Math Grade 09

ඉදිරිපත් කිරීම - ඩී.එම්.ආර්.ඩි. දිසානායක

මො/බුදුරුවගල ම.වි.

පිටපත් කරගෙන පිළිතුරු සපයන්න

මෙම ප්‍රශ්ණ සඳහා පිළිතුරු සැපයීමට ප්‍රථම ඔබේ පෙළ පොතේ 11ගණකය 12 දර්ශක පාඩම් අධ්‍යයනය කරන්න. ඉන් අනතුරුව ඔබ මෙම ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න.

G9 No_04.pdf

ඉදිරිපත් කිරීම - ඩබ්.එම්. සුනේත්‍රා ශ්‍රියාණි ජයවීර

මො/ඩී.එස්. සේනානායක ක.වි.

පිටපත් කරගෙන පිළිතුරු සපයන්න

මෙම ප්‍රශ්ණ සඳහා පිළිතුරු සැපයීමට ප්‍රථම බේ පෙළ පොතේ 09 ද්‍රව මිණුම් 10 අනුලෝම සමානුපාත පාඩම් අධ්‍යයනය කරන්න. ඉන් අනතුරුව ඔබ මෙම ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න.

1) 20cm ද පළල 15cm ද උස 12cm ද වන ඝනකාභයක පරිමාව‌ ‌සොයන්න.

2) පතුලේ වර්ගඵලය 360cm2 වූ ඝනකාභ හැඩැති භාජනයක 15 cm උසට ජලය පිරී ඇත.ජල‌‌යේ පරිමාව

මිලිලීටර් වලින් ‌‍සොයන්න.

3) දිග, පළල, උස පිළි‌වෙලින් 4m, 3m, 2m වූ ඝනකාභ හැඩැති ටැංකියක ධාරිතාව ලීටර් වලින් ‌‍සොයන්න.

4) පැත්තක දිග 2m වූ ඝනකාකාර ටැංකියක ධාරිතාව ලීටර් වලින් ‌සොයන්න.

5) ‌‌මෝටර් සයිකලයක තෙල් 3.5 l ක් ඇත.සර්විස් කිරීමට එම තෙල් ඉවතට ගෙන 250ml බැගින් බෝතල් කීයකට දැමිය හැකිද?

6) රූපයේ දැක්වෙන්නේ ධාරිතාව 1000l වූ ඝනකාකාර ටැංකියක දළ රූප සටහනකි.එහි පැත්තක දිග 4cmක් ලෙස ගෙන සැබෑ ටැංකි‍යේ පැත්තක දිග හා රූප‌යේ පැත්තක දිග දිග අතර අනුපාතය ‌සොයන්න.

7) ධාරිතාව 3l ක් වූ භාජනයක් පිරවීමට ධාරිතාව 50 mlක් වූ භාජනයකින් කොපමණ වාර ගණනක් ජලය වත්කල යුතුද?

8) පතුලේ වර්ගඵලය 600 cm2 වූ ඝනකාභ හැඩැති භාජනයක 24l ජලය පුරවා ඇත.ජල මට්ට‌මේ උස ‌සොයන්න.

9) අඹ ගෙඩි 4ක මිල රුපියල් 320ක් නම් අඹ ගෙඩි 7ක මිල ‌සොයන්න.

10) පොලිතින් යාර 3ක මිල රුපියල් 36ක් නම් පොලිතින් යාර 10ක මිල ‌සොයන්න.

11) මෝටර් රථයක් ඉන්ධන ලීටර් 12කින් 35kmක දුරක් ගමන් කරයි නම් ඉන්ධන ලීටර් 15කින් ගමන් කරන දුර ‌ කොපමණද?

12) සීනි 5kgක මිල රු.550ක් නම් සීනි 3kgක මිල ‌සොයන්න.

13) පැන්සල් පෙට්ටි 12ක මිල රු.3000.00ක් නම් රුපියල් 6250කට ගතහැකි පැන්සල් පෙට්ටි ගණන කීයද?

14) ‌පොත් 3ක මිල රුපියල් 120ක් නම් එවැන් පොත් 9ක මිල ‌සොයන්න.

15) සීනි පැකට් කරන උපකරණයකින් 1kgක සීනි පැකට් 7000ක් පැය 05ක් තුලදී නිපදවයි නම් පැය 07කදී නිපදවන සීනි පැකට් ගණන කොපමණද?

16) පරිමාණයට අඳින ලද සිතියමක 10cmකින් 40mක දුරක් පෙන්වයි නම් 14cm කින් දැක්වෙන දුර සොයන්න.

17) ඇමරිකානු ඩොලරයක විනිමය අනුපාතිකය රු.151ක් වන දිනකදී ඇමරිකානු ‌ඩොලර් 1500ක් බැංකුවකින් මාරු කරන අයෙකුට ලංකා රුපියල් කීයක් ලැ‌‍බේද?

18) ජපාන‍‍යෙන් ආනයනය කරන ලද ශීතකරණයක මිල යෙන් 15300කි.එය ලංකා මුදලින් කොපමණ වටීද?(ජපන් යෙන් 1=ලංකා රුපියල් 1.33)

19) ඇමරිකානු ඩොලරයේ විනිමය අනුපාතිකය රුපියල් 140 වන විට රුපියල් 7000ක් බැංකුවකින් ඇමරිකානු ඩොලර් වලට මාරු කලේ නම් ලැබෙන ඩොලර් ගණන කොපමණද?

20) ලංකාවේ සිට සෞදි අරාබියට අපනයනය කළ රු.302400 වටිනා නිමි ඇදුම් තොගයකට ලැබෙන සෞදි රියාල් ගණන කොපමණද?( සෞදි රියාල් 1 ක විනිමය අනුපාතිකය රුපියල් 40.32කි)


II ‌‌‌‌‌කොටස

1) ඝනකාභ හැඩැති ටැංකියක දිග 3mක්ද පළල 2mක්ද උස 1.6mක්ද වේ.

a) I. ටැංකියේ පරිමාව m3 කොපමණද?

II. ටැංකියේ ධාරිතාව ලීටර් කොපමණද?

b) දිනකට මෙම ටැංකියේ 1200 l ක් නිවැසියන් ප්‍රයෝජනයට ගනියි.මෙම ටැංකියේ ජලය දින කීයකට ප්‍රමාණවත්ද?

c) රු.20160ක් මාරු කර සෞදි රියාල් කොපමණ මුදලක් ගත හැකිද? (සෞදි රියාල් එකක විනිමය අනුපාතිකය

රු.40.32 කි)

2) a) රෙදි 5mක මිල රු.675කි.එම රෙදි 7mක මිල සොයන්න.

b) විදේශ වන්දනා ගමනක් ගොස් ආපසු පැමිණි පියල් තමා ළඟ ඉතිරිව ඇති විදේශ මුදල් වලින් යුරෝ 1300ක් ලංකා රුපියල් වලට මාරු කර ගන්නා ලදි.එදින යුරෝ 1ක හුවමාරු මිල රු.145කි. යුරෝ 1300කට ලැබුන ලංකා රුපියල් ගණන කීයද?

3) නිවසක ඇති ජල ටැංකියේ දිග,පළල,උස පිළිවෙලින් 2m,1m හා 4m වේ.

a) මෙහි ධාරිතාව ලීටර් වලින් ප්‍රකාශ කරන්න.

b) එක් අයෙකුට දිනකට 100 l ක් අවශ්‍ය වේ නම් 4 දෙනෙකු සිටින නිවසකට දිනකට කොපමණ ජල ලීටර් ප්‍රමාණයක් අවශ්‍යවේද?

c) මිනිත්තුවකට 100 l ක ජල සැපයුමක් භාවිත කලහොත් සම්පූර්ණයෙන්ම හිස් ඉහත ටැංකිය පිරවීමට කොපමණ කාලයක් ගතවේද?

4) I. පැන්සල් 15ක මිල රුපියල් 300ක් නම් පැන්සල් 35ක මිල සොයන්න.

II. පෙට්‍රල් ලීටරයක මිල රු.150ක් වේ.එක්තරා මොටර් සයිකලයකින් 180km දුරක් යාමට පෙට්‍රල් 4 lක් අවශ්‍ය වේ.540 km දුරක් යාමට පෙට්‍රල් සඳහා කොපමණ මුදලක් අවශ්‍යවේද?

III. ස්ටලින් පවුම් 6000ක් විදේශ රටක සිටින දරුවෙක් තම මවට ලංකාවට එවන ලදි.එහි ලංකා මුදලින් වටිනාකම කීයද? (ස්ටලින් පවුම් 1=ලංකා රු.190)


5) පහත රූපයේ දක්වා ඇති බඳුනේ බීම වර්ගයක් පුරවා ඇත.අඳුරු කළ මුහුණතේ පරිමිතිය 40cm කි.

I. අඳුරු කළ මුහුණතේ පැත්තක දිග සොයන්න.

II. අඳුරු කළ මුහුණතේ වර්ගඵලය සොයන්න.

III. මෙම බඳුනේ ධාරිතාව ml වලින් සොයන්න.

IV. ඉහත බඳුනේ ඇති බීම 80ml බැගින් කෝප්ප කීයකට දැමිය හැකිද?

V. මෙම බඳුනේ බීම 600ml පවතින අවස්ථාවේදී බීම මට්ටම පවතින උස සොයන්න.

ඉදිරිපත් කිරීම - සනෙත් පී. වනිගාබදු (ගුරු උපදේශක - ගණිතය)

වැල්ලවාය අධ්‍යාපන කලාපය


පිටපත් කරගෙන පිළිතුරු සපයන්න

මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු සපයා පාසල ආරම්භ වූ පසු ගණිතය විෂය භාර ඔබේ ගුරුතුමාට/තුමියට ඔබේ පිළිතුරු පත්‍රය භාර දෙන්න. වැඩි විස්තර සඳහා 0714499227 දුරකථන අංකය හෝ sanethpwanigabadu@gmail.com යන ඉ-මේල් ලිපිනය හරහා සම්බන්ධ වන්න