පුස්තකාල ගීතය

බිබිල මහජන පුස්තකාල ගීතය - පද මාලාව

ලකඹර පුන්සඳ මෑණිය පොත්ගුල

දැනුමෙන් දිදුලන හදවත බිබිලෙහි

නමදිමු සැමදා නමදිමු සැමදා

මෑණි..මෑණි පොත්ගුල මෑණි //


ජනිතවූ හෙළ විරුවන් වෙල්ලස්සෙ

ඔබගේ සෙවනින් බිහිවූවෝ

මැණිකකි දිදුලන ජිවය ඔබ වේ

බිබිලට ඇති පොත්ගුල ඔබ වේ

නමදිමු අපෙ පොත් ගුල මෑණි//


ලකඹර පුන්සඳ....................


ජාති භේද නෑ වයස භේද නෑ

ආගම් භේද ද හැම දුර හැරලා

සියලු දනන් හට මෑණිය ඔබ වේ

නමදිමු ඔබ මෑණි නමදිමු අප මෑණි//


ලකඹර පුන්සඳ........................


දැනුමෙන් සපිරුණු පොත්ගුල මෑණි

නමදිමු සැමදා ...නමදිමු සැමදා...

සැරදේ සැරදේ සැරදේව ...///


පද රචනය - හිටපු පුස්තකාලයාධිපති

ආර්.ඇම් පේමාවතී මිය


තනුව - බිබිල සුමග සරසවි කලායතනාධිපති -

සුදුනිලමේ අත්තනායක මයා


වාදනය හා ගායනය -

බිබිල සුමග සරසවි කලායතන සංගීත කණ්ඩායම