17 ජූලි 2019 ජිනීවා නුවරදී පුවත් නිවේදනයන් නිකුත් කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් ඇඩනම් ගේබ්‍රෙයෙසස් විසින් කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ (DRC) ඉබෝලා වෛරස් රෝගය ජාත්‍යන්තර වශයෙන් සලකිලිමත්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කළේය.
නම ඇසුවත් බියෙන් තැති ගැන්වෙන ‘ඉබෝලා’ පිළිබද අවධානය නැවතත් අළුත් කරමින් බටහිර අප්‍රිකාව කේන්ද්‍ර කර ගනිමින් කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ (DRC) මේ වන විට පැතිර යමින් පවතින මෙම ව්‍යසනය ‘ලෝක මට්ටමේ අනතුරක්’ලෙසින් මෙලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරන්නට යෙදුණි.
ලොව පුරා දැඩිව පැතිර ඇති කොවිඩ් 19 වසංගතයට අමතරව ඉබෝලා ද වසංගත මට්ටමට පැමිණිය හොත් ඉතාමත් අවාසනාවන්ත තත්වයක් ඇති වීමට ඇති ඉහළ හැකියාව මත මෙම අවස්ථාවේ ඉබෝලා පිළිබද සුළුකොට නොතැකිය හැකි බව පෙනී යයි.
මේ වන විට ඉබෝලා රෝගය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මෙයින් පුද්ගලයින් 4,922 ක් (ඔක්තෝබර් 23 වන විට) මරණයට පත්වී ඇති අතර වැඩිම ඉබෝලා මරණ ප්‍රමාණයන් වාර්තා වන්නේ ලයිබීරියාව, ගිනියාව සහ සියාරාලියොන් යන රටවලිනි.
ඉබෝලා යනු
Ebol් ඉබෝලා (Ebola virus disease-EVD) එහෙමත් නැතිනම් ඉබෝලා රක්තපාත උණ (Ebola hemorrhagic fever) යනු වෛරසයකින් වැළදෙන රෝගයකි. මෙහිදී රෝගය සඳහා තුඩු දෙන වෛරසය ‘ඉබෝලා වෛරසය’ ලෙසින් හැඳුන්වනු ලැබේ. ඉබෝලා රෝගය අයත් වන්නේ නිශ්චිත ප්‍රතිකාර සොයාගෙන නොමැති මිනිසා පහසුවෙන් මරණයට පත්කළ හැකි තීව්ර රෝග කාණ්ඩයටය. (Acute Disease)
ඉබෝලා වෛරසය පිළිබඳ ලොව පුරා දැඩි නොසංසුන්තාවක් මේ වන විට හටගෙන ඇතත් ‘ඉබෝලා’ ලොවට අලුතින් බිහිවූ රෝගයක් නොවන බව කිව යුතුය. ඉබෝලාවට ගොදුරු වූ පළමු රෝගියා හමුව ඇත්තේ මින් වසර 38 කට පමණ පෙර එනම් 1976 වසරේදී මධ්‍යම අප්‍රිකාවේ කොංගෝ රටෙනි.
මහජන ප්රජාතන්ත්රවාදී කොංගෝ රාජ්‍යය මැදින් ගලා බස්නා සුන්දර ‘ඉබෝලා’ නදිය ආශ්රිත ගම්මානයකින් මෙම ප්‍රථම රෝගියා හමුවී ඇති බව දැක්වෙන අතර උතුරු කොංගෝවේ ‘යැම්බුකු’ නම් රෝහලට මෙම රෝගියා ඇතුළත් කිරීමත් සමග වෛරසය ආසාදිත වූ රෝගීන් 280 ක් පමණ විවිධ පළාත්වලින් සොයාගත් බවද වාර්තා වේ.
පළමුව මෙය ‘කහ උණ’ තත්ත්වයක් ලෙස අනුමාන කළද එය ඊට එහා ගිය රෝගී තත්ත්වයක් බව පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත. ඒ අනුව මෙය අලුත්ම වෛරසයක් නිසා පැතිරෙන රෝගයක් බව ඛෙල්ජියම් වෛද්‍ය කණ්ඩායමක් විසින් සොයාගනු ලැබුණි. මෙම වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක උෂ්ණ කලාපීය ක්ෂුද්රජීවී විශේෂඥ පීටර් පියොට් විසින් මෙම වෛරසය ‘ඉබෝලා’ යනුවෙන් නම් කර ඇති අතර එයට ආසන්නතම හේතුව වී ඇත්තේ පළමු රෝගියා ඉබෝලා නදිය ආශ්රිත ගම්මානයකින් හමුවීම බව පැවසේ.
1976 සිට අප්‍රිකාවේ රටවල් දහයක ඉබෝලා වෛරසය පැතිරීම් ( Outbreak ) 26 ක් සිදුවී ඇති අතර, කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය, සුඩානය, ගැබොන්, අයවරි කෝස්ට්, දකුණු අප්‍රිකාව, උගන්ඩාව. කොංගෝ, ගිනියාව, සියරා ලියොන් සහ ලයිබීරියාව , ඇමරිකා එක්සත් ජනපදය සහ ස්පාඤ්ඤ.ය.ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජය වැඩිම වසංගත සංඛ්‍යාවක් එනම් වසංගත 7 කට මුහුණ දී ඇති රට වන අතර උගන්ඩාව පසුව පැතිරීම් පහකට ගොදුරු වී ඇත.
2014 මාර්තු මාසයේ ගිනියාවේ ආරම්භ වූ සහ වාර්තා වූ ඉබෝලා මේ දක්වා ඇති වූ දරුණුතම හා මාරාන්තික පුපුරා යාම සේ සැලකේ. සියෙරා ලියොන්, ලයිබීරියාව, නයිජීරියාව, සෙනෙගල්, මාලි, ඇමරිකා එක්සත් ජනපදය සහ ස්පාඤ්ඤය යන රටවලට බලපාන ලදී.
ඉබෝලා ව්‍යාප්තිය
ඉබෝලා වෛරසය ශරීරගත වීම ආසාදිත පුද්ගලයකුගේ රුධිරය මගින්, සෙම් සොටු දහදිය වැනි ශ්‍රාවයන් මගින්, ආහාර පාන මගින්, ඇඳුම් පැළඳුම් හෝ රෝගියා භාවිත කළ වෙනත් උපකරණ මගින් මෙන්ම එන්නත් කටු වැනි දෑ මගින් සිදුවිය හැක. තවද මෙම වෛරසය වාතයෙනුත් පැතිර යා හැකි බව මේ වන විට පර්යේෂණවලින් තහවුරු වී ඇත.
ඉබෝලා නමැති මාරාන්තික වෛරසය පැතිර යාමට ඉවහල් වූ ප්‍රධාන කාරකයන් ලෙස හඳුනාගෙන ඇත්තේ Pteropodidae කුලයට අයත් පළතුරු වවුලන්ය. එහිදී එම වවුලන්ගෙන් ගෝරිල්ලන්, වඳුරන්, ඇන්ටිලොප් මුවන්, ඉත්තෑවන්, චිම්පන්සීන් වැනි සතුන් වෙත මෙම රෝගය පැතිර ගොස් ඇත. එම ආසාදිත සතුන්ගේ රුධිරය, ශ්‍රාවයන් හෝ ඉන්ද්රිය කොටස් ස්පර්ශ වීමෙන් හෝ එම සතුන්ගේ මාංශ අනුභවයෙන් හෝ මෙම වෛරසය අප්‍රිකානු ජනතාව වෙත ඇතුළු වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මේ පිළිබඳ කැනඩාවේ විනිපෙග්හි මැනිටෝබා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්ද අධ්‍යයනය කරනු ලැබ ඇති අතර එහිදී ඔවුන් විසින් වෛරසය පැතිර යාමේ සීඝ්‍රතාව පිළිබඳ හඳුනා ගැනීමට පරීක්ෂණ මෙහෙයවා ඇත. එහිදී ඌරන් හය දෙනෙකුට ඉබෝලා වෛරසය ශරීරගත කොට එම ඌරන් මැකෝ වඳුරන් හතරදෙනෙකු සිටි කූඩුවක් අසල තබා ඇත. දින 08 ක් ගත වෙත්ම මැකෝ වඳුරන් හතර දෙනාම ඉබෝලා වෛරසයට ගොදුරු වී ඇත.
මෙහිදී ඌරන්ගෙන් පිටවූ සෙම්, සොටු වැනි ශ්‍රාවයන් මගින් වඳුරන් වෙත රෝගය බෝවන්නට ඇති බව තහවුරු වුණි. මේ පර්යේෂණය මගින් ඉබෝලා වෛරසයට වාතයේ රැඳී සිටීමේ හැකියාව පවතින බව තහවුරු වී ඇත. මේ අනුව ප්රයිමේටා කුලයේ ඕනෑම සත්වයෙකු ඉබෝලා වෛරසයට ගොදුරු විය හැකි බව මෙහිදී තහවුරු කොටගෙන ඇත.
රෝගය පැතිර යාම ව්‍යාප්ත වීම කෙරෙහි බටහිර අප්‍රිකානු රටවල පවතින දරිද්‍රතාව, අඩු අධ්‍යාපනය, ඉදුම් හිටුම් හා නිසි සෞඛ්‍ය පහසුකම් නොමැතිවීම ඛෙහෙවින් බලපා ඇති බව වාර්තා වේ. ආසාදිත වූවන් හට නිසි සනීපාරක්ෂාවක් ලබා දී එම රෝගීන් වෙන් කොට තබා ගැනීමට ඇති අවම පහසුකම් මැද රෝගය පැතිර යෑම සීඝ්‍රව සිදුවීම නොවැළැක්විය හැක්කක් බව සෞඛ්‍ය බලධාරීන්ගේද අදහස වී ඇත. විශේෂයෙන්ම රෝගියකුගේ සිරුරෙහි අඩංගු ශරීර ශ්‍රාවයන් (දහදිය වැනි) ස්පර්ශ වීමෙන් පවා මෙම රෝගය පැතිර යා හැකි අතර මේ නිසාම රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි අවදානමට ලක්ව සිටින බව කිව හැක.
රෝග ලක්ෂණ
ebolaඉබෝලා වෛරසය ආසාදිත වූවන් අතර මුල්වරට රෝග ලක්ෂණ පහළ වීමට දින 02 සිට 21 දක්වා කාලයක් ගත වේ. මෙහිදී මැලේරියාව, උණ සන්නිපාතය (typhoid fever) ආදි උණ රෝගයන් නිසා ඇතිවන රෝග ලක්ෂණයන් හට ගැනෙන අතර ඉබෝලා වැළඳී ඇත්දැයි යන්න නිවැරදිව තහවුරු කරගත හැක්කේ එකිනෙකට වෙනස් රසායනාගාර පරීක්ෂණ පහක් හරහා රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් පමණි.
එහෙත් වෛරසය ආසාදිත වූවකු එය වැළඳුණු ප්‍රථම දින සිටම රෝගය බෝ කරන්නෙකු ලෙස කටයුතු කරයි. මෙහිදී පහළවන මුල්ම රෝග ලක්ෂණ අතර සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවකදී ඇතිවන හිසරදය, හන්දිපත් වේදනාව සහ මඳ උණ ගතිය දැක්විය හැක. ඊට අමතරව උගුරේ අමාරුව, සිරුරෙහි පණ නැති ස්වභාවයද වෙනත් සෙසු රෝගාබාධයන්හිදී මතුවන සාමාන්‍ය රෝග ලක්ෂණ ලෙස ඇතිවිය හැකියි.
රෝගය උත්සන්න වන විට වමනය, පාචනය, ආහාර අරුචිය, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ වේදනාව, සමේ පැල්ලම් හා දද කුෂ්ඨ තුවාල හට ගැනීම, වකුගඩු හා අක්මාව ආශ්රිත ගැටලු ඇතිවීම ආදිය සිදුවිය හැක. තවද යෝනි මාර්ගය හා ගුද මාර්ගය හරහා ලේ වහනය සිදුවීමද මෙම රෝගයේ තවත් ලක්ෂණයන් වේ.
ඉබෝලා වෛරසය ආසාදනය වූ පසු නිපදවන ග්ලයිකොප්රෝටීනවල එක් ආකාරයක් මගින් රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කෙරෙන අතර වෛරසය සුදු රුධිරානුවල අඩංගු මොනොසයිටයන් ආක්‍රමණය කරමින් ඒ තුළ ගුණනය වීමට පටන් ගනී. මේ හේතුවෙන් එම ෙසෙල විනාශ වන අතර එතනින් නොනවතින වෛරසය රුධිර පද්ධතිය හරහා සිරුර පුරා ගමන් කිරීමට පටන් ගනී. මෙහිදී සිදුවන හානියත් සමග අභ්‍යන්තර හා බාහිර රුධිර වහනයන් සිදුවිය හැකි අතර ප්‍රතිශක්තිකරණය බිඳ වැටී ඇති නිසා පහසුවෙන්ම සිරුරේ පටක හා අවයව එකින් එක විනාශ වීමෙන් රෝගියා මරණයට ගොදුරු විය හැක.
ප්‍රතිකාර
ඉබෝලා රෝගය සඳහා නිශ්චිත ඖෂධීය ප්‍රතිකාරයක් හෝ රෝග පාලන ක්‍රමයක් මෙතෙක් සොයාගෙන නොමැති අතර වෛරසය ශරීර ගත වූවන්ගෙන් 50%-90% අතර ප්‍රතිශතයක් මරණයට පත් වීම නොවැළැක්විය හැක්කක් බවට පත්වී ඇත.
ඉබෝලා රෝගයට ගොදුරු වූ රෝගීන් ඉතාමත් ඉක්මනින් විජලන තත්ත්වයට පත්වන බැවින් පැණි රස හා ලූණු මිශ්‍ර පාන ලබා නොදීමට වගබලා ගත යුතුයි. මන්ද යත්, එවැනි ආහාර පාන මගින් රෝගියා තව තවත් විජලනය විය හැකි බැවිනි. එබැවින් හැකිතාක් පිරිසිදු පානීය ජලය සහ සේලයින් ලබාදීම තුළින් රෝගියාගේ විජලනතාව වැළැක්වීමට කටයුතු කළ යුතුයි. රෝගය වැළඳීමෙන් පසු රෝගියා දැඩි ශාරීරික දුර්වල තත්ත්වයකට පත්වන නිසා සෑම විටම විවේකයෙන් සිටීමට සැලැස්වීම සුදුසු වේ.
රෝගය වැළැක්වීම
රෝගයක් වැළඳීමෙන් පසු ඒ සඳහා ප්‍රතිකාර සොයමින් ළතවෙනවාට වඩා හොඳම දෙය රෝගය වැළඳීමට හැකි අවස්ථා අවම කර ගැනීමයි. ඉබෝලා වැනි රෝගයක් වැළඳීම අවම කර ගැනීමට නම් රෝගය ආසාදිත වූවන් මෙන්ම නිරෝගී පුද්ගලයින්ද ඒ කෙරෙහි දැඩි අවධානය යොමු කරලීම වටී. ඒ සඳහා ක්‍රියාත්මක වීමේදී තනි පුද්ගලයින් වශයෙන් මෙන්ම රටවල් වශයෙන්ද අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් මෙසේ සඳහන් කළ හැක.
රෝගය පිළිබඳ මහජනතාව තුළ මනා දැනුමක් ඇති කිරීම
බටහිර අප්‍රිකාව ඇතුළු රෝගය පැතිර පවතින රටවල සංචාරය කිරීමෙන් වැළකී සිටීම
ඉබෝලා ආසාදිතයින් හැඳින ගැනීම සඳහා සියලූම රටවල ගුවන් තොටුපොළ, වරාය ආදි ස්ථානයන්හි විශේෂිත සෞඛ්‍ය විධි ක්‍රියාත්මක කිරීම
ආසාදිත පුද්ගලයින්ව ස්පර්ශ නොවන ආකාරයෙන් කටයුතු කිරීම සහ ආසාදිත පුද්ගලයින් හැකි තරම් බාහිර සමාජයෙන් වෙන් කොට තැබීම
සතුන්ගෙන් මිනිසුන් වෙත පහසුවෙන් බෝවීමට හැකි නිසා සත්ව මාංශ ආහාර සඳහා එක්කර ගැනීමේදී හොඳින් පිස ගැනීම
යම් ආකාරයකින් රෝගය ආසාදිත වූවකු හා ගැවසුණහොත් දින 21 ක් ගතවන තුරු ආරක්ෂාකාරී ලෙස අන් අයගෙන් වෙන්වී කටයුතු කිරීම
එසේම එවැනි පුද්ගලයින් පිළිබඳ අන් අය දැනුවත් නම් ඔවුන් පිළිබඳ පූර්ණ නිරීක්ෂණයෙන් පසුවීම
සෞඛ්‍ය සේවාවල නිරත වන්නන් සෑම විටම නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රම භාවිත කිරීම (අත්, හිස් ආවරණ පමණක් නොව මෙවැනි රෝගීන් හා කටයුතු කිරීමේදී භාවිත කළ යුතු ඇඳුම් කට්ටලවලින් නිරතුරුව සැරසීම)
ඉබෝලා රෝගියෙකු විසින් පරිහරණය කළ ඇඳුම් පැළඳුම් ආහාරපාන ආදිය අන් අය විසින් පරිහරණය නොකළ යුතු අතර එAවා විෂබීජ පැතිර නොයන ලෙස විනාශ කර දැමීම
ඉබෝලා වැළඳීමෙන් මියගිය සතුන්ගේ සහ මිනිසුන්ගේ සිරුරු ඉතා ඉක්මනින් හා ආරක්ෂා සහිතව භූමදානය කිරීම
මෙම රෝගය පැතිරයාමේ වේගය මෙන්ම වැළදුන පසු මිය යාමේ ප්‍රතිශතය ඉහළ රෝගයක් වන බැවින් ඉබෝලා රෝගයද මෙම සියවසේ පහළ වූ දරුණුම ව්‍යසනයක් බව කිව හැක.