1901 - ප්‍රථම නොබෙල් ත්‍යාග ප්රදානය
1903 - හෙන්රි ෆෝඩ් ප්‍රථම මෝටර් රථ සමාගම ඇරඹීම.
1905 - සාර් රජුගේ පාලනයට විරුද්ධව රුසියානු විප්ලවය ඇරඹීම.
1908 - බේඩ්න් පවෙල් සාමි විසින් බාලදක්ෂ ව්‍යාපාරය ඇරඹීම.
1910 - රුසියානු මහා ගත්කතුවර ලියෝ ටෝල්ස්ටෝයි ගේ අභාවය.
1911 - චීන විප්ලවය ආරම්භය.
1912 - ටයිටැනික් නැව මුහුදුබත් වීම.
1913 - ලෝකයේ විශාල විශාලතම දුම්රිය ස්ථානය වන නිව්යෝර්ක දුම්රිය ස්ථානය විවෘත වීම
1913 - ඛනිජ තෙල්වලින් ගැසොලින් නිෂ්පාදනය කිරීම සොයාගැනීම.
1913 - හඩ්සන් මෝටර් රථ සමාගම සම්පූර්ණයෙන් තහඩු ආවරණයක් සහිත මෝටර් රථයක් හඳුන්වාදීම.
1914 - පැනමා ඇල විවෘත කිරීම.
1914 - පළවෙනි ලෝක යුද්ධය ආරම්භය.
1917 - රුසියන් විප්ලවයේ පළමු කැරැල්ල ඇති වීම.
1918 - ප්‍රථම ලෝක යුද්ධය අවසන් වීම.
1918 - ජර්මන් විප්ලවය ආරම්භය.
1918 - රුසියාවේ අගනුවර ලෙස මොස්කව් නම් කිරීම.
1919 - රුසියානු ජන රජය පිහිටුවීම.
1919 - ජාතීන්ගේ සංගමය ආරම්භය.
1921 - ප්‍රංශ අධිරාජ්‍ය නැපෝලියන් බොනපාට් ශාන්ත හෙලේනා දූපතේ දී සිරගත කර සිටියදී මිය යාම.
1921 - චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වීම.
1922 - එක්සත් සෝවියට් සමූහාණ්ඩු ජනරජය පිහිටුවීම.
1922 - බෙනීටෝ මුසෝලිනී ඉතාලියේ බලයට පත්වීම.
1922 - ටූටන්කාමන් සොහොන් ගැබ සොයා ගැනීම.
1922 - ඉන්සියුලින් භාවිතාව ආරම්භ වීම.
1923 - වෝල්ට් ඩිස්නි සමාගම පිහිටුවීම.
1923 - සුප්‍රකට ටයිම් සඟරාව පළමු වරට මුද්‍රණය කිරීම.
1924 - වැලැඩ්මීර් ලෙනින් ගේ අභාවය.
1924 - මර්සිඩීස් බෙන්ස් මෝටරථ ආරම්භ කිරීම.
1925 - ඇඩොල්ෆ් හිට්ලර්ගේ මෙයින් කාම්ෆ් එළිදැක්වීම.
1926 - ජපානයේ NHK රාජ්‍ය ගුවන්විදුලි සේවය ඇරඹීම.
1926 - ජපානයේ හිරෝහිතෝ අධිරාජයා සිහසුනට පත් වීම.
1926 - ලොව පළමු පළමු ද්‍රව ඉන්ධන රොකට්ටුව ගුවන් ගත වීම.
1927 - කතානාද චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භය.
1927 - ප්‍රථම වතාවට ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය අතර දිගු දුර දුරකථන ඇමතුම් සිදුවීම.
1929 - ප්‍රථම ඔස්කා සම්මාන උළෙල පැවැත්වීම.
1931 - නවදිල්ලිය ඉන්දියාවේ අගනුවර ලෙස නම් කිරීම.
1933 - ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ චාන්සලර් බවට පත්වීම.
1936 - ලොව ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු රුසියන් ජාතික මැක්සිම් ගෝර්කිගේ අභාවය.
1938 - සෞදි අරාබියෙන් ඛනිජ තෙල් හමුවීම.
1939 - දෙවන ලෝක යුද්ධය ආරම්භය.
1940 - ලෝ සුපතල බග්ස් බනී චරිතය ලොවට හඳුන්වා දීම.
1941 - ජර්මනිය රුසියාව ආක්‍රමණය කිරීම.
1941 - ජපානය පර්ල් වරායට ප්‍රහාර එල්ල කිරීම.
1914 - පරමාණු බෝම්බය නිෂ්පාදනය කිරීමට මුල් වූ මෑන්හැටන් ව්‍යාපෘතිය ආරම්භ කිරීම.
1943 - ලොව විශාලතම කාර්යාල ගොඩනැගිල්ල ලෙස සැළකෙන පෙන්ටගනය නිර්මාණය කිරීම.
1945 - සන්නිවේදනයකට මග පාදමින් චන්ද්‍රිකා රඳවා තොරතුරු තාක්ෂණය වේගවත් කිරීමට හැකි බව ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා ඉදිරිපත් කිරීම.
1945 - ජපානයට පරමාණු බෝම්බ හෙලීම.
1945 - දෙවන ලෝක යුද්ධය අවසාන වීම.
1945 - එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීම.
1945 - මාෂල් ටිටෝ යටතේ යුගෝස්ලාවියා සමූහාණ්ඩුව පිහිටුවීම.
1946 - ප්‍රංශයේ කාන්ස් චිත්‍රපට උළෙල ප්‍රථම වරට පැවැත්වීම.
1947 - ඉන්දියාව, පකිස්ථානය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම.
1948 - මහත්මා ගාන්ධි ඝාතනය කිරීම
1948 - ඊශ්‍රායල රාජ්‍ය බිහිවීම
1949 - මාවෝ සේතුං මහජන චීන ජනරජය ප්‍රකාශයට පත්කිරීම.
1951 - මහද්වීප අතර පළමු වරට සෘජු දුරකථන සේවා ආරම්භ කිරීම.
1951 - පරමාණු විදුලි බලාගාර ලොවට හඳුන්වා දීම.
1953 - රුසියානු ජනාධිපති ජෝශප් ස්ටාලින් ගේ අභාවය.
1953 - කොරියානු යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස උතුරු කොරියාව දකුණු කොරියාව දෙකට බෙදී යාම.
1954 - බීබීසී ප්රවෘත්ති පළමු ප්රවෘත්ති විකාශය.
1954 - වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම මිනිස් අවයව බද්ධ කිරීම.
1954 - අබ්දුල් නසාර් ඊජිප්තුවේ බලයට පත්වීම.
1954 - වියට්නාමය උතුරු දකුණ වශයෙන් දෙකට බෙදීම.
1955 - රුසියාව ප්රමුඛ සමාජවාදී කඳවුරට පක්ෂ යුරෝපීය රටවල් එක්ව වෝර්සෝ ගිවිසුම අත්සන් කිරීම.
1955 - ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයේ වැදගත් සොයාගැනීමක් වන ටෙට්රාසයක්ලීන් ප්‍රතිජීවක ඖෂධය
සොයා ගැනීම.
1956 - සූවස් අර්බුදය
1959 - කියුබානු විප්ලවයෙන් පසු පිදෙල් ක්‍රැස්තෝ බලයට පත්වීම.
1960 - අප්‍රිකානු රාජ්‍යයන් බොහෝමයක් ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම.
1960 - පකිස්තානයේ අගනුවර ඉස්ලාමාබාද් ලෙස නම් කිරීම.
1961 - ජෝන් එෆ් කෙනඩි ඇමරිකාවේ ජනාධිපති බවට පත්වීම.
1961 - බර්ලින් තාප්පේ ඉදි කරනු ලැබීම.
1962 - දකුණු අප්‍රිකානු දේශපාලන නායක නෙල්සන් මැන්ඩෙලාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීම.
1963 - ජෝන් එෆ් කෙනඩි ඝාතනය කිරීම
1964 - චීනයේ මාවෝ චින්තනය එළිදැක්වීම.
1964 - පලස්තීන විමුක්ති සංවිධානය පිහිටුවා ගැනීම.
1964 - ඇමරිකා එක්සත් ජනපදය වියට්නාම් යුද්ධයට මැදිහත් වීම.
1965 - සිංගප්පූරුව නිදහස් ස්වාධීන රටක් බවට පත්වීම.