අවසන් වරට යාවත්කාල කිරීම 2023.02.12
චිත්‍ර සංරචනය/මෝස්තර නිර්මාණය ග්‍රැෆික් චිත්‍ර ඇතුලත් කොටස් 03කින් ප්‍රායෝගික කොටස් ඇත.
ස්වභාවධර්මයේ දක්නට ලැබෙන ස්වභාවික මෙන්ම නිර්මිත පරිසරයන්ගේ හා වස්තූන්ගේ ස්වභාවයන් ඒ තුල සිදුවන සිද්ධීන් හා ක්‍රියාදාමයන් පිළිබඳවත් ලබා ඇති අත්දැකීම් චිත්රමය භාෂාව තුලින් ප්‍රකාශ කිරීමේ නිර්මාණශීලී කුසලතාව හා රසවිදීම අභිමාර්ථ වේ.
තෝරාගත් මාතෘකාව ප්‍රකාශ කිරීමේ හැකියාව වර්ධනය කිරීම, මේ සඳහා වාතාවරණය හා පරිසරය රේඛා හැඩතල මානව රූප ඇදීම තලය මත සම්පිණ්ඩනය සිද්ධාන්ත භාවිතය, පර්යාලෝකය, ත්‍රිමාණ ලක්ෂණ, ඇස් මට්ටම ,අවකාශ භාවිතය, වර්ණ භාවිතයේ ඇති කුසලතාවය මේ සියල්ල කැටි වූ නිර්මාණයක නිමාව වැදගත් වේ.
නිවසේ යම් යම් ක්‍රියාකාරකම් කරන ඉරියව් අධ්‍යයනය කරන්න.
පර්යාලෝකය පිළිබඳ අවධානය යොමු කරන්න.
මිනිස් ඉරියව් ගස්වැල් වර්ණ ලඟ සහ ඈතට දිසවන ආකාරය අධ්‍යයනය කරන්න. සත්ව රූප අධ්‍යයනය කරන්න.
ගස් ගොඩනැගිලි අධ්‍යයනය කරන්න. සත්ව රූප අධ්‍යයනය කරන්න. මේ සඳහා දල සටහන ඇද ගන්න.
වර්ණ සංකලනයේ පරිසරයේ දිස්වන වර්ණවල එළිය අඳුර, මේ සඳහා භාවිතා කරන වර්ණ ගැන අවධානය යොමු කරන්න.මිශ්‍ර වර්ණ භාවිතයෙන් නිර්මාණයේ ගුණාත්මකභාවය වැඩිවීමට ඉවහල් වේ. නව වර්ණ සාදා ගන්න.මේ පිළිබඳ අවධානය යොමු කර චිත්‍ර සංරචනයක් කරන්න.අවට පරිසරයේ දිස්වන දේ අධ්‍යයනට කිරීම තුලින් ඇදීමේ හැකියාව වර්ධනය කරගත යුතුය.
දෛනික ජීවිතයේ විවිධ පාරිහාරික අවශ්‍යතාවයන්ට සරිලන පරිදි භාණ්ඩ හා සැරසිරි නිර්මාණකරනය හා අලංකරණය පිළිබඳ කුසලතා වර්ධනය අභිමතාර්ථ වේ.
ස්වභාවික පරිසරයේ ඇති පත්‍ර,ගෙඩි,මල් වැනි දේ අධ්‍යයනය කර ඔබ නිරීක්ෂණය කල හැඩතල නවතාවයකින් ඉදිරිපත් කල හැකිය.ස්වභාවික පරිසරයේ ඇති දේවල්වල වර්ණ අධ්‍යයනය කර ඒ තුලින් නව වර්ණ හදුනාගන්න. ඔබ අධ්‍යයනය කිරීමෙන් ලබාගත් අත්දැකීම් අනුව නව මෝස්තරයක් නිර්මාණය කරන්න.
ද්‍රව්‍ය සමූහය ඇසුරෙන් යථාරූපී චිත්‍රයක් ඇද වර්ණ කිරීම අපේක්ෂාවයි.
පළමුව රේඛා අධ්‍යයනය කරන්න. ඔබ ඉදිරියේ ඇති දුව්‍ය සමූහය පිළිබඳ මූලික අවබෝධය ලබාගන්න. නිදහස් රේඛා තුලින් පැන්සල නිදහසේ හැසිරවීමේ ක්‍රියාවලියට යොමුවීම වැදගත්ය.නිවසේදී ඔබට ඔබ ඉදිරියේ තබාගත හැකි පෙට්ටියක් ,බෝලයක්, මල් බදුනක්, මල් පැලෑටියක්,ජොග්ගුවක් වැනි භාණ්ඩ වෙ වෙනම ඇඳ හැඩතල අධ්‍යයනය කරන්න.
පර්යාලෝකය ත්‍රිමාන ලක්ෂණ ඇස් මට්ටම අවකාශ භාවිතය වර්ණ කිරීම ස්වභාවික ගතිලක්ෂණ මතුවන ආකාරයට එලිය අදුර පෙන්වීම තුලින් ස්වභාවික ගතිලක්ෂණ ඉස්මතු වේ.මේ අධ්‍යයනය තුලින් ඔබ ලබාගත් අත්දැකීම් චිත්‍රයකට සමපිණ්ඩණය කරන්න.මේ සඳහා පැය භාගයක් පමණ කාලය වෙන් කිරීම වැදගත් වේ. මේ ආකාරයට දිනපතා ඔබේ හැකියාවන් වර්ධනය කර දුව්‍ය සම්පිණ්ඩනය කොටස සාර්ථකව ප්‍රගුණ කල හැකිය.