2015 සැප්තැම්බර් මාසයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයට රැස්වූ ලෝක නායකයින් විසින් වර්ෂ 2000 දී හඳුන්වා දුන් ලද සහශ්‍ර සංවර්ධන අභිමතාර්ථ සඳහා අනුප්‍රාප්තික අභිමතාර්ථ ලෙස තිරසාර සංවර්ධන අභිමතාර්ථ එළිදක්වන ලදී.
තිරසාර සංවර්ධනය නිර්වචනය කරන විවිධ ක්‍රම තිබේ.
ස්වකීය පරපුරේ අවශ්‍යතා සපුරාගැනීම සඳහා අනාගත පරපුරට ඇති හැකියාව කැප නොකර අවශ්‍යතා සපුරාගන්නා සංවර්ධනය තිරසාර සංවර්ධනය යි.
(බෘට්ලන්ඩ් කොමිසම 1987 )
ප්‍රධාන වශයෙන්, තිරසාර සංවර්ධන අභිමතාර්ථ ව්‍යුහය
දිළිඳුකම පිටු පිටුදැකීම
පෘථීවිය ආරක්ෂා කිරීම
සැමට සෞභාග්‍යය උදා කිරීම සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මක් ලෙස පෙනීයයි.
තිරසාර සංවර්ධන සංවර්ධන අභිමතාර්ථ , ලෝකය තිරසාර , ස්ථායී සංවර්ධන මාවතකට යොමු කිරීමට දායක වන බව පැහැදිලිය. එකිනෙකට තදින් බැඳී පවතින ඒකාබද්ධ තිරසාර සංවර්ධන අභිමතාර්ථ, තිරසාර සංවර්ධනය සඳහා ආර්ථික සමාජයීය හා පාරිසරික යන තුන් අංශයම සමබරව පවත්වාගෙන යන අතරම සහශ්‍ර සංවර්ධන අභිමතාර්ථ මත ගොඩනැගී ඇති අතර සාක්ෂාත් කරගැනීමට නොහැකි වු සහශ්‍ර සංවර්ධන අභිමතාර්ථ සපුරා ගැනීමට ද ප්රයත්න දරයි. මෙම අභිමතාර්ථ හා ඉලක්ක මානව සංහතියේ අභිවෘද්ධිය සඳහා ඉතා වැදගත් පුළුල් පරාසයක් ආවරණය වන නව පියවර රැසකින් සමන්විත වන අතර ඒවා පහත දක්වා ඇති පුළුල් ක්ෂේත්‍ර 5 ක් ඔස්සේ දැක්විය හැක.
තිරසාර සංවර්ධන අභිමතාර්ථ යොමුවී ඇති පුළුල් ක්ෂේත්‍ර පහ
1.ජනතාව - දිළිඳුකම හා සාගින්න අවසන් කිරීම හා ගෞරවය සමානාත්මතාව හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් තුළ සියලු මානව වර්ගයා තමන්ගේ කුසලතා සපුරා ගන්නා බව තහවුරු කිරීම.
2. පෘථිවිය - වත්මන් හා අනාගත පරපුරේ අවශ්‍යතා සඳහා සහාය විය හැකි වන පරිදි තිරසාර පරිභෝජන නිෂ්පාදන හරහා ස්වභාවික සම්පත් තිරසාර කළමනාකරණය සහ දේශගුණික විපර්යාස සඳහා කඩිනම් පියවර ගනිමින්, පෘථිවිය ගෞරවනීය ලෙස ආරක්ෂා කිරීම.
3.සෞභාග්‍යය - සියලු මනුෂ්‍ය වර්ගයා සමෘද්ධිමත් හා තෘප්තිමත් ජීවිත භුක්ති විඳින බව සහ ආර්ථික, සමාජීය සහ තාක්ෂණික ප්‍රගතිය ස්වභාවධර්මය සමග එකතුව සිදුවන බව තහවුරු කිරීම.
4.සාමය - බිය හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී සාධාරණ සියලු දෙනා එක් කරගත් සමාජයක් සඳහා ධෛර්යයක් ලබාදීම.
5. හවුලේ කටයුතු- මෙම අභිමතාර්ථ ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට ගෝලීය සහයෝගීතාවය පදනම් කරගෙන, දිළිඳුකම හා වඩාත් පීඩාවට ලක් වූ ජනතාව කෙරෙහි විශේෂ අවධානයකින් යුතුව තිරසාර සංවර්ධනය සඳහා බල පවත්වන ලද ගෝලීය හවුල් කරුවන් ගෙන් හා සියලු රටවලින් සියලු පාර්ශවකරුවන්ගෙන් හා සියලු ජනතාවගේ දායකත්වය ලබාගෙන ක්‍රියාත්මක වීම.
මේ අනුව තිරසර සංවර්ධන අභිමතාර්ථ 17 ක් ප්‍රකාශයට පත් කර ඇති අතර සෑම එක් එක් අභිමතාර්ථයක් ම ඊට විශේෂිත වූ ඉලක්ක කිහිපයකින් සමන්විතවේ. මෙකී ඉලක්ක වල එකතුව 169 ක් වේ.
අභිමතාර්ථ 1 - සියලු ආකාරයේ දිළිඳු බව සියලු තැන්හි ම දුරු කිරීම.
1.2030 වන විට ලොව සියලුම පුද්ගලයන්ගේ දෛනික ආදායම ඩොලර් 1.25 ට වඩා වැඩි කිරීම.
2.සමාජයේ වෙසෙන සියළුම දෙනා සේවා නියුක්තිකයන් බවට පත් කිරීම.
අභිමතාර්ථ 2 - කුසගින්න දුරලීම, ආහාර සුරක්ෂිතතාව හා පෝෂණ වැඩි දියුණුව ලබා ගැනීම හා තිරසාර කෘෂිකාර්මික ප්‍රවර්ධනය
1.2030 වනවිට කුඩා ලදරුවන් ඇතුළු දිළිදු පුද්ගලයන් , අසරණ වු පුද්ගලයන්ට පෝෂණය , ආරක්ෂාවීමට හා ප්‍රමාණවත් ආහාර වසර පුරා ලැබෙන බව සහතික කිරීම.
2.කෘෂිකාර්මික ඵලදායීතාවය 2030 වනවිට දෙගුණ කිරීම.
3.ඉහත ඉලක්ක හේතුවෙන් මන්ද පෝෂණය පිටු දැකීමට හැකි වීම.
අභිමතාර්ථ 3 - සෑම වයසකම සියලු දෙනාටම, සෞඛ්‍ය සම්පන්න දිවියක් තහවුරු කරන අතර යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම.
1.2030 වනවිටි මාතෘ මරණ අනුපාතය සජීවි දරු උපත් 100,000කට 70 ක් දක්වා අවම කිරීම.
2.ජාතික උපාය මාර්ග වලදී ප්‍රජණන සෞඛ්‍යය ,පවුල් සැළසුම් හා ප්‍රජණන සෞඛ්‍ය ආරක්ෂක සේවාවන් සදහා 2030 වන විට ප්රවේශවීම් ඇති කිරීම.
3.ඒඩ්ස් හා වසංගතරෝග නිවාරණය කිරීම ඇතුළු සියළුදෙනාටම මනා සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාමට පහසුකම් සකස් කිරීම.
අභිමතාර්ථ 4 - සියල්ලන් සඳහා පරිපූර්ණ හා සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම හා දිවිය පුරාම ඉගෙනුම් අවස්ථා ප්‍රවර්ධනය කිරීම.
1.නිදහස්, ගුණාත්මක ප්‍රාථමික හා ද්වීතීය අධ්‍යාපනය සියලු ගැහැණු හා පිරිමි ළමුන් සදහා ලබා දීම.
2.විශ්ව විද්‍යාල ඇතුළුව උසස් තාක්ෂණික හා වෘත්තීයමය අධ්‍යාපනයක් සදහා 2030 වන විට සියලු ගැහැණු හා පිරිමි ළමුන් සදහා අවකාශ ලබා ලබා දීම.
අභිමතාර්ථ 5- ස්ත්‍රී, පුරුෂ සමානාත්මතාව ලඟාකර ගැනීම හා කාන්තාවන් හා ගැහැණු ළමයින් සවිබල ගැන්වීම.
1.සියළු කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට සිදුවන සියළු ආකාරයේ වෙනස් ලෙස සැළකීම් නවතා දැමීම.
2.නිවසේදී කාන්තාවන්ගේ කටයුතු සදහා වටිනාකමක් ලබා දීම.
3.සියළු කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට රාජ්‍ය , දේශපාලන හා ආර්ථිකයේ ක්‍රියාකාරීව නිරත වීමට සමාන අවස්ථා සලසා දීම.
අභිමතාර්ථ 6 - සැමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබාගත හැකි බව හා තිරසාර කළමනාකරණය සහතික කිරීම.
1.සියළු දෙනාට ආරක්ෂිතව හා ලඟාවිය හැකි පානීය ජලය සදහා සාධාරණ ප්රවේශයන් 2030 වන විට ඇති කිරීම.
2.දූෂණය අවම කරමින් , හානිකර ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම් නතර කරමින්, ජලය නැවත භාවිතය හා ජල ප්‍රතිචක්‍රීකරණ ප්‍රතිශතය ඉහළ නංවමින් ජලයේ ගුණත්වය 2030 වන විට දියුණු කිරීම.
අභිමතාර්ථ 7- දැරිය හැකි විශ්වසනීය, තිරසාර හා නවීන බලශක්ති සඳහා සියලු දෙනා ප්‍රවේශය සහතික කිරීම.
1.ලබා ගත හැකි විශ්වසනීය , නවීන බලශක්ති සේවාවන් සදහා ගෝලීය ප්රවේශයන් 2030 වන විට ඇති කිරීම.
2.2030 වන විට පුණර්ජණනීය බලශක්ති ප්‍රභව සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමීම.
3.බලශක්ති කාර්යක්ෂමතාවය 2030 වන විට දෙගුණ කිරීම.
අභිමතාර්ථ 8- සියලු දෙනා සඳහා පූර්ණ සහ තිරසාර ආර්ථික වර්ධනයක් සම්පූර්ණ හා ඵලදායී රැකියා හා ගෞරවනීය රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම.
1.දේශීය නිෂ්පාදන වර්ධන වේගය 7% ක මට්ටමේ පවත්වාගෙන යාම.
2.විවිධාංගීකරණය,තාක්ෂණය යාවත්කාලීන කිරීම, නවෝත්පාදන තුලින් උසස් ඵලදායී මට්ටමක් ලගා කර ගැනීම.
3.ව්‍යවසායකත්වයට ,නිර්මාණශීලීත්වයට හා නවෝත්පාදනයට සහය දක්වන සංවර්ධනාත්මක ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම.
අභිමතාර්ථ 9 - ඔරොත්තු දෙන යටිතල පහසුකම් ඉදිකිරීම , පූර්ණ හා තිරසාර කාර්මීකරණය සහ නව නිපැයුම් ප්‍රවර්ධනය.
1.තාක්ෂණය වැඩි දියුණු කරවීම සදහා පර්යේෂණ කිරීම හා ඒ සදහා සම්පත් වෙන් කිරීම අනිවාර්ය වීම.
2.2020 වන විට සියලු දෙනාට අන්තර්ජාල හා නව තාක්ෂණයට ප්‍රවේශ වීමට අවස්ථාවන් ඇති කිරීම.
අභිමතාර්ථ 10 - රටවල් ඇතුලත හා රටවල් අතර අසමානතාවය අඩු කිරීම.
1.අසාධාරණ හා නොගැලපෙන නීති ප්‍රතිපත්ති තුරන් කරමින් යෝග්‍ය නීති ප්‍රතිපත්ති ඇති කිරීම.
2.සීග්‍ර හා තිරසාර සංවර්ධනයක් සදහා දුප්පත් රටවලට සහය ලබා දීම.
අභිමතාර්ථ 11- නගර හා මානව ජනාවාස පූර්ණ ආරක්ෂිත ඔරෝතු දෙන තිරසාර තත්ත්වයට පත්කිරීම.
1.2030 වන විට දියුණු කල, ආරක්ෂිත යෝග්‍ය නිවාස සදහා ප්‍රවේශය ඇති කරලීම.
2.වායු ගුණත්වය, කසල කළමනාකරණය පිළිබද අවදානය යොමු කරමින් 2030 වන විට ඒක පුද්ගල පරිසර බලපෑම අවම කිරීම.
3.මිනිසුන්ට ඔවුන්ගේ සම්පත් මනා කළමනාකරනයට සහ දේශගුණික වෙනස්වීම් වලට මුහුණදීමට සූදානම් කරවීම.
අභිමතාර්ථ 12 - පරිභෝජන හා නිෂ්පාදන රටාවන්හි තිරසාරත්වය සහතික කිරීම.
1.තිරසාර කළමනාරණය හා ස්වාභාවික සම්පත් වල කාර්යක්ෂමතාවය 2030 වනවිට තහවුරු කිරීම.
2.අවම කිරීම ,නැවත භාවිතය හා ප්‍රතිචක්‍රීකරණය යන 3R සංකල්පය තුලින් කසල ජනනය වීම 2030 වන විට අවම කරවීම.
3.තිරසාර සංවර්ධනය හා පරිසර හිතකාමී ජීවන රටාවන් පිලිබදව 2030 වන විට සියලු දෙනා දැනුවත් කිරීම.
අභිමතාර්ථ 13- දේශගුණික විපර්යාස හා ඒවායේ බලපෑම්වලට එරෙහිව හදිසි ක්‍රියාමාර්ග ගැනීම.
1.ජාතික ප්‍රතිපත්ති හා උපාය මාර්ග සැළසුම් සැකසීමේදී දේශගුණික වෙනස් වීම් සදහා බලපාන සාධක ඇතුලත් කිරීම හා අවශ්‍ය සම්පත් වෙන් කිරීම.
2.දේශගුණික විපත් සදහා ජනතාව සූදානම් කරවීම.
අභිමතාර්ථ 14 - තිරසාර සංවර්ධනය හා සඳහා සාගර හා මුහුදු හා සාගර සම්පත් සුරක්ෂිත ව කල්පවත්නා පරිදි භාවිත කිරීම.
1.මුහුදු දූෂණය වැළැක්වීම.
2.වැඩි දියුනු කල විද්‍යාත්මක සහයෝගීතාවය තුලින් මුහුදු ආම්ලීකරණය වැළැක්වීම.
3.විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව ජාතික හා ජාත්‍යන්තර නීති සමග පවතින මුහුදු හා වෙරළ අවම වශයෙන් 10% ක් සංරක්ෂණය කිරීම.
4.නීති විරෝධී හා විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රම 2020 දී වැලැක්වීම සදහා නීති සම්පාදනය.
5.දුප්පත් මෙන්ම කුඩා දූපත් රාජ්‍ය වලට මුහුදු සංරක්ෂණය හා මුහුදු සම්පත් සංරක්ෂනයට මූල්‍ය ආධාර සැපයීම.
අභිමතාර්ථ 15 - ගොඩබිම් පරිසර පද්ධති තිරසාර ලෙස භාවිත කිරීම, වනාන්තර තිරසාර ලෙස කළමනාකරණය කිරීම , කාන්තාරකරණය වැලැක්වීම හා ඉඩම් අවභාවිතය නැවැත්වීම හා පිළිසකර කිරීම හා ජෛව විවිධත්වය ට හානිවීම නතර කිරීම.
1.වන විනාශය නැවැත්වීම , විනාශ වූ වනාන්තර නැවත ප්රතිශ්ඨාපනය , රුක් රෝපණය යන සියලු .තිරසාර කළමණාකරනයන් 2020 වනවිට ක්‍රියාවට නැංවීම.
2.තිරසාර සංවර්ධනය සදහා අත්‍යාවශ්‍ය වන කදුකර පරිසර පද්ධති සංරක්ෂණය 2030 වනවිට සිදු කිරීම.
3.වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින සත්ව විශේෂ 2020 වන විට වළක්වාලීම.
4.කාන්තාර, වැසි වනාන්තර වැනි පරිසර පද්ධති සංරක්ෂණයට අන්තර්ජාතික ගිවිසුම්වලට ප්‍රවේශ වීම.
අභිමතාර්ථ 16 - තිරසාර සංවර්ධනය සඳහා සාමකාමී හා සියලු දෙනාම අතුලත්වූ සමාජයක් ප්‍රවර්ධනය කිරීම ,සියලු දෙනාටම යුක්තිය සදහා ප්‍රවේශයක් සැලසීම හා ඵලදායී වගකීමක් සහිත පූර්ණ ආයතන සියලු මට්ටම් සදහා ඇති කිරීම .
1.කාර්යක්ෂම විනිවිදභාවයකින් යුතු ආයතන සංවර්ධනය කිරීම.
2.ප්රචන්ඩ ක්‍රියා, අපරාධ හා ත්‍රස්තවාදී තත්වයන් නැති කිරීම සදහා ශක්තිමත් ආයතන පිහිටුවීම.
3.සියළුම ආකාරයේ හිංසන, සොරකම් කිරීම, ළමුන් සදහා වන වඳ හිංසනයන් අවසාන කිරීම.
4. සියළු දෙනාටම අධිකරණයට යාමට සමාන අවස්ථා ඇති කරලීම සදහා ජාතික හා අන්තර්ජාතික නීති ක්‍රියාවට නැංවීම.
5.දූෂණ හා අල්ලස් ගැනීම අවම කිරීම.
අභිමතාර්ථ 17 - තිරසාර සංවර්ධනය සදහා ගෝලීය සහයෝගීතාවය ක්‍රියාත්මක කල හැකි විධික්රම හා නව පණගැන්වීම් ශක්තිමත් කිරීම.
1.සියළු රටවල් මෙම තිරසාර සංවර්ධන අභිමතාර්ථ සපුරා ඇති බව 2030 වන විට තහවුරු කිරීම..
2.සියළුම තිරසාර සංවර්ධන අභිමතාර්ථ ජාතික සැළසුම් වලට අන්තර්ගත විය යූතු අතර බලපාන ගැටළු හදුනා ගත යුතුය.
3.2020 වන විට සියලු රාජ්‍යයන් දත්ත හා සංඛ්‍යාලේඛන කළමණාකරණයන් පවත්වාගෙන යායුතුය.
4.සියළු රාජ්‍යයන් තිරසාර සංවර්ධන අභිමතාර්ථ මුදුන් පමුනුවා ගැනීම සදහා අරමුදල් වෙන් කළ යුතු අතර සංවර්ධිත රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම පරමාර්ථ සපුරා ගැනීමට සහය විය යුතුය.
මෙම තිරසාර සංවර්ධන අභිමතාර්ථ 17 එකිනෙකට ඉතාම සම්බන්ධිත බැවින් ද එකිනෙකට හුදකලාව ක්‍රියාත්මක කල නොහැකි බැවින් ද විවිධ අංශ ඒකාබද්ධ වී කටයුතු කිරීම 2030 දී එකී අරමුණු සපුරා ගැනීමට පිටිවහලක් වනු ඇත.