීමට
දත් පිරවීම සදහා යොදාගන්නා සංයෝගවලට ඉතා සුළු ප්‍රමාණයක්
රත්තරන් නිස්සාරණයේදී
Tube Light වල පාරජම්බුල කිරණ ජනනය කර එමගින් ආලෝකය ඇතිකිරීම සදහා භාවිතා විය.
(අහිතකර තත්ව නිසා අද වන විට භාවිතය ඉතා සුළුයි.)
ඉලෙක්ට්‍රොනික උපකරණ වල සහ රසායනික නිශ්පාදන සදහා
බොහෝ Whitening Cream වලට මේවා දාන්නෙ මොකටද එතකොට ?
සතියෙන් සුදු වෙන්න, සති දෙකෙන් සුදු වෙන්න වගේ ඉක්මණින් සුදු වෙන්න හදන අයට දෙන්න තමා මේවා එකතු කරලා දෙන්නේ මේ නිෂ්පාදනය කරන අය.
සුදු වීම Whitening
ජානමය තත්ව හා සමකයට ඇති දුර අනුව සමේ පාට තීරණය වෙනවා.
ජානමය තත්ව අනුව පාට ලැබීම
සුදු කෙනෙක් හා කලු කෙනෙක් අතර විවාහයකදින් පසු එතැන් පටන් ආරම්භ වන නව පරම්පරාවලදී බිහිවන දරුවන් කලු මෙන්ම සුදු වෙන්න පුලුවන්. මුණුබුරු මිණිබිරියන් හා ඉන් එහාට වුවත්.
(සමේ පාටේ අඩු වැඩි වීම සුදු, කලු ලෙස සරලව හදුන්වනවා.)
සමකයට ඇති දුර අනුව සමේ පාට වෙනස් වීම.
හිරු එළිය වැඩියෙන් වැටෙන සමකය ආස්සන්න රටවල් වල අය කලු ලෙසද, දුර අය සුදු ලෙසද හැඩ ගැහෙනවා.
(සමකය කියන්නෙ ඉර මුදුන්වන, එක කෙලින් ඉර එලිය වැටෙන සීමාව)
(සමේ පාටේ අඩු වැඩි වීම සුදු, කලු ලෙස සරලව හදුන්වනවා.)
කොහොමද පාට වෙනස් වෙන්නේ?
🔹 සමේ තියෙන මෙලනින් අඩු, වැඩි වීමෙන් තමා සමේ පාට තීරණය වෙන්නෙ.
🔹 කෙනාගෙන් කෙනාට සමේ තියෙන මෙලනින් ප්‍රමාණය වෙනස් වෙනවා.
🔹 සමේ මෙලනින් වැඩි නම්, ඒ කෙනාගෙ සම අදුරු (පැහැපත් බව අඩු) හෙවත් කලු පාටක් තමා තියෙන්නෙ.
🔹 සමේ මෙලනින් අඩු නම්, ඒ කෙනාගෙ සම දීප්තිමත් (පැහැපත් බව වැඩි) හෙවත් සුදු පාටක් තමා තියෙන්නෙ.
Bleaching Cream වලින් මොකක්ද කරන සෙල්ලම එතකොට?
🔹 Bleaching Cream වලින් සමේ තියෙන මෙලනින් උපරිමයෙන් ඉතා කෙටි කාලයකදී අඩු කරනවා.
🔹 ඒ විතරක් නම් නෙමෙයි, සමට හානි කරමින් සම ඉතා තුනී තත්වයට පත් කරනවා.
🔹 රසදිය හෙවත් Mercury කියන්නේ පිළිකාකාරකයක් අතින්වත් අල්ලන්න හොද නැති.
⚗️ Bleaching සහ Mercury දෙකම එකතු කරලා Cream ජාති හදන මේ කලුකඩ මුදලාලිලා ඉක්මණට සුදු වෙන්න දගලන අයට Whitening Cream දෙන්නෙ එහෙමයි.
💊 සමහර අය සුදු වෙනවා, සුදු නොවන අයත් ඉන්නවා, මේ දෙගොල්ලන්ටම Cream පාවිච්චි කරන කාලයේදිම හෝ මේ Cream ජාති නතර කළාට පස්සෙ විපාක සියල්ල අත්විදින්න වෙනවා අවුරුදු ගානකට හෝ ජීවිත කාලයටම හරි බෙහෙතක් නොකලොත්.
💣Bleaching Cream ගාපු කෙනෙක්ගෙ සමේ Pigmentation ඇති වීම, කුරුලෑ වැඩි වීම, තුවාල ඇතිවීම සහ කලුවීම දකින්න ලැබෙනවා, ඒකට හේතුව සමට හානිවීම සහ මෙලනින් අහිතකර මට්ටමින් අඩු වීම නිසා සමේ ආරක්ශාව නැතිවී යාම.
මෙලනින් සම ආරක්ෂා කරන්නේ කෙසේද?
✡️ ඕනෙම කෙනෙක් හිරු එළියේ ඉන්නකොට, මෙලනින් වැඩි වීම නිසා කලු පැහැ වෙනවා.
🔹 ඉර එළියෙන් එන අහිතකර UVA, UVB, UVC, ප්‍රතික්‍රියාශීලී ඔක්සිජන් විශේෂ (ROS) වලින් සහ නිල් ආලෝකයෙන් සම ආරක්ශා කරනවා.
✡️ පාවිච්චි කළ කෙනෙක්ගේ සමේ ආරක්ශාවක් නැති නිසා හිරු එළියට නිරාවරණය වීමෙන්,
🔹 ප්‍රතිශක්තිකරණය අඩු වීමෙන් විෂබීජ වලට නිරාවරණය වීම, කුරුලෑ, සමේ රෝග, පිළිකා, කලුවීම් සහ සමේ තුවාල ඇති වීමත් වෙන්න පුලුවන්.
Bleaching Cream නිසා වන හානිය විස්තරාත්මකව
Bleaching Cream වලින්,
🥺 සමේ පටක වලට හානි සිදුවීම, තුවාල ඇති වීම.
🥺 මාංශ පේශීන් වලින් ලේ වලට රසදිය එකතු වීම.
🥺 සම වයසට යාම හා දුර්වල වීම.
🥺 තුවාලයකට මැහුම් දැමීමට පවා නොහැකි වන ලෙස සම ඉතා තුනී වීම.
🥺 සම විරුපී වීම හා දරුණු පිළිකා තත්ව ඇතිවීම.
🥺 කැසීම රතුවීම, පලු දැමීම.
🥺 ලේ හරහා වකුගඩු, අක්මා වල තැන්පත් වීම හා ඒවාට හානි වීමේන් මොළයට හානි වීම.
🥺 මොළයට හානි වීම මගින් අංශභාගය හා ස්නායු රෝග ඇතිවීම.
🥺 ප්‍රතිශක්තිය නැතිවීම හා සියලු ලෙඩ රෝග වැළැදීමට ඉඩ ඇතිවීම.
🥺 අවසානයේ මරණය පවා ඇතිවීමේ අවදානම ඇත.
🥺 දරුවෙක් ලැබීමට සිටී නම්, ගැබට හා ලැබීමට සිටින දරුවාට හානි වීම, දරුවා මරණයට පත් වීමටද ඉඩ ඇත.
🥺 කිරිදෙන මවක් නම්, මවගේ කිරි හරහා දරුවාට මේ විස ඇතුලුවීමෙන් දරුවාට ලෙඩරෝග ඇති වීම සහ මරණයට පත් වීමටද ඉඩ ඇත.
Bleaching Cream හදුනා ගැනීම
🔹 ගෑවට පස්සෙ මැටි වගේ ඇලිලා තියෙනවා, සෝදලා යවද්දිත් තුන් හතර වතාවක් සෝදන්න ඕනෙ අයින් වෙන්න නම්.
🔹 Whitening කියලා තියෙන Cream ගොඩක් වෙලාවට Bleaching වෙන්න පුලුවන්.
🔹 අද කලේ නම් Fairness කියලත් එන්න පුලුවන්.
🔹 ආයුර් වේද නම් වලිනුත් මේ Bleaching Cream එන්න ඉඩ තියෙනවා.
🔹 Luminous Colours(දිලිසෙන පාට) වලින් කවරය එන්නෙ ගොඩක් වෙලාවට සහ පකිස්තානය, බංගලාදේශය, ඉන්දියාව වගේ රට වලින් එන Whitening Cream ගැන සැලකිළිමත් වෙන්න ඕනෙ.
🔹 කිසිම වෙලාවක Bleaching අඩංගු Cream ලෙස සදහන් වෙන්නෙ නැ මේවායේ, කල් ඉකුත් වන දිනය, සහ නිශ්පාදිත රට අනුව සැලකිළිමත් වෙන්න.
🔹 NMRA සහතිකය සහ GMP සහතිකය, හෝ ආයුර් වේද අනුමැති සහතිකය සහ GMP සහතිකය කියන අනුමැති තියෙනවද කියලා හොයලා බලන්න. Bleaching Cream දෙන අයට අනුමැති කිසිවක් නැ.
ඊලගට බලමු Bleaching Cream ගාපු අයට දෙන්න පුලුවන් බෙහෙත් මොනවද කියලා.