සුප්‍රකට ටයිම් සඟරාව විසින් 1927 වසරේ සිට සෑම වසරකම “Man of the Year හෝ Woman of the Year” ලෙස කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ යම් කණ්ඩායමක් නම් කරන අතර 1999 වසරෙන් පසුව එය “Person of the Year” නමින් එම වසරේ යහපත් හෝ අයහපත් ආකාරයෙන් ලෝකයට බලපෑම් කළ, වසරේ පුද්ගලයා හෝ කණ්ඩායම නම් කරනු ලබයි. එසේ “Person of the Year” ලෙස නම් කරන මෙම තෝරා ගැනීම සාමාන්‍යයෙන් එක් පුද්ගලයකු හැඟවුනත් , කණ්ඩායමක් සඳහා මෙම නාමය පිරිනමන අතර එසේ කණ්ඩායමක් තේරීමට පටන් ගත්තේ 1937 වසරේ දී සිටය.
එලෙස ටයිම් සඟරාව විසින් 2019 වසර සඳහා වසරේ පුද්ගලයා (“Person of the Year”) ලෙස වයස අවුරුදු 16ක ස්වීඩන් ජාතික දැරියක් වන ග්‍රේටා තන්බර්ග්ව නම් කර ඇත. එම නාමය ලැබුණු ලොව වයසින් අඩුම පුද්ගලයා ලෙස ග්‍රේටා දැනට වාර්තාවක් ද තබා තිබීම විශේෂත්වයකි.
තවද ,ටයිම් සගරාවේ කවරය මෙවර ඔවුන් නම් කර තිබුනේ “තාරුණ්‍යයේ ජවය” (The Power of Youth) ලෙස යි. එයට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම සම්බන්ධයෙන් ඊට එරෙහිව ක්‍රියාකාරීව කටයුතු කරන ලොව ළාබාලතම පුද්ගලයා ඇය වීමත් ඇයගේ ක්‍රියාකාරකම් ලොව සියළුදෙනාගේ ඇස් අරවන්නට තරම් වීමත් නිසා විය හැකියි.
ග්‍රේටා තන්බර්ග් ස්වීඩන ජාතික දැරියක් වන අතර, මුළු ලෝකය පුරා ඇය ප්‍රසිද්ධ වන්නේ ගෝලීය උෂ්ණත්වය වැඩි වීම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුව ඉදිරියේ දී විරෝධතාවල යෙදෙන්නියක ලෙසයි. සෑම සිකුරාදා දිනකම පාසල් නොයන ඇය, ඒ දවස තුළ ස්වීඩනයේ පාර්ලිමේන්තුව අසල විරෝධතාවයක යෙදෙන්නේ ඒ ගෝලීය උණුසුම ක්‍රමක්‍රමයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් ස්වීඩන රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධව විරෝධය එල්ල කරමිනි. එම විරෝධතා මාලාව 'Fridays for Future' නමින් මුළු ලෝකය පුරා ඉතා ප්‍රසිද්ධියට පත් විය.
පසුව යුරෝපයේ රටවල ශිෂ්‍ය සංවිධාන රැසක් ගෝලීය උණුසුම ඉහළ යාම සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාර සඳහා අවතීරණය වන අතර, එයට නායකත්වය සපයන්නේ ග්‍රේටා යි.
යුරෝපා පාර්ලිමේන්තුවේ දී ඇයට දේශගුණික විපර්යාස හා ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳව කතාවක් පැවැත්වීමට අවස්ථාවක් හිමිවූ අතර එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස (COP24) පිළිබඳව 2018 වසරේ පැවති සමුළුවටද ඇය සහභාගි වනවා .
2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ග්‍රේටා තන්බර්ගේ නම ද යෝජනා වෙනවා. නමුත්, එය හිමි වෙන්නේ ඉතියෝපියානු අගමැතිවරයා වන අබි අහමඩ්ට යි.
2019 වසරේ දෙසැම්බර් මාසයේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳව සමුළුවට (COP25) සහභාගී වීමට හා එය ඇමතීමට ඇයට ආරාධනා ලැබේ. එහිදී ඇය ලෝක නායකයන් ගෙන් ලෝකයේ අනාගතය සුරක්ෂිත කිරීමට පියවර ගන්නැයි හැගීම්බරව ඉල්ලා සිටින ලද අතර එම කාල වකවානුව තුළ දී ඇයට ටයිම් සඟරාව විසින් “වසරේ පුද්ගලයා” යන ගෞරවයද පිරිනමනු ලබයි.
පහත දක්වා ඇත්තේ ඇය විසින් විවිධ අවස්ථාවලදී පැවසූ සෘජු මෙන්ම සංවේදී ප්‍රකාශ කිහිපයක උපුටා දැක්වීමක් වේ.
"The eyes of all future generations are upon you. And if you choose to fail us, I say - we will never forgive you." - UN Climate Summit, New York, 23 September 2019
"We showed that we are united and that we, young people, are unstoppable." - UN Youth Climate Summit, New York City, 21 September 2019
"We are striking because we have done our homework, and they have not." - Climate protest in Hamburg, Germany, 1 March 2019
"Since our leaders are behaving like children, we will have to take the responsibility they should have taken long ago." - COP24, Poland, 4 December 2018
"I want you to act as if the house is on fire, because it is." - World Economic Forum, Davos, 24 January 2019
"The moment we decide to fulfil something, we can do anything." - Houses of Parliament, UK, 23 April 2019
දේශගුණික විපර්යාස පිළිබඳ තර්ජනය වඩාත් බැරෑරුම් ලෙස සලකන ලෙස ලෝක නායකයින්ගෙන් ඇය ඉල්ලා සිට දින කිහිපයකට පසු “විකල්ප නොබෙල් ත්‍යාගය” ලෙස හැඳින්වෙන Right Livelihood Award, යන සම්මානයෙන් පිදුම් ලැබූ අයගෙන් එක් අයෙකු ලෙස ඇයව නම් කරන ලදී.
ලෝක ඉතිහාසයේ තීරණාත්මක මොහොතක පරිසරය හා දේශගුණය පිළිබඳ විවාදයට නව ජීවයක් ලබා දීම වෙනුවෙන් ග්‍රේටා තන්බර්ග්ට 2019 නෝර්ඩික් කවුන්සිලයේ පාරිසරික ත්‍යාගය ද පිරිනමන ලදී.
නමුත් තරුණ පරිසර ක්‍රියාකාරිකයා පවසන්නේ “දේශගුණික ව්‍යාපාරයට තවදුරටත් සම්මාන අවශ්‍ය නොවේ. අපට අවශ්‍ය වන්නේ අපගේ දේශපාලකයින් සහ ජනතාව විද්‍යාවට ඇහුම්කන් දීම ආරම්භ කිරීමයි"යනුවෙනි.