About

වැල්ලවාය අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන සංවර්ධන අංශය විසින් නිර්මාණය කර පවත්වා ගෙන යනු ලබන මෙම අඩවිය අධ්‍යාපන කලාපයේ පාසල් වල ඉගෙනුම ලබන දුවා දරුවන් ගේ නිවාඩු කාලීන අධ්‍යයන කාර්යයන් සඳහා අත්වැලක් වනු ඇත.

  • මෙහි අන්තර්ගතය නිර්මාණය වන්නේ අන්තර්ජාලය හා සම්බන්ධවී අන්තර් ක්‍රියාකාරී ලෙස අධ්‍යයනයේ යෙදීම දිරිමත් කරලීමේ අරමුණෙනි.

  • එබැවින් මෙහි ළමුන් විසින් කියවා බලා පිටපත් කර ගෙන හෝ මුද්‍රණය කර ගෙන පිළිතුරු ලියන ආකාරයේ ඉගෙනුම් ද්‍රව්‍ය අන්තර්ගත වන්නේ මද වශයෙනි.

  • ඒ වෙනුවට මෙහි දිස්වන ක්‍රියාකාරකම් වලට පිවිස හිස්තැන් පිරවීම්, යාකිරීම මගින් ගැලපීම් ප්‍රහේලිකා පිරවීම් හා නිවැරදි පිළිතුර මවුසයෙන් ක්ලික් කිරීම් ආදී ක්‍රියාවන් මගින් තමා ගේ පිළිතුරේ නිරවද්‍යතාවය ස්වයංක්‍රීයව පරීක්ෂා කර ගැනීමටත්. ඒ අනුව ප්‍රදානය වන ලකුණු බලා ගැනීමටත් දුවා දරුවන්ට අවස්ථාව සැලසේ.

  • මෙහි සපයා ඇති බහුවරණ ප්‍රශ්න පත්‍ර වලට නිමකළ යුතු කාලයක් ලබා දී ඇති අතර එම කාලය තුළ පිළිතුරු සැපයීම නිම කර ලකුණු ලබා ගැනීමේ හැකියාව පරික්ෂා කර ගත හැකිය. අවශ්‍යනම් වේග පරීක්ෂාවෙන් නිදහස්ව පිළිතුරු සැපයීමේ අවස්ථාව ලබා ගැනීමේ පහසුකමද සපයා ඇත.

  • මෙහි අන්තර්ගතයේ හෝ භාවිතා කරන ආකාරයේ ගැටළු විසඳා ගැනීමට මෙම පිටුවේ පහත දැක්වෙන ඉ-මේල් ලිපිනයට යොමුවන්න. නොඑසේනම් 0718034521 දරණ දුරකථන අංකය භාවිතා කරන්න.

  • මෙය ස්වෙච්ඡාවෙන් සිදු කරන කාර්යයක්වන අතර අන්තර්ජාලයේ බිල් ගෙවීම වෙබ් අඩවියේ පරිපාලක විසින් දරනු ලබන බව සටහන් කරමි.

  • මෙම වෙබ් අඩවියට ක්‍රියාකාරකම් සකස් කිරීමේ අවස්ථාව වැල්ලවාය අධ්‍යාපන කලාපයේ ගුරු භවතුන්ට විවෘත කර ඇත. ඔබගේ ක්‍රියාකාරකම් සිංහල යුනිකෝඩ්(ඉස්කෝල පොත) භාවිතා කර word ලේඛනයක් ලෙස priyawellawaya@gmail.com යන ලිපිනයට යොමුකරන්න.

ඩී. ප්‍රියංකර ගොඩගේ (Site Admin)

ගුරු උපදේශක(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය)

කලාප අධ්‍යාපන කාර්යාලය වැල්ලවාය.