පාඨක සේවා

පොත් බැහැර දෙන අංශයේ සාමාජිකත්වය ලබා ගැනීම

පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගැනීමේදී, බිබිල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි පාසැල් ළමුන්ට රු 50.00 ක ඇප තැන්පත් මුදල් අයකිරීමෙන් හා ස්ථිර පදිංචි වැඩිහිටියන් රු 150.00 ක ඇප තැන්පත් මුදලක් අයකිරීමෙන් පුස්තකාලයේ ඇති සාමාජික අයදුම්පත සම්පුරණ කර ඉදිරිපත් කිරීමෙන් සාමාජිකත්වය ලබාගත හැකිය. ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිය තහවුරු කල නොහැකි, බාහිර පදිංචිකරුවන් රු 1150.00 ක ඇප තැන්පත් මුදලක් තැබීමෙන් වෙනත් ප්‍රදේශවල පදිංචි අයට ද මෙහි සාමාජිකත්වය ලබා ගතහැකිය. සෑම සාමජිකයෙක් සඳහාම සාමාජික හැඳුනුම් පතක් සාදනු ලැබේ.

මෙලස කුමන අයුරකින් හෝ සාමාජිකත්වය ලබාගන්නා අයට එක් සාමාජික කාඩ්පතක් නිකුත් කරන අතර බැහැර ගෙනයෑමට එක් පොතක් සති දෙකක කාලයකට නිකුත් කරනු ලැබේ. පොත භාර දීම ප්‍රමාද කිරීමේදී ප්‍රමාද වන එක් දිනකට රු 5/=බැගින් ප්‍රමාද ගාස්තු අය කෙරේ.