විමර්ශන අංශය

විමර්ශන අංශය

අධ්‍යයනය හා පර්යේෂණයන්හි නියුතුවූවනට හා නිශ්චිත තොරතුරක් සොයා එන පාඨකයනට සැපයෙන සේවාවකි. විමර්ශන අංශය භාවිතා කිරීමට සාමාජිකත්වයක් අවශ්‍ය නොවන අතර තම අනන්‍යතාවය සනාත කිරීම සඳහා අත්සන් ලේඛනයේ සටන් තැබිය යුතුය.

ස්ථිර විමර්ශන කෘති, ක්ෂණික විමර්ශන කෘති ලෙස සලකන විශ්වකෝෂ, ශබ්ද කෝෂ, වාර්ෂික ග්‍රන්ථනාමාවලි, පරිභාෂික ශබ්දමාලා, ඒක විෂය ග්‍රන්ථ ආදිය හා සිතියම් මෙහි ඇත. ඉහත කෘතීන්ට අතිරේකව සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියැවුනු ශාස්ත්‍රීය ග්‍රන්ථ එකතුවක්, විවිධ විෂය මාතෘකා යටතේ සංවිධානය කරන ලද පුවත්පත් ලිපි එකතුවක්, රජයේ ප්‍රකාශන, විවිධ ආයතන පලකරන ලද වාර්ෂික වාර්තා, ශාස්ත්‍රීය ප්‍රකාශන හා පුස්තකාල මිළදී ගන්නා ශාස්ත්‍රීය ප්‍රකාශනද මෙම තොරතුරු සේවය යටතේ සංවිධානය කර ඇත.

තම අධ්‍යන කටයතු නිදහසේ කර ගැනීමට අවශ්‍ය සිළුම පහසුකම් පාඨකයන්ට සපයා ඇත.