1.ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද, විධායකයයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියා ද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාද වූ අතර එම ප්‍රතිපාදන වල කිසිදු වෙනසක් සිදු වී නොමැත.
2.පෙරදී ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයක් වූ නමුත් මෙම පනතින් ධුර කාලය වසර 5ක් දක්වා අඩු කර ඇත.
3. 18 වන සංශෝධනයෙන් ඉවත් කරන ලද පහත දැක්වෙන 31(2) ව්‍යවස්ථාව නැවත එකතු කර ඇත.
එනම් ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් නැවත ඒ සඳහා තෝරාපත්කර ගැනීමට සුදුසු පුද්ගලයකු නොවන්නේය.
4.මීට පෙර දී ජනාධිපතිවරයා ලෙස ධුරය දරන අවස්ථාවකදී ඔහු විසින් පුද්ගලික තත්වයේ හෝ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන්යෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු බවට සඳහන් විය. එම ප්‍රතිපාදන මෙම පනතේ ද පවතී.
නමුත් ජනාධිපතිවරයාගේ විසින් ඔහුගේ නිල තත්ත්වයේ ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැන්ත්තෙකුට ඇති අයිතිය මෙම පනතින් පිළිගෙන ඇත. (ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ හැකිය. )
5.මීට අමතරව ජනාධිපති ධුරයට පත් වීම සඳහා අවශ්‍ය අවම වයස අවුරුදු 30 සිට 35 දක්වා වැඩි කර ඇත.
17 වන සංශෝධනය මගින් හඳුන්වා දුන් මෙම ආයතනයෙන් 18 වන වන සංශෝධනය මගින් ඉවත් කරන ලද අතර පාර්ලිමේන්තු සභාවක් පත් කරන ලදී. එකී පාර්ලිමේන්තු සභාව මෙම පනත මගින් නැවත ඉවත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කර ඇත.
මෙය සාමාජිකයින් 10 කගෙන් සමන්විත වේ. 7 දෙනෙකු පාර්ලිමේන්තුව තුළින්ද,ඉතිරි 3දෙනා එයින් පරිබාහිරව විද්වතුන් ලෙස පත්කර ගත යුතු බවද යෝජනා වී තිබේ.
1. අග්‍රාමාත්‍යවරයා
2. කතානායකවරයා
3. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නායකයා
4. ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිය හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු
5. අග්‍රාමාත්‍යවරයා හා විරුද්ධ පක්ෂයේ නායක වරයා යන දෙදෙනාගේම නාමයෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිය යුතු වූද දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විය යුතු වූද තැනැත්තන් පස් දෙනෙක්
6. අග්‍රාමාත්‍යවරයා හා විරුද්ධ පක්ෂයේ නායක වරයා අයත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම හෝ නොවන පාර්ලිමේන්තුවේ නියෝජනය ඇති අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතර එකඟතාවය මත නාමයෝජනා කොට ජනාධිපතිවරයා විසින් තෝරාපත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
මෙම සභාවේ සභාපතිවරයා කතානායක වරයාය.
යම් කොමිෂන් සභාවක සභාපතිවරයා හෝ සාමාජිකයෙකු ජනාධිපතිවරයා විසින් පත් කිරීම සභාවේ නිර්දේශය මත හැර නො කරනු ලැබිය යුතුය.
1. මැතිවරණකොමිෂන් සභාව
2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව
3. ජාතික පොලිස් කොමිෂන් සභාව
4. විගණන සේවා කොමිෂන් සභාව
5. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
7. මුදල් කොමිෂන් සභාව
8. සීමා නිර්ණය කිරීමේ සභාව
9. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
එසේම පහත දැක්වෙන ධූර සඳහා ජනාධිපතිවරයා විසින් සභාවට කරන ලද නිර්දේශ මත සභාව විසින් අනුමත කර ඇත්නම් මිස ජනාධිපති වරයා විසින් කිසිදු තැන්ැත්තකු පත්කරනු නොලැබිය යුතුයි.
1. අග්‍රවිනිශ්චකාරවරයා හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්
2. අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්
3. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනිකුත් සාමාජිකයන්
4. නීතිපතිවරයා
5. විගණකාධිපතිවරයා
6. පොලිස්පතිවරයා
7. පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් වරයා (ඔම්බුඩිස්මන්)
8. පාර්ලිමේන්තු මහලේකම්වරයා ව්ය
ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකුගේ ධුර කාලය වසර 03කි.
මෙම ව්‍යවස්ථා දායක සභාවේ නියෝජිතයින් 10 දෙනාම සමාන බලාධිකාරිත්වයක් දරන අතර පාර්ලිමේන්තුවට වගකිව යුතුය.
ස්වාධීන කොමිෂන් සභාවන් කෙරෙහි සැලකිල්ල යොමුකිරීමේදී මැතිවරණ කොමිෂන් සභාව හැර සෙසු කොමිෂන් සභා සියල්ල පාර්ලිමේන්තුවට වගකිව යුතුය.
අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීමේ බලය තවදුරටත් ජනාධිපතිවරයා සතුවන අතර ඔහු විසින් එකී පත්කිරීම් සිදුකිරීමේදී අගමැතිවරයාගෙන් විමසා තීරණ ගත යුතු බැව් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය.
අමාත්‍ය මණ්ඩලය අමාත්‍ය මන්ඩලයේ මුළු අමාත්‍ය අමාත්‍යවරයන් සංඛ්‍යාවද 30 නොඉක්මවීම නොඉක්මවිය යුතුය.
අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් ගේ සහ අමාත්‍යවරයන් ගේ සංඛ්‍යාව එකතුව 40 නොඉක්මවිය යුතුය.
පාර්ලිමේන්තුවේ ධුර කාලය වර්ෂ වර්ෂ 6 සිට 5 දක්වා අඩු කර ඇත.
පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් හා මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැක.
සෑම කෙටුම්පතක්ම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරිමට යටත් පිරිසෙයින් 14කට පෙර ගැසට් කළ යුතුය.
පාර්ලිමේන්තුවට හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒමට තිබූ බලය අහෝසි වී ඇත (122 වන ව්‍යවස්ථාව)
වෙන් රටකද පුරවැසියෙකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය නොහැක.
ජනමත විචාරණය පිළිබද පෙර පැවති තත්ත්වය අනුව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන ලද ඇතැම් පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට ජනාධිපති ජනාධිපතිවරයාට හැකි විය. එම බලය ඉවත් කර ඇත.
විගණකාධිපතිවරයා සුදුසුකම් ලත් විගණකාධිපති විය යුතු අතර ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව පත් කරනු ලබයි.
විගණකාධිපතිවරයාගෙන් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිය යුතු සාමාජිකයින් හතරකින් සමන්විතවේ. ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයින්ගේ පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම, විනය පාලනය, කිරීම සේවයෙන් පහ කිරීමේ බලය මෙම කොමිෂන් සභාවට පැවරේ.
සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට 14 අ (1) යනුවෙන් නව ව්‍යවස්ථාවක් එකතු කරන ලදී.
සෑම පුරවැසියෙකුටම
(අ) රජය ,අමාත්‍යාංශයක් වූ යම් ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් හෝ යම් නීතියක් මගින් හෝ යටතේ පිහිටුවනු ලැබූ ඇති කරනු ලැබූ යම් ව්යවස්ථාපිතමණ්ඩලයක් සතුව පවත්නා වූ
(ආ) යම් පළාත් පාලන පළාත් අමාත්‍ය මණ්ඩලයක අමාත්‍යවරයකුගේ යම් අමාත්‍ය අමාත්‍යංශයක් වූ යම් දෙපාර්තමේන්තුවක් හෝ පළාත් සභා ප්රඥප්තියක් මගින් පිහිටුවනු ලැබූ හෝ ඇතිකරගන්න ලැබූ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හෝ සතුව පවතින්නා වූ
(ඇ) යම් පළාත් පාලන ආයතනයක් සතුව පවතින්නා වූ සහ
(ඈ) මෙම අනු ව්‍යවස්ථාවේ (අ) (ආ) හෝ (ඈ) ඡේද වල සඳහන් ආයතන වලට අදාලව වෙනත් යම් තැනැත්තෙකු සතුව පවත්නා වූ,
සහ පුරවැසියෙකුගේ අයිතියක් ක්‍රියාත්මක කිරීම සඳහා හෝ ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වූ යම් තොරතුරක් වෙත නීතියෙන් සලසා ඇති පරිදි ප්රවේශවීමේ අයිතිවාසිකම් ඇත්තේය.