අවසන් වරට යාවත්කාල කිරීම 2023.02.12
ගෙවත්තෙන් ආහාර ඖෂධ මෙන්ම මානසික සුවය ද ලැබේ. විවේකය ඵලදායි වේ. කායික නිරෝගීතාවය රැකේ......
1. නිරීක්ෂණය කරන්න
1. වට පිටාව නිරීක්ෂණය කරන්න
ඇතුලුවන ස්ථාන, වැට හා මායිම්, විදුලි කණු රැහැන් ආදියේ පිහිටීම
ගේ හතරවට ඉඩ කඩ, උස්ව පිහිටි බහු වාර්ෂික ශාක ආදිය.
කසල වල, වතුර බහින කාණු ගෙවත්තට පිටතින් ජලය ගලා ගෙන එන මාර්ග ආදිය
මිදුල හා පිළිකන්න දර මඩුව වෙනත් තාවකාලික ඉදිකිරීම් ආදිය
ජලනල එලා ඇති ආකාරය
වැඩි ජලය ගලා බසින දිශාවන්, ආදිය
2. භූමි සාධක නිරීක්ෂණය කරන්න
භූමියේ පිහිටීම - සමතලාද, බෑවුම්ද, රැලි සහිතද යන බව
පසේ ස්වභාවය - ගල් බොරළු සහිතද, මැටි, ලෝම, වැලි පසක්ද යන බව
ජල වහනය සිදුවන ආකාරය දිශාව
වගුරු සහිත, දිය සීරාව සහිත, වියලි ස්ථාන තිබෙන බව.
සෙවන සහිත ස්ථාන, තද හිරු එළිය ලැබෙන ස්ථාන
සුළං ප්රවාහයන්ට සෘජුව නතු වන ස්ථාන හා සුළං ප්‍රවාහයන්ගෙන් මුවා වූ ස්ථාන
1. ආරක්ෂාව සලසා ගන්නා ආකාරය
2. ජලය සම්පාදනය හා ජල වහනය සිදු කර ගන්නා ආකාරය
3. පාංශු සංරක්ෂණය සිදු කරගන්නා ආකාරය.
3. විවිධ බෝග සඳහා ගෙවත්ත කලාප අනුව වෙන් කර ගන්නා ආකාරය
4. පාත්ති වර්ග තෝරා ගන්නා ආකාරය
5. බෝග තෝරා ගන්නා ආකාරය
6. බිම් සකස් කරන ආකාරය
7. තවාන් දමන ආකාරය
ආදී කාර්යයන් සම්බන්ධව තිරණය කළ හැකිය.
සැලැස්මේ පාත්ති විවිධ හැඩ තල අනුව සකස් කරන්න නිරීක්ෂණයෙන් ලද තොරතුරු අනුව පාත්ති තේරීම කළ යුතුය.
දිය සීරාව රැදෙන ස්ථාන වල ජලයට වඩා ප්‍රිය කොහිල කන්කුන් ආදී බෝග වර්ග සදහා ගිල්වූ පාත්ති ලෙස සකස් කළ හැකිය.(සෘජු කෝණාස්රාකාර විය යුතුම නැත.)
නිවසේ මුළුතැන්ගෙයින් ඉවත් වන ජලය ප්‍රයෝජනයට ගැනීම සඳහා රම්පෙ, කරපිංචා සේර මිරිස් ආදිය සඳහා පාත්ති වෙන් කළ හැකිය.
පාත්ති වෙන් කරන විට පාංශු සංරක්ෂණය සඳහා පස් වැටි නියර, කාණු ආදිය යොදන්න.
සමෝච්ඡ රේඛා ලකුණු කිරීමට අවශ්‍ය නම් “A” රාමුවක් සරලව සකස් කර ගන්න(පාසලේ දී ඉගෙන ගත් ආකාරයට)
පාංශු සංරක්ෂණ ක්‍රම වේද හා ජල වහන ක්‍රමවේද මනාව ගලපා ගන්න.
මිරිස් බටු තක්කාලි වැනි ශාක හා බඩ ඉරිඟු ආදී ශාක සඳහා ජලය හොඳින් බැස යන ස්ථාන හා හොඳින් හිරු එළිය ලැබෙන ස්ථාන තෝරා ගන්න (උස් පාත්ති, භූමියේ උස් ස්ථාන)
කිරි අල ගහල කහ ඉඟුරු ආදී බෝග සඳහා කාබනික ද්‍රව්‍ය සහිත ලෝම පසක් හා සෙවන සහිත ස්ථාන යෝග්‍ය වේ.
දඹල, වැල් දොඩම්, වැල් අල වර්ග, අවර ආදී බෝග සඳහා ඉඩමේ වැට භාවිතා කළ හැකිය.
බෝංචි, මෑ, ආදිය හිරු එළිය සහිත ජලය බැස යන මැටි අධික නොවන පසක් ඇති ස්ථානයක සිටුවිය හැකිය පන්දලම්, මැසි හෝ ආධාරක සකස් කිරීමට සිදු වේ.
වැටකොළු, පතෝල, කරවිල ආදිය නිවසට ඇතුලුවන ගේට්ටුවේ සිට මාර්ගය දෙපස සිටුවා ආරුක්කු නැමීමෙන් අලංකාර වියනක් ලෙස වගා කළ හැකිය.
බුලත්, ගම්මිරිස් ආදිය වත්තේ තිබෙන විශාල ශාක වලට හුරු කළ හැකිය.
ඖෂධ පැළෑටි් වර්ග ගෙවත්තේ වැවීම වැදගත්ය(කෝමාරිකා, ඉඟුරු, කහ, දෙහි, කොත්තමල්ලි, මිංචි, අසමෝදගම්, ඉරවේරිය, නික, පාවට්ටා ආදිය)
පාත්ති වටා පොල්ලෙලි, කැඩුණු රට උළු ආදිය තබා පාංශු සංරක්ෂණය හා ජල සංරක්ෂණය සිදු කළ හැකිය.
පාත්ති මායිම් වල මාර්ග දෙපස, වැටි මත, ඉඩමේ මායිම් වටා පළිබෝධ විකර්ශක ශාක වවා ගත යුතුය. (කපුරු, දාස් පෙතියා, මදුරුතලා කොහොඹ)
ග්ලිරිසීඩියා(නංචි) ජීවී වැටක් මගින් පාත්ති වලට අවශ්‍ය කොළ පොහොර ලබා ගත හැකිය.
සත්ත්ව පාලනය සිදු කරන නිවෙස් වලට පහසුවෙන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට යොමු විය හැකිය. (සත්ත්ව පාලනය නොවෙතත් මෙය සිදු කළ හැකිය)
ගෙවත්තක පලතුරු වැවීම ඉතා වැදගත්ය(කෙසෙල්, පැපොල්, පේර, ලෙමන් වර්ග කාමරංගා පහසුවෙන් වගා කළ හැකිය)
සෑම ශාකයක්ම හිරු එළිය, වාතය හා ජලය සඳහාත් පසේ පෝෂක සඳහාත් තරග කරයි. එම නිසා ගෙවත්තේ බෝග විවිධත්වය රැක ගනිමින් බෝග අතර තරගය අවම කිරීමට, පරතර තැබීම හා නිසි ස්ථාන වල බෝග ස්ථාපනය වැදගත්ය.
බොහෝ ශාක බීජ මගින් පැල කර ගත යුතුය.
මිරිස්, බටු, තක්කාලි, ගෝවා, කරවිල, කතුරු මුරුංගා බඩ ඉරිඟු ආදිය.
සමහර බීජ සෘජුවම පොලවේ සිටුවිය නොහැකිය බීජ තවාන් දමා පැල සකස් කර ගත යුතුය.
බණ්ඩක්කා ආදී බීජ තවාන් නොදමතත් ගෙවත්තක් වැවීමේ දී බදුන් තවාන් වල පැල කර ගැනීමෙන් අනතුරුව භූමියේ සිටුවීම ඉක්මන් වගාවකට මග පාදයි.
දඬු, වැල් කැබලි අග්රස්ථ කොටස් භූගත කඳන් ආදිය මගින්ද බෝග පැල කර ගත හැකිය
බතල, කන්කුන්, ගොටුකොළ, නිවිති, සාරණ ආදිය.
මඤ්ඤොක්කා, උක්, මුරුංගා ආදී කාෂ්ඨීය දඬු.
ඉඟුරු, කහ, කිරි අල, ළුණු ආදී භූගත කදන්.
සෑම විටම කුඩා පැල ප්‍රමාණයක් සඳහා බඳුන් තවාන් භාවිතා කිරීම වාසි දායකය.
කඩදාසි ගොටු තවාන්
ශාක පත්‍ර ගොටු තවාන්
පොල්ලෙලි බඳුන් තවාන්
කෙසෙල් පට්ටා බඳුන් තවාන්
උණ බම්බු තවාන්
ඉවත දමන ඕනෑම ප්ලාස්ටික් භාජනයක් තවාන් බඳුනක් ලෙස භාවිතා කළ හැකිය.( එසේ වුවත් පරිසරයට ප්ලාස්ටික් මුදා හැරීම නොකළ යුතුය)
දඬු කැබලි මුල් අද්දවා ගැනීම සඳහා
ඒකීය සූර්ය ප්‍රචාරකයක්
විශාල සූර්ය ප්‍රචාරකයක් යොදා ගත හැකිය
වැලි මාධ්‍යයේ දඬු කැබලි මුල් අද්දවා ගත හැකිය.
ජලය පමණක් පුරවන ලද බදුන්(බෝතල්) වල අතු වර්ග මුල් අද්දවා ගත හැකිය.
තවාන් පාත්ති ජීවානුහරණයේ දී උණු ජලය, සූර්යෝෂ්ණීකරණය, දහයියා යොදා පිලිස්සීම වැනි භෞතික ක්‍රම යොදා ගත හැකිය
පිරිසිදු රෝග කාරක නොමැති බීජ භාවිතා කරන්න.
දේශීය ප්‍රභේද රෝග පළිබෝධ වලට ඔරොත්තු දේ.
කොල පොහොර, ගොවිපල් පොහොර, කොම්පෝස්ට් පොහොර යොදා ගන්න.
කෘමි පළිබෝධ විකර්ශක ශාක/බෝග සිටුවන්න
අළු, සබන් දියර, කොහොඔ දියර, ආදිය රෝග පළිබෝධ මර්දනයට භාවිතා කරන්න.
පළිබෝධකයින් එකතු කර ඉවත දැමීම. ඵල ආවරණය කිරීම(කරවිල, පතෝල ආදිය) පෙරමෝන උගුල් ඇටවීම(පලතුරු මැස්සාට), ජෛව පාලනය සඳහා හිතකර ජීවීන් ගෙවත්තට කැඳවීම.(කුරුල්ලන්ට ජලය හා ආහාර සැපයීම)
වල් පැලෑටි වලින් තොරව භූමිය පවත්වා ගැනීම.
ඔබට විවිධ ක්‍රම රාශියක් භාවිත කළ හැකිය.
ශාක වැවෙන මාධ්‍ය පසයි. එම නිසා පස් සහිත බඳුන් මේ සඳහා විකල්පය වේ.
නිවෙස් වලින් ඉවත දමන බඳුන් හා වගාවන් සඳහාම නිපදවන ලද බඳුන් යොදා ගත හැකිය.
බදුන් මිලදී ගැනීමට වඩා ඉවත ලන බඳුන් භාවිතය වාසිදායක වේ
විවිධ ප්ලාස්ටික් භාජන එනම් බෝතල්/බේසම්/බැරල්/කෑන්/වැහි පීලි ආදිය උදාහරණ වේ.
පරණ මැටි භාජන එනම් මුට්ටි/කිරි ඇතිලි/ ඉවත දැමූ හට්ටි/ගුරුලේත්තු ආදිය උදාහරණ වේ.
ඉවත දමන ලද පෝසිලේන්/ඇලුමීනියම් භාජන යොදා ගත හැකිය.
ලී පෙට්ටි/ උණ බම්බු/ වේවැල් හෝ බට කූඩ යොදා ගත හැකිය.
පොල්සැක් කවර(පොහොර බෑග්)
ශාකයේ වර්ධන විලාසය අනුව භාජනයේ ගැඹුර තෝරා ගත යුතුය.
අඩු ඉඩක වගා කිරීමේ දී සිරස් වගා ක්‍රම ස්ථානය අනුව තෝරා ගත හැකිය. පහත රූප සටහන් මගින් අවබෝධ කර ගන්න.