1.ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කළේ - 1949 අගෝස්තු
2.ලක්ෂපාන ජල විදුලි යෝජනා ක්‍රමය විවෘත කලේ - 1949
3.කොළඹ ක්‍රමය ආරම්භ වූයේ -1950 ජූලි 01
4. ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාමාජිකත්වය ලැබුණේ-1950
5.කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළේ - 1950
6.නමෝ නමෝ මාතා ගීතය ජාතික ගීය ලෙසින් පිළිගත්තේ -1951 දෙසැම්බර් 2
7.ජාතික ගීය ප්‍රබන්ධය හා සංගීතය කලේ - ආනන්ද සමරකෝන් මහතා විසින්
8. ලංකාවේ ජාතික ඇඳුම් නිල ඇඳුම ෂර්වානිය සම්මත කළේ - 1952
9.නිදහස් ලංකාවේ පලවන පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ - 1952
10.දෙවන එලිසබෙත් මහ රැජින ශ්‍රී ලංකාවේ සංචාරය කළේ - 1954
11. අවසාන ඉංග්‍රීසි ආණ්ඩු ආණ්ඩුකාරයා වන සොල්බරි සාමිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ- 1954
12. ප්‍රථම ලාංකික ආණ්ඩුකාරවරයා ලෙස ඔලිවර් ගුණතිලක මහතා වැඩ භාර ගත්තේ 1954
13.සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ පනත සම්මත කළේ - 1956 ජුනි
14. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පිහිට වූයේ -1956 අගෝස්තු
15.වලවේ ගග යෝජනා ක්‍රමය ආරම්භ කළේ හා එහි මුල් පියවර ලෙස චන්ද්‍රිකා වැව ආරම්භ කළේ- 1950
16.බ්‍රිතාන්‍ය රජය කටුනායක ගුවන් ගුවන්තොටුපල ශ්‍රී ලංකාවට බාර කළේ 1957
17. බණුඩාරනායක -චෙල්වනායගම් ගිවිසුම අත්සන් කිරීම - 1957
18.කුඹුරු පනත සම්මත කළේ -1958
19.අවුරුදු 18 ට වැඩි පුරවැසියන්ට ඡන්දය හිමි වීම නීති ගත කළේ - 1958 දෙසැම්බර්
20.මහජන බැංකුව ආරම්භ කළේ -1961
21.වානේ සංස්ථාව ආරම්භ කළේ -1961 සැප්තැම්බර්
22. ලංකා රක්ෂණ සංස්ථාව පිහිටු වූයේ - 1962
23.ලංකා සිවිල් සේවය ලංකා පරිපාලනය සේවය බවට පත් කිරීම හා ගම්මුලාදෑනි සේවය ග්‍රාම සේවක සේවය වෙනුවෙන් වෙනස් කිරීම -1963 මැයි 1
24.ලංකා බැංකුව ජනසතු කිරීම- 1961
25.කැලණි විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම -1963
26.ගාල්ල වරාය ජනසතු කිරීම - 1964
27.රාජ්‍ය දැව සංස්ථාව පිහිටුවීම 1968
28.රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා පිහිටීම -1968
29.කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත වීම-1968 අගෝස්තු
30.ජාතික තරුණ සේවා සභාව -1969
31.ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පිහිටවූයේ - 1969
32.මහවැලි සංවර්ධන මණ්ඩලය පිහිටවූයේ - 1970
33.සිංහල භාෂාවෙන් නඩු ඇසීම ආරම්භ කළේ - 1970
34. ලංකා ලංකා විදුලිබල මණ්ඩලය පිහිටවුණේ - 1971
35.උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි කලේ - 1971 අගෝස්තු
36.රාජ්‍ය මැණික් සංස්ථාව පිහිටවූයේ - 1971
37.පොල් සංවර්ධන අධිකාරිය හා ලංකා සංස්කෘතික මණ්ඩලය පිහිටුවීම -1971
38. ලංකා අධිකරණ මණ්ඩලය හා එංගලන්ත රාජාධිකරණය අතර පැවති වසර එක්සිය 150ක සම්බන්ධතාවය අවසන් කිරීම - 1972
39.ජාතික ඉතිරි කිරීමේ බැංකුව -1972
40.ශ්‍රී ලංකාව යනුවෙන් නිල වශයෙන් නම් කිරීම- 1972
41. ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියද ප්‍රථම ජනාධිපති ලෙස විලියම් ගොපල්ලව මහතාද දිවුරුම් දීම- 1972 මැයි 22
42.පළමු ජනරජ උළෙල මහනුවරදී පැවැත්වීම- 1972 මැයි 24
43.බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව විවෘත කිරීම- 1973 මැයි 27
44.යුක්තිය පසිඳලීමේ පනත ක්‍රියාත්මක කිරීම-1974 ජනවාරි 1
45. රජයේ සේවකයින්ට සතියකට දින පහක සේවය ආරම්භ කිරීම- 1974 ජනවාරි 2
46.ශ්‍රී ලංකා පදනම් ආයතනය විවෘත කිරීම- 1974
47. ෙඑතිහාසික මහමළුව දළදා මාලිගාවට ආපසු පැවරීමේ තෑගි ඔප්පුව භාර දීම - 1974 පෙබරවාරි 06
48.කච්චතිව් දූපතේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ ගිවිසුමට ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි හා ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් අත්සන් කිරීම- 1974 ජූනි 28
49.ශ්‍රී ලංකා අධිකරණයේ ජූරි සභාවට ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනෙක් පත්වීම- 1974 අගෝස්තු
50. අක්කර 50ට වැඩි ඉඩම් රජයට පවරා ගැනීමේ වතු ජනසතු කිරීමේ පනත සම්මත කිරීම- 1974 සැප්තැම්බර් 19