ලංකාව තුල බ්‍රිතාන්‍යයන් පාලනයකළ කාලය තුල විවිධ ආණ්ඩුකාරවරුන් යටතේ ලංකාව තුල සිදුවූ ආර්ථික , සමාජයීය , දේශපාලන, ආගමික මෙන්ම සංස්කෘතික වෙනස්කම් පිළිබදව තොරතුරු මෙම ලිපි පෙලෙන් හදුන්වා දීමට බලාපොරොත්තු වන අතර ඉන් පළමු ලිපිය ආණ්ඩුකාරවරු 10 දෙනකුගේ තොරතුරු ගෙන එන්නෙමු.
වර්ෂ 1798 ඔක්තෝබර් මස 12 වන දින මෙතුමා ලංකාවට පැමිණියේය.එවකට උඩරට රජු වූයේ ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමාය. මෙතුමා 1798 අභවප්‍රාප්ත වූ බවත් උඩරට රාජ්‍යත්වයට උරුමකම් ඇතැයි නායක්කර් වංශික කුමාරවරු දෙදෙනකු සිටි බව පෙනේ.
ඉන් එක් අයකු කන්නසාමි කුමාරයා නමුවූ අතර පිලිමතලව්වේ මහාධිකාරම් ගේ මෙහෙයවීම යටතේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජකමට පත් කෙරිණ.මුත්තුසාමි කුමරා ආරක්ෂාව පතා ඉංග්‍රීසීන් වෙත පලා ගොස් ඇත.
පෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රතිපත්තිය වූයේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවා කෙටි කලකින්ම උඩරට රාජ්‍යය ද යටත් කර ගැනීමටයි.ඒ වෙනුවෙන් උඩරට රජු තමා ට වාසිදායක ගිවිසුමකට ඒකග කරවා ගැනීමට නෝර්ත් ආණ්ඩුකාරවරයා උත්සාහ ගත් බව පෙනේ.
ඒ වෙනුවෙන් සෙන්පති මැක්ඩොවෙල් ගේ නායකත්වයෙන් යුත් හමුදා භටයන් 1164 හා කාලතුවක්කු 8 ක්ද සහිත දූත පිරිසක් උඩරටට යැවීමට වර්ෂ 1800 දී ආණ්ඩුකාරවරයා කටයුතු කලේය.තම යුධ ශක්තිය පෙන්වා රජු නම්මවා ගැනීමඅභිප්රාය වුවත් එතරම් විශාල හමුදාවක් උඩරටට ඇතුළු කිර ගැනීමට රජු අවසර නොදුන් බව කියවේ.සෙන්පති මැක්ඩොවෙල් රජු හා සාකච්ඡා කලත් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නෝර්ත් ආණුඩුකාරවරයා ට නොහැකි විය.
මේ අතර තම පාලන ප්‍රදේශ වූ මුහුදුබඩ ප්‍රදේශ වල ජනතාව උඩරටට හිතවාදී ප්‍රතිපත්තියක් කටයුතු කළ අතර ඔවුන්ට උඩරට රජුගෙන් ආධාර හිමිවිය. තවද උඩරට රජු ඉංග්‍රීසි විරුද්ධවාදී ප්‍රංශ වරුන්ගේ සහය ඉල්ලා සිටියහොත් තම පාලනයට විශාල තර්ජනයක් වන බවද නෝර්ත් දන්නේය. එසේම කොළඹ හා ත්රිකුණාමලයඅතර ගොඩබිමින් ගමන් කිරීමට උඩරට රාජ්‍යයට අයත් ප්‍රදේශ හරහා යාමට සිදුවිය. මෙවැනි හේතු මත ඉංග්‍රීසීන්ට උඩරට අල්ලා ගැනීමට විශාල අවශ්‍යතාවයක් පැවතින.
එසේහෙයින් 1803 දී උඩරට ආක්‍රමණය කිරීමය නෝර්ත් තීරණය කළේය.මැක්ඩොවෙල්ගේ නායකත්වය යටතේ පෙබරවාරි 12 ඉංග්‍රීසීන් උඩරටට ඇතතුළූ විය. රජු හා නගර වැසියෝ නගරය අතහැර ගොස් සිටි අතර ඉංග්‍රීසීන් තමන් කැදවාගෙන ගිය මුත්තුසාමි කුමාරයා රජු හැටියට ප්රකාශයටපත්කරන ලදී.
කෙසේවෙතත් වැසි සමය ආරම්භ වීමත් සමග රෝග පැතිර යාමත් උඩරටට සැපයුම් අවහිර කිරීමත් මත ඉංග්‍රීසීන් අනපේක්ෂිත පරාජයක් ලැබීය.
අප්‍රතිහත උත්සාහයකින් හා ධෛර්යයකින් යුතුව, මහනුවර රාජධානිය ලබා ගැනීමේ ප්‍රථම උත්සාහය නෝර්ත් වෙතින් ගිලිහී ගිය අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් නෝර්ත් තම ආණ්ඩුකාර පදවියෙන් ඉල්ලා අස්විය.
ක්‍රි.ව 1805 ක් වූ ජූලි මස 19 වැනි දින ශ්‍රීමත් තෝමස් මෙට්ලන්ඩ් ලංකාණ්ඩුකාර ධුරයට පත්විය. ඔහු රටට ගැළපෙන පාලන ක්‍රමයක් සකස් කිරීමට උත්සාහවත් විය. නමුත් මුදලිවරුන්ගේ බලය හීන කිරීමට උපක්‍රම යෙදූ ඔහු භික්ෂූන් වහන්සේලා අතර අසමගිය අවිශ්වාසය ඇති කර සංඝයාගේ බලය හීන කිරීමට කටයුතු කලේය.
එයින් කන්ද උඩරට රජතුමාගේ දේශපාලන යාන්ත්‍රණය හීන කිරීමට උත්සාහ කළේය. ඔහු සෑම ගොවියකුට ඉඩම් ලැබෙන සේ කටයුතු කල අතර කෘෂිකර්මය දියුණු කිරීම සඳහා මෙට්ලන්ඩ් ආණ්ඩුව මගින් ගොවීන්ට කෘෂි උපකරණ ,බිත්තර වී පවා ලබාදී ධාන්‍ය වලින් සුළු පොලියක් අය කලේය. ආහාරය සදහා වෙනත් ධාන්‍ය වර්ග, අල ,බතල, කොස් ,දෙල් පොල් වැවීමට රටවැසියා උනන්දු කලේය.
දිවයින පුරා සාමයෙන් සන්සුන් බව පැතිරී තිබූ කාලයක් සේ මෙම කාලය සැලකේ. ගල්කිස්සේ මුහුදු බොක්කේ අද තිබෙන mountlavinia හෝටලය පිහිටි ගොඩනැගිල්ල පෞද්ගලික වාසය සඳහා තැනවූ ඔහු තමාගේ පෙම් පෙම්වතිය ලුවීනියා නමින් mount lavinia house යයි නම් කොට එහි වාසය කළේය.
මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා මුහුදුබඩ ප්‍රදේශවල ප්‍රධාන බලය සුරක්ෂිත කිරීමට හා බලය තහවුරු කර කරගැනීමට කටයුතු කරනු ලැබීය.
ක්‍රි.ව 1811 ක් වූ මාර්තු 19 දින සිට 1812 මාර්තු 11 වන දක්වා මේජර් ජෙනරාල් විල්සන් තුමා ලංකා ආණ්ඩුකාර පදවියේ වැඩ බලන ලදී.
එම කාලය තුළදී ( 1812) ජූරි සභාවක් සහිතව නඩු විනිශ්චය කිරීමේ බලය ඇතුව සුප්‍රීම් උසාවිය (ශ්‍රේෂ්ඨාධිකරණය) ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් තුමාගේ ප්‍රධානත්වයෙන් ලංකාවේ පිහිටුවන ලදී.
නමුත් මේ කාලයේ උඩට අතිශය අභාග්‍ය කාලයක් විය. සිංහල රජුගේ දෙවන අධිකාරම් වූ සත්කෝරලයේ දිසාපති තැන්පත් මීගස්තැන්නේ ජන්මාන්තර ගත වීම නිසා ඇහැළලේපොළ නිලමේ හා මොල්ලිගොඩ දිසාපති තැන අතර එම කෝරළය බෙදා දෙන ලදී. අධිපතීන් දෙදෙනෙකුට සේවය කිරීමටත් බදු ගෙවීමටත් අසීරු හෙයින් වැසියන් අතර කැරැල්ලක් ඇති විය. ඒත් පිලිමතලව්වේ නිලමේ විසින් කැරැල්ල මැඩ පවත්වා එම මුළු කෝරලයම තම බෑණනු කෙනකු වූ රත්වත්තේ ගේ පාලනයට යටත් කරන ලදී.
මේ අතර පිළිමතලව්වේ රජු විසින් අධිකාරම් ධුරයෙන් නෙරපන ලදුව ඔහු රජු ස්වකීය මාලිගාවේ දීම ජීවිතක්ෂයට පැමිණවීමට රජුගේ ආරක්ෂක කෙනෙකු සමඟ කුමන්ත්‍රණය කළේ ය. මෙම කුමනෙම කුමන්ත්‍රණය හසුවී සිංහල රජු විසින් පිලිමතලව්වේ ගේ හිස ගසා දැමීමෙන් ජීවිතක්ෂයට පමුණුවන ලදී.
ක්‍රිස්තු වර්ෂ 1812- 1820
වර්ෂ 1812 මාර්තු 18 වන දින ලෙෆ්ටිනන් ජනරාල් ශ්‍රීමත් රොබට් බ්රවුන්රිග් ශ්‍රී ලංකා ආණ්ඩුකාර ධුරය භාර ගන්නා ලදී. මේ කාලයේ ඇහැලේපොළ නිලමේ පිළිමතලව්වේ වෙනුවට පළවෙනි අදිකාරම් ධූරයට පත් පත්ව සිටි අතර ඔහු සබරගමු පළාතේ ආදායම් එකතු කරවීමට සහ එහි කෘෂිකර්මාන්තය සම්බන්ධ කටයුතු පාලනය කිරීමේ අධ්‍යක්ෂක ධූරයට පත් කරනු ලැබ සිටියේය. ඔහු විසින් එහි වැසියන්ට කරන ලද ඇතැම් පීඩාවන් ගැන ඔහුට විරුද්ධව ඇතිවූ චෝදනාවන්ට උත්තර දීමට රජු විසින් මහනුවරට පැමිණෙන ලෙස ඔහුට නියම කරන ලදී. එහිදී ඇහැළේපොල ඊට කීකරු නොවී ඉංග්‍රීසි ආණ්ඩුකාරයා සමග ලියුම් ගණුදෙනු කරගනිමින් තම රාජකීය ස්වාමියා ට විරුද්ධව ද්‍රෝහි සාකච්ඡාවන්හි යෙදුන අතර සිංහල රජුට විරුද්ධව කැරළි ගැසීමට ජනතාව පොළඹවන ලදී.
යටකී ද්‍රෝහී ක්‍රියා දැනගත් රජතුමා සිංහල රාජ නීතිය අනුව ඔහුගේ රාජ පාක්ෂික භාවය පිළිබද ඇපකාරයන් ලෙස භාර්යාව හා දරුවන් සිරභාරයට ගන්නා ලදී.
1814 මැයි වන විට ඇහැළේපොල නිලමේ කොළඹට පලා ගාස් ඉංග්‍රීසීන්ට එක්ව සිටිතැයි දැනගත් රජතුමා ඇහැළේපොලගේ පවුලම ඉතා කෲර ලෙස ඝාතනය කරවන ලදී.
මෙය දැනගත් ඇහැළේපොල සිංහල රජු හා රාජධානිය පාවා දී හෝ තම අභමතාරථ මුදුන් පමුනුවා ගැනීමට ඉට ගත් අතර උඩරට ඇති වූ මෙම අවාසනාවන්ත තත්වය තම වාසියට හරවා ගැනීමට ඉංග්‍රීසි අණ්ඩුකාරවයාද ක්‍රියාත්මක විය.
සිංහල රාජාණ්ඩුවට විරුද්ධව වර්ෂ 1815 ජනවාරි 13 වන දින යුද්ධ ප්‍රකාශ කරන ලදී.
1815 පෙබරවාරි 14 වන දින බ්රවුන්රිග් කණ්ඩායමක් සමඟ මහනුවරට ඇතුළුවිය. රජු සහ නුවර පදිංචි සියලුම දෙනාම නුවරින් පලා ගොස් සිටියහ.
රජු අල්ලා ගැනීම පිණිස පසු පෙබරවාරි 18 වන දින ජෝන් ඩොයිල් හා පිරිස පිටත් කර හරින ලද අතර මැද මහ මහනුවරට සැතැප්මක් පමණ දුරක පිහිටි බොමුරේ නම් ගමේ උඩුපිටිය ගෙදර අප්පුරාළ ආරච්චිගේ නිවසේ රජතුමා හා බිසෝ වරු දෙදෙනෙක් අල්ලා ගන්නා ලදී.
මේ අනුව විජය රජුගේ සම්ප්‍රාප්තිය පසුව අවුරුදු 2357 ක් වැනි දීර්ඝ කාලයක් මුළුල්ලේ අවිච්ඡින්නව පැවතියා සිංහල ක්‍රීටය හා සිංහලයන්ගේ ස්වෛරීභාවය අහිමි විය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිරභාරයට ගත් පසු බව බලසම්පන්න ආරක්ෂක හේවා කණ්ඩායමක් භාරයේ කොළඹට ගෙන්වා ඔහුත් ඔහුගේ බිසෝවරු දෙදෙනාත් එකොලොස් මාසයක් පමණ කාලයක් කොටුවෙ ගල් දොරකඩ සමීපව ඇති ගෘහයක නිවාසයක රදවා ගෙන ගොස් 1816 ජනවාරි 24 දින කෝර්න් වොලිස් නම් නැවෙන් මදුරාසියේ වෙල්ලෝරයට පිටුවහල් කර යවන ලදී.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අවුරුදු දහ සතක් පමණ කාලයක් මදුරාසියේ වෙල්ලෝර් නම් ස්ථානයේ සිරගතව සිට වර්ෂ 1832 ක්වූ ජනවාරි 30 දින මිය ගියේය.
සිංහල රජු සිරභාරයට ගෙන දොළොස් දිනක් ගත වූවාට පසු මහනුවර මඟුල් මඩුවේ ඉතා අලංකාර රැස්වීමක් පවත්වන ලදි. එංගලන්තයේ මහ රජතුමා වෙනුවෙන් ඉංග්‍රීසි ආන්ඩුකාරයාද හෙළ වැසියන් වෙනුවෙන් සිංහල රදළවරුද පෙනී සිටින ලදී. ඇහැලේපොළ නිලමේ මොල්ලිගොඩ අදිකාරම්තුමා ඒ පළාත් වල දිසාපතිවරුන් හා අවශේෂ ප්‍රධාන රදළවරුන් මේ අතර සිටින ලදී.
වගන්ති 11 කින් යුත් ගිවිසුමකට එළබෙන ලද අර ඉන් රටේ රාජනීතියත් , සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන බවටද බ්‍රිතාන්‍ය ආණ්ඩුව පොරොන්දු වන ලදී.
ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය කොඩි ඔසවන ලද අතර 1815 මාර්තු 02 වන දින සිට ලංකාද්වීපයේ රාජ්‍යශ්‍රීයට තුන්වන ජෝර්ජ් මහරජාණන් වශයෙන් පත්වනලදී.
( පළමු ධුර කාලය )
වර්ෂ 1820 ක් වූ පෙබරවාරි 1 වන දින ආණ්ඩුකාරධුරයට පත් විය.
වර්ෂ 1820 දී ශ්‍රේෂඨාධිකරණය ආරම්භ කරනු ලැබිණ.
එසේම කොළඹ - මහනුවර අතර කරත්ත පාරක් තැනීම ආරම්භ කලේද මේ සමයෙදීය.
මෙතුමා කීර්තිමත් යුද්ධ දක්ෂයෙකු වූ බැවින් 1822 දී ඉන්දියාවේ යුද්ධ සේනාධිපති තනතුරට පත්කරන ලද හෙයින් ලංකාවෙන් ඉවත් ව යන ලදී.
වර්ෂ 1822 පෙබරවාරි 2 දා වැඩ බලන ආණ්ඩුකාරධුරයට පත් විය.
1823 දී උප ආණ්ඩුකාරධුරයක් ලැබ ලංකාවට පැමිණියේය.
වර්ෂ 1824 දී ජනවාරි මස 18 වන දින සර් එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරතුමා දෙවන වරට වැඩ බාර ගන්නා ලදී.
තම පාලන කාලය තුල රටේ අභිවෘද්ධිය පිණිස මහත් කැපවීමෙන් කටයුතු කළ ආණ්ඩුකාරවරයකු සේ සැලකිය හැක.
එම ආණ්ඩුකාරවරයාගේ දුර කාලයේදී ප්‍රසිද්ධ පාරවල් කිහිපයක්ම දායාද විය.බාර්න්ස් ආණ්ඩුකාරවරයා දුරයට එන කාලය වන විට කොළඹ සිට මහනුවරට යාමට හංවැල්ල ,අවිස්සාවේල්ල, අමගමුව, ගම්පොළ හරහා දුරින් වැඩි මාර්ගයක් භාවිතා විය.කොළඹ නුවර පාර මෙන්ම කුරුණෑගල ගලගෙදර හරහා මහනුවරට පාර ද මේ කාලයේ ඉදි වීමෙන් වෙළදාම වැවිළි කර්මාන්ත බොහෝ දියුනුවට පත් විය.
එසේම අද දවසේ ප්‍රදාන නගරවලට යාමට ඇති ප්‍රසිද්ධ පාරවල් සියල්ලක්ම පාහේ මෙතුමාගේ කාලයේ සාදන ලද ඒවාය.එකල පාරවල් දැමිමේ ඉංජිනේරු තැන වූ ඩෝසන් මහතාගේ ප්‍රතිමවක් කඩුගන්නාවේද බාර්න්ස් ආණ්ඩුකාරවරයාගේ පිළිරුවක් කොළඹ රජෙ මන්දිරය ඉදිරිපිටදීද පිහිටුවා ඇත.
එකල සිංහල රාජනීතිය වූ මරණ දඩුවමට පත්කරන දියේ ගිල්වා මැරීම 1826 දී අවලංගු කරන ලදී.
ලංකාවේ පළමු කෝපි ගස නුවරඑළියේ බාර්න්ස් හෝල් නම් නිවසට අයත් භූමියක රෝපණය කළබව කියැවේ.
( ක්‍රි.ව 1831-1837)
මෙම ආණ්ඩුකාරයා කීර්තිමත් යුධ දක්ෂයකු මෙන්ම රාජ්‍ය පරිපාලනයේ දක්ෂයෙක්ද විය.
1828 -1837 දක්වා ලංකාවේ මුතුපර වලින් බෙල්ලන් කැඩීමෙන් විශාල ආදායමක් ලබා ගත් බව පැවසේ.
1831 දී කොළඹ ප්‍රසිද්ධ කළ පළමු පත්‍රය කලම්බු ජර්නල් නම් පත්‍රය පටන් ගන්නා ලදී.
1832 පෙබරවාරි 1 දින පටන් කොළඹත් මහනුවරත් අතර අසුන් බැදි තැපැල් කෝච්චියක් පටන් ගන්නා ලද අතර මුළු ආසියාවෙන්ම පළමුවනි වරට මගීන් හා තැපැල් ගෙන යාටම ආරම්භ කරන ලද තැපැල් රථය මෙයවේ.
පාර බදු හෙවත් ඇඟ බදු මේ කාලයේ පනවන ලදී. එනම් ආණ්ඩුකාරයාද යුද්ධහමුදාවේ අයද බෞද්ධ භික්ෂූන් වහන්සේලාද විදේශීය කුලීකරුවන් ද හැර අවුරුදු 18 -55 අතර පිරිමි පාරවල් අළුත්වැඩියා කිරීම හා ඇළදොළ සකස් කිරීම සදහා දින බාගයක් වැඩ කරන්නට හොඊට සරිලන වැටුප් මුදල ගෙවීමට බැදී සිටිනලදී.
1833 දී ලංකාවේ ඇති කළ කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගින් ව්‍යවස්ථාදායක සභාව හා විධායක සභාව පිහිටුවීම.
1833 දී දිවයින උතුරු, නැගෙනහිර ,බස්නාහිර ,දකුණු හා මධ්‍යම පලාත් 5 කට බෙදා වෙන්කරන ලදී.
ලන්දේසි කාලයේ සිට මෙතෙක් ආණ්ඩුව පමණක් අයිතිවාසිකම් ඇතුව කරගෙන ආ කුරුදු වෙළදාම 1833 පටන් වෙනස් කරන ලදුව වැසියන්ට කුරුදු වැවීමටත් වෙළදාම් කිරීමටත් අවසර ලැබිණ.
පාරේවම් පසින් ගමන් කිරීමේ නීතිය ක්‍රියාත්මක කරවුයේ ද මේකාලයේය.
දැනට රෝයල් කොලේජ් ලෙස හදුන්වන පාසල 1836 කොළොම්බෝ ඇකඩමි ලෙස පිහිටුවන ලද්දේ ද මේ කාලයේය.
( ක්‍රි.ව 1837- 1841)
වර්ෂ 1837 නොවැම්බර් 7 වන දින ආණ්ඩුකාර තනතුරට පත්විය.මෙකල කෝපි වගා කිරීම උන්මාදයක් මෙන් පැතිර ගිය කාලයක් බව කියැවේ.
මේ කාලයේ ආරෝග්‍ය ශාලා ,බන්ධනාගාර හා පාඨශාලා දියුණු කිරීමට බලවත් පරිශ්රම දැරූ
ආණ්ඩුකාරවරයෙක් සේ මෙතුමා ප්‍රකට විය.
1838 අවුරුද්දේ කොළඹ හා ගාල්ල අතර තැපැල් ගෙන යන අශ්ව කෝච්චියක් ආරම්භ විය.
මෙම ලිපියේ දෙවන කොටස ඉදිරියේදී ...