Arts Grade 1 - 5

ඉදිරිපත් කිරීම - K.D. නාලනී ශ්‍රියාලතා (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ - චිත්‍ර) වැල්ලවාය අධ්‍යාපන කලාපය

ක්‍රියාකාරකම්

  • පාට පෙට්ටියේ තිබෙන පාට වර්ග එකිනෙක මිශ්‍ර කර අලුත් පාට හඳුනා ගන්න.

  • මූලික වර්ණ වන රතු,කහ,නිල් වේ. මේ වර්ණ මිශ්‍ර කර වර්ණ හඳුනා ගන්න. මෙම පාට මිශ්‍ර කර නව වර්ණ හඳුනා ගන්න.

  • වෙසක් කූඩු සඳහා භාවිතා කරන ටිෂූ කොළ එකිනෙක උඩින් ඇලවීම තුලින්ද මිශ්‍ර වන වර්ණ හදුනාගැනීමට හැකිය.

ඔබගේ චිත්‍ර පොතේ මෙම වර්ණ අභ්‍යාසය කරන්න.

මේ අනුව තද පාට වර්ණ සහ ලා පාට වර්ණ හඳුනා ගත හැකිය.මෙම වර්ණ භාවිතා කර පහත සඳහන් මාතෘකා චිත්‍රයට නගන්න.

චිත්‍ර කොළය පිරෙන පරිදි විශාල කර ඇදීම තුලින් වර්ණ භාවිතය පහසුවන අතර හිස් අවකාශ නොතිබීමෙන් චිත්‍රය ලස්සනට පෙනේ.

01. “අපේ වෙසක්” ‍මේ සඳහා වෙසක් පතක් සහ ආගමික අවස්ථාවක් අනුව චිත්‍රයක් අදින්න.(වෙසක් පතක් නිර්මාණයේදී පාට මිශ්‍ර කොළ එකිනෙක වැසෙන සේ ඇලවීමෙන් නව නිර්මාණයක් කල හැකිය.

02. අපේ ගෙවත්ත (ගෙවත්තේ වැඩ කරන ඉරියව්) චිත්‍රයට නගන්න.

03. නිවාඩු කාලයේ සෙල්ලම් කරමු චිත්‍රයට නගන්න.

04. පරිසරයේ අපට පෙනෙන මල්ගස් සමනලුන් ගස්වැල් හරිම ලස්සනයි. චිත්‍රයට නගන්න.