කෘෂි හා ආහාර තාක්ෂණය

පිටපත් කරගෙන පිළිතුරු ලියන්න. උත්තර පත්‍රය පාසල ආරම්භ කළ විට පාසලට භාර දෙන්න

1. බහුකාර්ය යෝජනා ක්‍රම ඇති කිරිමෙන් අපේක්ෂා කළ පොදු අරමුණු මොනවාද? සැකෙවින් විස්තර කරන්න.

2. හරිත විප්ලවය යනු කුමක්දැයි හඳුන්වා, එමඟින් කෘෂි කර්මාන්තයේ සිදුවු වෙනස්කම් මොනවාදැයි කරුණු වශයෙන් ඉදිරිපත් කරන්න.

3. හරිත විප්ලවය නිසා ඇති වු යහපත් හා අයහපත් ලක්ෂණ පිළිබඳව ඔබේ අදහස් සැකෙවින් දක්වන්න.

4. යටත් විජිතයින්ගේ බලපෑම නිසා අපේ රටේ ආර්ථිකයටය ඇතිවු යහපත් හා අයහපත් බලපෑම් විස්තර කරන්න.

5. අපේ පැරණි ස්වයංපෝෂිත අභිමානවත් කෘෂි කර්මාන්තය යලි ගොඩනගමු යන තේමාව යටතේ රචනාක් හෝ පද්‍ය පෙළක් නිර්මාණය කරන්න.

6. ස්වංපෝෂිත පැරණ ගමක් චිත්‍රයට නගන්න.

ගුරු උපදේශිකා - වී.ඩබ්.එම්. සුජාතා විජේරත්න

සැකසුම - B.H.M.C නීලකාන්ත (ගුරු උපදේශක - කෘෂි විද්‍යාව) වැල්ලවාය අධ්‍යාපන කලාපය